රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය හෙට (21) සංකේතාත්මක වැඩ වර්ජනයක
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය හෙට (21) සංකේතාත්මක වැඩ වර්ජනයක
(20.01.2026 – 17:08 +0530 – sinhala.adaderana.lk)
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය විසින් හෙට (21) දිනයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති සංකේත වැඩ වර්ජනය එලෙසම ක්‍රියාත්මක කරන බව එම සංගමය පවසයි.
එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ මාලිගාවත්ත විශේෂිත වකුගඩු රෝහලෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස රාජකාරි ආවරණය කරනු ලබන පුද්ගලයාගේ විනය විරොධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් මෙම සංකේතාත්මක වර්ජනය ක්‍රියාත්මක කරන බවය.
මෙම ගැටලුව සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සමග අද (20) දහවල් සාකච්ඡාවක් පැවැත්වූ නමුත් ඔහුගේ විමර්ශන කටයුතු සිදුකරන කාලය තුළ එම තනතුරුවලින් තාවකාලිකව ඉවත් කිරීමේ බලයක් ඔවුන් සතුව නොමැති බවත් ඒ සම්බන්ධව සෞඛ්‍ය ලේකම්වරයා සමග සාකච්ඡා කළ යුතු බව දැන්වූ බවද ඒ මහතා මෙහිදී පැවසීය.
කෙසේ නමුත් එම නිලධාරියාගේ විනය විරෝධි ක්‍රියාකාරකම් හමුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර තිබියදී අමාත්‍යාංශයේ හැසිරීම ප්‍රශ්න සහගත බව පෙන්වා දෙන එම සංගමය පැවසුවේ මේ සඳහා විසඳුම් ලබා නොදීම හේතුවෙන් මෙම වැඩ වර්ජන ක්‍රියාවලිය එලෙසම පවත්වාගෙන යාම සඳහා අද දින තීරණය කළ බවත්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා :
“සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා අවසන් එකඟතාවක් ලබා දුන්නේ නැහැ එම පුද්ගලයා රෝහලින් ඉවත් කිරීම සඳහා. ඒ සඳහා සෞඛ්‍ය ලේකම්වරයා සමග සාකච්ඡා කළ යුතුයි කියන කාරණාව තමයි ඔහු ප්‍රකාශ කළේ. අපි මේ වෙනකොට සංගමය විදිහට වර්ජන ක්‍රියාමාර්ගය අත්හිටුවන්නේ නැහැ. මොකද අපිට මේ ගැටලුව විසඳාගන්න සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත්වීම නොකරන හින්දා. ඒ නිසා අපි වර්ජන ක්‍රියාමාර්ගය තවදුරටත් කරනවාය කියන තීරණයේ තමයි ඉන්නේ. ඒ අනුව හෙට (21) උදෑසන 08:00 සිට අනිද්දා (22) උදෑසන 08:00 දක්වා කාලයකට විකිරණ පරීක්ෂණ සේවා, CT පරීක්ෂණ, MRI පරීක්ෂණ, angiogram පරීක්ෂණ, Mammogram පරීක්ෂණ, විකිරණ භාවිතාවෙන් සිදුවන සියලුම සැත්කම් අඩපණ වීමට නියමිතව තිබෙනවා. වර්ජනය පැවැත්වෙන කාල සීමාව තුළ පිළිකා රෝහල්, මාතෘ හා ළමා රෝහල් අපි වර්ජනයට සම්බන්ධ කරගන්නේ නැහැ. මෙම ගැටලුව විසඳීමට සෞඛ්‍ය ඇමතිවරයා, සෞඛ්‍ය ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ලේකම්වරයා මැදිහත් වෙන්නේ නැතිනම් අපිට මේ වර්ජන ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්‍ර කිරීමට සිදුවෙනවා. ඒ සම්බන්ධව අපි අද (20) රාත්‍රියේ පැවැත්වෙන විධායක කමිටුවේදී සාකච්ඡා කරනවා. ඊට කලින් අපි හදිසි විධායක කමිටුවක් රැස් කරලා තියෙනවා මෙම ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න.”
+++
+
කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සුභ පණිවුඩයක්
(20.01.2026 – 15:14 +0530 – sinhala.adaderana.lk)
දකුණු කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා රැකියා ගිවිසුමක් බලාපොරොත්තුවෙන් වෙබ් අඩවියේ ලියාපදිංචිව රැඳී සිටින ශ්‍රමිකයින්ට සහනයක් ලබාදෙමින්, දෙවන (2) වසර සඳහා වෙබ් අඩවියේ ලියාපදිංචිවීමේදී මෙතෙක් අනිවාර්ය කර තිබූ දෙවන (2) වෛද්‍ය පරීක්ෂණය සිදුකිරීම තවදුරටත් අවශ්‍ය නොවන බව දැනුම් දී තිබේ.
කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට එම දැනුම් දීම සිදුකර ඇත.
මෙම නව තීරණය 2026 ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන බව සඳහන් වේ.
ඒ අනුව, භාෂා ප්‍රවීණතා විභාගය ඇතුළු අනෙකුත් සියලු සුදුසුකම් සපුරාලන ශ්‍රමිකයින් වෙබ් අඩවියට ඇතුළත් කිරීමට පෙර පළමුවරට (1) වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටිය යුතු අතර, එම පරීක්ෂණයෙන් සමත් වන ශ්‍රමිකයින්ගේ තොරතුරු වෙබ් අඩවියට ඇතුළත් කරනු ලබයි.
වෙබ් අඩවියට ඇතුළත් කර පළමු (1) වසර අවසානයේදී තවදුරටත් රැකියා ගිවිසුමක් නොලැබ වෙබ් අඩවියේ රැඳී සිටින ශ්‍රමිකයින් මෙතෙක් දෙවන වරටත් (2) වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටිය යුතු වුවද, නව තීරණය අනුව දෙවන (2) වසර සඳහා එවැනි වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටීම අවශ්‍ය නොවන අතර, පළමු වර (1) සිදුකළ වෛද්‍ය පරීක්ෂණය පමණක් ප්‍රමාණවත් වේ.
පරිපාලන කාර්යක්ෂමතාවය වැඩි කිරීමත්, වෛද්‍ය පරීක්ෂණ සඳහා රැකියා අපේක්ෂිතයින්ට වැය වන මුදල් ප්‍රමාණය අවම කිරීමත් යන අරමුණු මත මෙම තීරණය ගෙන ඇති බව ද සඳහන් කරයි ෴
ජීවිත තර්ජන ගැන අයියා කළ පැමිණිල්ල නිසා දේහය භූමදානය කරන්න තීරණය කළා : නන්දන ගුණතිලකගේ සොයුරිය කියයි
(20.01.2026 – hirunews.lk)
සිය සහෝදරයාගේ මරණය ගැන ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්ථානය වෙත කළ පැමිණිල්ලක් ලෙසින් නිකුත් කර ඇති වීඩියෝවක් හේතුවෙන් හෙට (21) ඔහුගේ දේහය ආදාහනය කිරීමට ගෙන තිබූ තීරණය වෙනස් කොට භූමදානය කිරීමට තීරණය කළ බව හිටපු අමාත්‍ය නන්දන ගුණතිලකගේ සොහොයුරිය මංගලා කරුණාතිලක පැවසුවා.
ඇය මේ බව සඳහන් කළේ අද ( 20) පස්වරුවේ වාද්දුව තරුණ බෞද්ධ සමිති සංගම් ශාලාවේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැදවමින්.
එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කළේ, ඇගේ සහෝදරයා ඔහුගේ ජීවිතයට තර්ජනයක් ඇති බවට ලංකාවේ දේශපාලන ආර්ථික අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්ථානය වෙත පසුගිය ඔක්තෝබර් මාසයේදී පැමිණිල්ලක් කර ඇති බවට එම ආයතනයේ විධායක අධ්‍යක්ෂිකාව විසින් සදහන් කර ඇති බවයි.
ඒ අනුව සිය සහෝදරයාගේ ජීවිතය ආරක්ෂා කරගැනීමට නොහැකිවූ නිසා ඉදිරි පරීක්ෂණ සිදුකිරිමට ඔහුගේ දේහය ආදාහනය නොකරන භූමදානය කරන බවයි.
ඒ අනුව හෙට දින පස්වරුවේ වාද්දුව මහජන ක්‍රීඩා පිටියේදී ආදාහනය කිරීමට ගෙන තිබූ තීරණය වෙනස් කර මහ වාද්දුව වේරගම පොදු සුසාන භූමියේ දී නන්දන ගුණතිලක මහතාගේ දේහය භූමදානය කිරීමට තීරණය කර ඇතැයිද ඇය පැවසුවා.
+++
+++
+++
+
ජනාධිපති යාපනේ ඇවිත් අපේ මිනිස්සුන්ට පු# දුන්නා – යාපනේ අය අනුරට ඡන්දේ දුන්නේ දෙමල ප්‍රභා කියලා (20.01.2026)
+++
+
හුජ්ජ කෙල්ලෝ අපි ගැන මොනාද දන්නේ – ගලගොඩඅත්තේ හිමි වීඩියෝ එළියට දායි (20.01.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴