කතානායක සහ පෞද්ගලික ලේකම් ධුරවලින් ඉවත් විය යුතුයි : දයාසිරි ජයසේකර

කතානායක සහ පෞද්ගලික ලේකම් ධුරවලින් ඉවත් විය යුතුයි : දයාසිරි ජයසේකර


කතානායක සහ පෞද්ගලික ලේකම් ධුරවලින් ඉවත් විය යුතුයි : දයාසිරි ජයසේකර

(05.02.2026 – hirunews.lk)

කතානායකතුමාට එරෙහිව අල්ලස් කොමිසමට ලැබී ඇති පැමිණිල්ල විභාග වී අවසන් කරන තුරු කතානායකතුමාට සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට එම තනතුරුවල ක්‍රියා කිරීම සුදුසු නොවන නිසා ඔවුන් එම තනතුරුවලින් ඉවත් විය යුතු බවත් මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙස ජනාධිපතිතුමාගෙන් සහ ආණ්ඩුවෙන් තමා ඉල්ලීමක් කරන බවත් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

කතානායකතුමාට එරෙහිව ඉදිරිපත් වී ඇති පැමිණිල්ලට අදාල කාරණයක් සම්බන්ධයෙන් තමා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමට අද (05) පෙරවරුවේ උත්සාහ ගත්තද ඊට කතානායකවරයා ඉඩ ලබා නොදුන් බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

කතානායකවරයාට එරෙහිව පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් විසින් අල්ලස් කොමිසමට ඉදිරිපත් කරන ලද පැමිණිල්ල හැන්සාඩ් ගත කිරීමෙන් සහ සභාගත කිරීමෙන් අනතුරුව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කියා සිටියේ මෙම පැමිණිල්ලට අදාල පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු කතානායකතුමාත් ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාත් එම ධූරවල කටයුතු කිරීම සුදුසු නොවන බවයි.

එම නිසා ඔවුන් දෙදෙනා (2) එම තනතුරුවලින් ඉවත් වන ලෙසට සදාචාරාත්මකව තමා ඉල්ලීමක් කරන බවද දයාසිරි ජයසේකර කියා සිටියා.

අල්ලස් කොමිසමට ඉදිරිපත් කරන ලද මෙම පැමිණිල්ල මගින් රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් බරපතල චෝදනා රැසක් එල්ල වී ඇති නිසා කතානායකවරයා පාර්ලිමේන්තුවේ කතානායක වශයෙන් කටයුතු කිරීම සුදුසු නොවන බවත් විපක්ෂය ඉල්ලා සිටින්නේ මෙම පරීක්ෂණ අවසන් වන තුරු කතානායක ධූරයෙන් ඉවත් වන ලෙස කියාත් මන්ත්‍රීවරයා කියා සිටියා.

මෙරට ඉතිහාසයේ සිටි කිසිදු කතානායකවරයෙකුට මේ ආකාරයෙන් පාර්ලිමේන්තුවේ ප්‍රධාන නිලධාරියෙක් කිසිම චෝදනාවක් එල්ල කර නොමැති බවත් එම නිසා මේ බරපතල චෝදනා විමර්ශනය කරනතුරු කතානායකවරයාත් පෞද්ගලික ලේකම්වරයාත් එම තනතුරුවලින් ඉවත් විය යුතු බවද දයාසිරි ජයසේකර වැරදුරටත් ප්‍රකාශ කළා.

+++

+++

කතානායකවරයාගේ පෞද්ගලික ලේකම්ගේ ලිපියක් ගැන හර්ෂණ ප්‍රශ්න කරයි

(05.02.2026 – hirunews.lk)

පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් කතානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට බාරදුන් පැමිණිල්ල විභාග කිරීමේ කටයුතුවලට කතානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයා බාධා කරන බව සමගි ජන බල වේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා අද(05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මන්ත්‍රීවරයා කියා සිටින්නේ කතානායකවරයාගේ පෞද්ගලික ලේකම් විසින් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් කතානායකතුමාගේ දැනගැනීම පිණිස පැමිණිල්ලට අදාල අංශවලින් තොරතුරු ඉල්ලා ඇති බවයි.

අල්ලස් කොමිසමට අදාල පැමිණිල්ල සිදු කිරීමට තොරතුරු ලබා ගත්තේ කෙසේද කියා සොයා බැලීමට මේ ආකාරයෙන් ලිපියක් ඉදිරිපත් කර ඇති බවත් මෙය අල්ලස් කොමිසමේ ක්‍රියාවලියටද බාධා කිරීමක් බවත් මෙය බරපතල තත්ත්වයක් බවත් මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙනු ලැබුවා.

මේ ආකාරයෙන් පාර්ලිමේන්තුවට සහ අල්ලස් කොමිසමට බලපෑම් කිරීමට කතානායකවරයාගේ පෞද්ගලික ලේකම්ට තිබෙන හයිය කුමක්ද කියා විමසූ හර්ෂණ රාජකකරුණා මන්ත්‍රීවරයා අදාල ලිපිය හැන්සාඩ් ගත කිරීමටද කටයුතු කළා.

මේ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ ඇතැම් ජනතා නියෝජිතයින් හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා අතර උණුසුම් කතාබහක් ද සිදුවුණා ෴

+


කොටියට හපන් මේ ජේවීපීකාරයෝ – ලංකාවට ත්‍රස්තවාදය ගෙනාවේ වීජේවීර – යුද්දේ නතර කරන්න වැඩ සේරම නතර කළා (05.02.2026)

+


ඩයස්පෝරාවට කඩේ යන එක නවත්තපල්ලා – රට රැක්ක රණවිරුවන්ට උඹලා ගෞරව කරේ නෑ – සජබේ රෝහණ ආණ්ඩුව සල්ලන් කරයි (05.02.2026)

+


රණවිරුවාට රණවිරුවා කියන්න කොන්ද නෑ – නාමල් අදත් ඇතුළේ ජල්ලිය අල්ලයි (05.02.2026)

+


අච්චර සෙනඟක් මැද ජාතික ගීය කියද්දී ඇමතිවරු සෙට් එකක් අත් බැඳගෙන ඉන්නවා (05.02.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *