වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්ගෙන් කථානායකට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්ගෙන් කථානායකට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
(02.02.2026 – 16:07 +0530 – sinhala.adaderana.lk)
වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබේ.
ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහාය.
මෙහිදී චමින්ද කුලරත්න මහතා වෙනුවෙන් මාධ්‍යයට අදහස් දක්වමින් නීතිඥ මිතුන් ඩයස් මහතා පවසා සිටියේ, මෙය රජයට එරෙහිව සිදුකරනු ලබන පැමිණිල්ලක් නොවන අතර, මේ වනවිට වැඩතහනමට ලක්ව සිටින තම සේවාදායකයා සමඟ පෞද්ගලික අමනාපයක් හේතුකොට ගෙන මෙම පැමිණිල්ල සිදුකරන බවය.
එමෙන්ම කථානායකවරයාගේ දුෂණ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පැමිණිල්ල මඟින් අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ බවද නීතිඥවරයා වැඩිදුරටත් පැවසීය.
+++
+++
තවත් ධීවර බෝට්ටුවකට මුහුද මැදදී ප්‍රහාරයක්
(02.02.2026 – hirunews.lk)
නාවික සැතපුම් 600 ක් පමණ දුරින් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී තවත් ලාංකික ධීවර යාත්‍රාවක පිරිසකට පහරදීමක් සිදුව ඇති බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ ප්‍රකාශ කළා.
නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එම යාත්‍රාවේ දෙදෙනෙකු (2) බරපතල තත්ත්වයේ පසුවන අතර ඔවුන් හැකි ඉක්මනින් දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇති බවයි.
පසුගිය දෙසැම්බර් මස 03 වැනිදා වෙන්නප්පුව ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රා දෙකක සිටි ධීවරයින් 12 දෙනෙකුට ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් පිරිසක් පහරදුන් බව කියන සිද්ධියක් වාර්තා වූයේ පසුගිය ජනවාරි 29 වැනිදායි.
සිද්ධියට මුහුණ පෑ ධීවරයින් නාවික හමුදාවේ මැදිහත්වීමෙන් දිවයිනට රැගෙන ආ අතර පහර කෑමෙන් බරපතළ තුවාල ලබා සිටි ධීවරයන් 6 දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
මෙම පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් නාවික හමුදාවෙන් අප කළ විමසීමකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් සඳහන් කළේ ධීවරයින් පිරිසකට වෛද්‍යාධාර අවශ්‍ය බවට ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කළ දැනුමකට අනුව ඔවුන් එම ස්ථානයෙන් මුදාගෙන රෝහල්ගත කිරීමට නාවික හමුදාව පියවර ගත් බවයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට වැඩිදුර විමර්ශන සිදුකෙරෙන අතර තාක්ෂණික වශයෙන් ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
එහිදී ධීවර යාත්‍රා දෙකට (2) පහරදුන් ස්ථානය සහ තවත් කරුණු අනාවරණය කර ගැනීමට හැකිවනු ඇති බවද ඔහු සඳහන් කළා.
පහරකෑමෙන් තුවාල ලබා ගාල්ල ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ධීවරයින් පිළිබඳ සොයා බැලීමට ඊයේ (01) පස්වරුවේ ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පැමිණියා.
+++
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴