ආපදාවෙන් බලපෑමට ලක්වූ තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර සවිබල ගැන්වීමට අදාළ නව චක්‍රලේඛය නිකුත් කෙරේ
ආපදාවෙන් බලපෑමට ලක්වූ තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර සවිබල ගැන්වීමට අදාළ නව චක්‍රලේඛය නිකුත් කෙරේ
(28.01.2026 – hirunews.lk)
දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ හදීසි ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව බිඳ වැටී ඇති ජන ජීවිතය යථාවත් කිරීමට නිකුත් කරන ලද (08/2025) වක්‍රලේඛයට සමගාමීව හානියට පත් තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර සඳහා සහන සැලසීම අරමුණු කරගෙන නව චක්‍රලේඛයක් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගින් නිකුත් කර තිබෙනවා.
ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්වූ ජනතාව සවිබල ගැන්විම සඳහා වන රජයේ වැඩසටහන 2025.12.05 දිනැති අංක 08/2025 දරන අයවැය චක්‍රලේඛය මගින් ප්‍රකාශට පත්කළ අතර, එම සහන තවදුරටත් පුළුල් කරමින් වඩා කාර්යක්ෂමව හා ඵලදායිව සලසා දිම සඳහා 2025.12.20 දිනැති අංක 08/2025(i) දරන චක්‍රලේඛය හා 2026.01.22 දිනැති අංක 08/2025(iii) දරන චක්‍රලේඛයයි මෙසේ නිකුත් කර ඇත්තේ.
අදාළ නව චක්‍රලේඛයට අනුව සමාජ සවිබල ගැන්විමේ වැඩසටහන පහත පරිදියි.
හානියට පත් තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර සඳහා සහන,
- ආපදාවෙන් බලපෑමට ලක්ව ඇන හිට ඇති ව්‍යාපාර නැවත ආරම්භ කිරීමට සුදුසු තත්ත්වයට පත් කිරීම සඳහා එක්වරක් පමණක් ගෙවනු ලබන දීමනාව,
- කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාරයකට රු. 200,000/-
- ව්‍යාපාරයක් ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාරයකට රු. 200,000/-
- ලියාපදිංචි නොවූ ගෘහස්ථව ස්ථිර ගොඩනැඟිල්ලක පවත්වාගෙන යන වෙළඳ ව්‍යාපාරයකට රු. 50,000/-
- ලියාපදිංචි නොවූ නිෂ්පාදන කර්මාන්ත හා හරිතාගාර යනාදිය සඳහා ඒකකයකට රු. 50,000/-
- පදික සහ ජංගම ඇතුළු තාවකාලිකව සිදු කරන ව්‍යාපාරික ස්ථානයකට රු. 25,000/- බැගින්ද,
- ආපදා බලපෑම හේතුවෙන් හානි වී ඇති ස්ථීර ව්‍යාපාරික ගොඩනැගිලි සඳහා ව්‍යාපාර ගොඩනැගීලි හිමියෙකුට නැවත තම ව්‍යාපාරික ස්ථානය යථාවත් කර ගැනීම සඳහා දෙනු ලබන දීමනාව.
- හානි තක්සේරුවකින් තොරව වන්දි ලබා ගැනීමට කැමැත්ත ප්‍රකාශ කරන ව්‍යාපාරික ගොඩනැගිලි හිමියෙකුට ගෙවනු ලබන දිමනාව එක් ව්‍යාපාර හිමියෙකුට රු. 500,000/-ක් සහ
- හානි තක්සේරුවකින් පසුව වන්දි ලබා ගැනීමට කැමැත්ත ප්‍රකාශ කරන ව්‍යාපාරික ගොඩනැගිලි හිමියෙකුට ගෙවනු ලබන දිමනාව එක් ව්‍යාපාර හිමියෙකුට තක්සේරුගත වටිනාකම මත ගෙවනු ලබන උපරිම දීමනාව රු. 5,000,000/ ක් බැගින්ද සහන ලබා දීමට කටයුතු යොදා තිබෙනවා.
ඉහත දීමනාවලට අමතරව පහත ණය පහසුකම් ද සලසා දී තිබෙනවා.
මෙම දීමනාවලට අමතරව තම ව්‍යාපාර හානියට පත්වූ ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපාර නැවත ආරම්භ කිරීමට අවශ්‍ය කාරක ප්‍රාග්ධනය වෙනුවෙන් නව ණය යෝජනා ක්‍රමයක් ද තවදුරටත් ආයෝජනය කිරීම අවශ්‍ය වන ව්‍යාපාරවලට ණය යෝජනා ක්‍රමයක් ද භාණ්ඩාගාරය විසින් ආරම්භ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.
ඒ අනුව, හානි වූ ව්‍යාපාර නැවත ආරම්භ කිරිම සඳහා බැංකු පද්ධතිය තුළින් කාරක ප්‍රාග්ධනය ලෙස රු. 250,000/- සිට රු. 25,000,000/- දක්වා 3% ක පොළියක් යටතේ ණය ලබා ගැනිමට පහසුකම් සලසා ඇති අතර, එම ණය මාස 06 සහන කාලයකට යටත්ව අවුරුදු 03 කින් ගෙවා නිම කළ යුතුයි.
ව්‍යාපාර නැවත නගාසිටුවීමේ ආයෝජන ණය ලෙස තම ව්‍යාපාර හානිවි ඇති ව්‍යවසායකයින් සඳහා රු. මිලියන 25 දක්වා 5% පොළිය යටතේ මාස 12 සහන කාලයක් සහිතව අවුරුදු 10න් ගෙවිමට හැකිවන සේ බැංකු හරහා ණය ලබා ගැනීමටද අවශ්‍ය කටයුතු සලසා දී තිබෙනවා ෴
නීතියේ දෙවඟන කෙළෙසන්න මාළිමාවේ මැරයෝ බහී ? (27.01.2026)
+
ජනපතිගේ ගමේදී නාමල් ඉල්ලපු ගේම ? (28.01.2026)
+
හැමෝම දන්න, ඒත් රහසක් වූ නිරුවත… සමාජ මාධ්‍යයට දැමූ සමාජ ද්‍රෝහියාට දඬුවම් කළ යුතුයි (28.01.2026)
+
කාගෙන් පළිගන්නද මෙහෙම දේවල් කරන්නේ ? (28.01.2026)
+
කතානායක කෝලම ජාත්‍යන්තරයටම පත්තු වෙයි… මීයෝ අල්ලන්ඩ ගෙනාපු PHI ට බත් කවනවා ලු (28.01.2026)
+
නාමල් ප්‍රධාන ආරාධිතයා කරලා, මෝදි අනුරට දුන්නු කනේ පාර… මීයා / PHI /කතානායක සහ තවත් රසකතා (27.01.2026)
+
ලාල්කාන්තලා එක්ක වනචාරී රටක ජිවත් වෙමු ද? කතානායක එක්ක කැන්ටිමේ මීයෝ අල්ලමු ද ? (28.01.2026)
+
රාජපක්ෂලා ඉවර කරලා, ජේවීපීයට ඔලුව උස්සන්ඩ පාර හැදීම… අලුත් කතාවලින් පරණ වෙන කතා කළ යුතුම කතා (27.01.2026)
+
1 ශ්‍රේණියේ බුද්ධ ධර්මය පොතේ අවුල් රැසක් – අනික් විෂයන් ගැනත් චෝදනා (27.01.2026)
+
ඉස්කෝලෙන් මිස් උන පාඩම් උගන්නන සෙක්ස්කෝලෙ වරුණ – චින්තා (27.01.2026)
+
සමන් ඇතුලට රනිල්ට මොකද? වෙන්නෙ නීතිපති වෙනස් වෙලාද? (28.01.2026)
+
පොලීසිය හෙවත් “කාලත්‍රයේ තීර්ථ යාත්‍රිකයා” | අනුරගේ චෙක් එක රිටර්න් ද? (27.01.2026)
+
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශපාලණීකරණය වී තිබෙන හැටි ගැන පසන් කස්තුරි හෙළි කරයි (28.01.2026)
+
ලංකාවේ බෞද්ධයන් බංග්ලාදේශයේ චිතගොං බෞද්ධයන් ආසන්නයට! (27.01.2026)
+
රාජ්‍ය සේවකයන් පෝලිමකට හිර බත් කන්න වෙනවා! (28.01.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴