ගෙවල්කුලී පනත ඉවත් කිරීමේ හා පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැන අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්
ගෙවල්කුලී පනත ඉවත් කිරීමේ හා පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැන අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්
(03.02.2026 – hirunews.lk)
ගෙවල්කුලී පනත ඉවත් කිරිම සඳහා වූ පනත් කෙටුම්පත හා පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ, හර්ෂණ නානායක්කාර විසින් අද (03) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කර සිටියා.
දැනට පවතින කුලී පනත අහෝසි කිරීම සහ ඒ වෙනුවට හඳුන්වා දීමට යෝජිත ‘පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත’ මගින් නිවාස කුලියට දෙන පුද්ගලයන්ට හෝ ව්‍යාපාරිකයන්ට කිසිදු අගතියක් සිදු නොවන බවයි අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ.
එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ මෙවැන්නක් :
“මෙම පනත් කෙටුම්පත් මඟින් ගෙවල් කුලියට ලබා දෙන පුද්ගලයින්ට හෝ කර්මාන්තයක් ලෙස ගෙවල් කුලියට ලබා දෙන අයට හානියක් වන්නේ නැහැ. පනත් කෙටුම්පත් දෙක විශේෂඥ කමිටුවක් විසින් සකස් කර විධිමත් කාර්යය පටිපාටිය අනුගමනය කිරීමෙන් අනතුරුව 2025.09.18 වන දින ගැසට් පත්‍රයේ පළ කිරීමට හා ඉන් පසු එම පනත් කෙටුම්පත් දෙක 2025.11.04 දින සිට 2026.01.15 දින දක්වා කාලය තුළ මහජන අදහස්, විමසීම සඳහා අමාත්‍යාංශ නිල වෙබ් අඩවියේ හා සිංහල දෙමළ හා ඉංග්‍රිසී පුවත්පත්වල භාෂාත්‍රයෙන්ම පළ කිරීමට කටයුතු කළා. අදාළ කාලය තුළ ලැබුණේ යෝජනා 2 ක් පමණයි. මෙය හොර රහසේ ගෙන එන ලද පනතක් නොවෙයි. අපි මේ රටේ ජනතාවට හොඳම පනත ගේනවා. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලු දෙනාගෙන් සාධනීය යෝජනා ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. 2026.01.29 දින එවන ලද ලිපියක් මඟින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ සම්බන්ධව කරුණු දැක්වීම සඳහා අවශ්‍ය බවට අමාත්‍යාංශය දැනුවත් කරනු ලැබුවා. ඉල්ලීම් සියල්ල සලකා බැලීමෙන් අනතුරුව, මෙම පනත් කෙටුම්පත් පිළිබඳව තවදුරටත් මහජන අදහස් විමසීම සඳහා කාලය 2026.02.03 සිට මාසයක කාලයක් සඳහා දීර්ඝ කිරීමට තීරණය කරනු ලැබුවා. එම අදහස් ලිඛිතව ලැබීමෙන් පසු එකී නිර්දේශ / අදහස් / යෝජනා සලකා බැලීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීති)ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මඟින් කටයුතු කරනු ලබනවා. අදහස් දැක්වීමට අපේක්ෂිත පාර්ශව සිය අදහස් ලිඛිතව අමාත්‍යාංශය වෙත කඩිනමින් යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා.”
+++
රටේ නීතිය මුළුමනින්ම විකෘති වෙනවා මේක අධිකරණ ක්‍රමයට විශාල අභියෝගයක් (03.02.2026)
+
අද නාමල්ගෙන් පොඩි ආතල් එක්ක ගත්තා ඔයාලා – වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා (03.02.2026)
+
ජනාධිපතිට ජයවේවා කියලා වතුර එකක් බීලා සංවර්ධන නිලධාරීන් උපවාසය අත් හරියි (03.02.2026)
+
කතානායක කරන වැඩ හිඟන්නෝ කරන්නෙත් නෑ – අයියෝ මේවා කියන්නත් ලැජ්ජයි (03.02.2026)
+++
කතානායකගේ, PHIගේ කෙරුවාව මෙන්න – ලක්ෂාන්ට කාමරයේ දී කුණුහරුපෙන් බැනලා (03.02.2026)
+++
සභාවේ ඇවිළුණු කතානායක PHI හුටපටේ (03.02.2026)
+++
සජිත් – රාසමානික්කම් සැරටම ෆයර් වෙයි – කතානායකට බරටම කේස් එක අදියි (03.02.2026)
+
චාමර සම්පත් සැරටම ගේම ඉල්ලයි (03.02.2026)
+
නාමල් ඇතුළේ ඉද්දී බයි ලොක්කෝ එළියේ කියපු කතා (03.02.2026)
+++
+
හුඟක් අය හිතන්නෙ, මම නිකම්ම නිකං බස් අයිතිකාරයෙක් විතරයි කියලයි… – ගැමුණු විජේරත්න කියන කතාව (03.02.2026)
+
වළන් ශානි මේ පැමිණිලි විභාග කරයිද ? ගේ කුරුල්ලෝ පාර්ලිමේන්තුවත් ඉවර කරයිද ? (03.02.2026)
+
වසන්තලා, කොළපාට බෑග් අරගෙන නිල්පාට බස් එකේ යන්නේ කවදාද ? (03.02.2026)
+
අද රාජපක්ෂලාට ඡන්ද ලක්ෂ ගාණක් තව එකතු වුණා… වෛරය පළිගැනීම දැන් අවලංගු කාසි වගේ (03.02.2026)
+
සිඟා කෑම බැරි වුණ තැන නසී ගයා මර ගී – IMF සින්දුව (03.02.2026)
+
පැලවත්තෙන් වරාය අල්ලයි – ජනපතිගෙ සභාපති එලියට – පාඩුව කෝටි ගාණක් (03.02.2026)
+
ගරු කටා නායක සහ අගරු ජනපති (03.02.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴