විදුලිබල මණ්ඩලය අහෝසි කිරීම කල්යයි

විදුලිබල මණ්ඩලය අහෝසි කිරීම කල්යයි


විදුලිබල මණ්ඩලය අහෝසි කිරීම කල්යයි

(23.01.2026 – hirunews.lk)

ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කිරීම තවදුරටත් කල් දැමීමට සිදු ව ඇති බව වාර්තා වනවා.

මීට අදාළ ගැසට් නිවේදනය ලබන මස පළමු වැනිදා (01) නිකුත් කිරීමට සැලසුම් කර තිබුණ ද බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල සඳහන් කළේ, ජාතික විදුලි ගාස්තු ප්‍රතිපත්තිය ඇතුළත් විදුලිබල ප්‍රතිපත්තිය සකස් කර ඊට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට මේ දක්වා නොහැකි වීම, විදුලිබල මණ්ඩලය අහෝසි කිරීම කල් යාමට හේතු වී ඇති බවයි.

ඊට අදාළ මහජන අදහස් විමසීම මේ වනවිට ආරම්භ වී ඇති අතර අනතුරුව විදුලිබල ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට අපේක්ෂා කරන බව ද බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළා.

ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි වීමෙන් පසු එහි දේපළ සහ සේවකයින් සමාගම් 04 කට අනියුක්ත කිරීමට සැලසුම් කර තිබෙනවා.

කෙසේ වෙතත්, වන්දි ලබාගෙන ඉවත්ව යාමට සේවකයින් 2100 කට ආසන්න ප්‍රමාණයක් ඉල්ලීම් කර ඇති නමුත් විදුලි බල මණ්ඩලය අහෝසි කිරීම ප්‍රමාද වීම හරහා එම කටයුතු ද කල් යනු ඇති ෴


හිටපු අමාත්‍ය චාමර සම්පත්ට අධි චෝදනා

(23.01.2026 – hirunews.lk)

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායකට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබෙන බව අල්ලස් කොමිසම අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

මෙම නඩුව අද (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ මෙම සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ඉදිරිපත් කර තිබෙන බවයි.

ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩු කටයුත්ත අවසන් කළ මහේස්ත්‍රාත්වරයා මහාධිකරණය නොතීසියක් ලද විට අධිකරණයේ පෙනී සිටින ලෙස සැකකාර චාමර සම්පත් දසනායකට නියම කළා ෴


‘පික්මී’ ජරමරයට උත්තර… | තැන තැන ඇතිවුණු සිද්ධි නිසා ‘පික්මී’ නිලධාරීන් පොලිස්පති හමුවෙයි (23.01.2026)

+


ජෙප්පන්ට ඉංග්‍රීසි බෑ – හරිනි මැඩම්ගෙන් පංතියක් ? (23.01.2026)

+


මහින්ද, ඔයා ළමයින්ට උගන්නපු නැති එක කොච්චර දෙයක්ද ? බැලුවාම ජේවීපීකාරයො කියන්නෙ අමු මැට්ටො (23.01.2026)

+


පොට්ටු අම්මාන්ටත් හොරා කොටි සංවිධානය ඇතුළේ ඔත්තු බලපු බුද්ධි අංශයේ සාමාජිකයෙක් මම (23.01.2026)

+


ගල් අගුරු ප්‍රශ්නෙ තෙවන විනිසුරුට ගින්නෙන් උපන් සීතල 2 (23.01.2026)

+

චරිත් සුදාට ගහලද ? (23.01.2026)

+


ආණ්ඩුව වනසන ආන්ඩුවේ ඇමතවරු (23.01.2026)

+


1965 ඇමරිකාවෙන් අටවපු CIA කෙමන ලංකාවට කරන්න හදන දේ (23.01.2026)

+


සිදු නාට්‍යයෙන් ඉවත් වූ හේතුව මුල් වරට කියයි – Nethma Akashmitha (23.01.2026)

+


ඔව් මම හිරේ ගියා උබලට පාන් ද ? – Charith Abeysinghe (16.01.2026)

+


“ශ්‍රී දළදා මාළිගාව පවත්වාගෙන යාමට වසරකට රු. කෝටි 150 ක් අවශ්‍යයි” – දියවඩන නිලමේ

(24.01.2026 – hirunews.lk)

ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික කටයුතු පවත්වාගෙන යාම සඳහා රුපියල් කෝටි 150 ක ආදායමක් වර්තමානය වන විට අවශ්‍ය බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, පසුගිය 23 වැනිදා පල්ලෙකැලේ, ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැති ‘මෙහෙවරට බුහුමන්’ වැඩසටහනට එක් වෙමින්.

ඒ අනුව දිනකට රුපියල් ලක්ෂ 50 ක පමණ ආදායමක් උපයා නොගත්තොත් මාළිගාවේ වගකීම් සහ කාර්යභාරයන් ඉටු කිරීම අපහසු වන බවත්, එය මෙම වසරේ පවතින ප්‍රබල අභියෝගයක් බවත් ඔහු සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දියවඩන නිලමේවරයා සඳහන් කළේ, “2005 වසරේ දළදා මාළිගාවේ වාර්ෂික ආදායම රු. ලක්ෂ 800 ක්. ඉන් රු. ලක්ෂ 350 ක පොලී ආදායමක් ලැබුණා. නමුත් මේ අවුරුද්දේ දළදා මාළිගාව පවත්වාගෙන යන්න රුපියල් කෝටි 150 ක් ඕනේ. ඒ නිසා අපි දිනකට රු. ලක්ෂ 50 ක ආදායමක් ඇතිකර නොගත්තොත් දළදා මාළිගාව පවත්වාගෙන යාම අපහසුයි. එය මේ අවුරුද්ද වෙනකොට අභියෝගයක්. මොකද සේවක සුබ සාධනය, සේවකයෝ වගේම දළදා මාළිගාව තුළින් ඉටුකරන හා ඉටුකළ යුතු කාර්යභාරයන් ඉටුකරන්න අපට වගකීමක් පැවරිලා තියෙනවා.” යනුවෙන්.

මෙම අවස්ථාවට මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි හිමි, පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි සහ අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමි ප්‍රමුඛ සංඝරත්නයද වැඩම කර සිටියා ෴

+++

+++

+


සීත කාලගුණය පෙබරවාරි අග දක්වා

(24.01.2026 – 20:54 +0530 – sinhala.adaderana.lk)

උදෑසන කාලයේ පවතින සීත කාලගුණ තත්ත්වය පෙබරවාරි අවසානය දක්වාම බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ඉන්දියාවේ සිට හමා එන සීත සුළං ධාරාවක් මෙම සීත කාලගුණයට හේතුවක් බවය.

සීත කාලගුණය සමඟ නුවරඑළියේ මල්තුහින විශාල ලෙස ඇතිවී ඇති ආකාරයද දැකගන්නට ලැබේ.

මේ දිනවල දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ උදෑසන කාලය තුළ සීත කාලගුණික තත්ත්වයක් පවතියි.

+


මත්ද්‍රව්‍ය පරීක්ෂණ රියදුරන්ට අමතරව කොන්දොස්තරවරුන්ටත්

(24.01.2026 – hirunews.lk)

මත්ද්‍රව්‍ය භාවිතා කිරීම පිළිබඳව සොයා බැලීම සම්බන්ධයෙන් බස් රථ රියදුරන්ට සිදුකරන පරීක්ෂණ බස් රථ කොන්දොස්තරවරුන්ටත් සිදු කිරීමටත තීරණය කළ බවත් ඒ අනුව ලබන සතියේ දී බස්නාහිර පළාත තුළ අහඹු ලෙස මෙම පරීක්ෂණ කටයුතු ආරම්භ කරන බවත් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ ප්‍රකාශ කරනවා.

බස් රථ රියදුරන් වාගේම කොන්දොස්තර මහත්වරුන්ද රාජකාරී කටයුතු සිදුකරන විට සම්පූර්ණයෙන්ම මත්පැන් භාවිතයෙන් වැළකී සිටිය යුතු බවත් මෝටර් රථ පනතට අමතරව අධිකාරිය මගීන් ද මේ සඳහා දඬුවම් ලබාදීම සඳහා නීතිමය ප්‍රතිපාදන පවතින බවත් සභාපතිවරයා සඳහන් කරනවා.

බස් රථ බලපත්‍රයක් ලබා දීමේදී කොන්දේසි 38 ක් යටතේ එය ලබාදෙන බවත් බස් රථ රියදුරු මහතාගේ සහ කොන්දොස්තර මහතාගේ ක්‍රියා පටිපාටිය ද එම කොන්දේසිවලට අනිවාර්යෙන්ම ඇතුළත් වන බවද බස්නාහිර පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා විසින් පෙන්වා දෙනු ලබනවා.

බස්නාහිර පළාත තුළ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට අයත් බස් රථ නැවතුම්පොළ 65 ක් තිබෙන බවත් එම ස්ථානවලදී අහඹු ලෙස ජංගම රසායනාගාර පරීක්ෂණ යොදාගෙන මෙම පරීක්ෂණ සිදුකිරීමට සැලසුම් කර තිබෙන බවද ගාමිණි ජාසිංහ පවසනවා.

කොළඹ , ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි බස්නාහිර පළාත තුළ පෞද්ගලික බස් රථ 5000 කට ආසන්න ප්‍රමාණයක් දෛනිකව ධාවනය වන බවත් මේ අනුව බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් 10,000 කට ආසන්න ප්‍රමාණයක් එම බස් රථවල සේවය කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, ප්‍රවාහන අමාත්‍යාංශය හා පොලිසිය එක්ව මෙම පරීක්‍ෂණ කටයුතු සිදු කරන බවද ගාමිණී ජාසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴


හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා දළදා සමිදුන්ගේ ආශිර්වාද ලැබ මහ නාහිමිවරුන් බැහැදකී

(24.01.2026 – hirunews.lk)

හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා අද (24) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාළිගාවට පැමිණ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගෙන ආශිර්වාද ලබා ගත්තා.

අනතුරුව, හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක හිමිවරුන්ද බැහැදුටුවා.

ඒ අනුව, මල්වතු මහා විහාරය වෙත පැමිණි හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා, මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

අනතුරුව සභාපතිවරයා පැමිණයේ අස්ගිරි මහා විහාරය වෙතයි.

එහිදී අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නාහිමියන් බැහැදුටු සභාපතිවරයා උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා ගත්තා.

හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් ද බැහැදුටුවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *