වැඩ වර්ජනයට පෙර වකුගඩු රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂක දන්ත රෝහලට මාරු කරයි
වැඩ වර්ජනයට පෙර වකුගඩු රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂක දන්ත රෝහලට මාරු කරයි
(07.02.2026 – lankacnews.com)
වකුගඩු රෝහලේ අධ්‍යක්ෂක ලෙස වසර ගණනාවක් සේවය කල වෛද්‍ය චාල්ස් නුගවල මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි දන්ත රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ලෙස පත්කොට ඇත.
සවස හතරෙන් (04:00) පසුව වකුගඩු රෝහලේ අසාධ්‍ය රෝගීන් සඳහා විකිරණ ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් රජය විකිරණ තාක්ෂණික ශිල්පීන් සේවය නොකරන නිසා, හදිසි තත්ත්වය මත පුද්ගලික අංශයේ සහාය ලබා ගැනීම මත මෙම අධ්‍යක්ෂකවරයාට විකිරණ තාක්ෂණ ශිල්පීන්ගේ සංගමය විරෝධතාව එල්ල වී තිබූ අතර ඔහු ඉවත් නොකරන්නේ නම් ලබන සතියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට ගමන් කරන බව පවසා තිබිණි.
වකුගඩු රෝහලේ ඖෂධ හිඟය හා රුධිර කාන්තු පෙරන අර්බුදය පැවති අවස්ථාවලදී දානපතියන්ගේ ආධාර මත දිවයින පුරා වකුගඩු රෝගීන් රැසකට වෛද්‍ය ප්‍රතිකාර අඛණ්ඩව ලබාදීමට වෛද්‍ය චාල්ස් නුගවල මහතා කටයුතු කර තිබිණි ෴
+++
රජයේ විකිරණ තාක්ෂණවේදීන් නියමිතව තිබූ වැඩ වර්ජනය අත්හිටුවයි
(07.02.2026 – hirunews.lk)
ලබන සඳුදා (09) ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය අත්හිටුවා ඇති බව රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.
වකුගඩු රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය චාල්ස් නුගවෙල මාරු කිරීමත් සමගයි මෙම තීරණය ගෙන ඇත්තේ ෴
විදුලිසැර වැදී මවකට සහ දියණියකට දිවි අහිමි වෙයි
(07.02.2026 – 14:03 +0530 – sinhala.adaderana.lk)
ගලහා, නවනැලිය කිරිබෝගහඉන්න ප්‍රදේශයේදී විදුලි සැර වැදී මවක් සහ දියණියක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.
අද (07) උදෑසන 10:00 පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
එලෙස මියගොස් ඇත්තේ 46 හැවිරිදි මවක් සහ 13 හැවිරිදි දියණියක් බව පොලීසිය පවසයි.
කරපිංචා ගසක කරපිංචා කඩමින් සිටියදී, බිම වැටී තිබූ විදුලි රැහැනක ගැටීම හේතුවෙන් දෙදෙනාට (2) විදුලි සැර වැදී මෙම මරණ සිදුව ඇති බව මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගලහා පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.
+
මොකක්ද මේ අලුතින් එන කුලී නිවාස නීතිය?
(07.02.2026 – 22:01 +0530 – sinhala.adaderana.lk)
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත හරහා නිවෙස් හිමිකරුවන් බරපතළ අගතියකට ලක්වන බවට පාර්ශ්ව කිහිපයක් චෝදනා කරයි.
කෙසේවෙතත් නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පවසන්නේ මෙම කෙටුම්පත පදිංචිකරුවන් ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය බවය.
කුලී සහ බදු පදනම මත නිවාස හා වෙනත් පරිශ්‍ර බාහිර පාර්ශ්ව වෙත ලබාදීම ඕනෑම සමාජයක සුලබ ක්‍රියාවලියකි.
මෙහිදී හිමිකරුවන් හා ගැනුම්කරුවන් අතර ඇතිවිය හැකි ගැටලු වැළැක්වීම සඳහා මෙම ක්‍රියාවලියට නීතිමය පදනමක් සකස් වී තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාව තුළ 2023 අංක 1 දරණ, “බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ගැනීමේ විශේෂ විධිවිධාන පනත” ඇතුළු නීතිමය රාමු කිහිපයක් දැකගත හැකියි.
මෙවන් තත්ත්වයක වත්මන් ආණ්ඩුව පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පදිංචිකරුවන් ආරක්ෂාකිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දැඩි කතාබහක් මතුව තිබේ.
එහි පූර්විකාවට අනුව කෙටුම්පතේ මූලික අරමුණ වශයෙන් හඳුනාගත හැක්කේ පරිශ්‍රවලින් පදිංචිකරුවන් අත්තනෝමතික ලෙස ඉවත් කිරීමට එරෙහිව නීතිමය ආරක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමය.
කෙසේවෙතත් මෙම පනත් කෙටුම්පත පිරිසකට හානිදායක බවට විවිධ පාර්ශ්ව අදහස් පළ කළ අතර මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා මෙය හැඳින්වූයේ ‘යකාගේ නීතියක්’ ලෙසය.
මෙම කෙටුම්පතේ 2 වැනි වගන්තියට අනුව යම් පරිශ්‍රයක නීත්‍යනුකූලව රැඳී සිටින එනම්, බදු ගිවිසුමක් හෝ කුලී ගිවිසුමක් යටතේ බැඳුණු බදු ගැනුම්කරුවෙක් හෝ කුලී නිවැසියෙක් වන අයෙකුට මෙය අදාළ වේ.
ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් සැකසී ඇති මෙම කෙටුම්පතට අනුව පදිංචිකරුට කලින් ලබා දී ඇති ඕනෑම පහසුකමක්, අත්‍යවශ්‍ය සැපයුමක් හෝ උපයෝගිතා සේවාවක් අත්හිටුවීම හෝ නැවැත්වීම, එවැනි සේවාවක් අලුත්වැඩියා කිරීම හෝ නිසි තත්ත්වයෙන් පවත්වාගෙන යාම ප්‍රතික්ෂේප කිරීම ඉඩම් හිමියෙකුට කළ නොහැකිය.
මෙහි 4 වන වගන්තිය මගින් පදිංචිකරුවන්ගේ ආරක්ෂාව තවදුරටත් සනාථ කර ඇත්තේ ගෙහිමියා හෝ ඔහු විසින් බලය දෙනු ලබන තැනැත්තෙකුට පදිංචිකරු එම පරිශ්‍රයෙන් ඉවත් කිරීම පිණිස සෘජුව හෝ වක්‍රාකාරයෙන් අලාභ හානි සිදුකිරීම, හැරයාම සඳහා පෙළඹවීම සිදු නොකළ යුතු බව ද සඳහන් කරමිනි.
එසේම 5 වන වගන්තියේ වැඩිදුරටත් දක්වා ඇත්තේ අධිකරණ ආඥාවක් මත මිස පදිංචිකරුවෙකු පරිශ්‍රයෙන් නෙරපීම සිදු නොකළ යුතු බවය.
එමෙන්ම එවැනි ක්‍රියා සඳහා ඉඩම් හිමියකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් පදිංචිකරුවකුට බලය පවරා තිබේ.
මේ අතර මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේ වන විට මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ද පාර්ශ්ව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත.
මෙවන් පසුබිමක අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසන්නේ මෙම කෙටුම්පත සම්බන්ධයෙන් තවමත් අවසන් පියවරකට එළඹ නොමැති බවය.
+
කතානායකගේ කොටු කොටු සිද්ධියේ සම්පූර්ණ කථාව. අනුර රනිල්ට වෛර කරන්නේ ඇයි? (07.02.2026)
+
අලුත්ම ‘ජෙපි’ බණ – මගේ රට, මගේ ආගම, මගේ ජාතිය ඇත්තටම නැද්ද? විමල් මාතර දී විමසයි! (07.02.2026)
+
අසැබි වෙබ් අඩවියේ සුලමුල උලපනේ සුමංගල හිමි හෙළි කරයි (07.02.2026)
+
නිදහස් දිනය කුජීතයි සිංහල බෞද්ධයා විනාශයි (07.02.2026)
+
යුද්දෙ කරපු කොල්ලන්ට මේවා ඇහෙනකොට කොච්චර කණගාටු ඇද්ද ? (07.02.2026)
+
රණවිරුවො සෙබළු කළේ, රටෙන් බාගයක් ඉල්ලන එවුන්ට බයේද ? (07.02.2026)
+
සල්ලි , ගෑණු , රට සවාරි හඩ පටයෙන් ලීක්වුන ජෙප්පන්ගේ ඛේදවාචකය (07.02.2026)
+
නාමල් කරුණාරත්න කෑදරව කෙළ හලන කුරුණෑගල සමූපකාර රෝහලේ ඛේදවාචකය ! (07.02.2026)
+++
+
ටිල්වින්ලා හිටගෙන හුජ්ජ කරද්දී ගෝලයෝ දුව දුව කරයි! (07.02.2026)
+
මාර්තු 31 න් පස්සේ අනුර කුමාර දිසානායකට උන් හිටි තැන් අහිමි වෙනවා | රාගම ගුරු කැට තියා කියයි (05.02.2026)
+
2026 රටට වෙන දේ ගැන බියකරු හෙලිදරව්වක් සුජිත් නිශාන්තගේන් (15.12.2025)
+
කතරගමට අත තිබ්බොත් රටට මහා විනාශයක් සුජිත් නිශාන්ත හෙළිකරයි (29.01.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴