විකිරණ තාක්ෂණවේදීන් අනිද්දා (28) සිට වෘත්තිය ක්‍රියාමාර්ගයක

විකිරණ තාක්ෂණවේදීන් අනිද්දා (28) සිට වෘත්තිය ක්‍රියාමාර්ගයක


විකිරණ තාක්ෂණවේදීන් අනිද්දා (28) සිට වෘත්තිය ක්‍රියාමාර්ගයක

(26.01.2026 – hirunews.lk)

සිය ගැටළුවට විසඳුම් ලබාදීමට ලබා දුන් දින 7 ක කාලය ලබන 28 වැනිදා අවසන් වන බව විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ලබන 28 වැනිදා උදෑසන 8 සිට දිවයින පුරා රෝහල්හි විකිරණ තාක්ෂණවේදීන්, මෙම ගැටළුවට විසඳුම් ලැබෙන තෙක් අඛන්ඩව වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බවයි එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කළේ.

+++

මෙන්න ආණ්ඩුවට තවත් කනේ පාරක් | ඩොක්ටර්ස්ලා මදිවට තවත් සෙට් එකක් ගේමට බැහැලා… (26.01.2026)

+


සිංහල බෞද්ධයට කෙළිනවා ! ලාල් කාන්ත ගේම ඉල්ලයි ? (25.01.2026)

+


හරිනිත් ඉතිං අපි වගේ ඉවසන්න පුරුදු වුණා නං හරිනෙ (26.01.2026)

+

වැඩ වර්ජනයකට තල්ලු වුණොත්, රටම අඳුරු වෙන්නත් පුළුවන් – ආණ්ඩුව තැනක හිරවෙලා ඉන්නෙ (25.01.2026)

+


නලින්ද ජයතිස්සගේ එන්තරවාසියේ බිලියනයට බිලියන දෙකක් (25.01.2026)

+


බෲස්ලිද, ටයිසන්ද? චාමරද, ලාල්ද? (25.01.2026)

+


කෙටි කතා නායකගෙන් පසු ‘ගල් කතා නායක’ ද? | පාර්ලිමේන්තුවේ ලේකම් එළියට දාපු හැටි (25.01.2026)

+


සිවුරට තැබූ අත කතෝලික ලෝගුවටත්! (25.01.2026)

+


කුමාරතුංග මුනිදාසයන්ගේ මී මුණුපුරෙකුට රාජකීය ජයග්‍රහණ රැසක්

(26.01.2026 – hirunews.lk)

මහා ප්‍රාඥයකු වන කුමාරතුංග මුනිදාසයන්ගේ මී මුණුපුරෙකු වන බුද කුමාරතුංගට සුගියදා කොළඹ රාජකීය විද්‍යාලයේදී පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයේදී විශිෂ්ට සම්මාන කිහිපයක්ම හිමි වුණා.

මෙම සම්මාන පිරිනැමුණේ කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති අතුල විජේවර්ධන අතින්.

2021 සිට 2024 දක්වා රාජකීය විද්‍යාලයේ විශිෂ්ටතා දැක්වූ ශිෂ්‍යයින් වෙනුවෙන් මෙම ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වුණේ 167 වෙනි වරටයි.

  • රාජකීයයෙකුට දිනා ගත හැකි වඩාත්ම කීර්තිමත් සම්මාන වන සාමාන්‍ය කුසලතා සඳහා ඩෝන්හෝස්ට් අනුස්මරණ ත්‍යාගය 2024,
  • වසරේ කැපී පෙනෙන රාජකීයයා සඳහා වන ලලිත් ඇතුලත්මුදලි අනුස්මරණ ත්‍යාගය 2024,
  • රාජකීය විද්‍යාල ඉතිහාසය පිළිබඳ දැනුම සඳහා වන එල්.ඩී.එච්. පීරිස් අනුස්මරණ ත්‍යාගය 2023,
  • ගායනය සඳහා දේවාර් සූරියසේන සම්මානය (ඉංග්‍රීසි) 2024,
  • 2021 අ.පො.ස. (සා/පෙළ) හි බටහිර සංගීතය සඳහා පී.බී.එන්. හපුගල්ල අනුස්මරණ ත්‍යාගය
  • 2023 ජනාධිපති බාලදක්ෂ සම්මානය

යන සම්මාන වලින් බුද කුමාරතුංග ශිෂ්‍යයා පිදුම් ලැබීම විශේෂත්වයක්.

චින්තන පර්ෂදයේ සහ යුතුකම සංවිධානයේ නායකයකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංගගේ පුත්‍රයා වන්නේ ද බුද කුමාරතුංගයි ෴


Derana 360 | ආචාර්ය විජයදාස රාජපක්ෂ | With Wijayadasa Rajapaksha | Ada Derana (26.01.2026)

+

SLIIT : “මේ ආණ්ඩුවෙනුත් කෙරෙන පාටක් නැති නිසයි අල්ලස් එකටම ආවේ” විජේදාස අල්ලස් ඇවිත් ඔක්කොම ටික අද දිග හැරලා (26.01.2026)

+


දිනකට විදුලිය ගිගාවොට් පැය දෙකක් (2) රටට අහිමි වෙලා – පාඨලී චම්පික රණවක

(26.01.2026 – 19:33 +0530 – sinhala.adaderana.lk)

ප්‍රශ්නගත ගල්අඟුරු ටෙන්ඩරය හේතුවෙන් දිනකට ගිගාවොට් පැය දෙකක් (2) රටට අහිමිවී ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක පවසයි.

අද (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ආන්දෝලනාත්මක ගල්අඟුරු වංචාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පැවසුවේ සිදුවූ පාඩුව, අදාළ සමාග‍මෙන් අයකරගැනීමට බලාපොරොත්තු වන දඩය මෙන් දෙගුණයකට (2) ආසන්න බවය.

නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ගෙන්වීමෙන් රුපියල් කෝටි දහසකට (1000) ආසන්න පාඩුවක් සිදුව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩී.වී. චානක පසුගියදා පාරිලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එම ප්‍රකාශයත් සමඟ ඒ පිළිබඳ රට තුළ ඇතිවූයේ ආන්දෝලනාත්මක තත්ත්වයකි.

මේ අතර බලශක්ති අමාත්‍යාංශය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ගොඩබෑම් වරායේ තත්ත්ව පරීක්ෂණ වාර්තාව මෙතෙක් නිකුත් වී නොමැති නිසා ගල්අඟුරුවල ගුණාත්මකභාවය පිළිබඳ නිවැරදි අදහසක් පළ කළ නොහැකි බවය.

එමෙන්ම ගල්අඟරුවල ප්‍රමිතියේ අඩුවක් ඇත්නම් එම සමාගමෙන් දඩ අයකරගත හැකි බව ද මින් පෙර අවස්ථාවකදී බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි සඳහන් කළේය.

මෙවැනි පසුබිමක ප්‍රශ්නගත ගල් අඟුරුවල, ප්‍රමිතියේ අඩුවක් ඇති බව රජයේ පාර්ශ්වයෙන් ඊයේ (25) අනාවරණ කෙරුණේ කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසිනි.

+++

+


රිය අනතුරුවලින් දවස් 25 කට ජීවිත 155 ක් බිලි ගනියි

(26.01.2026 – 22:43 +0530 – sinhala.adaderana.lk)

මෙම වසරේ ජනවාරි 01 වනදා සිට 25 වනදා දක්වා ගතවූ කාලය තුළ රිය අනතුරු 1,375 ක් සිදුව ඇති බව පොලීසිය පවසයි.

ඒ අතර, මාරක රිය අනතුරු 147 ක් සිදුව ඉන් පුද්ගලයින් 155 දෙනෙකු මියගොස් ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව, නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පවසයි.


ජංගම දුරකථන නිසා නව යොවුන් වියේ දරුවන් මානසික රෝගීන් වෙලා

(26.01.2026 – 18:01 +0530 – sinhala.adaderana.lk)

ජංගම දුරකථනවලට ඇබ්බැහිවීම හේතුවෙන් ඇතැම් නව යොවුන් වියේ ළමුන් විවිධ මානසික රෝගී තත්ත්වයන්ට ගොදුරු වී ඇති බව මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ළමා හා යෞවන මනෝ වෛද්‍ය විශේෂඥ සේනානි විජේතුංග මහත්මිය පවසයි.

අද (26) පැවති මාධ්‍ය හමුවකදී නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් වෛද්‍යවරිය මේ බව පැහැදිලි කළාය.

“කොවිඩ් සමයේ සාමාජයේ හමුවෙන්ව බැරි වීමත් සමඟ පාසල්වල අධ්‍යාපනය කෙරුණේ Online හරහා. එතකොට දරුවන් නොදැනුවත්ව මේ දුරකථන අධි භාවිතයට පුරුදු වුණා. දැන් එක විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපේ සායනවලට පවා ඇතුළත් කරන්න වෙලා තියෙනවා මේ වගේ ඇබ්බැහිවීම් තුළින්.”

එමෙන්ම ඇය පෙන්වාදෙන්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම හේතුවෙන් මානසික රෝගී තත්ත්වයන්ට ගොදුරු වූ නව යොවුන් වියේ ළමුන්ද ප්‍රතිකාර සඳහා යොමුව සිටින බවය.

අවුරුදු 13 සිට 18 දක්වා වයස්වල දරුවන් සායන සඳහා යොමුකර ප්‍රතිකාර කරන අතර එය සමාජයේ ගැටලුවක් බවට පත් වෙමින් පවතින බව වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසීය ෴


හයේ පොතේ ලංකාවේ ඉතිහාසය නෑ – ඒකේ තියෙන්නේ කාර්වල ඉතිහාසය (26.01.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *