2025 වසරේදී සයිබර් අපරාධකරුවන් 318 ක් අත්අඩංගුවට
(24.01.2026 – hirunews.lk)
ඉකුත් 2025 වසරේ සයිබර් අපරාධවලට අදාළව පුද්ගලයින් 318 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් පවසනවා.
පසුගිය වසරේදී සයිබර් අපරාධ 2,000 කට අධික ප්‍රමාණයක්ද වාර්තා වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.
මෙම සයිබර් අපරාධකරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ මෙරට තරුණ ප්‍රජාව, සහ වැඩිහිටි ප්‍රජාව බවත් පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ අන්තර්ජාලයට අලුතින් ප්‍රවේශවන පිරිස්ද මෙම අපරාධකරුවන්ගේ ඉලක්කය වී ඇති බවයි.
එබැවින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කටයුතු කළ යුතු බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ.
මේ හේතුවෙන සිය මුරපද සහ පෞද්ගලික තොරතුරු වෙනත් පාර්ශ්වයන් වෙත ලබා දීමෙන් වැළකී සිටිය යුතු බවයි අවධාරනය කරන්නේ.
වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,
“යම් කිසි කෙනෙකු ඔබ හා සම්බන්ධ වෙන්න පුළුවන් ඉතාම ප්‍රසිද්ධ නමක් ඇති චරිතයක් විදිහට, ප්‍රසිද්ධ ආයතනක නමකින් ඔබ හා සම්බන්ධ වෙලා ඔබගේ දුරකථන අංකය, ඔබගේ මුරපදයන් සහ ඔබගේ OTP අංකයන් සමග සම්බන්ධ වී ඔබගේ මුදල් ඉවත් කරගන්නට පුළුවන්. ඒ වගේම ඔබ ලක්ෂපතියෙකු වීමට වරම් ඇත, ලක්ෂ ගණනක ලොතරැයියක් දිනා ඇත කියන පණිවුඩය සමගින් රැවටීමකට භාජනය කරලා තිබෙනවා. එම ලක්ෂ ගණනක මුදල් ත්‍යාගය ගන්නට නම් ඔබ මේ ක්‍රමවේදය අනුගනමය කළ යුතු බව කියලා මගපෙන්වනවා. මොකක්ද අනුගමනය කළ යුතු ක්‍රමවේදය ? ඔබගේ OTP අංකය, ඔබගේ පුද්ගලික තොරතුරු, ඔබගේ බැංකු තොරතුරු හෙළිකර ගන්නවා. මේවා පුනපුනා කිව්වත් ඇතැම් අම්මලා, තාත්තලා සහ තරුණ කොටස් මහන්සියෙන් හම්බකරලා තියෙන මුදල් අපරාධකරුවෙකුට, දූෂිතයෙකුට ලබා දීලා තිබෙනවා”
රු. පනස්දහසේ (50,000) දීමනාව 70% කට ගෙවා අවසන්
(24.01.2026 – hirunews.lk)
දිට්වා සුළි කුණාටුවෙන් පසු පවුල් නැවත පදිංචි කරවීම සඳහා මුළුතැන්ගෙයි උපකරණ ලබා ගැනීම වෙනුවෙන් රජයෙන් ලබා දෙන රු. 50,000 දීමනාව මේ වන විට 70% ක ප්‍රතිශතයකට ගෙවා අවසන් කර තිබෙනවා.
ඒ අනුව, දිස්ත්‍රික්ක 25 හි පවුල් 156,805 ක පිරිසක් මෙම දීමනාව ලබා දීම සඳහා ගණනය කර තිබු අතර එයින් පවුල් 19,512 කට මේ වන විට එය ගෙවා අවසන් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
එසේම, ආපදාවෙන් පසු නිවාස පවිත්‍ර කර ගැනීම සඳහා රජයෙන් ලබා දෙන රුපියල් 25,000 ක දීමනාව ගෙවා අවසන් කිරීමේ සමස්ත ප්‍රගතිය 97% ක්.
ඒ අනුව, දිස්ත්‍රික්ක 25 හි පවුල් 435,104 ක් මෙම දීමනාව ලබා ගැනීම වෙනුවෙන් සුදුසුකම් ලබා තිබු අතර එයින් පවුල් 422,900 කට මේ වන විට එම දීමනාව ලබා දීම අවසන් කර තිබෙනවා.
ආපදාවෙන් පීඩාවට පත් පවුල්වල පාසල් සිසුන් වෙනුවෙන් රජයෙන් ලබා දෙන රුපියල් 15,000 ක දීමනාව ගණනය කළ පිරිසෙන් 73% කට මේ වන විට ගෙවා අවසන් කර තිබෙනවා.
එසේම, ජනාධිපති අරමුදලින් ලබා දෙන රුපියල් 10,000 ක දීමනාව ලබා දීමේ කටයුතු ද මේ දිනවල සිදුවන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා ෴
රිමාන්ඩ් භාරයේ සිටින කස්සප හිමියන් රෝහල් ගතකෙරේ
(24.01.2026 – hirunews.lk)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අසනීප තත්ත්වයක් හේතුවෙන් මේ වනවිට රෝහල්ගත කර තිබෙනවා.

ඒ අනුව බන්ධනාගාර නිලධාරින්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ උන්වහන්සේ මේ වනවිට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමාසාරිස් ඒ.සී. ගජනායක කියා සිටියේ.
එමෙන්ම උන්වහන්සේට රුධිර පරීක්ෂණයක් ද සිදුකර ඇති බවයි ඔහු කියා සිටියේ.
ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරයේ ඇතිවූ ගැටලුකාරී සිද්ධියක් සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා හතර නමක් (4) සහ තවත් සැකකරුවන් හය දෙනෙකු (6) එළඹෙන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ ෴
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්ගේ වැඩ තහනම්
(24.01.2026 – hirunews.lk)
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නීතීඥ චමින්ද කුලරත්න වැඩතහනමකට ලක්ව තිබෙනවා.
ඊයේ (23) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩතහනම ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

ඔහුගේ පත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුකාරී තත්ත්වයක් මත මෙම තීරණය ගෙන තිබෙන බව වාර්තා වනවා.
මෙම වැඩ තහනම් කිරීමට එරෙහිව චමින්ද කුලරත්න නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බවද වාර්තා වනවා.
2023 සැප්තැම්බර් 15 දා සිට ක්‍රියාත්මක වන පරිදි චමින්ද කුලරත්න මෙම ධුරයේ රාජකාරි කටයුතු කරනු ලබනවා.
චමින්ද කුලරත්න රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙකු වනවා.
තවද කොළඹ විශ්ව විද්‍යාලයේ හා එක්සත් රාජධානියේ බකින්හැම්ෂයර් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමණාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියෙකු ද වන ඔහු 2005 වසරේ සිට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ යාවජීව සාමාජිකයෙකු මෙන්ම 2016 වසරේ සිට නීතීඥ සංගමයේ කවුන්සිලයේ සාමාජිකයෙකු ද වනවා.
ජ්‍යෙෂ්ඨ නීතීඥ චමින්ද කුලරත්න සිය 20 වසරකට වැඩි වෘත්තිය ගමන් මඟ තුළ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම්, ජනාධිපති අතිරේක ලේකම්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්, විපක්ෂ නායක අතිරේක ලේකම්, එක්සත් රාජධානියේ ලන්ඩන්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, ජනාධිපති සහකාර ලේකම් ඇතුළු රජයේ විධායක මට්ටමේ පරිපාලන තනතුරු රැසක් හොබවා තිබෙනවා ෴
වවුනියාවේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) අනතුරට පත්කළ ලොරි රථ රියදුරෙකු අත්අඩංගුවට
(24.01.2026 – hirunews.lk)
යාපනය – නුවර ප්‍රධාන මාර්ගයේ වවුනියාව, කළුකුන්නම්මඩුව ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන්ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) අනතුරට පත්කර පලාගිය ලොරි රථයක රියදුරෙකු අද (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, අණ නොතකා ධාවනය කළ කුඩා ලොරි රථයක් පසුපස හඹාගොස් සිය භාරයට ගැනීමට උත්සහ කළ අවස්ථාවේදී එහි රියදුරු විසින් අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා (2)ඊයේ අනතුරට පත්කර පලාගොස් ඇති බවයි.
අනතුරට ලක්වූ නිලධාරීන් දෙදෙනා (2) ප්‍රතිකාර සඳහා වවුනියාව රෝහලට ඇතුළත් කොට තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු හා ලොරි රථය වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴
දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ බහුදින ධීවර යාත්‍රාවල සිටි 11 ක් අත්අඩංගුවට
(24.01.2026 – hirunews.lk)
අයිස් සහ හෙරෝයින් මත්ද්‍රව්‍ය කිලෝ 270 කට වැඩි ප්‍රමාණයක් පවතින බවට සැකකෙරෙනෙ බහුදින ධීවර යාත්‍රා දෙකක් (2) දකුණු මුහුදේදී නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී ඊයේ (23) සිය භාරයට ගෙන තිබෙනවා.
එහි සිටි සැකකරුවන් 11 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදාව මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් කියා සිටියේ.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට ලද තොරතුරකට අනුවයි ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරනු ලැබුවේ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමෙන් පසුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සම්බන්ධීකරණය සහිතව නාවික හමුදාව සමග ඒකාබද්ධව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණා.
පසුව දකුණු මුහුදේදි පළමුව එක් යාත්‍රාවක් සැකකරුවන් 06 දෙනෙකු ද සමග නාවික හමුදා භාරයට ගනු ලැබුවා.
එමෙන්ම එහි සිටි පිරිස හරහා ලැබුණු තොරතුරු මත තවත් බහුදින ධීවර යාත්‍රාවක් සැකකරුවන් 5 දෙනෙකු ද සමග සිය භාරයට ගෙන තිබූ බවයි නාවික හමුදාව කියා සිටියේ.
කෙසේවෙතත් අදාළ යාත්‍රා දෙක හෙට (25) දිනයේ ගොඩබිමට රැගෙන ඒමට නියමිත බවයි නාවික හමුදාව කියා සිටියේ.
මේ අතර 2025 වසරේ හෙරෝයින්, අයිස් ඇතුළු සියලු මත්ද්‍රව්‍ය කිලෝ 23,692 කට වැඩි ප්‍රමාණයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගෙන තිබුණා ෴
සමලිංගිකයන්ට එක හරියට ආගමක් වගේ… ඔබ ඔබේ දරුවන් වෙනුවෙන් මේවාට විරුද්ධ වෙන්න (24.01.2026)
+
මේක පැලවත්තෙන් අනුරට විරුද්ධව කරන අරගලයක්… මේ සමරිසි ආණ්ඩුවෙන් ඔබේ දරුවා බේරාගන්න (24.01.2026)
+
සිවුරද කළුකෝට් එකද ජාතික ඇඳුමද, ඒවා වැඩක් නෑ… අපි ගහනවා – මීට ලාල්කාන්ත (24.01.2026)
+
වහල්කම ඉහ වහා ගොස් තවමත් හෝදන මාලිමාවේ ඩෝබි නංගිලා මල්ලිලා! (24.01.2026)
+
88/89 කලා මෙන් පාසල් නොදරුවන් පාරට බැස්සා ජෝගි නටන හරිණි නෙයියාඩගම් (24.01.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴