විදුලිබල මණ්ඩලය අහෝසි කිරීම කල්යයි
(23.01.2026 – hirunews.lk)
ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කිරීම තවදුරටත් කල් දැමීමට සිදු ව ඇති බව වාර්තා වනවා.
මීට අදාළ ගැසට් නිවේදනය ලබන මස පළමු වැනිදා (01) නිකුත් කිරීමට සැලසුම් කර තිබුණ ද බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල සඳහන් කළේ, ජාතික විදුලි ගාස්තු ප්‍රතිපත්තිය ඇතුළත් විදුලිබල ප්‍රතිපත්තිය සකස් කර ඊට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට මේ දක්වා නොහැකි වීම, විදුලිබල මණ්ඩලය අහෝසි කිරීම කල් යාමට හේතු වී ඇති බවයි.
ඊට අදාළ මහජන අදහස් විමසීම මේ වනවිට ආරම්භ වී ඇති අතර අනතුරුව විදුලිබල ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට අපේක්ෂා කරන බව ද බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළා.
ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි වීමෙන් පසු එහි දේපළ සහ සේවකයින් සමාගම් 04 කට අනියුක්ත කිරීමට සැලසුම් කර තිබෙනවා.
කෙසේ වෙතත්, වන්දි ලබාගෙන ඉවත්ව යාමට සේවකයින් 2100 කට ආසන්න ප්‍රමාණයක් ඉල්ලීම් කර ඇති නමුත් විදුලි බල මණ්ඩලය අහෝසි කිරීම ප්‍රමාද වීම හරහා එම කටයුතු ද කල් යනු ඇති ෴
හිටපු අමාත්‍ය චාමර සම්පත්ට අධි චෝදනා
(23.01.2026 – hirunews.lk)
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායකට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබෙන බව අල්ලස් කොමිසම අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
මෙම නඩුව අද (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ මෙම සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ඉදිරිපත් කර තිබෙන බවයි.
ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩු කටයුත්ත අවසන් කළ මහේස්ත්‍රාත්වරයා මහාධිකරණය නොතීසියක් ලද විට අධිකරණයේ පෙනී සිටින ලෙස සැකකාර චාමර සම්පත් දසනායකට නියම කළා ෴
‘පික්මී’ ජරමරයට උත්තර… | තැන තැන ඇතිවුණු සිද්ධි නිසා ‘පික්මී’ නිලධාරීන් පොලිස්පති හමුවෙයි (23.01.2026)
+
ජෙප්පන්ට ඉංග්‍රීසි බෑ – හරිනි මැඩම්ගෙන් පංතියක් ? (23.01.2026)
+
මහින්ද, ඔයා ළමයින්ට උගන්නපු නැති එක කොච්චර දෙයක්ද ? බැලුවාම ජේවීපීකාරයො කියන්නෙ අමු මැට්ටො (23.01.2026)
+
පොට්ටු අම්මාන්ටත් හොරා කොටි සංවිධානය ඇතුළේ ඔත්තු බලපු බුද්ධි අංශයේ සාමාජිකයෙක් මම (23.01.2026)
+
ගල් අගුරු ප්‍රශ්නෙ තෙවන විනිසුරුට ගින්නෙන් උපන් සීතල 2 (23.01.2026)
+
චරිත් සුදාට ගහලද ? (23.01.2026)
+
ආණ්ඩුව වනසන ආන්ඩුවේ ඇමතවරු (23.01.2026)
+
1965 ඇමරිකාවෙන් අටවපු CIA කෙමන ලංකාවට කරන්න හදන දේ (23.01.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴