විදෙස් රැකියාවලින් වංචා කළ රුපියල් මිලියන 380 කට අධික මුදලක් නැවතත් පැමිණිලිකරුවන්ට
විදෙස් රැකියාවලින් වංචා කළ රුපියල් මිලියන 380 කට අධික මුදලක් නැවතත් පැමිණිලිකරුවන්ට
(20.01.2026 – 19:54 +0530 – sinhala.adaderana.lk)
විදේශ සේවා නියුක්ති කාර්යාංශ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයෙහි නිලධාරීන් සහ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා අතර සාකච්ඡාවක් (20) පවත්වා තිබේ.
ඒ ජනතාව කේන්ද්‍ර කරගත් නිති ක්‍රියාත්මක කිරීම තවදුරටත් ශක්තිමත් කරමින් විශේෂ විමර්ශන ඒකකයෙහි මෙතෙක් ලබා ගත් ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහාය.
එහිදී පසුගිය 2025 ජනවාරි මාසයේ සිට දෙසැම්බර් දක්වා කාලය තුළ විශේෂ විමර්ශන අංශය විදේශ ශ්‍රමිකයින් සහ ඔවුන්ගේ පවුල් සඳහා ඉතා පැහැදිලි ප්‍රතිඵල ලබා දී ඇති බව ඔවුන් අමාත්‍යවරයා හමුවේ පෙන්වා දී ඇත.
එහිදී අනාවරණය වී ඇත්තේ එම වසර තුළ මහජන පැමිණිලි 4,822 ක් ලැබී ඇති බවත් ඉන් විමර්ශන මගින් පැමිණිලි 2,914 ක් විසඳීමට කටයුතු කර ඇති බවත්ය.
තවත් පැමිණිලි කිහිපයකට අදාළව අධිකරණයට නඩු 772 ක් ගොනු කිරීමට පියවර ගෙන ඇති බවත් විමර්ශනයෙන් පසු පුද්ගලයින් 121 ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් එම නිලධාරීන් අමාත්‍යවරයා හමුවේ පෙන්වා දී තිබේ.
තවද නිති විරෝධී බඳවා ගැනීම් හා සම්බන්ධ වැරදිවලට එරෙහිව වැටලීම් 21 ක්ද විමර්ශන සිදුකර මිලියන 380 කට අධික මුදලක් පැමිණිලිකරුවන්ට නැවත අයකර දීමට හැකි ව ඇති බවත් එම නිලධාරීන් අමාත්‍යවරයා හමුවේ පෙන්වා දී ඇත.
එමෙන්ම නීති විරෝධී ක්‍රියාවල යෙදුණු බවට සනාධ වූ විදේශ රැකියා නියෝජිතායතන 15 ක බලපත්‍ර අවලංගු කිරීමටද කටයුතු කර ඇති බව මෙහිදී අනාවරණය විය.
2025 වසරේ සැප්තැම්බර් 22 දින විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුළ විශේෂිත පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීම සිදුකළ බවත් එමගින් විමර්ශන සහ නීති ක්‍රියාත්මක කිරීමේ හැකියාව තවදුරටත් ශක්තිමක් හා කඩිනම් කර ඇති බවත් ඔවුන් අමාත්‍යවරයා හමුවේ අවධාරණය කළේය ෴
බුද්ධ සාසනයේ ආරක්ෂාව වෙනුවෙන් අද අපි හැමෝම ඇතුළට යනවා (19.01.2026)
+
“ආවට ගියාට ප්‍රශ්න අහන්න එපා” මාධ්‍යයේ ප්‍රශ්නවලට උලපනේ හිමිගෙන් විරෝධය (20.01.2026)
+
සිංහලයා ජාතිවාදී මෝඩයා ජනපති යාපනේ ජාතිය අමතයි ? (20.01.2026)
+
හරිනි, මම අම්මෙක් ඔයාට මේව තේරෙන්නෙ නෑ ? (20.01.2026)
+
ත්‍රිකුණාමලයේ නඩුවේ නීතිපති – පොලිසිය මත දෙකක (20.01.2026)
+
අනුරගේ ප්‍රකාශයට එරෙහිව CIDයට පැමිණිල්ලක්… ICCPR පනතින් නඩු දාන්න පුළුවන් (20.01.2026)
+
නන්දන සහෝදරයාගේ අවසන් ගුණ කථනය (20.01.2026)
+
පවර් කට් එකක් ? බිල වැඩිවීමක් ? කවුද වගකියන්නෙ (20.01.2026)
+
රංවල ප්ලීස් යන්න බිමල්ගෙන්, නලින්දගෙන් ඉල්ලීමක් (20.01.2026)
+
ආණ්ඩුවේ බෞද්ධ විරෝධී ගමනට එරෙහිව අස්ගිරි මහ නා හිමි හඬ අවදි කරයි (20.01.2026)
+
නන්දන ගුණතිලකගේ ඥාතීන්ට සැක නිසා ආදාහනය නවතයි! (20.01.2026)
+
අසරණ සතුන් වෙනුවෙන් නොමිලේ රෝද කරත්ත දෙන අපූරු තරුණයා – ගෙදර හදපු සතාව ලෙඩ වුණාම පාරට දාන්න එපා (20.01.2026)
+
ට්‍රම්ප් සහ ඉරානයේ රහස් කතා එළියට. ඇමෙරිකාව ඉරානයට ගහන්නේ කවදා ද? (19.01.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴