අසභ්‍ය වෙබ් අඩවියක සබැඳියක් මොඩියුලයට ඇතුළත් වීමේ සිද්ධිය : සාක්ෂි පවතිනවා නම් අධ්‍යාපන ලේකම් සැකකරුවෙකු කරන්නැයි අධිකරණ නියෝගයක්

අසභ්‍ය වෙබ් අඩවියක සබැඳියක් මොඩියුලයට ඇතුළත් වීමේ සිද්ධිය : සාක්ෂි පවතිනවා නම් අධ්‍යාපන ලේකම් සැකකරුවෙකු කරන්නැයි අධිකරණ නියෝගයක්


අසභ්‍ය වෙබ් අඩවියක සබැඳියක් මොඩියුලයට ඇතුළත් වීමේ සිද්ධිය : සාක්ෂි පවතිනවා නම් අධ්‍යාපන ලේකම් සැකකරුවෙකු කරන්නැයි අධිකරණ නියෝගයක්

(01.02.2026 – lankaleader.com)

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 වන ශ්‍රේණිය සඳහා ප්‍රකාශයට පත් කළ ඉංග්‍රීසි භාෂා මොඩියුල කිහිපයකට අසභ්‍ය වෙබ් අඩවියක සබැඳියක් ඇතුළත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි පවතී නම්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා සැකකරුවකු ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

මෙම වෙබ් අඩවි ලිපිනය පෙළපොත්වලට ඇතුළත් වූයේ චේතනාන්විතව ද, වැරදීමකින් ද නැතහොත් නොසලකා හැරීමකින් ද යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් පවත්වන ලෙසද මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කළාය. එමෙන්ම, අදාළ වෙබ් අඩවි ලිපිනය ඇතුළත්ව තිබූ ගුරු පුහුණු අත්පොත සහ ශෝධ්‍ය පත්‍ර කියවීමෙන් පසු මුද්‍රණය කළ මොඩියුලය නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමටද පියවර ගන්නා ලෙස දැනුම් දෙන ලදී.

අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය සහ ශ්‍රේණි විදුහල්පති සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝග නිකුත් කළාය.

නඩුව කැඳවූ අවස්ථාවේදී පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කරුණු දක්වමින් කියා සිටියේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම පැමිණිලි ඉදිරිපත් කළ පාර්ශ්වයන්ගේ ප්‍රකාශ නොසලකා හරිමින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වගකිව යුතු නිලධාරියකු වන අධ්‍යාපන ලේකම්වරයාගේ පැමිණිල්ල මත පමණක් විමර්ශන මෙහෙයවන බවයි.

සැබවින්ම සැකකරුවකු විය යුතු පුද්ගලයකුගේ පැමිණිල්ල මත මෙලෙස කටයුතු කිරීම වැරදිකරුවන් ආරක්ෂා කිරීමක් බවත්, මෙම පෙළපොත් මුද්‍රණය හේතුවෙන් රජයට රුපියල් මිලියන 60 කට අධික පාඩුවක් සිදුව ඇති බවත් නීතිඥවරයා අවධාරණය කළේය.

මෙහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කැලුම් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේ, සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 35 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

විශේෂයෙන් මෙම මොඩියුල සැකසීමට දායක වූ ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්යවරුන් දෙදෙනෙකු (2) ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති බවත්, ඔවුන් සහ ජාතික අධ්‍යාපන ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂවරයා අතර හුවමාරු වූ විද්‍යුත් තැපැල් පණිවිඩ සහ විද්‍යුත් උපකරණ සම්බන්ධයෙන් වෝහාරික පරීක්ෂණ පවත්වන බවත් ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශන මන්දගාමීව සිදු කරන බවට චෝදනා කළ නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා, එසේ කරන්නේ සාක්ෂි විනාශ කිරීමට ඉඩ ලබා දීම සඳහා නම් ඉදිරියේදී පෞද්ගලික නඩුවක් ගොනු කිරීමට කටයුතු කරන බවටද අනතුරු ඇඟවීය ෴

+++

පැලවත්තට ලිංගික ඇරියස් එකක් තියෙන්නේ, උන්ඩෙන් බැරි වෙච්ච දේ කලු සුද්දෝ, හිපියෝ ගෙනත් විනාශ කරනවා (01.02.2026)

+++

අසාර්ථක ප්‍රතිසංස්කරණයක් කරනවාට වඩා නතර කරන එක හොඳයි | ආණ්ඩුවට එන්න කළින් එපා කියපුවා උඩ දාගෙන කරනවා (01.02.2026)

+++

“සීයාට ආච්චි කියනවා, ආච්චිට සීයා කියනවා… පල්ලියට කෝවිල දාලා…” – දිලිත් නෙලනවා ලෙසටම (01.02.2026)

+++

මොකක්ද මේ විහිළුව – ඇමතිට වැඩ නැත්ද ? සෞඛ්‍ය ඇමති රට වටේ ඇවිදිනවා (01.02.2026)

+


ෂුදා වගේ හැමෝටම අසූචි කන්න බෑ ! (01.02.2026)

+


අනුර ඔයා දැන් පට්ට විහිලුකාරයෙක්, ආණ්ඩුවම එකම විනෝද සමයක් (01.02.2026)

+

බෙහෙත් සමාගම් ඇමතිලාට ක්‍රෙඩිට් කාඩ් දෙනවද ? මේ චෝදනා ගැන ජනාධිපති මොකද කියන්නේ ? (01.02.2026)

+

දිනේෂ් මුතුගලට උපදෙස් දෙන යූටියුබ් හිඟන්නාට උත්තරයක් – පෙරවදන – ඉතිරි කොටස හෙට (31.01.2026)

+

අපි මරාලයක් නෙවෙයිලු… ඒ වුණාට අපි පින්නයො එන්ටටේන් කරන්නෙ නෑ, සොරි ඈ (01.02.2026)

+

රිලාගාමර් ගේ සිනමා පාසැල වටේ විදුලි වැටක් ගහනවාලු.. මේ අවුරුද්දට හරියට කරපු එක වැඩක් කියපල්ලා (01.02.2026)

+


බඩී පැමිණිල්ලට බඩීම සැකකරුවෙක් වෙයි – හරිණිට මොනව වෙයිද ? (01.02.2026)

+


හාමුදුරුවන්ට පහර දී හිරේ දාලා මල යක්ෂයා ධාතු පෙන්නනවා (31.01.2026)

+


මේ ආණ්ඩුව තියෙන්නේ ටික කාලයයි – ආණ්ඩුව ගෙදර ගියාම වෙන දේ බලාගන්න – අක්මීමන දයාරතන හිමි (02.02.2026)

+


පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණට වරෙන්තු

(02.02.2026 – hirunews.lk)

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණට සහ තවත් අයෙකුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත්කර තිබෙනවා. ඒ නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ෴


බුද්ධි අංශයේ තොරතුරට තිතට ගේම දුන් පොලිසිය | රු. කෝටි හතක (7) මත් පෙති වත්තල ප්‍රදේශයෙන් අත්අඩංගුවට (02.02.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *