විමල් ගෙන් ස්වර්ණවාහිනියෙන් රු. කෝටි දෙසීයක් (200) නලින්ද ඉල්ලයි

විමල් ගෙන් ස්වර්ණවාහිනියෙන් රු. කෝටි දෙසීයක් (200) නලින්ද ඉල්ලයි


නලින්ද, විමල්ගෙන් ස්වර්ණවාහිනියෙන් රු. කෝටි දෙසීයක් (200) ඉල්ලයි

(09.02.2026 – lankacnews.com)

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට එරෙහිව අපහාසාත්මක හා අසත්‍ය ප්‍රකාශයක් ප්‍රකාශ කිරීම හා ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යන අයගෙන් හා ස්වර්ණවාහිනී රූපවාහිනී මාධ්‍ය ආයතනනයෙන් රුපියල් බිලියනය බැගින් වන්දි මුදල් ලබා දෙන ලෙස දන්වමින් එන්තරවාසි යැවීමට අමාත්‍යවරයා විසින් කටයුතු කර ඇත.

2026-02-06 හෝ ඒ ආසන්න දිනක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යන අය විසින්, විද්‍යුත්, මුද්‍රිත සහ අනෙකුත් අන්තර්ජාල මාධ්‍යයන් කැඳවා පවත්වන ලද ප්‍රසිද්ධ රැස්වීමක දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අසාධු ලේඛනගත ඖෂධ සමාගමක අයිතිකරුවෙකුගේ ණය කාඩ්පතක් භාවිත කරමින් ඉන්දියාවේ දී මිලියන 1 ක පමණ භාණ්ඩ මිල දී ගෙන ඇති බවට මහජනතාවට හැඟවෙන සහ ඒත්තු යන ආකාරයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් සිදු කර ඇත.

එමෙන්ම, ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාව විසින් 2026.02.07 දින ප.ව. 06:50 ට විකාශය වූ ප්‍රවෘත්ති විකාශයේ ‘Story of the Day’ නමින් විශේෂ ප්‍රවෘත්තියක් ලෙස උක්ත ප්‍රකාශයට හැඳින්වීමක් ද ලබා දී ප්‍රචාරය කර ඇත.

විමල් වීරවංශ යන අය විසින් සිදු කළ මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන් ම අසත්‍ය හා පදනම් විරහිත ප්‍රකාශයක් වන අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ කිර්ති නාමය හා මහජන විශ්වාසයට ද්වේශසහගත ලෙස හානි කිරීමේ අරමුණින් සිදු කරන ලද්දක් බව පැහැදිළිව පෙනී යයි.

මෙම ප්‍රකාශය හැඳින්වීමක් ද සහිතව යළිත් ප්‍රචාරය කිරීමේ දී ස්වර්ණවාහිනී ආයතනය විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙතින් එහි සත්‍යාසත්‍යතාව පිළිබඳව කිසිදු විමසීමක් සිදු කර නොමැති අතර, එම වැඩසහටන තුළින් අමාත්‍යවරයාට ඒ පිළිබඳව කරුණු දැක්වීමට අවස්ථාවක් ද ලබා දී නොමැත.

එමෙන්ම, මෙම ප්‍රචාරණය මේ වන විටත් අන්තර්ජාලයේ සහ සමාජ මාධ්‍ය අවකාශයන් තුළ උඩුගත කර විවෘත කර තිබේ.

ඒ අනුව, ඉහත කී අපහාසාත්මක ප්‍රචාරණය හේතුවෙන් සිය කීර්ති නාමයට සිදු කර ඇති හානිය වෙනුවෙන් රුපියල් බිලියනය බැගින් ගෙවීමට කටයුතු කරන ලෙස විමල් වීරවංශ යන අය සහ Ben Holdings (PVT) Ltd හා EAP Broadcasting Company Limited යන ආයතන වෙත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සිය නීතිඥවරයා මගින් දැනුම් දී ඇත.

නොඑසේ නම්, ඉදිරි නීතිමය කටයුතු වලට එළඹෙන බවද මෙහිදී දැනුම් දී තිබේ ෴


මාලිමා මන්ත‍්‍රීවරුන් තිදෙනෙක් (3) තමන්ගේ නමටම රජයේ කොන්ත‍්‍රාත් ගනී

(08.02.2026 – lankacnews.com)

ගම්පහ ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු (3) රජයේ කොන්ත්‍රාත් ව්‍යාපෘති තම පෞද්ගලික නාමයන්ගෙන් ක්‍රියාත්මක කරමින් මහජන මුදල් අයථා ලෙස පරිහරණය කර ඇති බවට විපක්ෂය චෝදනා කරයි.

මාධ්‍ය හමුවකදී විපක්ෂ මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ මෙම ක්‍රියාවන් පළාත් පාලන ආඥා පනත සෘජුවම උල්ලංඝනය කිරීමක් බවයි.

මන්ත්‍රීවරයෙකු සභාවේ කොන්ත්‍රාත් ලබා ගැනීම නීතියෙන් තහනම් වන අතර, එවැනි වරදක් ඔප්පු වීම මන්ත්‍රී ධුරය අහෝසි වීමට තරම් ප්‍රබල හේතුවකි.

මෙම වංචාව සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා දැනුවත් කිරීමට විපක්ෂය පියවර ගෙන ඇති අතර, ඉදිරියේදී මේ පිළිබඳව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටද නියමිතය.

සභාවේ සභාපතිවරයා මාසිකව ඉන්ධන ලීටර් 500 ක් ලබා ගනිමින් සහ රුපියල් ලක්ෂ දෙකහමාරක (2½) මාසික කුලී පදනම මත වාහනයක් භාවිත කරමින් අනවශ්‍ය ලෙස මහජන මුදල් නාස්ති කරන බවටද මෙහිදී කරුණු අනාවරණය විය.

“සභා වාර්තාවේ සඳහන් වෙනවා අශෝක කුමාර මන්ත්‍රීවරයාත්, ධර්මවංශ මන්ත්‍රීවරයාත් ලබා ගත්ත මුදල්. ඒ වගේම බැකෝ යන්ත්‍ර යොදාගෙන සහන් ප්‍රසාද් මන්ත්‍රීවරයා මුදල් ලබා ගත් හැටිත් සඳහන් වෙනවා. පනතේ සඳහන් වෙනවා මූල්‍ය ගනුදෙණු කරන්න බැහැ කියලා. මේ මූල්‍ය ගනුදෙනු කළාම සභික ධුරය අහෝසි වෙනවා. ලබන සභාවාරය 10 වැනිදා තියෙනවා කියවීමේ හැකියාවක් තියෙන අයනේ ඉන්නේ. ලැජ්ජාවක් තියෙනවානම් පනත කියවලා සභාවට නම් එන්න එපා.

අද වෙනකොට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මාසෙකට රු. ලක්ෂ 5 කට අධික මුදලක් ලබාගෙන තිබෙනවා. එතුමා පාවිච්චි කරන වාහනය කුලී පදනම මත මාසිකව රු. දෙලක්ෂ හැටදහසකට (2,60,000) ලබාගෙන තිබෙනවා. එතුමා ඩීසල් ලීටර් 500 ක් සභාවේ අරමුදලින් ලබාගෙන තිබෙනවා. සභාවේ ප්‍රාදේශීය සභාවේ සභාපතිට මෙහෙම ගන්න එතුමා ලංකාවේ ජනාධිපතිද ? මොවුන් ජනතාවගේ මුදල් අවභාවිතා කරමින් විශේෂ වරප්‍රසාදයක් ලබනවා. මේ ගොල්ලෝ වල්පැල ගලවලා මල්පැල හිටවනවා කියලා තමයි සභාවේ බලය ගත්තේ. දැන් ඒ මල්පැල නිකන්ම වල්පැල බවට පත්වෙලා”


ලංකාවේ ජනප්‍රිය නිළියකගේ රථයට යටවී කකුල් අහිමි වූ සිරස සුපර් ස්ටාර් තරුව – නදී ද සිල්වා (09.02.2026)
(බාධාකාරී පසුබිම් සංගීතයක් සහිත විඩියෝවකි !)

+


Hiru TV Salakuna Live | Wimal Weerawansa | 2026-02-09

+


ආණ්ඩුවේ මාධ්‍ය මර්දනය ? හඬපට සාක්ෂි සහිතයි ! (09.02.2026)

+

මහින්ද මහත්තය හදාගත්ත පුතා පිං පොං සියල්ල හෙලිකරයි (09.02.2026)

+


දුවෙකුට පුළුවන්ද තමන්ගේ තාත්තව මෙහෙම ඝාතනය කරන්න? (09.02.2026)

+

උගන්ඩා අක්කි, අපට අසෝක අයියව ආයෙත් දෙන්ඩ (08.02.2026)

+

මොන වර්ජන කළත්, 2027 වෙනකං පඩි වැඩි කරන්නේ නෑ… තැපෑලෙන් වදින තැපැල් ඡන්ද (09.02.2026)

+

පුත්තලමේ ඉස්සො අජිත්ගේ ඔරිජිනල් ජේවීපී වැඩ… දුව නොකිව්වත් ගම පළාතම දන්නවාලු (09.02.2026)

+


මේ යන ගමන හොඳ නැහැ – මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී කළ කතාව (09.02.2026)

+


මාලිමාවෙ අලුත්ම ලීක් එක බැංකු වාර්තාව (09.02.2026)

+

කලින් හොරු වගේ නෙමේ – අපි වෙනස් හොරු බිමල් (09.02.2026)

+


මාලිමා හෙංචයියන්ගෙ බුද්ධි අංශ ආතල් එක.. අයියෝ සල්ලි.. (09.02.2026)

+

වර්ල්ඩ් කප් බලන්න ග්‍රවුන්ඩ් එකට යමු. කොල්ලන්ට හයිය දෙමු ! (09.02.2026)

+


විත්තිකාරයා නඩු අහන කතානායක කෝලමේ රස කතා (08.02.2026)

+

නිහාල් ගලප්පත්ති,ලක්ෂ්මන් නිපුනාරච්චිත් මහින්දගෙන් බෙහෙත් අරගෙන (09.02.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *