උලපනේ හිමියන්ගෙන් සී.අයි.ඩීයට චෝදනාවක්

උලපනේ හිමියන්ගෙන් සී.අයි.ඩීයට චෝදනාවක්


උලපනේ හිමියන්ගෙන් සී.අයි.ඩීයට චෝදනාවක්

(23.01.2026 – hirunews.lk)

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මතුව ඇති ගැටලු‍වලට සම්බන්ධ වරදකරුවන් ගළවා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සහ කරන බවට අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් චෝදනා කරනවා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වීමට ගිය අවස්ථාවේදී උන්වහන්සේ මේ බව සඳහන් කළා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල 6 ශ්‍රේණියේ මොඩියුලයක මතුව තිබූ ගැටලු‍වක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලු‍වැව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබුණා. ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට බී-වාර්තාවක් ද ගොනු කරනු ලැබුවා.

කෙසේ වෙතත් අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමය සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණයට අද (23) කරුණු දැක්වීමක් සිදු කරනු ලැබුවේ අදාළ බී-වාර්තාව පිළිබඳ සෑහීමකට පත් නොවන බව පවසමින්.

මේ අතර, 6 ශ්‍රේණිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසරේදීම ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා ගාල්ල ගුරු දෙමාපිය එකමුතුව ක්‍රියාත්මක කරන සත්‍යග්‍රහය සිව්වැනි දිනයටත් අද (23) පැවැත්වුණා.

+++

+


හිටපු ජනපති රනිල්, මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකී

(23.01.2026 – hirunews.lk)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (23) පෙරවරුවේ මහනුවර සංචාරයක නිරත වෙමින් මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගනු ලැබුවා.

පළමුව මල්වතු මහා විහාරයට පැමිණි හිටපු ජනාධිපතිවරයා, මල්වතු පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදැක සුවදුක් විමසා සිටියා.

අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත ගිය හිටපු ජනපතිවරයා, අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගනු ලැබුවා.

මෙම අවස්ථාව සඳහා හිටපු ජනපතිවරයා සහභාගී වූයේ තනිවම වීමත්, එම අවස්ථාව සඳහා වෙනත් කිසිවෙකුත් සහභාගි නොවීමත් විශේෂත්වයක්.

+++

+


TRC හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට රිමාන්ඩ්

(23.01.2026 – hirunews.lk)

අත්අඩංගුවට පත් හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRC) හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට පෙබරවාරි 06 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

ඒ ඔහුව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ෴

+++

+


රු. කෝටියක දේපල කොල්ල කෑ කාන්තාවක් ඇතුළු 06ක් අත්අඩංගුවට

(23.01.2026 – hirunews.lk)

නාරාහේන්පිට ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් එක් කෝටි දහසය ලක්ෂයකට (1,16,00,000) අධික වටිනාකමින් යුතු දේපල කොල්ලකෑමේ සිද්ධියට අදාලව කාන්තාවක් ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 18 වැනිදා මෙම කොල්ලය සිදුව තිබූ අතර එහිදී කොල්ල කන ලද රන් මාලයක් සමග 40 හැවිරිදි පුද්ගලයෙකු නාරාහේන්පිට පොලිසිය විසින් ඊයේ (22) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා.

ඉන් අනතුරුවයි කාන්තාව ඇතුළු ඉතිරි සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ.

සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 62 ක් පමණ වටිනාකමින් යුත් අත් ඔරලෝසු 03 ක්, රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා සුදු රත්‍රං කරාඹු ජෝඩුවක්, දියමන්ති මාලයක්, සුවඳ විලවුන් බෝතල් 02ක් සැකකරුවන් සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

තවත් සැකකරුවන් දෙදෙනෙකු (2) හඳුනාගෙන ඇති අතර, සොරකම් කරන ලද භාණ්ඩ වලින් කොටසක් ද රැගෙන ඔවුන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ ෴


ආපදාවෙන් බලපෑමට ලක්වූවන් සවිබල ගැන්වීමට අදාළව නව චක්‍රලේඛය නිකුත් වෙයි

(23.01.2026 – hirunews.lk)

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බිඳ වැටී ඇති ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ ආපදාවට ලක් වූ ව්‍යාපාර සඳහා සහන සැලසීමේ අරමුණින් රජය විසින් නව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

2025 දෙසැම්බර් 05 දිනැති අංක 08/2025 දරන අයවැය චක්‍රලේඛය සහ ඊට අදාළ සංශෝධන මත පදනම්වයි මෙම නව උපදෙස් මාලාව නිකුත් කර ඇත්තේ.

මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ ආපදා තත්ත්වය හේතුවෙන් තාවකාලිකව ඇණහිට ඇති ව්‍යාපාර වෙත පුළුල් සහන සැලසීමයි.

එමගින් පීඩාවට පත් ව්‍යවසායකයින් සවිබල ගන්වා, ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග වඩාත් ඵලදායී අයුරින් යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කෙරෙනවා.

ඒ අනුව, අනු අංක 8 හි සඳහන් දීමනා ලබාදීමේදී පැන නැඟුණු ගැටලු නිරාකරණය කරමින්, එම ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම සහ විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක කිරීම සඳහා නව සංශෝධන හා පැහැදිලි කිරීම් මෙම චක්‍රලේඛය මගින් ඉදිරිපත් කර තිබෙනවා.


මත්ද්‍රව්‍ය පිරවූ බහුදින ධීවර යාත්‍රා 2ක් නාවික හමුදා භාරයට

(23.01.2026 – 20:29 +0530 – sinhala.adaderana.lk)

දකුණු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ දී මත්ද්‍රව්‍ය පිරවූ බහුදින ධීවර යාත්‍රා 2 ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

ඒ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලැබුණු තොරතුරකට අනුව නාවික හමුදාව සිදුකළ මෙහෙයුමකදීය.

මෙම බහුදින ධීවර යාත්‍රා දෙකේ ‘අයිස් මත්ද්‍රව්‍ය’ සහ ‘හෙරොයින් මත්ද්‍රව්‍ය’ කිලෝග්‍රෑම් 270 ක පමණ ප්‍රමාණයක් ඇති බවට සැක කරයි.

අදාළ සැකසහිත බහුදින ධීවර යාත්‍රා දෙක (2) මේ වනවිට ගොඩබිමට රැගෙන එමින් සිටින බවද වාර්තා වෙයි ෴


සෞඛ්‍ය ඇමති යූ ටර්න් එකක් ගහන්නේ…| රටටම දැනෙන්න කරන වෛද්‍ය වර්ජනයට හේතුව GMOA රටටම හෙළිකරයි (23.01.2026)

+++

සජබයට මඩ ගහන්න පෝස්ට් ශෙයා කරලා දොස්තරලා සාක්ෂි මාධ්‍යට ලීක් කරයි (23.01.2026)

+


භීෂණ කාලේ සිවුර අස්සේ හැංඟුන අය මේ – අද සිවුරට අත තියන්න ලෑස්තිවෙනවා – ලැජ්ජයි… (23.01.2026)

+


අපිත් එක්ක චණ්ඩි පාට් හරියන්නේ නෑ ලාල් | අපි දේශපාලනේ කරන්නේ රට වෙනුවෙන් හරිද? (23.01.2026)

+


අන්දරේ රජ වෙනකම් කවුරුත් දන්නේ නෑ – අන්දරේ වගේ කෙනෙක් තමයි රටේ රජා දැන් (23.01.2026)

+


පාඨලී චම්පික මේ දැන් CID එකට එයි – රට කැළඹෙන හෙළිදරව් රැසක් (23.01.2026)

+


ඉස්සර නවක වදදීලා දරුවන් මරලා දැම්මා – සජබේ කාවින්ද ජේවීපීයේ රෙදි ගලවයි (23.01.2026)

+


විමල් ඔයා පරිස්සම් වෙලා ඉන්න අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි කියයි (23.01.2026)

+

ආණ්ඩුව හයිෆයි නෝනලා බස්සවලා ගේම ගහන්නේ – මොකක්ද මේ දෙබිඩි පිලිවෙත යල්වල පඤ්ඤාසේකර හිමිට හොඳටම තදවෙයි (23.01.2026)

+


බලන්ගොඩ කස්සප හිමිගේ ජීවිතය අනතුරේ – සිංහල සංවිධාන එකමුතුව හෙළි කරයි (23.01.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *