රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සඳුදා (02) සිට අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීමට සැරසෙයි
(31.01.2026 – 14:06 +0530 – sinhala.adaderana.lk)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය එළැඹෙන පෙබරවාරි 02 වැනිදා සිට තීව්‍ර කිරීමට එම සංගමය තීරණය කර තිබේ.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය 26 වැනිදා සමස්ත රෝහල් පද්ධතිය ආවරණය වන පරිදි මෙම අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබුණි.
එහිදී පසුගිය 26 වැනි දින රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යවරයාට ඔවුන්ගේ ගැටලු සඳහා සාධනීය විසඳුමකට එළැඹ එය ප්‍රකාශයට පත් කිරීම සඳහා පැය 48 ක කාලයක් ලබා දීමට තීරණය කෙරුණි.
කෙසේ නමුත් අදාළ ඉල්ලීම් සඳහා සාධනීය විසඳුම් ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපෙහොසත්ව ඇති බැවින් එළැඹෙන 02 වැනිදා සිට එම වෘත්තිය ක්‍රියාමාර්ගය තීව්‍ර කරමින් අඛණ්ඩ නැවත ඉදිරියට පවත්වාගෙන යාමට තීරණය කර තිබේ.
ඒ අනුව මීට අදාළව එම සංගමයේ විධායක සභාවේ හදිසි රැස්වීමක් අද (31) පෙරවරුවේ පවත්වා ඇති අතර ඒ අනුව මෙම ක්‍රියාමාර්ග ඉදිරියට අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත. එහිදී,
- රෝහල තුල නොමැති ඖෂධ සහ උපකරණ බාහිරින් ලබා ගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරීම අත්හිටුවීම,
- රෝහල තුල නොමැති රසායනාගාර පරීක්ෂණ බාහිරින් සිදු කරගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරීම අත්හිටුවීම,
- දේශපාලන කණ්ඩායම් විසින් සංවිධානය කරනු ලබන සෞඛ්‍ය කදවුරු සහ සායන සඳහා ස්වෙච්ඡාවෙන් සහභාගිවිමෙන් ඉවත් වීම,
- අනුමත වෛද්‍යවරුන් සංඛ්‍යාව නොමැතිව රෝහල් පද්ධතිය තුල විවෘත කරන නව රෝහල් වාට්ටු සහ ඒකක වලට වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම අත්හිටුවීම,
- රෝගීන්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය සුරැකීමට අවශ්‍ය ප්‍රමාණවත් පහසුකම් සහ සහායක කාර්යමණ්ඩලය නොමැතිව රෝගීන් පරීක්ෂා කිරීමෙන් ඉවත් වීම,
- විශේෂඥ වෛද්‍යවරුන් තමන් අනුයුක්ත කරන ලද රෝහල තුළ පමණක් විශේෂඥ සේවා සැපයීම සහ ඉන් පරිබාහිර විශේෂඥ වෛද්‍යවරුන් නොමැති රෝහල්වල සේවාවන් සදහා රාජකාරි ආවරණය කිරීමෙන් ඉවත් වීම
වැනි කරුණු එළැඹෙන 02 වැනිදා උදෑසන 08:00 සිට ආරම්භ කිරීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත ෴
විදෙස්ගතව සැඟව සිටින ‘ඇල්ටෝ ධර්මේ’ගේ තියුණු ආයුධ කල්ලිය අත්අඩංගුවට
(31.01.2026 – 17:44 +0530 – sinhala.adaderana.lk)
විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ධර්මසිරි ලියනගේ’ නොහොත් ‘ඇල්ටෝ ධර්මේ’ නැමැත්තාගේ තියුණු ආයුධ කල්ලියේ සාමාජිකයින් තිදෙනෙකු (3) ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම කාර්යාංශය පැවසුවේ අදාළ සැකකරුවන් සමග ඔවුන් සතුව තිබී කඩු 3 ක්, රුපියල් ලක්ෂ 25 ක් වටිනා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 15 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
පසුගිය කාලය පුරා මොරටුව දෙහිවල හා ගල්කිස්ස පොලිස් වසම් හිදි ‘ඇල්ටෝ ධර්මේ’ නැමැත්තාගේ ප්‍රතිවාදීන් තියුණු ආයුධ ප්‍රහාරයට ලක්කර මාරාන්තික තුවාල සිදුකර තිබුණේ ඔහුගේ සමීපතමයෙකු වන ‘දුමිඳු’ නැමැත්තාගේ උපදෙස් මත මෙම කල්ලිය විසින් බව පොලීසිය සඳහන් කළේය.
එමෙන්ම පසුගිය 26 වැනි දින මොරටුව පොලිස් වසමේ දී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුන කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කර බරපතළ තුවාල සිදුකර ඇත්තේද මෙම කල්ලිය විසින් බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් පොලීසිය පැවසීය.
මෙලෙස අත්අඩංගුව ගත් සැකකරුවන් රත්මලාන සහ අඟුලාන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
සිද්ධිය සම්බන්ධව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.
+++

මාලිමා මන්ත්‍රී ශාන්ත පද්මකුමාරට එරෙහිව හිටපු නියෝජ්‍ය කථානායක අජිත්ගෙන් පොලීසියට පැමිණිල්ලක්
(31.01.2026 – 18:48 +0530 – sinhala.adaderana.lk)
හිටපු නියෝජ්‍ය කතානායකවරයෙකු වූ අජිත් රාජපක්ෂ විසින් ජාතික ජන බලවේග රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතාට එරෙහිව පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ පසුගියදා පැවැති රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී තමන් දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වයක් යැයි පවසමින් වංචා සහගත ලෙස මුදල් චෙක්පත් ලබා ගෙන ඇති බවට කළ ප්‍රකාශයට එරෙහිවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු කථානායක අජිත් රාජපක්ෂ මහතා,
“මගේ නම, මගේ තනතුර, පෙර දරපු තනතුරු උපයෝගී කරගෙන මට ඉතාමත් අපහාසාත්මක වන විදිහට දිට්වා සුළි කුණාටුවෙන් සහනාධාර දෙන චෙක්පතක් මට නිකුත් කරලා කියලා මට දැඩි ලෙස අපහාසවන විදිහට සංවර්ධන කමිටුවේ සභාපති ශාන්ත පද්මකුමාර දැඩි ලෙස චෝදනා කරලා තියෙනවා. ශාන්ත පද්මකුමාරගේ හැසිරීම මොකක්ද කියලා රටම දන්නවා. මම කිසි දෙයක් දන්නේ නැති, මම අහලාවත් නැති … මම දැන් ජීවත් වෙන්නේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ. මම දන්න විදිහට දිට්වා සුළි කුණාටුවෙන් කාටවත් හානියක් වුනෙත් නෑ; එහෙම තොරතුරක් මට වාර්තා වුනෙත් නෑ. ඉතිං දිට්වා සුළි කුණාටුවෙන් මට සත පහක අලාභයක් වෙලාත් නෑ. ඒ නිසා මම කාගෙන්වත් සහනාධාර ඉල්ලන්න එහෙම නැත්නම් වෙනත් දේවල් ඉල්ලන්න ගිහිල්ලාත් නෑ. ඒ නිසා මට දැඩි ලෙස අපහාස කරලා තියෙනවා ඒ නිසා මම මේකට නීත්‍යානුකූලව පියවර ගන්නවා.”
+++
+
මුදල් වංචාවකට අයෙක් අත්අඩංගුවට
(31.01.2026 – hirunews.lk)
මැණික් ගනුදෙනුවකදී මුදල් වංචාවක් සිදුකළ බව කියන සිදුවීමකට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු රුපියල් අට කෝටි අසූ ලක්ෂ පනස් දහසක් (රු. 88,050,000/= ක්) වටිනා මැණික් ගල් 09 ක් ලබාගෙන එහි වටිනාකම සඳහා රුපියල් හය කෝටි හතලිස් හය ලක්ෂයක් (රු. 64,600,000/= ක්) වටිනා අගරු චෙක්පත් ලබාදී මුදල් වංචා කර තිබුණා.
එම මුදල් වංචා කිරීම හා විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලද පැමිණිල්ලක් මතයි විර්මශන ආරම්භ කර තිබුණේ.
ඊයේ (30) වැනිදා කොල්ලුපිටිය ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 29 ක් වූ කොල්ලුපිටිය ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරනවා ෴
රට රැකියා ජාවාරමට කතක් මාතර, දික්වැල්ල, වේහැල්ල ප්‍රදේශයේදී කොටුවෙයි
(31.01.2026 – hirunews.lk)
විදේශ රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මාතර ඒකකය’ සමත්ව තිබෙනවා.
එක්සත් රාජධානියට ගෙන්වාගෙන එම රටෙහි රැකියාවක් ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 100 ක් වංචා කිරීම හා විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුණා.
එහිදී ඊයේ (30) වැනිදා දික්වැල්ල, වේහැල්ල ප්‍රදේශයේදී ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මාතර ඒකකයේ’ නිලධාරින් විසින් මෙම මුදල් වංචාවට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකාරියක් අත්අඩංගුවට ගත්තා.
සැකකාරිය වයස අවුරුදු 45 ක් වන වේහැල්ල, ඌරුගමුව ප්‍රදේශයේ පදිංචිකාරියක්.
වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴
ශිරන්ති අත්අඩංගුවට ? ආණ්ඩුවේ සුපිරි ගේම මෙන්න ! (31.01.2026)
+
සඳුදා (02) දහස් ගානක් එක්ක කොළඹ වටලනවා අපි යන්න බලාගෙන නෙවෙයි එන්නේ මහත්තයෝ (31.01.2026)
+++
සජිත් රට ඉඳන් ගොඩ බැහැපු ගමන්ම උපවාසයේ ඉන්න උපාධිදාරීන් හොයාගෙන යයි (31.01.2026)
+
ජනාධිපති බුදු පිළිම අත්අඩංගුවට ගන්නවා – බුදු දහමේ අවසානය තමයි මේ (31.01.2026)
+
මගේ අම්මව මාව හිරේ දාලා උඹලගේ වැරදි වහගන්න බෑ – අපි බලාගමු පන්සල් ආපු නාමල් ආණ්ඩුවෙන් ගේම ඉල්ලයි (31.01.2026)
+
ආණ්ඩුවට එරෙහිව ප්‍රබල හිමිවරු රැසක් මිහින්තලයට හදිසියේ රැස්වෙයි (31.01.2026)
+++
මිහින්තලේ හාමුදුරුවෝ කේසර සිංහයෙක් වගේ – අපි කාගේවත් තර්ජනවලට බය නෑ (31.01.2026)
+
6 පොතේ තවත් පිටු දෙකක (2) වැරදි මාට්ටු වෙයි – පිටු ගලවලා NPP සමරු පොතේ අලවගනිල්ලා (31.01.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴