පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 02 වනදා දක්වා යළි රිමාන්ඩ්

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 02 වනදා දක්වා යළි රිමාන්ඩ්


පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 02 වනදා දක්වා යළි රිමාන්ඩ්

(28.01.2026 – 12:14 +0530 – sinhala.adaderana.lk)

ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු සැකකරුවන් දසදෙනා (10) පෙබරවාරි 02 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඒ ඔවුන් අද (28) ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

ත්‍රි‍කුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කළේ යැයි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව කර තිබූ පැමිණිල්ලට අදාළ නඩුව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළිත් කැඳවුණි.

එහිදි එම නඩුවේ සැකකරුවන් ලෙස නම්කර අත්අඩංගුවට ගෙන අද (28) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි භික්ෂූන් වහන්සේ සිව්නම (4) ඇතුළු සැකකරුවන් 10 දෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

එම පිරිස අතරට ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලය කල්‍යාණවංශ තිස්ස හිමියන්, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පූජ්‍ය ත්‍රිකුණාමලය සුඛිතවංශ තිස්ස හිමියන් සහ පූජ්‍ය නන්ද හිමියන්ද ඇතුළත් විය.

+++

මහ රෑ සංඝරත්නය පෝලිමට ත්‍රී’මලේට වඩියි – බුදු පිළිම ළඟ පැය 48 ක පිරිත් දේශනාවක් අරඹයි (28.01.2026)

+++

ත්‍රී’මලේ උසාවිය ළඟ උණුසුම තවත් වැඩි වෙයි (28.01.2026)

+++

කස්සප හිමි ඇතුළු පිරිස රිමාන්ඩ් වෙද්දී ත්‍රිකුණාමලයට සංඝ සේනාවක් වැඩම කරයි (28.01.2026)

+++

සුද්දගේ කාලේ පන්සලට මෙහෙම දෙයක් වුණේ නෑ – පන්සල ඇතුලේ බුදු පිළිමයක් තියෙන එක වරදක් වෙලා (28.01.2026)

+


බාල ගල්අඟුරු සිද්ධියේදී ඩො.මි. 2.1 ක දඩයක් අයකර ගනී

(28.01.2026 – 16:22 +0530 – sinhala.adaderana.lk)

නියමිත ප්‍රමිතියට නොතිබූ ගල් අඟුරු සඳහා අදාළ සමාගමෙන් ඩොලර් මිලියන 2.1 ක පමණ දඩ මුදලක් අය කරගත් බව ලංකා ගල් අඟුරු සමාගමේ සාමාන්‍ය අධිකාරි නාමල් හේවගේ මහතා පවසයි.

මතභේදාත්මක ගල් අඟුරු ආනයන සිද්ධිය පිළිබඳ කරුණු දැනුම්වත් කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28) පැවැත් වූ විශේෂ මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී ඔහු පැවසුවේ ‘ලක් විජය ගල් අඟුරු බලාගාරයේ’ විශේඥයන් ඉදිරියේ අදාළ ගල් අඟුරු සාම්පල ලබා ගත් අතර එම සාම්පල ඉන්දීයාවවට යවා අදාළ පරීක්ෂණ කටයුතු සිදු කළ බවත්ය.

කෙසේ වෙතත් දෙවැනියට ගෙන ආ ගල් අඟුරු නෞකාවේ සාම්පල වාර්තා වල කිසිදු ගැටලුවක් නොමැති බවද ඒ මහා පවසයි.

තෙවැනි නැව සහ සිව්වැනි නෞකා ද මේ වනවිට ගොඩ බාමින් සිටින බව ඒ මහතා වැඩිදුරත් සඳහන් කළේය.

එමෙන්ම ගල් අඟුරු දැවීමෙන් ඇතිවන අළු වලින් පරිසරයට කිසිදු හානියක් සිදු නොවන බවට සහතික විය හැකි බවද ඒ මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් අදාළ විශේෂඥයින්ගෙන් විමසා බැලූ බවත් එහිදී ඔවුන් එ සම්බන්ධයෙන් තමාට පැහැදිලිකළ දුන් බවත් ඒ මහතා සඳහන් කළේය.

එහිදී ඔහු පැවසුවේ ගල් අඟුරු භාවිත කිරීමෙදී නිපදවන අළු කොටස් වර්ග දෙකක් (2) පවතින බවත්, එම fly ash සහ bottom ash යන අළු වලින් පරිසරයට කිසිදු හානියන් සිදු නොවන බවත්ය.

එමෙන්ම fly ash සඳහා ඉතා ඉහළ ඉල්ලුමක් තිබෙන බැවින් එම අළු ඒ සඳහාම නිෂ්පාදිත යන්ත්‍ර භාවිත කර පරිසරයට නිරාවරණය නොව ආකාරයට අදාළ ඉල්ලුම්කරුවන් විසින් රැගෙන යන බවට තමාට අදාළ විශේෂඥයන් සහතික කළ බවද ඒ මහතා පවසයි.

එබැවින් fly ash ලෙස හඳුන්ව අළු වලින් කිසිදු හානියක් සිදු නොවන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

+++

නොරොච්චෝලේ විදුලි බලාගාරය වැටලූ – සුජීව ගල් අඟුරු වංචාව ගැන හෙළිකරයි (28.01.2026)

+++

නොරොච්චෝලේ විදුලි බලාගාරය අවධානමක – ඩී.වී. ගෙන් රටම කලඹවන හෙළිදරව්වක් (28.01.2026)

+


ත්‍රිපෝෂ නිෂ්පාදනය මුළුමනින්ම ඇණ හිටලා – ගැබිණි මව්වරු ළදරුවන්ගේ ජීවිත අනතුරේ (28.01.2026)

+


දුම්කොළ සහ මධ්‍යසාර භාවිතයෙන් රටට වෙන පාඩුව

(28.01.2026 – 17:21 +0530 – sinhala.adaderana.lk)

දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය හේතුවෙන් වසරකට පුද්ගලයින් 22,000 ක් පමණ මිය යන අතර වසරකට රුපියල් බිලියන 225 – 240 ත් අතර මුදලක් රටට අහිමිව යන බව දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ නිලධාරීන් පවසයි.

ඔවුන් මේ පිලිබඳව පවසා ඇත්තේ දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සම්බන්ධයෙන් සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සිදු කළ ආයතනික සමාලෝචනයේදී අකරුණු දක්වමිනි.

මෙ‍ම තත්ත්වයෙන් මූලිකවම මිදීමට අවශ්‍ය කෙරෙන නෛතික ප්‍රතිපාදන ඇතුළත් කරමින් දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනත සංශෝධනය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව ද ඔවුන් පවසා ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව පසුගිය 21 වනදා පාර්ලිමේන්තුවේදී රැස්ව තිබේ.

එහිදී දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පිළිබඳ සමාලෝචනය පළමුව කාරක සභාවේදී සිදුකර ඇත.

ලොව රටවල් 104 ක් තනි තනි වශයෙන් දුම්වැටි අලෙවි කිරීම තහනම් කර ඇති බවත් එම නීතිය මෙරටද ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය අවධාරණය කර තිබේ.

තනි තනි වශයෙන් දුම්වැටි අලෙවි කිරීමේදී දුම්වැටි ඇසුරුම්වල දක්වා ඇති අනතුරු ඇඟවීම් අදාළ පාරිභෝගිකයින්ට දෘශ්‍යමාන වීමක් සිදු නොවන බවද එම නිලධාරීන් පෙන්වා දී ඇත.

තවද දුම්වැටි සඳහා බදු පැනවීම, දුම්වැටි මිල නියම කිරීමෙන් අනතුරුව සිදුකිරීමේ වැදගත්කමද දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ නිලධාරීහු අවධාරණය කරයි.

මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා, දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් ඔවුන්ගේ පනතට සිදුකිරීමට අපේක්ෂිත සංශෝධනය හා අනෙකුත් වැඩසටහන් වෙනුවෙන් කාරක සභාව ලෙස අවශ්‍ය සහයෝගය ලබාදීමට සුදානම් බව පවසා ඇත ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *