අපි කිසිම වර්ජනයක නෑ.. – විශේෂඥ වෛද්‍යවරු
(27.01.2026 – lankacnews.com)
රජයේ සේවය කරන වෛද්‍ය විශේෂඥයින් කිසිදු ආකාරයක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත නොවන බව රජයේ වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය (AMS) ප්‍රකාශ කරයි.
එම සංගමය අවධාරණය කරන්නේ පසුගිය දින කිහිපය පුරාම මහජනතාවට අවශ්‍ය සෞඛ්‍ය සේවාවන් බාධාවකින් තොරව ලබාදීම සඳහා තම සාමාජිකයින් කැපවී සිටි බවයි.
පසුගිය දිනවල පැවති විවිධ අභියෝගාත්මක තත්ත්වයන් මධ්‍යයේ වුවද, මහජනතාවට අඛණ්ඩව සෞඛ්‍ය සේවා සැපයීම සඳහා තම සාමාජික මෙන්ම සාමාජික නොවන සියලුම විශේෂඥ වෛද්‍යවරුන් දැක්වූ කැපවීම සහ වෙහෙස මහන්සිය රජයේ වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමයේ විශේෂ ඇගයීමට ලක්ව ඇත.
එමෙන්ම, මෙම කාලසීමාව තුළ ඉහළ වෘත්තීය මට්ටමක් පවත්වා ගනිමින් ස්වේච්ඡාවෙන් සේවය කළ පශ්චාත් උපාධි පුහුණු වෛද්‍යවරුන්ගේ සේවයද සංගමය මහත් ඉහළින් අගය කර සිටියි.
විශේෂඥ වෛද්‍යවරුන් මුහුණ දෙන දීර්ඝකාලීන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා රජය සමඟ පවත්වනු ලබන සාධනීය සාකච්ඡා ඉදිරියටත් අඛණ්ඩව පවත්වාගෙන යන බව සංගමය යළිත් තහවුරු කරයි.
සෞඛ්‍ය පද්ධතියේ සහ ශ්‍රී ලාංකික ජනතාවගේ යහපත උදෙසා මෙම ගැටලුවලට සතුටුදායක විසඳුම් ලැබෙන තෙක් රජයද එම උනන්දුවෙන්ම සහ කැපවීමෙන් කටයුතු කරනු ඇතැයි සංගමය අපේක්ෂා කරයි.
මෙම නිවේදනය රජයේ වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ටී.ජී.වයි. රසික ගුණපාල මහතා සහ ප්‍රධාන ලේකම් වෛද්‍ය ආර්. ඥානසේකරම් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත ෴
වෛද්‍ය බෙල්ලන CIDයෙන් පිටව යයි
(27.01.2026 – 11:38 +0530 – sinhala.adaderana.lk)
ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (27) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මේ වනවිට ඉන් පිටව ගොස් තිබේ.
ඔහු සඳහන් කළේ මරණ තර්ජනයක් පිළිබඳ සිද්ධියකට අදාළව තමන්ගෙන්ද ප්‍රකාශයක් ලබාගැනීමට ඇති බවට සිදුකළ දැනුම්දීමක් මත තමා මෙලෙස CIDය හමුවේ පෙනීසිටි බවය.
කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ රාජකාරී වැඩ තහනම් කිරීමට ද පසුගියදා පියවර ගැනුණි.
ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකරන ලද මූලික විමර්ශනයන්ට අනුව ඒ මහතා වගකිවයුතු තනතුරක් දරණ රජයේ වෛද්‍ය නිලධාරියෙකු වශයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වන ආකාරයෙන් සහ මහජනතාව තුළ නොසන්සුන්තාවයක් ඇති වන ආකාරයෙන් කටයුතු කරමින් අනුමැතියකින් තොරව ජනමාධ්‍ය වෙත ප්‍රකාශ සිදුකර ඇති බවට සිද්ධියක් සම්බන්ධයෙනි.
+++
+
පියතුමාට පහර දීම පිටුපට අදිසි හස්තයක්..? | පහර දීමට එරෙහි විරෝධතාවයේදී ජූඩ් පියතුමාගෙන් හෙළිදරව්වක් (27.01.2026)
+
ට්‍රම්ප් නොබෙල් තෑග්ග නැති කරගත් හැටි – ඇමෙරිකාවේ ග්‍රීන්ලන්ත ආක්‍රමණයේ අලුත්ම තොරතුරු (27.01.2026)
+
මාරාන්තික ‘නිපා’ වෛරසය ඉන්දියාවේ පැතිරේ
(27.01.2026 – 14:51 +0530 – sinhala.adaderana.lk)
මාරාන්තික ‘නිපා’ වෛරසය ඉන්දියාවේ පැතිර ඇති බවට විදෙස් වාර්තා සඳහන් කරයි.
නිපා වෛරසය ඉන්දියාවේ පැතිරීම හේතුවෙන් ආසියානු ගුවන්තොටුපල පරීක්ෂාවන් සිදු කිරීම ආරම්භ කර ඇති බව ද සඳහන් වෙයි.
මේ අතර, බටහිර බෙංගාලයේ සෞඛ්‍ය සේවකයින් පස් දෙනෙකුට මෙම මස මුලදී වෛරසය ආසාදනය වී ඇති අතර, ඔවුන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව කියවේ.
අසාධ්‍ය තත්ත්වයේ පසුවන එම රෝගීන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් 110 දෙනෙකු පමණ නිරෝධායනය සඳහා යොමුකර ඇති බව විදෙස් වාර්තා තුළ සඳහන් ය.
මෙම වෛරසය සතුන්ගෙන් මිනිසුන්ට පැතිර යා හැකි වෛරසයකි.
වෛරසය සඳහා ප්‍රතිකාර කිරීමට කිසිදු එන්නතක් හෝ ඖෂධයක් නොමැති බව සඳහන් වෙයි.
මෙම වෛරසය ආසාදනය වූවන්ගෙන් 40% සිට 75% දක්වා ප්‍රතිශතයක් මිය යා හැකි බැවින් මෙය ඉතා මාරාන්තික බව සඳහන් වෙයි.
නිපා වෛරසය යනු කුමක්ද?
නිපා වෛරසය ඌරන් සහ වවුලන් වැනි සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය විය හැකිය.
වෛරසය ආසාදනය වූ ආහාර මගින් හෝ පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට මෙය පැතිර යා හැකිය.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිපා වෛරසය ප්‍රමුඛතා රෝග දහය (10) අතරට ‘කොවිඩ්-19’ සහ ‘සිකා’ වැනි රෝග කාරක සමඟ විස්තර කර ඇත.
එයට හේතුව ලෙස, මෙම රෝගය වසංගතයක් ඇති කිරීමේ අවධානමක් ඇති වීමට ඉඩ ඇති බව සඳහන් වෙයි.
වෛරසයේ රෝග ලක්ෂණ මොනවාද?
වෛරසය ආසාදනය වූ ඇතැම් පුද්ගලයින්ට රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර ඇතැම් අවස්ථාන් වලදී කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බව කියවේ.
මෙහි මූලික රෝග ලක්ෂණ අතර උණ, හිසරදය, මාංශ පේශි වේදනාව, වමනය සහ උගුරේ අමාරුව ඇතුළත් විය හැකිය.
ඇතැම් පුද්ගලයින් තුළ, නිදිමත ගතිය, සිහිය වෙනස් වීම සහ නියුමෝනියාව ඇති විය හැකි බවද සඳහන් වෙයි.
වෛරසයේ අතීත තත්ත්වය
මෙම වෛරසය පළමු වරට පැතිරීම 1998 දී මැලේසියාවේ ඌරු ගොවීන් අතර සිදු වූ අතර පසුව අසල්වැසි සිංගප්පූරුවට ද ව්‍යාප්ත වී තිබේ.
වෛරසයට එහි නම ලැබී ඇත්තේ එය මුලින්ම සොයාගත් ගම්මානයෙන් බව සඳහන් වෙයි.
වෛරසයෙන් පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර, ඌරන් මිලියනයක් මරා දමා ඇති බව සඳහන් වෙයි.
මෑතකදී, දකුණු කේරළ ප්‍රාන්තය නිපා රෝගයේ උණුසුම් ස්ථානයක් බවට පත්ව ඇත.
2018 දී රෝගීන් 19 ක් වාර්තා වී ඇති අතර ඉන් 17 ක් මිය ගොස් ඇත.
2023 දී, රෝගීන් හයක් (6) වාර්තා වී ඇති අතර ඉන් දෙදෙනෙකු (2) මිය ගොස් ඇත.
වෛරසයේ වර්තමාන තත්ත්වය
පසුගිය සතිය වන විට රෝගීන් පස් දෙනෙකු වාර්තා වී ඇති අතර, ඔවුන් සියල්ලන්ම බරසාත් හි පෞද්ගලික රෝහලකට සම්බන්ධ පුද්ගලයින් බව සනාථ වී ඇත.
හෙදියන් දෙදෙනෙකු (2) දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබන අතර, ඉන් එක් අයෙකු ‘ඉතා අසාධ්‍ය’ තත්ත්වයේ පසුවන බව එරට ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසා තිබේ ෴
රජයේ විකිරණවේදීන්ගේ වර්ජනය සෞඛ්‍ය නි.ඇමතිගේ සාකච්ඡාවෙන් පසුව ජනවාරි 30 ට කල්යයි (27.01.2026)
+
දේශීය ආදායම් දෙපාර්ථමේන්තු නිලධාරීන් පංචිකාවත්තම පීරයි | බදු නොගෙවූ වෙළඳසැල් වලට වැඩ වරදින ළකුණු (27.01.2026)
+
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ්
(28.01.2026 – 15:41 +0530 – sinhala.adaderana.lk)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ නඩුවේ සැකකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් වූ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පෙබරවාරි මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියම කළේය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලන්ඩන් සංචාරයට අදාළව විභාග වෙමින් පවතින මෙම නඩුව වෙනුවෙන් ඔහු අද (28) පස්වරුවේ අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
පොදු දේපොළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුවට ඉදිරිපත් වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද අද (28) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
අද පැවති නඩුකරයේ දී වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලිප පිරිස් මහතා :
“ස්වාමීනි…. මෙම නඩු කරයේ දෙවැනි සැකකරු හැටියට හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නම් කර තිබෙනවා. මේ පුද්ගලයා නීතිය මගහැර සිටීමට දක්ෂ පළපුරුදු අපරාධකාරයෙක්. රනිල් වික්‍රමසිංහ මහතාගේ මේ සංචාරය පුද්ගලික සංචාරයක් වශයෙන් තමයි මුලින්ම ලිපිවල සඳහන් කලේ. පසුව මේ පුද්ගලයා තමයි එම ලිපිවල තිබෙන ප්‍රයිවට් කියන වචනය ඉවත් කර ඊට official කියන වචනය එකතු කලේ. මොහු අධිකරණය මගහැර සිටි පුද්ගලයෙක්. මොහු සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට අවශ්‍යව තිබෙනවා.” ඒ නිසා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජනරාල් වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඊට ප්‍රතිචාර දැක්වූ සැකකාර සමන් ඒකනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් “ස්වාමීනි… මේ සැකකරු අධිකරණය මගහැර සිටි පුද්ගලයෙක් නෙමෙයි. ඔහු කිසිදු ආකාරයක රාජ්‍ය මුදල් අභාවිතාවක් කරලා නෑ. ඔහුට කිසිම ලාභයක් මේකෙන් ලැබිලත් නෑ. ඔහු අධිකරණයට ඇවිත් ඉදිරිපත් වී තිබෙනවා”. ඒ නිසා ඔහු ඇපමත මුදා හරින ලෙස ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය.
සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් “එක් කරුණක් හැර ඉදිරිපත් වී ඇති සියලු කරුණුවලින් බැලූ බැල්මටම මේ සැකකරු නිරත වී ඇති සංචාරය පුද්ගලික සංචාරයක් බව පෙනී යනවා. ඒ සම්බන්ධයෙන් අධිකරණය සෑහීමකට පත් වෙනවා. නමුත් මීට පෙර අධිකරණය කළ එක් නියෝගයක් තවම සම්පූර්ණ වෙලා නෑ. රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණු බව කියන ආරාධනා ලිපිය ගැන අදාළ විශ්ව විද්‍යාලයෙන් ප්‍රකාශ ලබාගෙන නෑ. ඒ නිසා එම ප්‍රකාශ ඉක්මනින් ලබාගන්න. ඒ සඳහා බ්‍රිතාන්‍යයට යාමට අවශ්‍ය නෑ. මාර්ගගත ක්‍රමයකින් එය කිරීමට හැකියාවක් තිබෙනවා” යනුවෙන් සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතාට යළි අප්‍රේල් මස 29 වනදා පෙනී සිටින ලෙස නියම කළේය.
ඉන් අනතුරුව සැකකාර සමන් ඒකනායක මහතාගේ ඇප නියෝගය ප්‍රකාශයට පත්කළ මහේස්ත්‍රාත්වරයා “මෙම සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳව සලකා බැලීමේදී පොදු දේපල පනත කෙරෙහි අධිකරණය අවධානය යොමු කරනවා. පොදු දේපල පනත යටතේ ඇප ප්‍රධානය කිරීමට නම් අසාමාන්‍ය කරුණු ඉදිරිපත් විය යුතුයි. මේ සැකකරු රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රධානියා වශයෙන් සඳහන් කළ යුතුයි. එසේ නම් ඔහුට දැඩි වගකීමක් තිබෙනවා. නමුත් මේ නඩුකරයට අදාළ රුපියල් මිලියන 16 කට වැඩි මුදල අනුමත කිරීමේදී ඔහු දැඩි අවධානයෙන් කටයුතු කර තිබෙන ආකාරයක් පෙනී යන්නේ නැහැ. ඔහුගේ ක්‍රියාව තුළ සුපිළිපන් භාවයක් හෝ පරීක්ෂාකාරී භාවයක් තිබී නෑ. සැකකර ජනාධිපති ලේකම්වරයා කියන කාරණය අමතක කර සාමාන්‍ය පුරවැසියෙක් වශයෙන් සැලකුවොත් මේ අධිකරණය කටයුතු කරන්නේ කෙසේද? ඒ සම්බන්ධයෙන් අධිකරණය දැඩි අවධානය යොමු වෙනවා” යනුවෙන් පැවසීය.
වැඩිදුරටත් කරුණු දැක්වූ මහේස්ත්‍රාත්වරයා “සැකකාර සමන් ඒකනායක අධිකරණය මගහැර ගිය පුද්ගලයෙකු ලෙස පැමිණිල්ල පැවසුවා. ඒ සම්බන්ධයෙන් අධිකරණයට එකඟ වීමට හැකියාවක් නෑ. මොකද ඔහු එක් අවස්ථාවකදී හැර සැම අවස්ථාවක දීම අධිකරණයේ පෙනී සිටියා. නමුත් ඔහුට ඇප ලබාගැනීම සඳහා ඉදිරිපත් කරන කරුණු අසාමාන්‍ය කරුණු වශයෙන් අධිකරණයට පිළිගන්න බැහැ” ඒ අනුව ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර සැකකරු ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් මහේස්ත්‍රාත්වරයා සදහන් කළේය.
මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල් දීලීප පිරිස් මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් බන්ධනාගාරය තුළදී මේ සැකකාර සමන් ඒකනායක මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා හෙට දින සමන් ඒකනායක මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.
මෙම නඩු විභාගය පැවැති අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලිප පීරිස් මහතා සහ විත්තියේ නීතිඥවරු අතර වරින් වර උණුසුම් වචන හුවමාරු වූ අතර ඒවා මහේස්ත්‍රාත්වරයා මැතිහත්වී සමථයට පත් කරන ආකාරයක්ද දක්නට ලැබිණි.
+++
ජාතියේ වීරයා රනිල්ට ජයවේවා – ජයඝෝෂා මැද හිටපු ජනපති එළියට එයි (28.01.2026)
+++
ජය වේවා…ජය වේවා…සමන් ඒකනායක කොටුව අධිකරණයෙන් බන්ධනාගාරය වෙත (28.01.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴