78 වන නිදහස් දිනය ‘කළු දිනයක්’ ලෙස ප්‍රකාශයට පත් කිරීමට දරන උත්සාහය හෙළා දකිනවා – අරුන් සිද්ධාර්ථ්

78 වන නිදහස් දිනය ‘කළු දිනයක්’ ලෙස ප්‍රකාශයට පත් කිරීමට දරන උත්සාහය හෙළා දකිනවා – අරුන් සිද්ධාර්ථ්


78 වන නිදහස් දිනය ‘කළු දිනයක්’ ලෙස ප්‍රකාශයට පත් කිරීමට දරන උත්සාහය හෙළා දකිනවා – අරුන් සිද්ධාර්ථ්

(04.02.2026 – lankaleader.com)

සර්වජන බලය පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක සහ ප්‍රමුඛ සමාජ ක්‍රියාකාරිකයෙකු වන අරුන් සිද්ධාර්ථ් මහතා ප්‍රකාශ කළේ, 2026 පෙබරවාරි 04 වන දිනට යෙදෙන ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනය ‘කළු දිනයක්’ ලෙස ප්‍රකාශයට පත් කිරීමට උත්සාහ කරමින් විශ්වවිද්‍යාල සිසුන් ලෙස පෙනී සිටින ඇතැම් පුද්ගලයින් විසින් සිදු කරනු ලබන ක්‍රියාවන් තමන් දැඩි ලෙස හෙළා දකින බවයි.

අරුන් සිද්ධාර්ථ්, අද (2026.02.03) යාපනයේ පිහිටි ඔහුගේ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළේය.

අරුන් සිද්ධාර්ථ් තවදුරටත් පවසා සිටියේ :

“සිංහල, දෙමළ හෝ මුස්ලිම් භේදයකින් තොරව, යාපනය විශ්ව විද්‍යාලය ක්‍රියාත්මක වන්නේ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ බදු මුදල් මත ය. එවැනි ආයතනයක අධ්‍යාපනය ලබමින් ශ්‍රී ලංකා රජය විසින් සපයනු ලබන නිදහස් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම භුක්ති විඳින අතරතුර, මෙම පුද්ගලයින් මෙම ඊනියා ‘කළු දින නාට්‍යය’ රඟ දක්වන්නේ හුදෙක් විදෙස් රටවල සිට ක්‍රියාත්මක වන එල්ටීටීඊයට සම්බන්ධ ආවරණ සංවිධාන විසින් එවන ලද මුදල් ලබාගැනීම සඳහා ය.

ඔවුන්ට සැබවින්ම එවැනි විශ්වාසයක් තිබේ නම්, ඔවුන් පළමුව රාජ්‍ය විශ්ව විද්‍යාලවලින් ඉවත් වී මේ රට විසින් ලබා දී ඇති සියලුම වරප්‍රසාද අත්හැර, පසුව ඔවුන්ගේ විරෝධතාවල නිරත විය යුතුය. එවැන්නක් නොකර, ඔවුන් විදේශ මුදල් ප්‍රතිලාභ අපේක්ෂාවෙන් රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වෙමින් සිටින පුද්ගලයින්ගේ සැබෑ මුහුණුවර ජනතාව තේරුම් ගත යුතුව ඇත.

1974 දී, එවකට අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය යාපනය විශ්ව විද්‍යාලය විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ , මේ හා සමාන ආකාරයකින් කළු කොඩි ඔසවා, යාපනයේ විශ්ව විද්‍යාලයක් ස්ථාපිත නොකළ යුතු බවට ඉල්ලා සිටිමින් දින දෙකක හර්තාලයක් සංවිධානය කරන ලදී. එවැනි විරුද්ධත්වයන් මැද පවා මෙම අවස්ථාවාදීන් පුද්ගලයින්ගේ චෝදනාවලට නිරතුරුව බඳුන්වූ ‘සිංහල ආණ්ඩු’ අප වෙනුවෙන් යාපනය විශ්ව විද්‍යාලය ස්ථාපිත කරන ලදී.

ශ්‍රී ලංකා රජය විසින් ලබා දෙන නිදහස් අධ්‍යාපනය භුක්ති විඳීන අතරතුරම, ‘විශ්ව විද්‍යාල සිසුන්’ ලෙස පෙනී සිටින අවස්ථාවාදීන් අතලොස්සක් විසින්, කිසිදු ලැජ්ජාවකින් තොරව, නිදහස් දින දා කළු කොඩි ඔසවන්නට ඉදිරිපත් වී සිටිති.

උතුරේ දෙමළ ජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නේ මෙම දාමරිකකම් සහ අකටයුතුකම්වලට යටත් නොවී, ඔවුන්ගේ නිවෙස්වල, කාර්යාලවල සහ ව්‍යාපාරික ආයතනවල ශ්‍රී ලංකාවේ ජාතික ධජය ඔසවමින් නිදහස් දිනය සමරන ලෙසයි.”

ඔහු තවදුරටත් මෙසේ ද පැවසීය:

“යම් අයෙකු ව්‍යාපාර හිමියන්ට තර්ජනය කිරීමෙන් හෝ බලහත්කාරයෙන් ඔවුන්ගේ වෙළඳසැල් වසා දැමීමට හෝ බිය ගැන්වීමට උත්සාහ කරන්නේ නම්, වහාම අප දැනුම්වත් කරන ලෙස ඉල්ලා සිටිමු. එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සහ ඔවුන් නීතියේ රැහැනට හසුකිරීම සහතික කිරීමට අවශ්‍ය සහාය අපි ලබා දෙන්නෙමු.”

+++

+


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නිලධාරීන්ට ප්‍රේමවතී මනම්පේරීව මතක් කර දෙයි

(04.02.2026 – hirunews.lk)

ඉහළින් යම් නිලධාරියෙකුට වැරදි උපදේශයක් ලබා දෙනවා නම් ඒ වැරදි උපදේශය අනුව ක්‍රියා කිරීම නිදහසට කාරණයක් නොවන බවත් එය හෘද සාක්ෂිය සමඟ සම්බන්ධ වන බවත් ප්‍රේමවතී මනම්පේරි ඝාතන නඩුවෙන්ද ඒ බව අවධාරණය කර ඇති බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (03) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පිටත්ව යන අවස්ථාවේදී මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින්.

ඉහළින් එන වැරැදි උපදෙස් අනුව ක්‍රියාත්මක වන නිලධාරීන් ප්‍රේමවතී මනම්පේරි ඝාතන නඩුව සම්බන්ධයෙන්ද අවධානය යොමු කිරීම වඩා වැදගත් වන බව පැවසූ නාමල් රාජපක්ෂ වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද ප්‍රකාශ කළා.

“එක කාරණයක් මම මතක් කරලා දුන්නා. කතරගම ප්‍රේමවතී මනම්පේරි කියන කාන්තාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් වන නඩු තීන්දුව.

ඒ නඩු තීන්දුවෙන් පැහැදිලිවම ගරු අධිකරණයේ සදහන් කළා, ඉහළ නිලධාරියා මොන උපදෙස දුන්නත් තමන්ගේ හෘද සාක්ෂියට අනුව ඒක වැරදිනම් ඒ වැරැද්ද ක්‍රියාත්මක කිරීම උපදේශයක් ලබා ක්‍රියාත්මක කිරීම යන එක නිදහසට කාරණයක් නෙමෙයි කියලා. ඒ හින්දා මේ නිලධාරිනුත් ඒ කාරණා මතක තියාගෙන වැඩ කළොත් හොදයි.

සංවිධානාත්මක අපරාධ නවතින්න ඕන. මත්ද්‍රව්‍ය මේ රටේ නතර වෙන්න ඕන. හැබැයි සංවිධානාත්මක අපරාධ නතර කරන්නේ ආණ්ඩුව විසින් පෝෂණය කරන සංවිධානාත්ම අපරාධ කණ්ඩායමක් ආරක්ෂා කරන්නනම් ආණ්ඩුවෙන් පන්නපු කන්ටේනර් දෙකේ (2) කුඩු තියනවා කියලා දැන දැනත් පන්නලා මේක විපක්ෂයේ අපෙන් අහනවනම් කන්ටේනර් 323 ක් පන්නලා ඒකත් මගෙන් අහනවනම් ඉතින් මේ ආණ්ඩුව තව මොකට ද?

ආණ්ඩුවට කියන්නේ ඔබේ නොහැකියාව වහගන්න අපිව මේකට ගෙනල්ලා වැඩක් වෙන්නේ නැහැ. අපි එනවා එන්න කියන ඕන වෙලාවක මම, අම්මා, තාත්තා, අර පවුම් අනූවේ මාලේ දාගෙන ඉන්න බල්ලා වුණත් ගෙනත් දෙන්නම්. හැබැයි ඔබ ජනතාවට වෙච්ච පොරොන්දු ඉටු කරන්න. මේවට ගෙනල්ලා බය කරල නම් අපේ කටවල් වහන්න බෑ. ඒ හින්දා කරුණාකරලා ගල් අඟුරු මගඩිය, පාසලේ 6 වසරේ දරුවන්ට මනස විකෘති කරන්න ආණ්ඩුව ගන්න උත්සහයන් වගේම උපාධිධාරින්ට රැකියා දෙනවා කියලා රවට්ටලා අද ගුරුවරු වෙන්න ඉන්න උපාධිධාරීන් සේරම පාරට ඇදලා දාලා දේශපාලනේ කරන්නෙ. අපි නම් මේවට කට වහගෙන ඉන්නේ නෑ.

ආණ්ඩුව හිතනවනම් මේවට ගෙනල්ලා ආණ්ඩුව ප්‍රසිද්ධ වෙනවා කියල මම නෙමෙයි අපේ අම්මා නෙමෙයි කවුරු ගෙන්නුවත් ආණ්ඩුවට දෙන්න තියන උත්තරේ තමයි මේක.

ආණ්ඩුවේ නොහැකියාව වහගන්න ආණ්ඩුව තමන්ගේ දේශපාලන ක්‍රියාදාමය පොලිසිය පාවිච්චි කරලා කරනවා.

හිර කූඩුවේ නාමල් රාජපක්ෂ දානවද නැද්ද කියන එක තේරුම් ගන්න පුලුවන් පාර්ලිමේන්තුවේ ඉන්න 159 දෙනාගේ කතා ඇහුවම.

ඒ අය කලින් කියලා තමයි මෙතෙන්ට එන්නේ. කවුද කෙදිරි ගාන්නේ කියලා ඔබතුමන්ලටම දැන් දැනගන්න පුළුවන්.

අපි ජනතාව එක්ක දේශපාලන ගමන යනවා. ආණ්ඩුව අපිව සීඅයිඩී, එෆ්සීඅයිඩී ගෙන්නලා අපේ දේශපාලන ගමන නවත්වන්න බෑ. මේ රටේ ජනතාවට අපි වගකියන්න ඕන ජනතාවගේ වගකීම සහ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් අපි පෙනී හිටිනවා. ආණ්ඩුව හිතනවනම් මේවට ගෙනල්ලා පෙන්නලා අපේ කටවල් වහන්න ඒක වෙන්නේ නැහැ. ආණ්ඩුව ඔය 88, 89 සෙල්ලම් තියාගන්න. ඒවා දැන් දාන්න ලෑස්තිවෙන්න එපා.

ආණ්ඩුව අපිව මෙහෙම ගෙන්වන්නේ එක පැත්තකින් ආණ්ඩුවේ නොහැකියාව වහගන්න. තවත් පැත්තකින් පොලිසියේ තියෙන කීර්තිනාමය නැති කරන්න. මොකද ඒ අයට 88, 89 පොලිසිය එක්ක ප්‍රශ්නයක් තියනවා. මොකද පොලිසිය වැඩියෙන්ම ගහලා තියෙන්නේ ජෙවිපීකාරයන්ටනේ. ඉතින් ඒවා වහගන්න අද පොලිසියේ කීර්තිනාමය හානි කරන්නත් ආණ්ඩුව කටයුතු කරනවා ෴


රු. කෝටි 4 කට අධික හෙරොයින් සමග සැකකරුවෙකු කිරිබත්ගොඩදී අල්ලයි

(04.02.2026 – hirunews.lk)

කිරිබත්ගොඩ – රෝහල පාර ප්‍රදේශයේදී රුපියල් කෝටි 4 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරු විදේශීය මත්ද්‍රව්‍ය ජාලයක් සමග සෘජු සබදතා පැවැත්වූ පුද්ගලයෙකු බවට අනාවරණය වී තිබෙනවා.

මෙම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් පසු කටුනායක 18 කණුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් තායිලන්ත ජාතිකයා එම ජාලයේ ප්‍රධාන මෙහෙයුම්කරුවෙකු ලෙස හඳුනාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ (03) රාත්‍රියේ කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද බුද්ධි තොරතුරක් මත සැකකටයුතු යතුරුපැදියක් පරීක්ෂා කළ අවස්ථාවේදීයි හෙරොයින් කිලෝග්‍රෑම් 03 යි ග්‍රෑම් 18 ක් සමග සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ.

පසුව ඔහුගෙන් හෙළිවූ තොරතුරු මත අත්අඩංගුවට ගත් තායිලන්ත ජාතිකයා 32 හැවිරිදි වියේ පසුවන බව සඳහන් ෴

+

බඩෝවිට අසංකගේ කුඩු තොගයක් එක්ක කාන්තාවක් පොලිස් අත්අඩංගුවට | කුඩු ටික ගානට පැක් කරලා බෙදන්න ගිහින් (04.02.2026)

+


සිංහල බෞද්ධයන්ට බ# වැඩ කරලා ජනාධිපති – ඔයා තමයි මේ ජාතිවාදය අවුස්සන්නේ – ඩෝබියෝ කුණුහරුප කියනවා (04.02.2026)

+


එදා යුද්දේ කරපු SFලා කමාන්ඩෝස්ලා නිදහස් පෙළපාලියේ යද්දී නිවේදකයා කිව්ව දේ (04.02.2026)

+


යාපනයේ ලොකු උණුසුම් තත්ත්වයක් – පොලිසිය සහ විරෝධතාකරුවන් ගැටෙයි (04.02.2026)

+


මේ රට බුදුන්ට පුජා කරපු රටක් – එහෙව් රටේ අපිට සමහර පැතිවලට යන්න එපාලු (04.02.2026)

+


අපි රණකාමී ජාතියක්, අද බල්ලෝ වගේ වැටුණට – හිමිවරු තමයි රාවණ යුද ඉතිහාසයෙත් අපේ රට රැක්කේ (04.02.2026)

+


රටේ සංඝයාට කරන කෙනෙහිළිකම්වලට පොලව කම්පා වෙනවා – කඳු නාය යනවා (04.02.2026)

+


එකේ පොතේ ‘බ’ අකුරේ බෝලේ ලොකුයි – අකුරුවල අංශක ප්‍රමාණය හරියට නෑ – යල්වල පඤ්ඤාසේකර හිමි (04.02.2026)

+


මාලිමාවට රිදෙන්න උත්තර දුන්න සුරූපී කෙල්ල (04.02.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *