ශිරන්ති රාජපක්ෂ FCID කැඳවීම ගැන පොහොට්ටුවෙන් නිවේදනයක්

ශිරන්ති රාජපක්ෂ FCID කැඳවීම ගැන පොහොට්ටුවෙන් නිවේදනයක්


ශිරන්ති රාජපක්ෂ FCID කැඳවීම ගැන පොහොට්ටුවෙන් නිවේදනයක්

(03.02.2026 – 20:02 +0530 – sinhala.adaderana.lk)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (03) පස්වරුවේ නිවේදනයක් නිකුත් කර තිබුණි.

එම නිවේදනයයේ සඳහන් කර තිබුණේ සිරිලිය සවිය සංවිධානයේ ගිණුම් වාර්තා, පොත්පත් සහ ලිපි ලේඛන සියල්ල 2015 වසරේ ඒ සම්බන්ධයෙන් විමර්ශනය සිදුකළ අවස්ථාවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිය භාරයට ගෙන තිබූ බවය.

එවැනි පසුබිමක අද (03) දින යළි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා ඒ පිළිබඳ කරුණු විමසූ බව එම නිවේදනයේ දැක්වෙයි.

අදාළ නිවේදනය පහතින් :


ආණ්ඩුව හිමිවරුන්ට අපහාස කරනවට එරෙහිව හිමිවරු 8000 ක් කොළඹ වටලන්න සුදානම් (03.02.2026)

+


ආන්දෝලනාත්මක කථානායක කතාවේ ඇත්ත හෙලිදරව්ව ! (03.02.2026)

+


ආසියාවටම සීනි බෙදූ හඳුන්ගේ දුඹුරු සීනි කඩේ ඇඹලයෝ පිරිලා (03.02.2026)

+

චමින්ද කුලරත්න කියන කතානායකගේ රහස් වැඩ මෙන්න (03.02.2026)

+


ට්‍රම්ප් කැනඩාවෙන් පලුවක් ගලවයි. රුසියා – යුක්රේන සාම සාකච්ඡා කුමක් වෙයිද? (03.02.2026)

+


මාස 9 ක ඉඩෝරය නිමකළ විගණකාධිපති තනතුර

(03.02.2026 – 21:49 +0530 – sinhala.adaderana.lk)

පුරා මාස 9 ක කාලයක් පැවති විගණකාධිපති ධුරයේ පුරප්පාඩුව අද (03) සම්පූර්ණ විය.

ඒ අද (03) පැවැති ව්‍යවස්ථාදායක සභාව රැස්වීමෙන් අනතුරුවය.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාව වෙත පසුගිය සිකුරාදා දින යෝජනා කළ සමුදිකා ජයරත්න මහත්මියගේ නම ව්‍යවස්ථාදායක සභාව විසින් අද (03) අනුමත කළේය.

මින් පෙර මාධ්‍ය වාර්තා පළවුණේ ජනාධිපතිවරයා විසින් අවස්ථා කිහිපයකදී ව්‍යවස්ථාදායක සභාව වෙත යොමු කළ නාමයෝජනා එම සභාව විසින් ප්‍රතික්ෂේප කළ බවය.

සමස්ත රාජ්‍ය ආයතනවල වගකීම තහවුරු කෙරෙන මෙන්ම රාජ්‍ය මූල්‍ය පාලනයේ විනිවිදභාවය ආරක්ෂා කිරීමට සහ ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කිරීම විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් සිදුවන අතර එහි ප්‍රධානියා වන විගණකාධිපති ධුරයේ පුරප්පාඩුව පසුගිය කාලය පුරාවට මෙරට ප්‍රධාන මාතෘකාවක් බවටද පත්විය.

මේ හේතුවෙන් විගණකාධිපති ධුරයේ මාස 9 ක් පුරාවට පැවති මෙම පුරප්පාඩුව සම්බන්ධව මෙරට පක්ෂ විපක්ෂ රැසක මාතෘකාවක් බවටද පත්වුණු අතර මෙම පුරප්පාඩුව සම්බන්ධව දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතා බහක්ද නිර්මාණය විය.

ඒ අනුව නව විගණකාධිපතිවරයෙකු කඩිනමින් පත් කරන ලෙස ඉල්ලා මෙරට නීතීඥ සංගමය ඇතුළු පාර්ශ්ව රැසක්ද රජයෙන් ඉල්ලීමක්ද කළේය.

එමෙන්ම අවස්ථා කිහිපයකදී පාර්ලිමේන්තුවේදී ද මෙම විගණකාධිපති ධුරය සම්බන්ධව කතා කෙරෙනු දක්නට ලැබුණි.

මේ සම්බන්ධව ඇතිවූ තත්ත්වයන් තුළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය සිකුරාදා දිනයේදී 5 වෙනි වරටද නව විගණකාධිපති ධුරය සඳහා නමක් යෝජනා කරමින් සමුදිකා ජයරත්න මහත්මියගේ නම ව්‍යවස්ථාදායක සභාව වෙත යොමු කළේය.

පසුගිය සෙනසුරාදා දින ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිතව තිබුණද අදාළ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කාලය අවශ්‍ය බැවින් ව්‍යවස්ථාදායක සභාව අද රැස්විය.

එහිදී සමුදිකා ජයරත්න මහත්මියගේ නම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කළේය.

පුරප්පාඩුව

විගණකාධිපති ධුරයේ කටයුතු කළ චුලන්ත වික්‍රමරත්න මහතා පසුගිය අප්‍රේල් මාසයේදී සිය ධුරයෙන් විශ්‍රාම ගනු ලැබීය.

චුලන්ත වික්‍රමරත්න මහතා විගණාධිපති ධුරයට පත්වූයේ පසුගිය 2019 වසරේ අප්‍රේල් 29 වැනි දිනය.

ඒ මෙරට 41 වැනි විගණකාධිපතිවරයා ලෙසය.

40 වැනි විගණකාධිපති ලෙස කටයුතු කළ ගාමිණි විජේසිංහ මහතාගේ විශ්‍රාම යෑමෙන් අනතුරුව චුලන්ත වික්‍රමරත්න මහතා 41 වැනි විගණකාධිපතිවරයා ලෙස පත්විය.

ඒ අනුව පුරා වසර 6 ක සිය සේවා කාලය නිම කරමින් ඒ මහතා පසුගිය අප්‍රේල් මාසයේදී සිය ධුරයෙන් විශ්‍රාම ගත්තේය.

ඒ මහතාගේ විශ්‍රාම යාමෙන් පසුව පුරප්පාඩු වූ විගණකාධිපති ධුරය සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨමයෙකු වූ ධර්මපාල ගම්මන්පිල මහතා පත් කිරීමට නියමිතව තිබුණ ද ඒ මහතා සම්බන්ධව පැවැති ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් එම පත් කිරීම සිදු නොවීය.

එමෙන්ම අවස්ථා 4 කදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විගණකාධිපති ධුරය සඳහා නාම යෝජනා ඉදිරිපත් කළද එම නාමයෝජනා සියල්ලද ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

කවුද මේ සමුදිකා ජයරත්න

දශක දෙකකට (2) අධික කාලයක් ශ්‍රී ලංකා ජාතික විගණන කාර්යාලයේ සේවය කර ඇති සමුදිකා ජයරත්න මහත්මිය ජ්‍යෙෂ්ඨ නිලධාරිනියකි.

ඇය මේ වන විට විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය විගණකාධිපතිවරිය ලෙසද කටයුතු කරන්නීය.

එමෙන්ම සමුදිකා ජයරත්න මහත්මිය ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය සහ රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරී සංගමයේ සාමාජිකාවක්ද වේ.

තවද ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිදාරිනියක් ද වේ ෴


විශේෂඥ වෛද්‍යවරු කොළඹ බුරුතු පිටින්.. වැඩ බලන ලේඛන වල හැංගිලා..

(03.02.2026 – lankacnews.com)

සෑම වෛද්‍යවරයෙකුටම සමාන ලෙස ස්ථාන මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක විය යුතු වුවද, ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් වාර්ෂික ස්ථාන මාරු ක්‍රමවේදයට ඇතුළත් නොවී අමාත්‍යාංශ හිතවත්කම් මත කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට පමණක් සීමා වී කටයුතු කරන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය චෝදනා කරයි.

එම සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ ප්‍රජා සෞඛ්‍ය, පවුල් සෞඛ්‍ය, තොරතුරු තාක්ෂණ හා පෝෂණවේදය වැනි ක්ෂේත්‍රවල නිරත ඇතැම් වෛද්‍යවරුන් මෙලෙස වසර ගණනාවක් කොළඹට වී සේවය කරන බවයි. මෙහි සෘජු බලපෑම හේතුවෙන් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලවලට අදාළ විශේෂඥ සේවාවන් නිසි පරිදි නොලැබී යන බව ද ඔහු සඳහන් කළේය.

මෙම වෛද්‍යවරුන් වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුවට ඇතුළත් නොවී, දිගින් දිගටම ‘වැඩබලන’ තනතුරු දැරීම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත පද්ධතිය මගින් ඔවුන් ස්ථාන මාරුවලට ලක් නොවන බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.

“දිවයිනේ දිස්ත්‍රික්ක 25 සඳහාම ප්‍රජා සෞඛ්‍ය, තොරතුරු තාක්ෂණ ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් වෙන වෙනම අනුයුක්ත කළ යුතු වුවත්, බොහෝ දිස්ත්‍රික්කවලට එම සේවාව අහිමි වී තිබෙනවා. මේ නිසා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට තම විෂය පථය යටතේ කටයුතු කිරීමේදී දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව තිබෙනවා.”

මීට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් රෝහල්වල අනුමත සීමාව ඉක්මවා උප විශේෂඥ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩල රඳවාගෙන සිටින බවට ද ඔහු චෝදනා කළේය.

විදේශ පුහුණුව නිම කර මෙරටට පැමිණෙන ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන් වසර ගණනාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්තා නොකර සිටීම හෝ වැඩබලන පත්වීම් මත කොළඹ අවටම රැඳී සිටීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පැවැත්විය යුතු බව වෛද්‍ය චමල් සංජීව මහතා අවධාරණය කළේය.

පුද්ගලික අවශ්‍යතා මත ස්ථාන මාරු ක්‍රියාත්මක කරනවා වෙනුවට, සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණය කර සෑම වෛද්‍යවරයෙකුටම සාධාරණ කාලසීමාවකදී ස්වයංක්‍රීයව ස්ථාන මාරු ලැබෙන විනිවිදභාවයකින් යුත් ක්‍රමවේදයක් වහාම සකස් කළ යුතු බව ද සභාපතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *