විකිරණ තාක්ෂණවේදීන් අනිද්දා (28) සිට වෘත්තිය ක්‍රියාමාර්ගයක

විකිරණ තාක්ෂණවේදීන් අනිද්දා (28) සිට වෘත්තිය ක්‍රියාමාර්ගයක


විකිරණ තාක්ෂණවේදීන් අනිද්දා (28) සිට වෘත්තිය ක්‍රියාමාර්ගයක

(26.01.2026 – hirunews.lk)

සිය ගැටළුවට විසඳුම් ලබාදීමට ලබා දුන් දින 7 ක කාලය ලබන 28 වැනිදා අවසන් වන බව විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ලබන 28 වැනිදා උදෑසන 8 සිට දිවයින පුරා රෝහල්හි විකිරණ තාක්ෂණවේදීන්, මෙම ගැටළුවට විසඳුම් ලැබෙන තෙක් අඛන්ඩව වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බවයි එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කළේ.

+++

මෙන්න ආණ්ඩුවට තවත් කනේ පාරක් | ඩොක්ටර්ස්ලා මදිවට තවත් සෙට් එකක් ගේමට බැහැලා… (26.01.2026)

+


සිංහල බෞද්ධයට කෙළිනවා ! ලාල් කාන්ත ගේම ඉල්ලයි ? (25.01.2026)

+


හරිනිත් ඉතිං අපි වගේ ඉවසන්න පුරුදු වුණා නං හරිනෙ (26.01.2026)

+

වැඩ වර්ජනයකට තල්ලු වුණොත්, රටම අඳුරු වෙන්නත් පුළුවන් – ආණ්ඩුව තැනක හිරවෙලා ඉන්නෙ (25.01.2026)

+


නලින්ද ජයතිස්සගේ එන්තරවාසියේ බිලියනයට බිලියන දෙකක් (25.01.2026)

+


බෲස්ලිද, ටයිසන්ද? චාමරද, ලාල්ද? (25.01.2026)

+


කෙටි කතා නායකගෙන් පසු ‘ගල් කතා නායක’ ද? | පාර්ලිමේන්තුවේ ලේකම් එළියට දාපු හැටි (25.01.2026)

+


සිවුරට තැබූ අත කතෝලික ලෝගුවටත්! (25.01.2026)

+


කුමාරතුංග මුනිදාසයන්ගේ මී මුණුපුරෙකුට රාජකීය ජයග්‍රහණ රැසක්

(26.01.2026 – hirunews.lk)

මහා ප්‍රාඥයකු වන කුමාරතුංග මුනිදාසයන්ගේ මී මුණුපුරෙකු වන බුද කුමාරතුංගට සුගියදා කොළඹ රාජකීය විද්‍යාලයේදී පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයේදී විශිෂ්ට සම්මාන කිහිපයක්ම හිමි වුණා.

මෙම සම්මාන පිරිනැමුණේ කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති අතුල විජේවර්ධන අතින්.

2021 සිට 2024 දක්වා රාජකීය විද්‍යාලයේ විශිෂ්ටතා දැක්වූ ශිෂ්‍යයින් වෙනුවෙන් මෙම ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වුණේ 167 වෙනි වරටයි.

  • රාජකීයයෙකුට දිනා ගත හැකි වඩාත්ම කීර්තිමත් සම්මාන වන සාමාන්‍ය කුසලතා සඳහා ඩෝන්හෝස්ට් අනුස්මරණ ත්‍යාගය 2024,
  • වසරේ කැපී පෙනෙන රාජකීයයා සඳහා වන ලලිත් ඇතුලත්මුදලි අනුස්මරණ ත්‍යාගය 2024,
  • රාජකීය විද්‍යාල ඉතිහාසය පිළිබඳ දැනුම සඳහා වන එල්.ඩී.එච්. පීරිස් අනුස්මරණ ත්‍යාගය 2023,
  • ගායනය සඳහා දේවාර් සූරියසේන සම්මානය (ඉංග්‍රීසි) 2024,
  • 2021 අ.පො.ස. (සා/පෙළ) හි බටහිර සංගීතය සඳහා පී.බී.එන්. හපුගල්ල අනුස්මරණ ත්‍යාගය
  • 2023 ජනාධිපති බාලදක්ෂ සම්මානය

යන සම්මාන වලින් බුද කුමාරතුංග ශිෂ්‍යයා පිදුම් ලැබීම විශේෂත්වයක්.

චින්තන පර්ෂදයේ සහ යුතුකම සංවිධානයේ නායකයකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංගගේ පුත්‍රයා වන්නේ ද බුද කුමාරතුංගයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *