ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියේ පෙත්සම් අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේපවේ

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියේ පෙත්සම් අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේපවේ


ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියේ පෙත්සම් අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේපවේ

(03.02.2026 – 10:34 +0530 – sinhala.adaderana.lk)

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමියන් සහ ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමියන් රිමාන්ඩ් භාරයට පත් කරමින් ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකෙරුණු පෙත්සම් නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළහ.

වෙරළ සංරක්ෂණ පනතේ විධිවිධාන උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමියන් සහ ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමියන් විසින් මෙම රිට් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම්කාර හිමිවරු කියාසිටියේ, වෙරළ සංරක්ෂණ පනත යටතේ තමන්ව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ප්‍රමාණවත් සාක්ෂි අධිකරණය හමුවේ නොමැති බවය.

එසේ තිබියදී තමන්ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය දුන් තීරණය නීතියට පටහැනි බවත් ඒ අනුව එම තීරණය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් එම පෙත්සම්වලින් ඉල්ලා තිබුණි ෴

+++

+++

බුදු දහම රැක ගන්න සටන් වැදුණු වීරයෝ – අද ත්‍රිකුණාමලේ සිරබත් කනවා (03.02.2026)

+++

මේකද මහ ලොකු සිස්ටම් චේන්ජ් බ්‍රැන්ඩ් එක (03.02.2026)

+


බාල දැරියන් 36 ක් දුෂණ කල අයෙක් අත්අඩංගුවට

(03.02.2026 – lankacnews.com)

දහඅටවැනි වියට (18) නොළඹුණු දරුවන් තිස්හය දෙනෙකුට (36) අධික පිරිසක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ බරපතළ චෝදනාවක් මත ව්‍යාපාරිකයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය මගින් මෙම වැටලීම සිදු කර ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලක් පදනම් කරගනිමිනි.

අත්අඩංගුවට ගත් සැකකරු පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි. ඔහුගේ භාරයේ තිබූ විද්‍යුත් උපාංග පරීක්ෂා කිරීමේදී, මෙම ලිංගික අපයෝජන සිදුකර ඇති බවට මූලික සාක්ෂි අනාවරණය වී ඇත.

සැකකරු තවත් පිරිසක් හා එක්ව මෙම අපයෝජන ක්‍රියා වීඩියෝ ගත කර ඇති බවටද තොරතුරු හෙළි වී තිබේ.

සිද්ධියට මුහුණ දුන් වින්දිත දරුවන් හඳුනාගැනීම සහ වැඩිදුර කරුණු තහවුරු කරගැනීම සඳහා සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිතය. ඒ වෙනුවෙන් පැය 72 ක රැඳවුම් නියෝග ලබා ගැනීමට පොලිසිය පියවර ගෙන ඇත.

සැකකාර ව්‍යාපාරිකයා මේ වන විට කොටහේන පොලිස් ස්ථානයේ රඳවා සිටින අතර, ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල මහත්මියගේ සෘජු මඟපෙන්වීම යටතේ මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක වේ ෴


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ CIDයට එයි

(03.02.2026 – 10:29 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (03) උදෑසන 10:15 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේය.

+++

+


ශිරන්ති රාජපක්ෂ FCIDයට එයි

(03.02.2026 – 09:49 +0530 – sinhala.adaderana.lk)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය මීට සුළු වේලාවට පෙර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට පැමිණ තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට අද (03) දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර දැනුම් දී තිබුණි.

ඇයට පසුගිය 27 වන දින ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණෙන ලෙස මීට පෙර දැනුම් දී තිබුණද ශිරන්ති රාජපක්ෂ මහත්මිය නීතිඥයෙකු මාර්ගයෙන් පොලීසියට දැනුම් දී තිබුණේ එදිනට ඇයට පැමිණිය නොහැකි බවත් ඇයට ඒ සඳහා සති දෙකක කාලයක් ලබාදෙන ලෙසත්ය.

+++

පැය 4 ක පමණ ප්‍රකාශ ලබා දීමෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් පිටව ගොස් තිබෙනවා.

+++

+


කෙහෙළියගේ ඥාති සහෝදරයෙකු වූ බණ්ඩාර රඹුක්වැල්ල අත්අඩංගුවට

(03.02.2026 – 07:38 +0530 – sinhala.adaderana.lk)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඥාති සහෝදරයෙකු වන බණ්ඩාර රඹුක්වැල්ල මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (03) පාන්දර බණ්ඩාර රඹුක්වැල්ල මහතාගේ නිවසේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ, මුදල් විශුද්ධි කරන චෝදනා මතය ෴


හොරණ – කොළඹ ප්‍රයිවට් බස් වර්ජනය අද (03) දෙවන (2) දිනටත්

(03.02.2026 – 09:22 +0530 – sinhala.adaderana.lk)

හොරණ – කොළඹ මාර්ගයේ සුඛෝපභෝගී බස් රථ සහ සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ වර්ජනය අද (03) අඛණ්ඩව දෙවන (2) දිනටත් ක්‍රියාත්මක කෙරෙයි.

හොරණ සිට 120 බස් මාර්ගයේ කහතුඩුව පිවිසුමෙන් ඇතුළත් කර පිටකොටුව බලා ධාවනය වන බස් රථයක් සඳහා නව ප්‍රවාහන බලපත්‍රයක් ලබාදීමට එරෙහිව ඊයේ (02) දින උදෑසන මෙම බස් වර්ජනය ආරම්භ කර තිබුණි ෴


මුදල් විශුද්ධිකරණයක් සම්බන්ධයෙන් හංවැල්ලේ සැකකරුවෙකු කොටු වෙයි

(03.02.2026 – hirunews.lk)

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් රුපියල් කෝටි 3 කට අධික මුදලක් විශුද්ධිකරණය කිරීමේ චෝදනාව මත හංවැල්ල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව සඳහන්.

සැකකටයුතු ලෙස පවත්වාගෙන ගිය බැංකු ගිණුම් දෙකක් (2) හරහා රුපියල් 36,733,034 ක මුදලක් සංසරණය වී ඇති බව එහිදී අනාවරණය වී තිබෙනවා.

මෙම මුදල් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් ඒවා බවට සැක කෙරෙන අතර, සැකකරු විසින් හංවැල්ල ප්‍රදේශයේ බැංකු දෙකක (2) ගිණුම් හරහා මෙම මුදල් විශුද්ධිකරණය සිදු කර ඇති බවට තොරතුරු හෙළි වී ඇති බව සඳහන්.

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (02) සැකකරු අත්අඩංගුවට ගත් අතර, ඔහු අද (03) දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


රංගන ශිල්පී හේමාල් රණසිංහ අත්අඩංගුවට

(03.02.2026 – hirunews.lk)

පුද්ගලයෙකුට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ රංගන ශිල්පී හේමාල් රණසිංහ වැල්ලවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අද (03) උදෑසන පොලිසියට භාරවීමෙන් අනතුරුවයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පසුගිය ජනවාරි මස 08 වැනිදා සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව වැල්ලවත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.

ඒ අනුව, ඊට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහුට අවස්ථා කිහිපයකදී පොලිසියට පැමිණෙන ලෙසට දැනුම් දී තිබූ පසුබිමකයි අද නීතිඥයෙකු මාර්ගයෙන් ඔහු පොලිසියට භාරවී ඇත්තේ ෴

+++

+

පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ රුපියල් 100,000 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කර තිබෙනවා ෴


මේ පොඩි පොඩි බෝඩ් ලෑලි එල්ල ගත්ත පොඩි ත්‍රීවීල් සංගම්වලට අපිත් එක්ක හැරෙන්න බෑ (03.02.2026)

+


මේක කාලකන්නි හිපාටු ඔළුව කුරුවල් වෙච්ච ආණ්ඩුවක් – මුන් කොටි – මුන්ට පුළුවන්ද නිදහස් දිනය සමරන්න (03.02.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *