මනෝරෝග පෙති දී දෙදෙනෙකු මත් කර රන් බඩු හා මුදල් සොරකම්කල සමලිංගික බල්ලා අත්අඩංගුවට

මනෝරෝග පෙති දී දෙදෙනෙකු මත් කර රන් බඩු හා මුදල් සොරකම්කල සමලිංගික බල්ලා අත්අඩංගුවට


මනෝරෝග පෙති දී දෙදෙනෙකු මත් කර රන් බඩු හා මුදල් සොරකම්කල සමලිංගික බල්ලා අත්අඩංගුවට

(29.01.2026 – hirunews.lk)

= මනෝ රෝග පෙති දී දෙදෙනෙක් මත් කර රන් බඩු හා සල්ලිවලට විද්ද තරුණයා අල්ලයි =

පෞද්ගලික බැංකු සහකාරවරයෙකුට හා පෞද්ගලික සමාගමක සහකාර පරිපාලන නිලධාරීවරයෙකුට මානසික රෝගීන් සඳහා ලබාදෙන අධි මාත්‍රාවක් සහිත මත්පෙති පානය සඳහා ලබාදී මත් කර රුපියල් ලක්ෂ 21 කට අධික මුදල් සහ රන් භාණ්ඩ සොරාගෙන සුඛෝපභෝගි ජීවිතයක් ගතකළ 28 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය සඳහන් කරනවා.

එම සැකකරු සොරාගෙන තිබූ රුපියල් 790,000 ක් වටිනා රන් දැම්වැලක්, රුපියල් 120,000 ක් වටිනා පවුම් ¼ ක් පමණ බර පෙන්ඩනයක්, රුපියල් 390,000 ක් වටිනා රන් අත් පළඳනාවක්, රුපියල් 800,000 කට අධික මුදලක්, සොරකම සඳහා භාවිතා කළ යන්ත්‍රයක් සහ මත් පෙති 05 ක් පොලිස් භාරයට ගැනීමට හැකි වී තිබෙනවා.

පෞද්ගලික බැංකුවක බැංකු සහකාරවරයෙකු වශයෙන් රැකියාව කරන කෝට්ටේ වීදිය, බටුහේන ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයකු සමග සැකකාර තරුණයා ටික්ටොක් සමාජ මාධ්‍යය හරහා ‘සමීප ඇසුරක්’ ගොඩනගාගෙන තිබූ අතර, ඉකුත් 19 වැනිදා ඔවුන් දෙදෙනා (2) කොළඹ පිහිටි අවන්හලකදී හමුවී ඇතැයි පොලිසිය පවසනවා.

එහිදී දෙදෙනා (2) කෝපි පානය කිරීමෙන් අනතුරුව පැමිණිලිකාර තරුණයාට සිදු වූ දෙයක් මතකයේ නැති වී ඇති අතර, පසුදින අවදිව බලන විට ඔහු බොරලැස්ගමුව ප්‍රදේශයේ හෝටලයක රැය පහන් කර ඇති බවටයි දැන ගැනීමට හැකිවී තිබෙන්නේ.

ඒ වනවිටත් පැමිණිලිකරුට නිසි අයුරින් ඇවිද ගැනීමට නොහැකි ලෙස දැඩි මත් ගතියක් දැනී තිබෙනවා.

ඒ වනවිට ඔහු පැළඳ සිටි රන් මාලයක්, රන් පෙන්ඩනයක් සහ අත් පළඳනාවක් සහ ඔහු සතුව තිබූ ATM කාඩ් පතින් 258,000 ක මුදලක් අදාළ මිතුරා සොරාගෙන හෝටලයෙන් ද පලා ගොස් ඇති බවටයි තේරුම් ගොස් ඇත්තේ.

සැකකරු අවන්හලේ සිට බොරලැස්ගමුව හෝටලය දක්වා පැමිණීම සඳහා කුලී මෝටර් රථයක් ඇණවුම් කර ඇත්තේ ඔහු පරිහරණය කරන ජංගම දුරකථනයෙන් නොව ඉතා සූක්ෂම අයුරින් පැමිණිලිකරුගේ දුරකථනය යොදාගෙන බවයි පොලිසිය සඳහන් කරන්නේ.

පසුව ඒ සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දිමුතු රත්නායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වමින් සිටියදී සැකකරු පන්නිපිටිය ප්‍රදේශයේ රැඳී සිටින බවටයි දැනගැනීමට ලැබී ඇත්තේ.

ඒ අනුව පන්නිපිටිය ප්‍රදේශයට ගිය පොලිස් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ පරික්ෂාවේදී ඔහු සතුව එම අවස්ථාවේදී ‘පේබෑල්’ යන්ත්‍රයක්, මත්පෙති 05 ක් රුපියල් 95,000 ක මුදලක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අනතුරුව සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඒ ආකාරයෙන්ම වට්ස්ඇප් මාර්ගයෙන් ‘සමීප ඇසුරක්’ පැවැත් වූ කොළඹ 5 ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික සමාගමක සහකාර පරිපාලකවරයෙකු ද දෙල්කඳ ප්‍රදේශයේ අවන්හලකදී මත්කර රුපියල් 6780,000 ක් වටිනා රන්භාණ්ඩ සහ මුදල් සොරාගත් බවට අනාවරණය කළ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

ඒ සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව එම පුද්ගලයා මිරිහාන මූලස්ථාන පොලිසියට පැමිණිලි කළ බවට විමර්ශනවලදී අනාවරණය වීමෙන් අනතුරුව සැකකරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී බොරලැස්ගමුවේ දී බැංකු සේවකයාගෙන් සොරා ගත් රන් භාණ්ඩ මීගමුව ප්‍රදේශයේ රන් අලෙවි සලකට විකුණා රුපියල් 1050,000 ක මුදලක් ලබාගත් බවත්, දෙල්කඳ ප්‍රදේශයේදී සහකාර පරිපාලන නිලධාරියාගෙන් සොරා ගත් රන්භාණ්ඩ හෙටිටිවීදිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට විකුණා රුපියල් 4017,000 මුදලක් ලබාගත් බවත්, පවසා තිබෙනවා.

මීගමුව ප්‍රදේශයට උකස් කළ රන්භාණ්ඩ පොලිස් භාරයට ගත්තද හෙටිටිවීදිය ප්‍රදේශයේ පුද්ගලයකට විකුණූ රන්භාණ්ඩ හෝ එම පුද්ගලයා සොයා ගැනීමට නොහැකි වූ බව පොලිසිය සඳහන් කරනවා.

රන්භාණ්ඩ උකස් කර ලබාගත් මුදල් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අමනාප වූ සමීප මිතුරෙකු මිතුරු කර ගැනීම සඳහා වත්තල මෝදර ප්‍රදේශයේ සාමිවරයෙකුට එකී මුදල්වලින් රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබා දුන් බවත්, මොහු සමග කුලී ගමන් යන ත්‍රීරෝද රථ රියදුරට රුපියල් 350,000 ක් හා මීගමුව ප්‍රදේශයේ පොලියට මුදල් ලබාදෙන කාන්තාවකට ලබාදීමට නියමිත ණය මුදලකින් රුපියල් 360,000 ලබා දුන් බවට අනාවරණය කිරීමෙන් අනතුරුව එකී මුදල් ද පොලිස් භාරයට ගැනීම සඳහා විමර්ශන සිදුකළද කුලී රියදුරුට සහ මීගමුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවට ලබා දී තිබූ මුදල් හැරෙන්නට සාමිවරයාට ලබා දුන් මුදල් හෝ එම පුද්ගලයා සොයා ගැනීමට නොහැකි වූ බව පොලිසිය පවසනවා.

ඉතිරි මුදල් සියල්ලම සැකකරු කෑම බීම සහ ඇඳුම් පැලඳුම් සඳහා වියදම් කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

සැකකරු මේ අයුරින් විවිධ පුද්ගලයන් සමග ‘සමීප ඇසුරු’ පවත්වා මත්කර මුදල් හා රන්භාණ්ඩ සොරාගෙන රුපියල් ලක්ෂ 30 ක පමණ මුදලක් සාමිවරයා වෙත ලබා දී ඇතැයි ද පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.

සැකකරුගේ එම ක්‍රියාවට හසුවූ ඇතැම් පුද්ගලයන් ලැජ්ජාව හේතුවෙන් පොලිසියට පැමිණිලි කර නැතැයිද උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවා.

මෙම සැකකරු වංචාව සඳහා යොදා ගෙන තිබූ ‘පේබෑල්’ යන්ත්‍රය පෞද්ගලික බැංකුවකින් ලබාගෙන ඇත්තේ රෙදි පිළි වෙළෙඳාමේ යෙදෙන ව්‍යාපාරිකයකු වශයෙන් හඳුන්වා දෙමින් බවත්, පුද්ගලයන් මත් කිරීම සඳහා අධි මාත්‍රාවක් සහිත පෙති ලබාගෙන ඇත්තේ මහරගම ප්‍රදේශයේ ෆාමසියකින් බවත්, විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ගම්පොළ උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි සැකකරු වයස අවුරුදු 16 දී මේ ආකාරයෙන් පිරිමි පුද්ගලයකු සමග ‘සමීප ඇසුරක්’ පැවැත්වීම හේතුවෙන් දෙමව්පියන් විසින් නිවසින් නෙරපා හැර තිබූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

සැකකරු හඳුනා ගැනීමේ පෙරටුවක් සඳහා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසිය පරීක්ෂණ පවත්වනවා ෴

+++

+


මුදල් විශුද්ධිකරණයට කෙහෙළියට අනුබල දුන් අයෙකු අත්අඩංගුවට

(29.01.2026 – 22:05 +0530 – sinhala.adaderana.lk)

මුදල් විශුද්ධිකරණ වරදට ආධාර හා අනුබල දුන් ව්‍යාපාරිකයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රුපියල් 748,000,000 (කෝටි 7.48) ක මුදල් සෘජුව හෝ වක්‍රව නීති විරෝධී ක්‍රියාකාරකමකින් උපලද්ද වූ මුදල් විශුද්ධිකරණය කිරීමේ දී, තමාට හිමි නොවන මුදලක් බව දැන දැනම රුපියල් 30,000,000 (කෝටි 3) ක මුදලක් තම සන්තකයේ තබාගැනීම ඔහුට එරෙහි චෝදනාව වේ.

2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතින් සංශෝධිත 2011 අංක 40 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ, මුදල් 3(1)(b) සහ මුදල් විශුද්ධිකරණ වරද සඳහා ආධාර අනුබල ලබාදීමත්, මුදල් විශුද්ධිකරණ පනතේ 3(2) වරද සිදුකිරීම යන චෝදනාවත් අදාළ ව්‍යාපාරිකයාට එල්ල වී ඇත.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී ෴


පොල්තෙල්වලට අවදානමක්?

(29.01.2026 – 18:51 +0530 – sinhala.adaderana.lk)

පොල්තෙල් සහ පාම්ඔයිල් සඳහා පවතින විශේෂ බද්ද ඉවත් කිරීමට රජය ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාව හේතුවෙන් පොල්තෙල්වලට අහිතකර තෙල් වර්ග මිශ්‍ර කර වෙළෙඳපොළට පැමිණීමේ අවදානමක් ඇතැයි ‘පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය’ පෙන්වා දෙයි.

අද (29) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසා සිටියේ, දේශීය පොල්තෙල් මිල ඉහළ යාමේ අවදානමක් ද මින් මතුවන බවය.

ඔහු පෙන්වා දෙන්නේ එළෙඹෙන අප්‍රේල් 01 වැනිදා සිට වෙළෙඳපොළේ පොල්තෙල් මිල ඉහළ යා හැකි බවය.

එම තත්ත්වය හේතුවෙන් පාම්ඔයිල් සහ වෙනත් තෙල් වර්ග වෙළෙඳපොළේ වැඩි වශයෙන් සුලභ වීමේ අවදානමක් පවතින බවද ඔහු අනතුරු අඟවා සිටියේය.

වෛද්‍යවරුන්ගේ අදහස් අනුව ගැඹුරු තෙලේ ආහාර පිසීම සඳහා සුදුසු වන්නේ පොල්තෙල් පමණක් වන අතර, පාම්ඔයිල් සහ වෙනත් තෙල් වර්ග භාවිතය සෞඛ්‍ය අවදානම් වැඩි කරන බවද ඔහු පෙන්වා දුන්නේය.

තවද, පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනකරුවන් විසින් දේශීය වෙළෙඳපොළට අවශ්‍ය පොල්තෙල් නිෂ්පාදනය සඳහා තිබෙන පොල් විදේශ අපනයනයට යොමු කිරීම හේතුවෙන් මෙරට වෙළඳපොළේ පොල්තෙල් හිඟයක් ඇති වන බවත්, එමගින් පාරිභෝගිකයන් පාම්ඔයිල් සහ වෙනත් තෙල් වර්ග පරිභෝජනයට තල්ලු වීමක් සිදුවන බවත් රංජිත් විතානගේ මහතා වැඩිදුරටත් පැවසීය ෴


LIVE | REBUILD SRI LANKA | UNESCO ලැයිස්තුවට ගිය කිතුල් | 2026.01.29

+


‘නීපා වෛරසය’ ගැන ඇඟ හිරි වැටෙන කතාව – 100 කට හැදුණොත් 70 දක්වා මැරෙන්න පුළුවන් (29.01.2026)

+++

+


නිදහස් සෞඛ්‍ය රැකගන්න ඒකාබද්ධ පෙරමුණක් – අපි එකතුවෙන එක කාටවත් නවත්තන බෑ (29.01.2026)

+


අවුරුදු 16 ට අඩු ළමයින්ට Social Media තහනම් ? මෙන්න දැන් ලැබුණු විශේෂ පුවත (29.01.2026)

+


ප්‍රජනන සෞඛ්‍ය දැනගන්න ඕන ළමයි නෙවෙයි | ළමයි ඉන්න ඕන ළමයි විදිහට… | සුප්‍රසිද්ධ දේශක දිනේෂ් මුතුගල (29.01.2026)

+++

පිරිමි, පිරිමි ගැන හිතලා හරියන්නේ නැහැනේ | මේ පිරිමි දරුවන්ගේ පිරිමිකම හදන්න| මුතුගලගෙන් ආන්දෝලනයක් (29.01.2026)

+


Hiru TV Balaya Live | Episode 627 | 2026-01-29 | Hiru News

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *