තහනම් කරන ලද පිරමීඩ වංචාවක් වෙනත් නම් වලින් ආරම්භ කළ සැකකරුවන් අල්ලන්න නියෝග
තහනම් කරන ලද පිරමීඩ වංචාවක් වෙනත් නම් වලින් ආරම්භ කළ සැකකරුවන් අල්ලන්න නියෝග
(22.01.2026 – hirunews.lk)
‘ෂේඩ් ඔප් ප්‍රෝකෙයා’ නමින් ආයතනයක් පවත්වාගෙන යමින් මාර්ගගත ක්‍රමය ඔස්සේ රැකියා ලබා දෙන බව පවසා රු. කෝටි 1000 කට අධික මුදලක් වංචා කළ බව කියන සිද්ධියට අදාලව විමර්ශන කටයුතු සිදු කරන බැවින් එම නම භාවිතා නොකර වෙනත් නම් ඔස්සේ මෙම පිරමීඩ ජාවාරම රට තුළ ක්‍රියාත්මක කිරීමට දැනට ඇප මත සිටින ‘ප්‍රෝකෙයා’ ආයතනයේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිස කටයුතු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (22) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ දන්වා සිටියා.
එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ එම සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
සිද්ධියට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී මෙලෙස නියෝග කළා.
සිද්ධියට අදාල සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
තවද මෙම සිද්ධියට අදාළව දැනට ඇප මත සිටින එම පිරමීඩ වංචාවේ අධ්‍යක්ෂකවරයා ඇතුළු තිදෙනාට (3) ඇප ලබා දුන් පුද්ගලයන් වෙනස් කරන බව ද නීතිඥවරුන් විසින් දැනුම් දුන්නා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ, ‘ෂේඩ් ඔප් ප්‍රෝකෙයා’ නමැති ආයතනය මේ වන විට තහනමට ලක්ව ඇති බැවින් එම ආයතනයේ සිටින අධ්‍යක්ෂකවරු ඇතුලු පිරිස විසින් වෙනත් නම් ඔස්සේ මෙම පිරමීඩ ජාවාරම සිදු කරන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ විමර්ශන නිලධාරියා සඳහන් කර සිටියේ, එම පිරිමිඩ වංචාව විවිධ නම් වලින් පවත්වාගෙන යන බවයි.
දැනට කරන ලද විමර්ශනවලින් නම් තුනක් මේ වනවිට අනාවරණය වී ඇති බව ද අධිකරණයට දැන්වුවා.
‘ඉනෙක් ඉන්ටනැෂනල්’, ‘ෆ්‍රිලාන්ස් ක්‍රියේටිව්’, ‘සංදේශ්’ යන නම් ඔස්සේ මාර්ග ගත ක්‍රම ඔස්සේ රැකියා ලබා දෙන බව පවසා ජනතාවට සතු මුදල් වංචා කරන බව විමර්ශන නිලධාරීයා අධිකරණයට දැන්වුවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් භාවයක් නොමැතිකමින් රැවටීමට ලක්ව ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (22) අධිකරණයට දැන්වූවා.
ප්‍රධාන පිරමීඩ වංචාවට සම්බන්ධ අනෙකුත් පිරමීඩ වංචා සම්බන්ධයෙන් මෙම සැකකරුවන් ක්‍රියාකළ තිබේ නම් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා ෴
නිරුවත් ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කළ තරුණයකුට අත්හිටවු සිර දඬුවම්
(22.01.2026 – hirunews.lk)
නිරුවත් ඡායාරූප හා වීඩියෝ දර්ශන සන්තකයේ තබාගනිමින් ඒවා අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කරන බවට තර්ජනය කර සාපරාදී බිය ගැනීමක් සිදුකළ බව කියන චෝදනාවලට අධිකරණයේදී වැරදිකරු කෙරුණු තරුණයකුට මාස අටක (8) සිර දඬුවමක් නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම එය වසර 10 කට අත්හිටුවනු ලෙස අද (22) නියෝග කළා.
අගතියට පත් කාන්තාවට රුපියල් ලක්ෂයක (100,000) වන්දි මුදලක් ගෙවන ලෙසටද අධිකරණයෙන් නියම වූවා.
ලිංගික අතවර සිදුකිරීම නිරුවත් ඡායාරූප නිෂ්පාදනය කර ස්වාමිත්වයේ තබා ගැනීම සහ නිරුවත් ඡායාරූප සංසාරණය කිරීම යන චෝදනා සඳහා තමා වරදකරු බව චූදිත විවෘත අධිකරණයේ දි පිළිගනු ලැබුවා.
පැමිණිලිකාරියගේ නිරුවත් ඡයාරූප හා වීඩියෝ දර්ශන සන්තකයේ තබා ගනිමින් අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කරන ලෙස තර්ජනය කළ බවට තරුණයෙකු කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කටයුතු සිදු කළ බව අධිකරණයට දැනුම් දුන්නා.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුහට මාස අටක (8) සිර දඬුවමක් වසර දහයට (10) අත්හිටවුවනු ලැබුවා.
රුපියල් හයදාස් පන්සියක (6500) දඩ මුදලක් නියම කළා ෴
රු. මිලියන 800 ක පාඩුවක් කළැයි අර්ජුන සහ ධම්මික රණතුංග සොයුරන්ට මහාධිකරණයෙන් අධි චෝදනා
(22.01.2026 – hirunews.lk)
ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල් මිලදී ගැනීම තුළින් ඛනිජතෙල් නීතිගත සංස්ථාවට රු. මිලියන 800 කට ආසන්න මුදලක් පාඩු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමති අර්ජුන රණතුංගට හා ඔහුගේ සොහොයුරෙකු වන ධම්මික රණතුංගට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළ බව එම කොමිසම විසින් අද කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

මෙම නඩුව අද (22) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම මෙම දැනුම් දීම සිදු කළා ෴
‘ස්මාර්ට් බෝඩ්’ ගැනීමට මවුපියන්ගෙන් මුදල් ඉල්ලූ විදුහල්පතිවරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග
(22.01.2026 – hirunews.lk)
පාසල්වල පංති කාමරවලට ‘ස්මාර්ට් බෝඩ්’ ලබාගැනීමට අවශ්‍ය බව පවසමින් මව්පියන්ගෙන් මුදල් එකතු කිරීමට විදුහල්පතිවරුන් කටයුතු කර ඇත්නම් එම විදුහල්පතිවරුන්ට එරෙහිව නිසි පියවර ගතයුතු බවට තමා පාර්ලිමේන්තුවට යෝජනා කරන බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අරුණ කරුණාතිලක අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තුවේදී අද (22) පැවැත්වෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් කල්තැබීමේ අවස්ථාවේ විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
පාසල්වලට ‘ස්මාට් බෝඩ්’ ගැනීම සඳහා මව්පියන්ගෙන් මුදල් එකතුකරන ලෙසට අධ්‍යාපන අමාත්‍යංශයෙන් උපදෙසක් ලබාදී නොමැති බවත් එසේ තිබියදී යම් විදුහල්පතිවරයෙකු ‘ස්මාට් බෝඩ්’ ගැනීම සඳහා මව්පියන්ගෙන් මුදල් ඉල්ලා ඇත්නම් එවැනි විදුහල්පතිවරුන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගතයුතු බව අමාත්‍යවරයා සඳහන් කළා.
පාසල්වලට ‘ස්මාර්ට් බෝඩ්’ ලබාදීම සඳහා ආණ්ඩුවෙන් මේ වන විට මුදල් වෙන්කර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
මාර්තු මාසය වනවිට පාසල් 1600 කට ‘ස්මාට් බෝඩ්’ ලබාදීමට ආණ්ඩුව කටයුතු කරන බවත් සෑම පාසලකටම අවම වශයෙන් එක් ඩිජිටල් උපකරණයක් ලබාදීමට කටයුතු කරන බවද අරුණ කරුණාතිලක අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴
අක්කරෙපත්තුව වෛද්‍ය අධිකාරී ධුරයෙන් ඉවතට : නැගෙනහිර වෛද්‍ය වර්ජනය අවසන්
(22.01.2026 – hirunews.lk)
චෝදනාවන්ට ලක් වූ අක්කරෙපත්තුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා වහාම එම තනතුරෙන් ඉවත් කරමින් ඊට අදාළ ලිපිය සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව නැගෙනහිර පළාතේ දියත් වූ වෛද්‍ය වැඩ වර්ජනය අද (22) දින දහවල් 02:00 ට අවසන් කර තිබුණා.
මේ වන විට නැගෙනහිර පළාතේ සියලුම රෝහල්වල රෝගී සත්කාර සේවාවන් සාමාන්‍ය පරිදි සිදු කිරීමට ආරම්භ කරමින් පවතින බවයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ ෴
හොරණ රු. ලක්ෂ 43 ක මුදල් සොරකම සීසීටිවි කැමරාවේ : සැකකරු අත්අඩංගුවට ගැනීමට කණ්ඩායම් කිහිපයක්
(22.01.2026 – hirunews.lk)
හොරණ රත්නපුර මාර්ගයේ ත්‍රිරෝද රථ සහ යතුරු පැදි අමතර කොටස් තොග සහ සිල්ලර අලෙවි කරන ව්‍යාපාරික ස්ථානයකට මුහුණු ආවරණය කරගෙන තියුණු ආයුධයක් අතැතිව ඇතුළු වූ පුද්ගලයෙක් රුපියල් ලක්ෂ 43 කට ආසන්න මුදලක් සොරාගෙන ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය පවසනවා.
ඉකුත් 16 වැනිදා අලුයම් කාලයේ මෙම සොරකම සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
සොරකම සඳහා පැමිණි පුද්ගලයා තෙමහල් ගොඩනැගිල්ලක පිහිටා තිබෙන එම ව්‍යාපාරික ස්ථානයට යාබදව ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක කොන්ක්‍රීට් කොටස ආධාරයෙන් ව්‍යාපාරික ස්ථානයේ තෙවන මහලේ ජනේලයකින් ඇතුළු වන්නට ඇතැයි පොලිසිය සැක කරනවා.
එම පුද්ගලයා ව්‍යාපාරික ස්ථානයේ තිබුන සිලි සිලි බෑග් දෙකක් අත්වැසුම් ලෙස උපයෝගී කරගන්නා අයුරුද සීසීටිවි කැමරාවේ සටහන්ව තිබෙනවා.
තෙමහල් ව්‍යාපාරික ස්ථානයේ දෙවන මහලේ පිහිටි කාර්යාලය තුළ තිබූ මෙම මුදල් සොරාගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කරනවා.
මුදල් සොරා ගැනීම සඳහා පැමිණි පුද්ගලයා පැය භාගයකට (½) අධික කාලයක් එහි රැඳී සිටින අයුරු සීසීටීවී කැමරාවක ද සටහන් වන අතර, මුදල් සොරාගෙන එම ස්ථානයෙන් පලායන අයුරුද එහි සටහන්ව ඇති බව පොලිසිය සඳහන් කරනවා.
පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වාගේ උපදෙස් මත හොරණ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති රංග පෙරේරා ඇතුළු කණ්ඩායමක් සහ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩඩ්ලිව් ඩි ආර් විශ්වනාත් ඇතුළු කණ්ඩායමක් ද ඒකාබද්ධව විමර්ශන කටයුතු සිදු කරනවා ෴
හැටන් ටවුම මැද මහ දවල් රන් ආභරණ මංකොල්ලය – CCTV කැමරාවේ (22.01.2026)
+
Hiru TV Balaya Live | Episode 626 | 2026-01-22
+
රජය කොයි වෙලේ හරි අයියව ඝාතනය කරන්න ඉදලා.. වසක් ශරීරගත කරන්න.. විෂ සර්පයෙක් දාන්න සැලසුම් කරලා.. (22.01.2026)
+
වයස්ගත පුද්ගලයන් රවටා ඒ.ටී.එම්. කාඩ්වලින් මුදල් ඇද්ද හිටපු හමුදා සෙබළා දැලේ
(23.01.2026 – hirunews.lk)
ඒ.ටී.එම්. යන්ත්‍රවලින් මුදල් ගැනීමට එන වැඩිහිටියන් මුලා කොට ඔවුන්ගේ කාඩ් පත්වලින් වංචනික ලෙස මුදල් ලබා ගත්තැයි කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව දකුණු කළුතර පොලිසිය පවසනවා.
මොහු යුද හමුදාවෙන් පළා ගොස් සිටින 39 හැවිරිදි කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි අයෙක්.
ඒ.ටී.එම්. යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීමට එන වැඩිහියන්ට උදව් කරනා මුවාවෙන් ඔවුන්ගේ කාඩ්පත අතට ගෙන මුරපදය අසා දැනගන්නා මෙම සැකකරු, එම කාඩ් පතට මොහු අත ඇති එවැනිම කාඩ් පතක් සූක්ෂම ලෙස මාරු කර මුදල් යන්ත්‍රයේ වරදක් ඇති බව පවසා එම වැඩිහිටියන් පිටත් කර හැර ඇති බවත් පසුව එම කාඩ්පත්වලින් මුදල් ලබාගෙන ඇති බවත් පොලිසිය පවසනවා.
මෙම සැකකරු සිදු කර ඇති වංචාව පිළිබඳව දකුණු කළුතර, වාද්දුව හා බණ්ඩාරගම යන පොලිස් ස්ථානවලට පැමිණිලි රාශියක් ලැබී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
බැංකුවල ඇති ආරක්ෂිත කැමරා නිරීක්ෂණය කරමින් අපරාධ පරික්ෂණාගාර නිලධාරීන්ගේද සහය ඇතිව කැබිතිගොල්ලෑව ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව පොලිසිය පවසනවා.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනි පද්මිනී වීරසූරිය, කළුතර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රමිදු සිල්වා, කළුතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර යන නිලධාරීන්ගේ උපදෙස් මත දකුණු කළුතර පොලිසියේ නොවිසඳුණු අපරාධ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ශ්‍රී රංගා, සැරයන් (610014) කුමාර සහ පොලිස් කොස්තාපල් රියැදුරු (103672) යන නිලධාරීන් මෙම මෙහෙයුමට එක්ව සිටියා ෴
රනිල් පත් කරපු නීතිපතිව ආණ්ඩුව එලවන්න හදනවා – මේක අසීලාචාර දේශපාලනයේ ආරම්භයක් (22.01.2026)
+
ඊයේ (21) ලාල් කාන්ත කරපු සැර ප්‍රකාශයට මිහින්තලේ හිමි අද (22) රිදෙන්නම රිටන් එක දෙයි (22.01.2026)
+++
+++
+++
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴