පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 09 වනදා දක්වා රිමාන්ඩ්
පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 09 වනදා දක්වා රිමාන්ඩ්
(02.02.2026 – 10:15 +0530 – sinhala.adaderana.lk)
පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිව්නම (4) සහ තවත් හය දෙනෙකු (6) පෙබරවාරි 09 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ භික්ෂුන් වහන්සේලා සිව්නම (4) ඇතුළු සැකකරුන් අද (02) අධිකරණයට රැගෙන විත් තිබුණි.
ඒ ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කළේ යැයි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් සිදුකර තිබූ පැමිණිල්ලට අදාළව පවතින නඩුවට අදාළවය.
මෙම සිදුවීමට, ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලය කල්‍යාණවංශ තිස්ස හිමියන්, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පූජ්‍ය ත්‍රිකුණාමලය සුඛිතවංශ තිස්ස හිමියන් සහ පූජ්‍ය නන්ද හිමියන්ද ඇතුළත් විය.
+++
+++
කස්සප හිමි ඇතුළු පිරිස ආපහු රිමාන්ඩ් වෙද්දී නඩුව වෙනුවෙන් කතා කරපු ලෝයර් සියල්ල හෙළි කරයි (02.02.2026)
+
RTI නියෝගයෙන් පසු වාහන ගැන හෙලි කරන්න ජනාධිපති කාර්යාලය එකග වෙයි
(02.02.2026 – lankacnews.com)
රජයට අයත් වාහන සිය කාර්ය මණ්ඩලය වෙත වෙන්කර ඇති ආකාරය පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කිරීමට ‘ජනාධිපති ලේකම් කාර්යාලය’ පසුගියදා ‘තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව’ හමුවේ එකඟතාව පළ කර ඇත.
ඒ අනුව, වාහන පරිහරණය කරන නිලධාරීන්ගේ නම්, තනතුරු මෙන්ම එම වාහනවල වර්ගය, මාදිලිය සහ ලියාපදිංචි අංක ඇතුළත් තොරතුරු නිකුත් කිරීමට නියමිතය.
මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතා විසින් පසුගිය වසරේ ජූලි මාසයේදී ඉදිරිපත් කරන ලද තොරතුරු දැනගැනීමේ අයදුම්පතකට අදාළව මෙම තීරණය ගෙන ඇත.
මීට පෙර එම තොරතුරු ලබාදීම ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර තිබුණේ එය පෞද්ගලික තොරතුරු ‘තොරතුරු දැනගැනීමේ පනතේ 5(1)(අ) වගන්තිය’ යටතට වැටෙන බව පවසමිනි.
කෙසේ වෙතත්, කොමිෂන් සභාව තීන්දු කළේ රාජ්‍ය වාහන වෙන්කිරීමේ තොරතුරු පෞද්ගලික තොරතුරු ලෙස සැලකිය නොහැකි බවත්, මහජන උනන්දුවක් පවතින බැවින් එම තොරතුරු 2026 ජනවාරි 31 දිනට පෙර ලබාදිය යුතු බවත්ය.
එමෙන්ම, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධුර කාලය අවසන් වීමෙන් පසු, 2024 සැප්තැම්බර් 23 දින පමණ භාරදුන් වාහන නැවත වෙනත් අමාත්‍යාංශ සහ ආයතන වෙත වෙන් කිරීමේ තොරතුරු ද නිකුත් කරන ලෙස කොමිෂන් සභාව නියෝග කළේය ෴
කුම්බලා මාළු කාලා දිරවන්න බැරුව ඉන්නේ – විමල් වීරවංශ ආණ්ඩුවට රිදෙන්නම කියපු කතාව (02.02.2026)
+
සංවර්ධන නිළධාරීන් ගෝල්ෆේස් වටලයි (02.02.2026)
+++
+++
+
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩේ තවත් දරුණු කරයි | රෝහල් බොහොමයක් අඩපණයි | ආණ්ඩුවට රිදෙන්නම දෙයි (02.02.2026)
+++
වෛද්‍යවරු නොසිතූ තීරණයක් ගනී, වර්ජනය දැඩි කරමින් ඒ පාර අරන් තියෙන තීන්දුව බලන්නකෝ (02.02.2026)
+
‘බලන් කඩතුරා හැර දෑසේ’ කියලම උදය ගම්මන්පිල මාධ්‍ය හමුව සැරටම අරඹයි (02.02.2026)
+
ස්පා එකකට සිවිල් ඇඳුමින් ගිය පොලිස් චණ්ඩි (02.02.2026)
+
ඒකාබද්ධ විපක්ෂය සජිත්ව හමුවෙයි – ආණ්ඩුවෙන් ජනතාව බේරගන්න මෙහෙයුම විපක්ෂ ප්‍රබලයෝ හෙළි කරයි (02.02.2026)
+
මතුගම පොලිසියේ අවි අතුරුදහන් වීමේ සිද්ධියේ අවි ගබඩාව භාරව කටයුතු කළ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම්
(02.02.2026 – hirunews.lk)
මතුගම පොලිස් ස්ථානයේ අවි ගබඩාවෙන් ගිනි අවියක් සහ පතොරම් තොගයක් අතුරුදහන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම අවි ගබඩාව භාරව කටයුතු කළ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.
පොලිස් ස්ථානයේ ඇති අවි ආයුධ පරීක්ෂා කිරීමේදී එක් ගිනි අවියක් (1) සහ පතොරම් 10 ක් අතුරුදහන් වී ඇති බවට අනාවරණය වුණා ෴
උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය ප්‍රායෝගික විභාගයට දින නියම වෙයි
(02.02.2026 – 19:05 +0530 – sinhala.adaderana.lk)
2025 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණවේදයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය ලබන හත්වැනිදා (07) ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
එම විභාගය පෙබරවාරි මස 11 වැනිදා දක්වා මධ්‍යස්ථාන 74 ක පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙහිදී පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයට ද තැපැල් මගින් යොමු කර තිබේ.
ප්‍රවේශ පත්‍ර නොලැබුණු අපේක්ෂකයින්ට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ අද (02) සිට ප්‍රවේශ පත්‍ර බාගත කර ගැනීමේ හැකියාව පවතියි ෴
+
සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශපත්‍ර ගැන දැනුම්දීමක්
(02.02.2026 – 18:58 +0530 – sinhala.adaderana.lk)
අපොස සාමාන්‍ය පෙළ 2025 (2026) විභාගයේ ප්‍රවේශපත්‍ර භාගත කරගැනීම සහ සංශෝධනය කරගැනීම සම්බන්ධයෙන් විභාග කොමසාරි ජනරාල් විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව පෞද්ගලික අපේක්ෂකයින් තම ප්‍රවේශපත්‍රවල සංශෝධනයක් තිබේ නම් වෙබ් අඩවියට පිවිස තම ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර සංශෝධනය කරගත යුතුය.
සංශෝධනය සිදුකිරීම 2026.02.10 වන දින මධ්‍යම රාත්‍රී 12:00 ට අවසන් කෙරේ.
සංශෝධන දිනය නැවත දීර්ඝ කරනු නොලැබෙන බවද විභාග කොමසාරි ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය දැනුම්දී තිබේ.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය පෙබරවාරි මස 17 වන දින සිට 26 වන දින දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 3,545 කදී පැවැත්වේ.
මෙවර විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශපත්‍ර මේ වනවිට අදාළ පාසල් අයත් කලාප අධ්‍යාපන කාර්යාලය වෙත ලබාදී ඇති අතර, සියලුම විදුහල්පතිවරුන් තම පාසලට අදාළ කලාප අධ්‍යාපන කාර්යාලයේ විභාග විෂය භාර නියෝජ්‍ය / සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ගෙන් ප්‍රවේශපත්‍ර භාරගත යුතුය.
පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයට තැපැල් මඟින් යොමු කරනු ඇත.
පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍රවල යම් සංශෝධනයක් ඇත්නම් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ
https://www.doenets.lk/ වෙබ් අඩවියෙන් විදුහල්පතිවරුන් වෙත ලබාදී ඇති පරිශීලක නාමය හා මුරපදය උපයෝගී කරගෙන ගිණුමට ප්‍රවේශ වී අදාළ සංශෝධනය සිදුකළ යුතුය.
වැඩි විස්තර පහතින් :
ක්ෂණික ඇමතුම් අංකය : 1911
දුරකථන අංකය : 011 278 4208, 011 278 4537
ෆැක්ස් අංකය : 011 278 4422
විද්‍යුත් තැපෑල : gceolexamsl@gmail.com
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴