රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය හෙට (21) සංකේතාත්මක වැඩ වර්ජනයක
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය හෙට (21) සංකේතාත්මක වැඩ වර්ජනයක
(20.01.2026 – 17:08 +0530 – sinhala.adaderana.lk)
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය විසින් හෙට (21) දිනයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති සංකේත වැඩ වර්ජනය එලෙසම ක්‍රියාත්මක කරන බව එම සංගමය පවසයි.
එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ මාලිගාවත්ත විශේෂිත වකුගඩු රෝහලෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස රාජකාරි ආවරණය කරනු ලබන පුද්ගලයාගේ විනය විරොධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් මෙම සංකේතාත්මක වර්ජනය ක්‍රියාත්මක කරන බවය.
මෙම ගැටලුව සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සමග අද (20) දහවල් සාකච්ඡාවක් පැවැත්වූ නමුත් ඔහුගේ විමර්ශන කටයුතු සිදුකරන කාලය තුළ එම තනතුරුවලින් තාවකාලිකව ඉවත් කිරීමේ බලයක් ඔවුන් සතුව නොමැති බවත් ඒ සම්බන්ධව සෞඛ්‍ය ලේකම්වරයා සමග සාකච්ඡා කළ යුතු බව දැන්වූ බවද ඒ මහතා මෙහිදී පැවසීය.
කෙසේ නමුත් එම නිලධාරියාගේ විනය විරෝධි ක්‍රියාකාරකම් හමුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර තිබියදී අමාත්‍යාංශයේ හැසිරීම ප්‍රශ්න සහගත බව පෙන්වා දෙන එම සංගමය පැවසුවේ මේ සඳහා විසඳුම් ලබා නොදීම හේතුවෙන් මෙම වැඩ වර්ජන ක්‍රියාවලිය එලෙසම පවත්වාගෙන යාම සඳහා අද දින තීරණය කළ බවත්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා :
“සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා අවසන් එකඟතාවක් ලබා දුන්නේ නැහැ එම පුද්ගලයා රෝහලින් ඉවත් කිරීම සඳහා. ඒ සඳහා සෞඛ්‍ය ලේකම්වරයා සමග සාකච්ඡා කළ යුතුයි කියන කාරණාව තමයි ඔහු ප්‍රකාශ කළේ. අපි මේ වෙනකොට සංගමය විදිහට වර්ජන ක්‍රියාමාර්ගය අත්හිටුවන්නේ නැහැ. මොකද අපිට මේ ගැටලුව විසඳාගන්න සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත්වීම නොකරන හින්දා. ඒ නිසා අපි වර්ජන ක්‍රියාමාර්ගය තවදුරටත් කරනවාය කියන තීරණයේ තමයි ඉන්නේ. ඒ අනුව හෙට (21) උදෑසන 08:00 සිට අනිද්දා (22) උදෑසන 08:00 දක්වා කාලයකට විකිරණ පරීක්ෂණ සේවා, CT පරීක්ෂණ, MRI පරීක්ෂණ, angiogram පරීක්ෂණ, Mammogram පරීක්ෂණ, විකිරණ භාවිතාවෙන් සිදුවන සියලුම සැත්කම් අඩපණ වීමට නියමිතව තිබෙනවා. වර්ජනය පැවැත්වෙන කාල සීමාව තුළ පිළිකා රෝහල්, මාතෘ හා ළමා රෝහල් අපි වර්ජනයට සම්බන්ධ කරගන්නේ නැහැ. මෙම ගැටලුව විසඳීමට සෞඛ්‍ය ඇමතිවරයා, සෞඛ්‍ය ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ලේකම්වරයා මැදිහත් වෙන්නේ නැතිනම් අපිට මේ වර්ජන ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්‍ර කිරීමට සිදුවෙනවා. ඒ සම්බන්ධව අපි අද (20) රාත්‍රියේ පැවැත්වෙන විධායක කමිටුවේදී සාකච්ඡා කරනවා. ඊට කලින් අපි හදිසි විධායක කමිටුවක් රැස් කරලා තියෙනවා මෙම ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න.”
+++
+
කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සුභ පණිවුඩයක්
(20.01.2026 – 15:14 +0530 – sinhala.adaderana.lk)
දකුණු කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා රැකියා ගිවිසුමක් බලාපොරොත්තුවෙන් වෙබ් අඩවියේ ලියාපදිංචිව රැඳී සිටින ශ්‍රමිකයින්ට සහනයක් ලබාදෙමින්, දෙවන (2) වසර සඳහා වෙබ් අඩවියේ ලියාපදිංචිවීමේදී මෙතෙක් අනිවාර්ය කර තිබූ දෙවන (2) වෛද්‍ය පරීක්ෂණය සිදුකිරීම තවදුරටත් අවශ්‍ය නොවන බව දැනුම් දී තිබේ.
කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට එම දැනුම් දීම සිදුකර ඇත.
මෙම නව තීරණය 2026 ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන බව සඳහන් වේ.
ඒ අනුව, භාෂා ප්‍රවීණතා විභාගය ඇතුළු අනෙකුත් සියලු සුදුසුකම් සපුරාලන ශ්‍රමිකයින් වෙබ් අඩවියට ඇතුළත් කිරීමට පෙර පළමුවරට (1) වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටිය යුතු අතර, එම පරීක්ෂණයෙන් සමත් වන ශ්‍රමිකයින්ගේ තොරතුරු වෙබ් අඩවියට ඇතුළත් කරනු ලබයි.
වෙබ් අඩවියට ඇතුළත් කර පළමු (1) වසර අවසානයේදී තවදුරටත් රැකියා ගිවිසුමක් නොලැබ වෙබ් අඩවියේ රැඳී සිටින ශ්‍රමිකයින් මෙතෙක් දෙවන වරටත් (2) වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටිය යුතු වුවද, නව තීරණය අනුව දෙවන (2) වසර සඳහා එවැනි වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටීම අවශ්‍ය නොවන අතර, පළමු වර (1) සිදුකළ වෛද්‍ය පරීක්ෂණය පමණක් ප්‍රමාණවත් වේ.
පරිපාලන කාර්යක්ෂමතාවය වැඩි කිරීමත්, වෛද්‍ය පරීක්ෂණ සඳහා රැකියා අපේක්ෂිතයින්ට වැය වන මුදල් ප්‍රමාණය අවම කිරීමත් යන අරමුණු මත මෙම තීරණය ගෙන ඇති බව ද සඳහන් කරයි ෴
ජීවිත තර්ජන ගැන අයියා කළ පැමිණිල්ල නිසා දේහය භූමදානය කරන්න තීරණය කළා : නන්දන ගුණතිලකගේ සොයුරිය කියයි
(20.01.2026 – hirunews.lk)
සිය සහෝදරයාගේ මරණය ගැන ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්ථානය වෙත කළ පැමිණිල්ලක් ලෙසින් නිකුත් කර ඇති වීඩියෝවක් හේතුවෙන් හෙට (21) ඔහුගේ දේහය ආදාහනය කිරීමට ගෙන තිබූ තීරණය වෙනස් කොට භූමදානය කිරීමට තීරණය කළ බව හිටපු අමාත්‍ය නන්දන ගුණතිලකගේ සොහොයුරිය මංගලා කරුණාතිලක පැවසුවා.
ඇය මේ බව සඳහන් කළේ අද ( 20) පස්වරුවේ වාද්දුව තරුණ බෞද්ධ සමිති සංගම් ශාලාවේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැදවමින්.
එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කළේ, ඇගේ සහෝදරයා ඔහුගේ ජීවිතයට තර්ජනයක් ඇති බවට ලංකාවේ දේශපාලන ආර්ථික අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්ථානය වෙත පසුගිය ඔක්තෝබර් මාසයේදී පැමිණිල්ලක් කර ඇති බවට එම ආයතනයේ විධායක අධ්‍යක්ෂිකාව විසින් සදහන් කර ඇති බවයි.
ඒ අනුව සිය සහෝදරයාගේ ජීවිතය ආරක්ෂා කරගැනීමට නොහැකිවූ නිසා ඉදිරි පරීක්ෂණ සිදුකිරිමට ඔහුගේ දේහය ආදාහනය නොකරන භූමදානය කරන බවයි.
ඒ අනුව හෙට දින පස්වරුවේ වාද්දුව මහජන ක්‍රීඩා පිටියේදී ආදාහනය කිරීමට ගෙන තිබූ තීරණය වෙනස් කර මහ වාද්දුව වේරගම පොදු සුසාන භූමියේ දී නන්දන ගුණතිලක මහතාගේ දේහය භූමදානය කිරීමට තීරණය කර ඇතැයිද ඇය පැවසුවා.
+++
+++
+++
+
ජනාධිපති යාපනේ ඇවිත් අපේ මිනිස්සුන්ට පු# දුන්නා – යාපනේ අය අනුරට ඡන්දේ දුන්නේ දෙමල ප්‍රභා කියලා (20.01.2026)
+++
+
හුජ්ජ කෙල්ලෝ අපි ගැන මොනාද දන්නේ – ගලගොඩඅත්තේ හිමි වීඩියෝ එළියට දායි (20.01.2026)
+
ලංවිම දැවැන්ත වර්ජනයක් කැඳවයි.. වෘත්තිය සංගම් රැසක් එක්වේ..
(21.01.2026 – lankacnews.com)
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ මුවාවෙන් සේවක අයිතිවාසිකම් කප්පාදු කරන්නේ නම්, ඊට එරෙහිව දැවැන්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අනතුරු අඟවයි.
රජය විසින් ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කර ඒ වෙනුවට අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීමට අදාළ මූලික සැලසුම් දැනටමත් සකස් කර අවසන් කර ඇත.
මීට අදාළ වත්කම්, වගකීම් සහ රාජකාරි පැවරීමේ ක්‍රියාවලිය නීතිපති සහ මහා භාණ්ඩාගාරයේ උපදෙස් මත සිදු කිරීමට නියමිත අතර, විෂයභාර අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයක් මගින් මණ්ඩලය අහෝසි කරන දිනය ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වේ.
කෙසේ වෙතත්, 2024 අංක 36 දරන විදුලිබල පනත ක්‍රියාත්මක කිරීමට පෙර සපුරාලිය යුතු කොන්දේසි 100 ක් පමණ පවතින බවත්, ඒවා සම්පූර්ණ නොකර මණ්ඩලය අහෝසි කිරීමට යාම බරපතල ගැටලුවක් බවත් වෘත්තීය සමිති පෙන්වා දෙයි.
මේ සඳහා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය, තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය සහ කාර්මික ශිල්පීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති 24 ක් එක්ව දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර ඇත.
සේවකයන්ගේ වෘත්තීය සුරක්ෂිතභාවය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගවලට අනුව සාමූහික ගිවිසුමකට එළඹෙන ලෙස සේවකයන් දිගින් දිගටම ඉල්ලා ඇතත්, රජය මෙතෙක් ලබා දී ඇත්තේ අඩුපාඩු සහිත කෙටුම්පතක් පමණක් බව සේවක සංගම් නියෝජිතයෝ පවසති.
මීට දින 10 කට පෙර කරුණු අටකින් යුත් ලිඛිත ලියවිල්ලක් විදුලිබල අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ ද, ඒ සඳහා මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැත.
මණ්ඩලය අහෝසි කිරීමේ ගැසට් පත්‍රයට අත්සන් තැබීමට නියමිත දිනට පෙර දිනම, කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව සේවකයන් වැඩ වර්ජනයකට යන බවට රජයට අනතුරු අඟවා ඇත. බොහෝ දුරට පෙබරවාරි පළමුවැනිදා වන විට මෙම අහෝසි කිරීමේ ගැසට් පත්‍රය නිකුත් වනු ඇතැයි වෘත්තීය සමිති සැක පළ කරයි.
මෙම ප්‍රතිව්‍යුහගතකරණය පිටුපස ව්‍යාපාරික උවමනාවන් ඇති බවත්, බලශක්ති ක්ෂේත්‍රය ‘කොළේ වහලා ගහන ක්‍රීඩාවක’ නිරත වෙමින් රජයේ ඉහළ පෙළේ නිලධාරීන් නොමඟ යවා ඇති බවත් ඔවුහු චෝදනා කරති.
මෙම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අසාර්ථක වුවහොත් ජාතියෙන් සමාව ගැනීමට හෝ වගකීම භාර ගැනීමට කිසිදු නිලධාරියෙකු ඉදිරිපත් නොවන බව වෘත්තීය සමිති වැඩිදුරටත් අවධාරණය කරයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුවාවෙන් නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට කටයුතු කරන රජය, විදුලිබල ක්ෂේත්‍රය විනාශ වුවහොත් ඒ පිළිබඳව වගකීම භාර ගන්නේ කවුදැයි සේවක සංගම් ප්‍රශ්න කර සිටියි.
වෘත්තීය සමිති ඉල්ලා සිටින්නේ මණ්ඩලය අහෝසි කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීම වහාම ප්‍රමාද කර, අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කොට සේවක අයිතිවාසිකම් තහවුරු කරන ලෙසයි ෴
දකුණු පළාතේ බස් මගීන්ගේ රස්තියාදුව නවත්වන්න SP BUSES ඇප් එක
(20.01.2026 – hirunews.lk)
දකුණු පළාත තුළ ධාවනය වන බස් රථ පැමිණෙන වෙලාවන් සහ ඒවා පවතින ස්ථාන මගීන්ට සජීවීව බලාගත හැකි නව ජංගම දුරකථන යෙදුමක් (Mobile App) හඳුන්වා දී තිබෙනවා.
SP BUSES ලෙස නම් කර ඇති මෙම යෙදුම නිල වශයෙන් දියත් කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්මැද්දගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
මේ හරහා මගීන්ට බස් රථයක් ඇති ස්ථානය සහ එය බස් නැවතුමට පැමිණීමට ගතවන කාලය නිවැරදිව දැනගැනීමේ හැකියාවක් පවතිනවා.
යම් බස් සේවාවක් ක්‍රියාත්මක වන්නේද යන්න නිවසේ සිටම පරීක්ෂා කිරීමේ හැකියාව මෙමඟින් මගීන්ට හිමිවේ ෴
https://play.google.com/store/apps/details?id=com.aldtan.spbuses.prod.v02
රිමාන්ඩ් භාරයේ සිටින බලංගොඩ කස්සප හිමි ඇතුළු දෙනමක් ගොනු කළ රිට් පෙත්සම අනිද්දා (22) යළි කැඳවයි
(20.01.2026 – hirunews.lk)
පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු හිමිවරුන් දෙනමක් ගොනුකළ පෙත්සම් මේ මස 22 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකාරණය නියෝග කළා.
උන්වහන්සේලා රක්ෂිත බන්ධනාගාර ගත කරමින් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගය බලරහිත කිරීමේ නියෝගයක් ඉල්ලායි මෙම රිට් පෙත්සම් ගොනුකර තිබුණේ.
ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කිරීම සඳහා අනවසර ඉදිකිරීමක් සිදුකිරීමේ චෝදනාවට උන්වහන්සේලා ඇතුළු දස දෙනෙකු මේ මස 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමටයි ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් එස්.එම්.එස්. සම්සුදීන් ඊයේ (19) නියෝග කළේ ෴
ආනයනය කිරීමට අවසර ලැබීමෙන් පසු වාහන ලක්ෂ 4½ ක් ගෙන්වලා
(20.01.2026 – hirunews.lk)
මෙරටට නැවත වාහන ආනයනය කිරීමට අවසර ලබාදීමෙන් පසු 2025 පෙබරවාරි මාසයේ සිට මේ දක්වා වාහන හාරලක්ෂ පනස් එක්දහස් හත්සිය හැත්තෑවක්(4,51,770) ආනයනය කරඇති බව අද (20) දින පාර්ලිමේන්තුවේදී හෙළිවුණා.
මෙම වාහන සංඛ්‍යාවට මෝටර් රථ 1,15,000 ක් යතුරු පැදි 3,13,999 ක් ත්‍රී රෝද රථ 22,407 ක් ඇතුළත් වන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ විපක්ෂය නියෝජනය කරන නව ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
නැවත වාහන ආනයනය කිරීමට අවසර ලබාදීමෙන් පසු ගෙන්වා ඇති වාහන සංඛ්‍යාව, එම වාහන ගෙන්වීම නිසා ලැබුණු සමස්ථ ආදායම පිළිබඳවද තොරතුරු විමසු මන්ත්‍රිවරයා ඉල්ලා සිටියේ වාහනවලට ක්‍රියාත්මක කරන 3% රැඳවුම් බද්ද ඉවත් කර එහි සහනය වාහන හිමියන්ට ලබාදෙන ලෙසයි.
වාහන ආනයනය කිරීමෙන් රුපියල් බිලියන 441 ක මුදලක් බලාපොරොත්තු වූ බවත් රුපියල් බිලියන 904 ක ආදායමක් ලැබී තිබෙන බවත් නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සඳහන් කරනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ 3% රැදවුම් බද්ද ක්‍රියාත්මක වන්නේ විදේශ විනිමය ඉතිරි කරගැනීම සදහා උපක්‍රමයක් වශයෙන් බවයි ෴
විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා තොරතුරු ගන්න පොලිසියෙන් දුරකථන අංක
(20.01.2026 – hirunews.lk)
දිවයිනේ විවිධ ප්‍රදේශ වල ව්‍යාප්තව පවතින හෙරොයින්, අයිස්, කොකේන් සහ ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මහජනතාවට නව වසර උදාවීමත් සමග නව ක්‍රමවේදයන් ඔස්සේ ප්‍රාදේශීය කොට්ඨාස භාර නිලධාරීන් වෙත සෘජුව තොරුතුරු ලබා දීමට හැකියාව පවතින බව පොලිසිය සඳහන් කරනවා.
ඒ අනුව, පහත දුරකථන අංක ඔස්සේ මහජනතාවට පොලිස් කොට්ඨාස භාර නිලධාරීන් වෙත තොරතුරු ලබා දිය හැකි අතර, එම තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කරන බවටයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴