හෙට (26) සිට දොස්තරලා යලිත් වර්ජනයේ..
(25.01.2026 – lankacnews.com)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි :
= මාධ්‍ය නිවේදනයයි =
නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ලබා දුන් එකඟතා ක්‍රියාත්මක කිරීමට අසමත් වීම හේතුවෙන් ප්‍රකාශයට පත් කරන ලද අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග මාලාව
ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ සැබෑ ගැටලු සඳහා විසඳුම් ලබා දීමට බල කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සිදුකරන ලද වෘත්තිය ක්‍රියාමාර්ග මාලාවකින් අනතුරුව, සෞඛ්‍ය අමාත්‍යතුමා විසින් ලිඛිත එකඟතාවයන් ලබාදෙන ලදී.
එම ලිඛිත එකඟතාවයන් වනුයේ,
- සියලු කාණ්ඩවල වෛද්‍යවරුන් ඇතුළත් කර ගනිමින් ‘ශ්‍රී ලංකා වෛද්‍ය සේවය’ නමින් සුවිශේෂී සේවා කාණ්ඩයක් බිහිකිරීම සඳහා සියලු පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් සහ එකඟතාවයෙන් කෙටුම්පත් කර ඇති කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා ගෙන ඉදිරි කටයුතු සිදු කිරීම.
- වෛද්‍යවරුන්ගේ DAT දීමනාව යාවත්කාලීන කිරීම
- 22/99 චක්‍රලේඛයට අනුකූලව ප්‍රවාහන ගැටලු විසඳිම
- අමතර රාජකාරි දීමනාව ස්ථාවර දීමනාවක් බවට පත් කිරීම
- පර්යේෂණ දීමනාවේ ගැටලු විසඳිම
- පශ්චාත් උපාධි අධ්‍යයනයේ යෙදෙන වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීම
- සෞඛ්‍ය පද්ධතියේ අනුමත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව යාවත්කාලීන කිරීම
- ඉහත ගැටලු කාල රාමුවක් සහිතව විසඳිම සඳහා 2026.01.05 දින සිට මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා ආරම්භ කිරීම
සෞඛ්‍ය අමාත්‍යවරයා ලිඛිතව ලබා දුන් එකඟතා දිගින් දිගටම උල්ලංඝණය කරන පසුබිමක 2026.01.07 වැනි දින පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමේ සහ 2026.01.13 වැනි දින පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභා රැස්වීමේ තීරණ අනුව එකඟතා ක්‍රියාත්මක කරමින් ගැටලු විසඳීම සඳහා ඉදිරි දින 10ක කාලයක් සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යංශයට ලබා දීමට තීරණය කරන ලදී.
එය එසේ නොවන්නේ නම්, 2026.01.23 වැනි දින සිට ආරම්භ වන පරිදි දීපව්‍යාප්ත අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට විධායක කමිටුව ඒකමතිකව තීරණය කරන ලදී.
ඒ අනුව පසුගිය 2026. 01. 23 උදෑසන 08:00 සිට පැය 48 ක දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළ අතර ප්‍රකාශ කළ පරිදිම අද (25) දින උදෑසන 08:00 ට එම වැඩ වර්ජනය අවසන් කරන ලදී.
විවිධ අභ්‍යන්තර සහ බාහිර පාර්ශවයන් විසින් සිදු කරන බාධා කිරීම් මධ්‍යයේ වුවද වැඩ වර්ජනය සමස්ත රෝහල් පද්ධතිය පුරාම ඉතාම සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.
එම වැඩවර්ජනය හේතුවෙන් ජනතාවට යම් අපහසුතාවයක් සිදුවූවේ නම්, එහි සම්පූර්ණ වගකීම එකඟතා කඩකරමින් නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කිරීමේ වගකිම පැහැර හරින රජය, සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යංශය සම්පූර්ණයෙන් භාර ගත යුතුය.
එහිදී ගැටලු විසඳීම සඳහා සද්භාවයෙන් යුතුව අවම උත්සාහයක් හෝ දරනවා වෙනුවට රජය සහ රජයට සම්බන්ධ පාර්ශව විසින් වෛද්‍යවරුන්ට මඩ ප්‍රචාර හා අවලාද වලින් පිළිතුරු දීම හරහා පසක් වන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයාට හෝ වගකිවයුත්තන්ට නිදහස් සෞඛ්‍යයේ අනාගතය සුරක්ෂිත කිරීමෙහිලා සැබෑ අවශ්‍යතාවයක් නොමැති බවයි.
මෙම වගකීම් විරහිත හැසිරීම හමුවේ අවසානයේ සිදු වනුයේ නිදහස් සෞඛ්‍ය සේවාව බිඳ වැටි ජන ජිවිත අවදානමට පත්වීම පමණි.
පවතින ප්‍රවණතාවයන් සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලු අදාල වගකිවයුත්තන්ගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය පිළිබඳ අද (25) දින පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභා රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලද අතර එහිදී පහත තීරණ වලට එළඹෙන ලදී.
- රෝහල තුල නොමැති ඖෂධ සහ උපකරණ බාහිරින් ලබා ගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරීම අත්හිටුවීම.
- රෝහල තුල නොමැති රසායනාගාර පරීක්ෂණ බාහිරින් සිදු කරගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරීම අත්හිටුවීම.
- දේශපාලන කණ්ඩායම් විසින් සංවිධානය කරනු ලබන සෞඛ්‍ය කදවුරු සහ සායන සඳහා ස්වෙච්ඡාවෙන් සහභාගිවිමෙන් ඉවත් වීම.
- අනුමත වෛද්‍යවරුන් සංඛ්‍යාව නොමැතිව රෝහල් පද්ධතිය තුල විවෘත කරන නව රෝහල් වාට්ටු සහ ඒකක වලට වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම අත්හිටුවීම.
- රෝගීන්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය සුරැකීමට අවශ්‍ය ප්‍රමාණවත් පහසුකම් සහ සහායක කාර්යමණ්ඩලය නොමැතිව රෝගීන් පරීක්ෂා කිරීමෙන් ඉවත් වීම.
එමෙන්ම හෙට (26) දෙන උදෑසන 08:00 ට මෙරට සියලු රෝහල් වල රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ශාඛා සමිති රැස්වීම් පැවැත්වීමට නියමිත අතර පවතින වාතාවරණය සහ ඉල්ලීම් සම්බන්ධයෙන් රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උදාසීන හැසිරීමත්, ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ගත් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.
එහිදී ලබා ගන්නා තීන්දු තීරණ සහ පවතින ප්‍රවණතාවයන් පිළිබඳ සාකච්ඡා කිරීමටත්, ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහාත් එළඹෙන 2026.01.28 දින රජයේ වෛද්‍ය නිලධාරිගේ සංගමයේ මධ්‍යම කාරක සභාවේ තීරණාත්මක රැස්වීමක් පැවැත්වීමට නියමිතය. ඉන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග හා සැලසුම් රටට ප්‍රකාශ කරනු ඇත.
සෞඛ්‍ය සේවාවට සහ වෛද්‍යවරුන්ට සාධාරණ ඉටු කරමින් ගැටළු විසදීම උදෙසා ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ ඕනෑම මොහොතක සාකච්ඡාවට සූදානම් අතර සාධනීය සහ විශ්වසනීය විසඳුම් ලැබෙන්නේ නම් වෘත්තිය ක්‍රියාමාර්ග පිළිබඳව සලකා බැලීමටද සූදානම් බව විධායක සභාවේ ස්ථාවරයයි.
ගැටලු විසඳීම මගහරිමින් නිදහස් සෞඛ්‍ය සුරක්ෂිත කිරීමේ වගකීමෙන් පැනයාමට රජය, සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශය දිගින් දිගටම උත්සාහ කරන්නේ නම් සියලු පාර්ශව එක් කරගනිමින් නිදහස් සෞඛ්‍ය සුරක්ෂිත කිරීම උදෙසා අවශ්‍ය ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුබට නොවන බවද අවධාරණය කරමු ෴
පූජකවරයාට පහරදුන් සිද්ධියට පොලිසියේ 06 දෙනා රිමාන්ඩ්
(25.01.2026 – hirunews.lk)
කතෝලික පූජකවරයෙකුට පහරදීමේ චෝදනාවට ගම්පහ පොලිස් විශේෂ යතුරුපැදි බලකායේ නිලධාරීන් හය දෙනකු (6) හෙට (26) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් අමරානි මුදලිගේ නියම කර තිබෙනවා.
යතුරුපැදියකින් ගමන්කරමින් සිටි කතෝලික පියතුමෙකුට පහරදුන්නැයි කියන කියන සිදුවීම සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරීන් 06 දෙනෙක් අද (25) අලුයම අත්අඩංගුවට ගත්තා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් සැරයන්ලා තිදෙනෙක් (3) සහ කොස්තාපලයන් තිදෙනෙක් (3).
ගම්පහ අස්ගිරිය වල්පොල ප්‍රදේශයේ මෙම නිලධාරින් රාජකාරියේ නිරතව සිටියදී යතුරුපැදියක් නොනවත්වා ධාවනය කළ බවත් එහිදී එම යතුරුපැදිය පසු පස පන්නාගොස් යතුරුපැදිකරු අල්ලාගත් බවත් එම නිලධාරීන් සඳහන් කරනවා.
එම අවස්ථාවේදී ඇති වූ යම් සිදුවීමක් මුල්කරගෙන පහරදීම වී තිබෙන බවයි වාර්තා වන්නේ.
කතෝලික සභාවේ නිකායක් මගින් පාලනය වන කොටදෙණියාවේ පිහිටි ගොවිපොලක වතු සහයක පරිපාලක ලෙස කටයුතු කරන මෙම පියතුමා දිප්පිටිගොඩ දේවස්ථානයේ දිව්‍යා පූජව තබා එන අතරතුරේදී මෙම ප්‍රහාරයට ලක්ව ඇතැයි පැවසෙනවා.
පොලිස් යතුරුපැදිකරුවන් විසින් පූජක පලදනාවෙන්ම සැරසී සිටි මෙම පියතුමාට දරුණු ලෙස පහර දී මහ මග දමා ගොස් සිටි අතර ඉන්පසුව මීගමුව රෝහලට ඇතුළත් කර ඇත.
තමන්ට සිදුවූ මෙම පහරදීම සම්බන්ධයෙන් පියතුමා විසින් කතෝලික සභාවේ ඉහළ පූජකවරු දැනුවත් කිරිමට කටයුතු කර ඇති බව ද වාර්තා වෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පෙලිස් නිලධාරින්ගේ රාජකාරි වැඩ තහනම් කිරීමක් ද සිදුකර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (25) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴
නාන කාමරවල වීඩියෝ පෙන්වා කප්පම් ගත්තැයි සැකකරු යළි රිමාන්ඩ්
(25.01.2026 – hirunews.lk)
කාන්තාවන් ඇඳුම් මාරු කරන දර්ශන හා නාන කාමරවල දර්ශන වීඩියෝ ගත කරමින් කප්පම් ලබා ගත්තේ යැයි කියන සීදුව ප්‍රදේශයේ පුද්ගලයකු ලබන 06 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කළා.
මැටියගනේ පදිංචි කනිෂ්ක නමැති සැකකරු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කළා.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් උප පොලිස් පරීක්‍ෂක ඉසුරු කරුණු දක්වමින් කියා සිටියේ සැකකරුට එරෙහිව කප්පම් ගැනීම් හා ස්ත්‍රී දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් මීගමුව හා පොල්ගහවෙල අධිකරණවල විමර්ශන සිදුකරන බවය.
සිදුව ප්‍රදේශයේ කාන්තාවක් කළ පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවත්, සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී අසභ්‍ය වීඩියෝ, කාන්තාවන් ඇඳුම් මාරු කරන සහ නාන කාමරවල ස්නානය කරන දර්ශන රැසක් සොයාගත් බවය.
විමර්ශන අවසන් නොමැති වෙමින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටද ඉල්ලා සිටියා.
කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 6 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර විමර්ශන ප්‍රගතිය එදිනට ඉදිරිපත් කරන ලෙසට රහස් පොලිසියට නියෝග කළා ෴
පානීය ජල බෝතල් වැඩි මිලට විකුණු අයෙකුට රු. ලක්ෂ 5 ක දඩ
(25.01.2026 – hirunews.lk)
රුපියල් 70 ක් වටිනා පානීය ජල බෝතලයක් රුපියල් 100 කට අලෙවි කිරීමට එරෙහිව අධිකරණයේදී වරදකරු කෙරුණ වෙළඳසැල් හිමිකරුවකුට රුපියල් ලක්ෂ 5 ක දඩ මුදලක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.ඩී.ඩී.ජේ. ප්‍රේමරත්න නියෝග කළා.
කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෙළඳසැල් හිමිකරුවකුට එලෙස දඩ මුදලක් නියම වුවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රධාන කාර්යාලය විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකිරීමේදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව විමර්ශන නිලධාරීහු අධිකරණයට කරුණු දැන්වුවා.
රුපියල් 70 කට විකිණීමට තිබූ 500 ml ක පානිය ජල බෝතල් 4 ක් රුපියල් 90 ට සහ 100 කට අලෙවි කිරීමේදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වුවා.
2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 20(5) සහ 68 වගන්ති සහ 2021 අංක 20 සංශෝධන පනතේ 60(4A) වගන්තිය යටතේ මෙම සැකකරු විසින් වරදක් කර ඇති බව විමර්ශන නිලධාරින් අධිකරණයට කරුණු දැක්වුවා.
පාලන මිලට වඩා වැඩි මිලට වතුර බෝතල් විකිණීම වළක්වාලමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබියදී වැඩි මිලට වතුර බෝතල් විකුණන බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින් එවැනි ස්ථාන පිළිබඳව වැටලීමට කඩිනමින් පියවර ගෙන ඇති බවද විමර්ශන නිලධාරී වූ අධිකරණයට දැන්වුවා.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුට දඩ මුදල් නියම කළා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴