ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියේ නියෝගය ප්‍රකාශ කිරීම කල් යයි
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියේ නියෝගය ප්‍රකාශ කිරීම කල් යයි
(30.01.2026 – 11:26 +0530 – sinhala.adaderana.lk)
ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමියන් සහ ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමියන් රිමාන්ඩ් භාරයට පත් කරමින් නිකුත් කර තිබෙන නියෝගය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කරන රිට් පෙත්සමේ නියෝගය ප්‍රකාශ කිරීම අභියාචනාධිකරණය විසින් ලබන 03 වනදා දක්වා කල් තබනු ලැබීය.
මෙම නියෝගය අද (30) දින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු වන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.
එහෙත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා නිවේදනය කළේ මෙම නඩු නියෝගය සූදානම් නොමැති බවය.
ඒ අනුව මෙම නියෝගය ලබන තුන්වනදා (03) ප්‍රකාශයට පත්කරන බවත් විනිසුරුවරයා නිවේදනය කළේය.
ඊට පෙර මෙම නියෝගය සකස් කර ගැනීමට හැකි වුවහත් ලබන සඳුදා (02) ප්‍රකාශයට පත් කරන බව ප්‍රකාශ කළ විනිසුරුවරයා එසේ වුවොත් ඒ පිළිබඳව පාර්ශ්වකරුවන්ට දැනුම් දෙන බවත් ප්‍රකාශ කළේය ෴
+++
ත්‍රී’මලේ සිද්ධියේ හිරේට ගිය හාමුදුරුවන්ට රෝහලේ දී දම්වැල් දාලා | කාගෙන්ද මේ පළිගන්න හදන්නේ දෙයියනේ (30.01.2026)
+
විදෙස් රටක සිට මෙහෙයවන රැකියා ජාවාරමක් ගැන තොරතුරු
(30.01.2026 – 14:55 +0530 – sinhala.adaderana.lk)
මෝල්ඩෝවා රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා විදේශ රටක සිටින ලාංකිකයෙකු විසින් සිදුකරන මහා පරිමාණ මිනිස් වෙළඳාමක් පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට තොරතුරු වාර්තා වී තිබේ.
සමාජ මාධ්‍ය ගිණුමක් ඔස්සේ වීඩියෝ පළකරමින් මෙම ජාවාරම සිදු කරගෙන යනු ලබන අතර, ඔහුට මුදල් ලබාදී මෙම වංචාවට හසුවූ පුද්ගලයින්ගෙන් මේ වනවිට කාර්යාංශය වෙත පැමිණිලි ලැබෙමින් පවතී.
ඒ අනුව ඔහුට එරෙහිව මේ වනවිට කාර්යාංශය මගින් අවශ්‍ය නීතිමය පියවර ගනිමින් සිටින අතර, තවදුරටත් මෙම වංචාවට හසුවූ පුද්ගලයින් වෙතොත් හැකි ඉක්මණින් කාර්යාංශය වෙත පැමිණිලි කරන ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
1985 අංක 21 දරණ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතට අනුව ශ්‍රී ලංකාවෙන් පිටත රැකියා සඳහා බඳවාගැනීම, ප්‍රචාරය සිදුකිරීම, මුදල් එකතු කිරීම, තොරතුරු රැස් කිරීම, ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා බලපත්‍රයක් ලබාගත යුතු අතර, බලපත්‍රයකින් තොරව එවැනි කටයුතු කිරිම දැඩි දඩුවම් ලැබිය හැකි වරදක් බවද කාර්යාංශය සඳහන් කරයි.
මෙවැනි මිනිස් වෙළඳාම්කරුවන් මැඩලීම සඳහා අමාත්‍ය විජිත හේරත් මහතාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් ඒකකයක්ද කාර්යාංශයේ ස්ථාපිත කොට ඇති අතර, එම ඒකකයට මෙවැනි පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබී තිබේ.
විදේශ රටවල රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයින් විසින් සිය පුද්ගලික සමාජ මාධ්‍ය ගිණුම් හෝ නව සමාජ මාධ්‍ය පිටු භාවිත කරමින් විදේශ රැකියා අවස්ථා ලබාදෙන බව පවසා මුදල් වංචාකරන ප්‍රවණතාවයක් මේ වනවිට ඇතිවී තිබෙන බවත් කාර්යාංශය නිරීක්ෂණය කරයි.
එබැවින්, විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා කාර්යාංශයේ අනුමැතිය ලත් විදේශ රැකියා නියෝජිතායතනවලට හැර වෙනත් අතරමැදියන්ට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍ර ලබාදීමෙන් වලකින මෙන් කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි ෴
GMOA රජයට දුන් පැය 48 අදින් අවසන්
(30.01.2026 – 10:04 +0530 – sinhala.adaderana.lk)
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් සිය ගැටලු විසදීම සඳහා රජයට ලබා දී ඇති පැය 48 ක කාලය අදින් (30) අවසන් වන බව එම සංගමය පවසයි.
අදාළ කාලය තුළ රජය කිසිදු සාධනීය පිළිතුරක් ලබා නොදීම තුළ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද (30) දින විධායක සභාව විසින් සාකච්චා කර තීරණයකට එළැඹෙන බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසීය.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෛද්‍ය චමිල් විජේසිංහ,
“රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විදියට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග ගණනාවක නිතර වී සිටිනවා. මේ සාධාරණය අපි ඉල්ලන්නේ. කාලරාමුවක් ඇතුළේ විසඳුම් නිර්මාණය කරගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කරන්න කියන තැන අපි ඉන්නේ.
හැබැයි ආණ්ඩුව සූදානම් නෑ නම්‍යශීලි වෙලා මේ ප්‍රශ්නය විසදන්න. මධ්‍යම කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යවරයාට පෙරේදා දිනයේ දී පැය 48 ක කාලයක් ලබා දුන්නා මේ ගැටළුව විසඳීම සඳහා මැදිහත් වෙන්න. අද (30) දවසේ මේ පැය 48 ඉවරවෙනවා.
එතනින් මේ ප්‍රශ්නය විසදෙන්නේ නැත්නම් මධ්‍යම කාරක සභාව විධායක කමිටුවට බලය පවරලා තියෙනවා මේ ප්‍රශ්නයට අවශ්‍ය තීන්දු තීරණ ගන්න. ඒ අනුව ඉදිරි ක්‍රියාර්ග මීට වඩා වෙනස් විදියට වෙන්නේ කොහොමද කියලා රටට කියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා” යනුවෙන් පැවසීය ෴
ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කිරීමේ කටයුතු අනිද්දා (01) සිට යළි ඇරඹෙයි
(30.01.2026 – 16:06 +0530 – sinhala.adaderana.lk)
ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන කිරීමේ කටයුතු අනිද්දා (01) දිනයේ සිට නැවත ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.
කෙසේ නමුත් මෙවර එම කටයුතු සඳහා ග්‍රාම නිලධාරීන් ගෙයින් ගෙට යාමේ ක්‍රියාවලිය සිදු නොකරන බවද වාර්තා වේ.
ඒ අනුව තමාගේ ගෘහට අදාළ වලංගු ඡන්ද හිමි නාමලේඛනයේ සිදුවිය යුතු සංශෝධිතයන් 2026 ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් විය යුතු නම් සම්බන්ධව ගණන් ගන්නා නිලධාරීන් වෙත අදාළ තොරතුරු ලබා දෙන ලෙස මැතිවරණ කොමිසම සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
මෙම ක්‍රියාවලිය මාස දෙකක (2) කාලයක් ක්‍රියාත්මක වන අතර පසුව අදාළ තොරතුරු ඇතුලත් ලැයිතු ප්‍රදර්ශනය, හිමිකම් හා විරෝධතා භාර ගැනීම පිළිබඳව දැන්වීම එළැඹෙන මැයි මස 05 වැනි දින ප්‍රසිද්ධ කිරීම සඳහා සැලසුම් කර ඇති බවද මැතිවරණ කොමිසන් සභාව පවසයි.
ඒ අනුව එම දැන්වීම පළකර දින 28 ක් තුළ හිමිකම් හා විරෝධතා ඉදිරිපත් ඛල යුතු අතර 2026 ප්‍රතිශෝධන අවස්ථාවේදී සුදුසුකම් සපුරා ඇති එහෙත් ER ආකෘතියට නම ඇතුළත් කර ගැනීමට නොහැකි වූ තැනැත්තන්ට මෙම කාලය තුළ හිමිකම් අයදුම්පතක් ඉදිරිපත් කළ හැකි බවත් සඳහන් කර ඇති මැතිවරණ කොමිසම පැවසුවේ 2026 නාමලේඛනය සඳහා නුසුදුසු පුද්ගලයෙකුගේ නමක් නිර්දේශ වී ඇත්නම් විරෝධතාවක් ඉදිරිපත් කිරීමට මෙම කාල සීමාවේදී අවස්ථාව ලැබෙන බවය.
ඒ සඳහා වූ මුද්‍රිත ආකෘති කොට්ඨාසයේ ග්‍රාම නිලධාරිවරයාගෙන් හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන් ලබා ගත හැකි බවද මැතිවරණ කොමිසම සඳහන් කළේය ෴
විගණකාධිපති ධුරයට තවත් නමක් ජනපති යෝජනා කරයි
(30.01.2026 – 16:42 +0530 – sinhala.adaderana.lk)
දැනට පුරප්පාඩුව පවතින විගණකාධිපති ධුරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් තවත් නමක් යෝජනා කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පැවසීය.
හෙට (31) දිනයේදී ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිත අතර එහිදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.
මීට පෙර අවස්ථා 4කදී ජනාධිපතිවරයා විසින් විගණකාධිපති ධුරය සඳහා නම් 4 ක් යෝජනා කළ අතර ව්‍යවස්ථාදායක සභාව නිසි පරිදි විධායක බලය ඉටු නොකිරීම හේතුවෙන් මේ දක්වාත් විගණකාධිපති ධුරය හිස්ව පවතින බව අමාත්‍යවරයා පැවසීය.
මේ අතර නව ව්‍යවස්ථාදායක සභාවේ දෙවන රැස්වීම හෙට දිනයේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය ෴
විදේශයක සිට එන කිසිදු මගියෙකුට දුම්වැටි ගෙන ඒම සපුරා තහනම් – මුදල් අමාත්‍යංශය
(30.01.2026 – hirunews.lk)
විදේශයක සිට පැමිණෙන කිසිදු මගියෙකුට දුම්වැටි රැගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ඒ අනුව, පසුගිය මාස හතරක (4) කාලය තුළ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා මෙරටට පැමිණි මගීන්ගෙන් අත්අඩංගුවට ගන්නා ලද මෙම දුම්වැටි ප්‍රමාණය විසි ලක්ෂ තිස් දෙදහස් අටසිය හතරක් (2,032,804) බවයි එම අමාත්‍යංශය පවසන්නේ.
ඒ අනුව, කෙරවලපිටිය අපද්‍රව්‍ය බලශක්ති විදුලි බලාගාරයේදී මෙම දුම්වැටි තොගය දහනය කර විනාශ කිරීම අද (30) සිදු කෙරුණා.
මෙම දුම්වැටි තොගයේ වෙළඳපොල වටිනාකම රුපියල් මිලියන 305 ක් වන අතර, රජයට අහිමි වීමට ගිය බදු මුදල රුපියල් මිලියන 271 ක් ෴
පළාත් සභා ඡන්දය ඉල්ලා ආණ්ඩුවට බලපෑම් කිරීමට විපක්ෂය සැරසෙයි
(30.01.2026 – hirunews.lk)
කල්දමා තිබෙන පළාත් සභා ඡන්දය කඩිනමින් ලබා ගැනීම සඳහා ආණ්ඩුව ඇතුළු අදාල අංශ වෙත බල කෙරෙන විරෝධතා ව්‍යාපාරයක් ඉදිරියේදී සංවිධානය කිරීමට කටයුතු කරන බවත් මේ සඳහා වන යෝජනාව තමා විසින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ලබන සඳුදා (02)ඉදිරිපත් කරන බවත් සමගි ජනබල සන්ධානයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ ප්‍රකාශ කරනවා.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ පළාත් සභා ඡන්දය කඩිනමින් පවත්වන ලෙසට ආණ්ඩුවට බල කෙරෙන ක්‍රියාමාර්ග රැසක් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් ගැනීමට සැලසුම් කර ඇති බවයි.
විපක්ෂ නායක , සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයින් සමඟ මේ සම්බන්ධයෙන් කඩනමින් සාකච්ඡා කරන බවත් ඊට අමතරව පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ හා නියෝජිතයින් සමඟ ද මේ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කරනවා,
පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා අයවැය මගින් මුදල් වෙන් කර ඇති බව ජනාධිපතිවරයා අයවැය කතාවේදී පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළ බවත් ඒ අනුව මෙම වසර තුළදී පළාත් සභා ඡන්දය පැවැත්වීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතු බවද මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙනු ලබනවා.
පළාත් සභා පනතට සුළු සංශෝධනයක් එක්කර එය පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමෙන් අනතුරුව පළාත් සභා මැතිවරණය පැරණි ඡන්ද ක්‍රමයට පැවැත්විය හැකි බවත් ආණ්ඩුවට 159 දෙනෙකු සිටින නිසා කිසිදු ගැටලුවකින් තොරව එය සම්මත කර ගත හැකි බවත් ඒ සඳහා විපක්ෂයද සහය ලබාදීමට සූදානම් බවත් මන්ත්‍රීවරයා සඳහන් කරනවා.
පසුගිය ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ දැඩි උනන්දුවකින් කටයුතු කළ බවත් එහි නායකයින් දිනපතාම මැතිවරණ කොමිසමට ගොස් ඒ ගැන සොයා බැලූ බවත් එම තත්ත්වයන් සිහිපත් කරගනිමින් පළාත් සභා මැතිවරණය කඩනමින් පැවැත්වීම සඳහා ආණ්ඩුවේ අවධානය යොමු කරන ලෙස තමා ආණ්ඩුවේ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරන බවද වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ ප්‍රකාශ කළා ෴
දිනකට පිළිකා මරණ 40 ක්
(30.01.2026 – hirunews.lk)
මෙරට දිනකට නව පිළිකා රෝගීන් සියයක් (100) හඳුනා ගැණෙන අතර, ඉන් රෝගීන් හතලිස් දෙනෙකු (40) පමණ මියයන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු පවසනවා.
ඇය මේ බව සඳහන් කළේ පෙබරවාරි 04 වැනිදාට යෙදී තිබෙන ලෝක පිළිකා දිනට සමගාමීව පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
වෙනස්කම් මගින් එකතුවෙමු මෙවර ලෝක පිළිකා දිනයේ තේමාව වනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ 2022 වසරේදී නව පිළිකා රෝගීන් මිලියන 20 ක් වාර්තා වන බවයි.
එමෙන්ම පිළිකා ආශ්‍රිත මරණ මිලියන 10 ක් වාර්තා වෙනව බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවල දැක්වෙන්නේ.
ඒ අනුව 2022 වසරේදී ශ්‍රී ලංකාවෙන් නව පිළිකා රෝගීන් 35,855 ක් වාර්තා වී ඇති අතර, 2021 දී ඉන් 14,986 ක් මරණ වාර්තා වී තිබෙනවා.
වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ පිළිකා රෝගීන් වාර්තා වීම අතරින්, කාන්තාවන් 19,500 ක් ද, පිරිමින් 16,400 ක් ද නව රෝගීන් ලෙස වාර්තා වන බවයි ෴
ලාල්කාන්තත් මේවාට මොනවිදියකට හරි සම්බන්ධද ? (30.01.2026)
+
රාජපක්ෂලා මෙහෙම කළා නං, අද අපේ එක චැනල් එකක්වත් නෑ… එහෙනං, මේ ආණ්ඩුවත් නෑ (30.01.2026)
+
නීපා වලට ලෑස්ති වෙන්න (30.01.2026)
+
තවත් ටෙන්ඩර් මගඩියක් නිමල් සිරිපාලටත් වඩා රෙද්ද උස්සන මාලිමා ඇමති (30.01.2026)
+
ජේෂ්ඨ පුරවසියෙකුගෙන් ජනපති අනුරට ඉටු නොවන ඉල්ලීමක්! (30.01.2026)
+
ඉන්දියාවේ ගිය නාමල් ලංකාවට ඇවිත් ! (30.01.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴