මොඩියුල පිළිබඳ පුහුණුව ලැබූ ගුරුවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙසට නියෝගයක්
මොඩියුල පිළිබඳ පුහුණුව ලැබූ ගුරුවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙසට නියෝගයක්
(30.01.2026 – 21:24 +0530 – sinhala.adaderana.lk)
ගැටලු සහගත මොඩියුලය පිළිබඳ පුහුණුව ලැබූ ගුරුවරුන්ගෙන් ද ප්‍රකාශ ලබාගෙන එහි විමර්ශන කඩිනමින් අවසන් කරන්නැයි ගංගොඩවිල මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (30) නියෝග කළාය.
ඒ විමර්ශනවල ප්‍රගතිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දුන් අවස්ථාවේදීය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල 6 වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලය තුළ දරුවන්ට නුසුදුසු වෙබ් අඩවියක නමක් සඳහන් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් පවත්වමින් සිටියි.
ඊට අදාළව එම දෙපාර්තමේන්තුව ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබූ අතර අධිකරණය කළ දැනුම්දීමක් අනුව විමර්ශනවල ප්‍රගතිය එහි නිලධාරීන් අදත් (30) අධිකරණයට දැනුම්දුන්නාය.
නඩුවේ මැදිහත්කාර පාර්ශ්ව වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා එහිදී චෝදනා කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන මන්දගාමීව ක්‍රියාත්මක කරන බවටය.
අධ්‍යාපන අමාත්‍යවරිය අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු සියලුදෙනා වගකිවයුතු මෙම සිද්ධියේදී නිලධාරීන් දෙදෙනකුගේ (2) පමණක් වැඩ තහනම් කිරීමෙන් මෙය සරල ක්‍රියාවක් ලෙස හුවා දක්වා ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.
එමෙන්ම ප්‍රශ්නගත මොඩියුලයේ 51 සහ 52 පිටුවල අදාළ වෙබ් අඩවිය පිළිබඳ සටහන්ව ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ එම පිටු අංක 47 සහ 48 ලෙස දක්වා ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
විමර්ශන නිලධාරීන් එම මොඩියුලයක් අධිකරණයට ඉදිරිපත් කරමින් සඳහන් කළේ ප්‍රශ්නගත වෙබ් අඩවිය පිළිබඳ සඳහන්ව ඇත්තේ මොඩියුලයේ 47 සහ 48 වැනි පිටුවල බවය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් මොඩියුලය 2025 දෙසැම්බර් 23 වැනිදා මුද්‍රණය කර ඇති මොඩියුලයක් බවද එම නිලධාරීහු ප්‍රකාශ කළහ.
කෙසේවෙතත් මැදිහත්කාර පාර්ශ්වයේ නීතිඥවරු එහිදී යළි අධිකරණයට කියා සිටියේ ගුරුවරු පුහුණු කිරීමට භාවිත කළ මොඩියුලය නොව වෙනත් මොඩියුලක් එම නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවය.
එම මොඩියුල දෙකම (2) නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එහිදී මහේස්ත්‍රාත්වරිය නියම කළාය.
සිද්ධියට අදාළව නිලධාරීන් දෙදෙනෙකුගේ (2) වැඩ තහනම් කර ඇත්තේ ඇයි දැයි අනතුරුව මහේස්ත්‍රාත්වරිය නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළාය.
ඊට පිළිතුරුදෙමින් විමර්ශන නිලධාරීන් පැවසුවේ මොඩියුල සැකසූ නිලධාරීන් දෙදෙනෙකු (2) එලෙස වැඩ තහනමට ලක්ව ඇති අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ අභ්‍යන්තර පරීක්ෂණයකට අනුව එය සිදුකර ඇති බවය.
ප්‍රශ්නගත සිදුවීමේදී වී ඇත්තේ රාජකාරිමය නොසැලකිල්ලක්ද? නැතිනම් චේතාන්විතව සිදුකළ ක්‍රියාවක්ද?
එමගින් පොදු දේපළ අවභාවිතයක් සිදුව ඇත්ද යන්න සම්බන්ධයෙන් මොඩියුලයට අදාළව පුහුණුව ලැබූ ගුරුවරුන්ගෙන්ද ප්‍රකාශ ලබාගෙන විමර්ශන කඩිනමින් අවසන් කරන්නැයි මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම අවස්ථාවේ දැනුම්දුන්නේය.
සිද්ධියට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා පිළිබඳ සැකයක් පවතින්නේනම් ඔහුද මෙහි සාක්ෂිකරුවෙක් විය යුතු බව ද මහේස්ත්‍රාත්වරිය එහිදී පැවසීය.
එමෙන්ම විමර්ශනවල ප්‍රගතිය එළඹෙන පෙබරවාරි 20 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස ද ගංගොඩවිල මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය නියෝග කළාය ෴
+++
බඩී පොත අච්චු ගහපු ආණ්ඩුවේ ලොක්කෝ පොදු දේපල පනතින් රනිල් ගියා වගේ ඇතුළට යයිද ? (30.01.2026)
+++
1 ශ්‍රේණියේ ටීචර්ලට ගුරු අත්පොත් තාමත් නෑ – ඉතිහාසයේ මෙහෙම දෙයක් වුනේ නෑ (30.01.2026)
+++
කෙල්ලෙක් හිටියා මම එයාට මිස් කිව්වා – සමරිසි සෙට් එකක් මට බැන්නා හොඳටම (30.01.2026)
+
අනුර ඔයා පාලිමේන්තුවට ඇවිත් තව සිංදුවක් කියන්නකෝ (30.01.2026)
+
ආණ්ඩුව කරගන්ඩ බැරුව මුංට දැන් පිස්සු හැදිලා… රටේ සෞඛ්‍ය සේවය නන්නත්තාරයි (30.01.2026)
+
අස්වැසුම ගන්න ජෙප්පෙක් වෙන්න. නැත්නම් සොරි තමයි පුතේ (30.01.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴