අත්අඩංගුවට ගත් සතොසේ හිටපු ජ්‍යෙෂ්ඨ කළමණාකරුවෙකු ඇතුළු තිදෙනෙකුට (3) ඇප

අත්අඩංගුවට ගත් සතොසේ හිටපු ජ්‍යෙෂ්ඨ කළමණාකරුවෙකු ඇතුළු තිදෙනෙකුට (3) ඇප


අත්අඩංගුවට ගත් සතොසේ හිටපු ජ්‍යෙෂ්ඨ කළමණාකරුවෙකු ඇතුළු තිදෙනෙකුට (3) ඇප

(29.01.2026 – 22:26 +0530 – sinhala.adaderana.lk)

2021 වසරේ සතොස ආයතනය විසින් සහන මිලට මහජනතාවට අලෙවි කිරීම සඳහා වෙන් කර තිබූ සුදුලූනු කිලෝග්‍රෑම් 54,860 ක් ටෙන්ඩර් පටිපාටිය අනුගමනය නොකර අඩු මුදලකට පුද්ගලික ව්‍යාපාරික ආයතනයකට අලෙවි කිරීමෙන් රජයට රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයට (1,70,00,000) අධික පාඩුවක් සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට ගත් සතොස ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ කළමණාකරුවෙකු ඇතුළු සැකකරුවන් තිදෙනා (3) ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවට අද (29) ඉදිරිපත් කර තිබුණි.

එහිදී අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ 2021 වසරේ ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරන ලද බහාලුම් දෙකක (2) අඩංගු සුදුලූනු කිලෝග්‍රෑම් 54,860 ක් සතොස ආයතනය හරහා සහන මිල ගණන් යටතේ මහජනතාවට අලෙවි කිරීම සඳහා එවක වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබූ බවය.

එසේ තිබියදී එම සුදුලූනු තොගය මහජනතාවට අලෙවි නොකොට පුද්ගලික සමාගමකට අලෙවි කර ඇති බව අල්ලස් කොමිසම සඳහන් කර ඇත.

අදාළ කාලය තුළ සතොස ආයතනය විසින් සුදුලූනු කිලෝග්‍රෑමයක් රුපියල් 445 කට අලෙවි කර තිබියදී, එම සුදුලූනු කිලෝග්‍රෑමයක් රුපියල් 135 ක් වැනි අඩු මිලකට අලෙවි කිරීම හේතුවෙන් රජයට රුපියල් 1,70,06,660 ක පාඩුවක් සිදුවී ඇති බවද කොමිසමේ නිලධාරිනිය අධිකරණයට දැනුම් දුනි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදුකරගෙන යන බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ සුදුලූනු තොගය අලෙවි කිරීමට තීරණය ගනු ලැබුවේ සැකකරුවන් විසින් නොව සතොස ආයතනයේ ආයතනික තීරණයකට අනුව බවය.

එමෙන්ම අදාළ සුදුලූනු තොගය නරක්වීමට ආසන්න තත්ත්වයක පැවති බැවින් මෙලෙස අලෙවි කිරීමට කටයුතු කර ඇති බවද විත්තියේ නීතිඥවරු අධිකරණයට පෙන්වා දුනි.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, සැකකරුවන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ අතර, ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමටද නියම කළේය.

ඉන් අනතුරුව මෙම නඩුව ජුනි මස 09 වැනිදා නැවත කැඳවීමට නියම විය ෴


බුද්ධිනී මැඩම්ද ? මාලිමා වැල අධ්‍යාපනයද ? (29.01.2026)

+

පැලවත්තෙන් දාපු චණ්ඩින්ගෙන් නගරාධිපති නෝනට අතවර ? (29.01.2026)

+


රට විනාස කරන ටෙලිනාට්ටි ගැන නං, මොකෙක්වත් බලන්නෙ නෑ… ජේවීපීකාරයින්ට ඕනෙ සමලිංගික රටක් ද ? (29.01.2026)

+

මුං රට කනවා… උන්වහන්සේ කිව්වෙ නං ඇත්තම තමයි (29.01.2026)

+

ඔය වගේ බියගුළු වැඩ වෙන කවුරුවත් කළේ නෑ නලින්ද… ඕගොල්ලො දන්නෙ මර්දනය විතරමද ? (29.01.2026)

+


මරන්න එපා උත්තර දෙන්න චැනල් එක වහනව (29.01.2026)

+


අනුර ජනාධිපතිතුමා එවන්න හදන ආතල් SMS එකේ තොරතුරු මෙන්න! (29.01.2026)

+


මේ ආණ්ඩුව බෞද්ධයන්ට කරන කෙණෙහිලි තව දුරටත් ඉවසන්නේ නෑ (29.01.2026)

+


ත්‍රීවීලරයේ කැබී කඩා මුදල් උස්සන පුද්ගලයෙක් CCTV එකට මාට්ටු – බදුලුපුර නිවුස් (29.01.2026)

+


පැමිණිල්ලක් දාන්න පොලිසියට ගිය පොල් කඩන්නාට පොලිසිය සිහිය නැති වෙනකම් පහර දෙයි (29.01.2026)

+


ගෝඨාභය අවුරුදු දෙකයි හිටියේ – මෙයාට අවුරුදු දෙකක්වත් ඉන්න වෙන්නේ නෑ (30.01.2026)

+++

+


හක්ක පටස් දාලා මිනිස්සු හිරේ දාන වැලිපැන්න පොලිසියේ හතරේ කල්ලිය (30.01.2026)

+


අනුර කුමාර පාලාලිවල උදේ වෝකින් යද්දී කට්ටියක් යාපනයේ කොටි නායක සැමරුමක් අරුන්ගෙන් රටම කැලඹෙන ප්‍රකාශ (30.01.2026)

+


උපවාසයේ ඉන්න සංවර්ධන නිලධාරීන්ට – සෙත් පතන්න මහා සංඝරත්නය වැඩම කරයි (30.01.2026)

+

+

+


රනිල්ගේ වංචාව හොයන්න ගිහිං ලොකු අවුලක පැටලිලා… | දොලවත්ත දෙනව දුවන්න | සී අයි ඩී රෙදි ගැලවෙයි (30.01.2026)

+


මමත් GMOA සාමාජිකයෙක්, නීතියට මම වැඩ කළේ | වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මාධ්‍ය ඉස්සරහා අනාවරණයක් කරයි (30.01.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *