අපි කිසිම වර්ජනයක නෑ.. – විශේෂඥ වෛද්‍යවරු
(27.01.2026 – lankacnews.com)
රජයේ සේවය කරන වෛද්‍ය විශේෂඥයින් කිසිදු ආකාරයක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත නොවන බව රජයේ වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය (AMS) ප්‍රකාශ කරයි.
එම සංගමය අවධාරණය කරන්නේ පසුගිය දින කිහිපය පුරාම මහජනතාවට අවශ්‍ය සෞඛ්‍ය සේවාවන් බාධාවකින් තොරව ලබාදීම සඳහා තම සාමාජිකයින් කැපවී සිටි බවයි.
පසුගිය දිනවල පැවති විවිධ අභියෝගාත්මක තත්ත්වයන් මධ්‍යයේ වුවද, මහජනතාවට අඛණ්ඩව සෞඛ්‍ය සේවා සැපයීම සඳහා තම සාමාජික මෙන්ම සාමාජික නොවන සියලුම විශේෂඥ වෛද්‍යවරුන් දැක්වූ කැපවීම සහ වෙහෙස මහන්සිය රජයේ වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමයේ විශේෂ ඇගයීමට ලක්ව ඇත.
එමෙන්ම, මෙම කාලසීමාව තුළ ඉහළ වෘත්තීය මට්ටමක් පවත්වා ගනිමින් ස්වේච්ඡාවෙන් සේවය කළ පශ්චාත් උපාධි පුහුණු වෛද්‍යවරුන්ගේ සේවයද සංගමය මහත් ඉහළින් අගය කර සිටියි.
විශේෂඥ වෛද්‍යවරුන් මුහුණ දෙන දීර්ඝකාලීන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා රජය සමඟ පවත්වනු ලබන සාධනීය සාකච්ඡා ඉදිරියටත් අඛණ්ඩව පවත්වාගෙන යන බව සංගමය යළිත් තහවුරු කරයි.
සෞඛ්‍ය පද්ධතියේ සහ ශ්‍රී ලාංකික ජනතාවගේ යහපත උදෙසා මෙම ගැටලුවලට සතුටුදායක විසඳුම් ලැබෙන තෙක් රජයද එම උනන්දුවෙන්ම සහ කැපවීමෙන් කටයුතු කරනු ඇතැයි සංගමය අපේක්ෂා කරයි.
මෙම නිවේදනය රජයේ වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ටී.ජී.වයි. රසික ගුණපාල මහතා සහ ප්‍රධාන ලේකම් වෛද්‍ය ආර්. ඥානසේකරම් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත ෴
වෛද්‍ය බෙල්ලන CIDයෙන් පිටව යයි
(27.01.2026 – 11:38 +0530 – sinhala.adaderana.lk)
ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (27) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මේ වනවිට ඉන් පිටව ගොස් තිබේ.
ඔහු සඳහන් කළේ මරණ තර්ජනයක් පිළිබඳ සිද්ධියකට අදාළව තමන්ගෙන්ද ප්‍රකාශයක් ලබාගැනීමට ඇති බවට සිදුකළ දැනුම්දීමක් මත තමා මෙලෙස CIDය හමුවේ පෙනීසිටි බවය.
කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ රාජකාරී වැඩ තහනම් කිරීමට ද පසුගියදා පියවර ගැනුණි.
ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකරන ලද මූලික විමර්ශනයන්ට අනුව ඒ මහතා වගකිවයුතු තනතුරක් දරණ රජයේ වෛද්‍ය නිලධාරියෙකු වශයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වන ආකාරයෙන් සහ මහජනතාව තුළ නොසන්සුන්තාවයක් ඇති වන ආකාරයෙන් කටයුතු කරමින් අනුමැතියකින් තොරව ජනමාධ්‍ය වෙත ප්‍රකාශ සිදුකර ඇති බවට සිද්ධියක් සම්බන්ධයෙනි.
+++
+
සිවිල් සංවිධාන විජේදාස රාජපක්ෂ හමුවෙයි – ආණ්ඩුවට ෂොට් එක දෙන්න ප්ලෑන් එක සකසයි (27.01.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴