ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ව අනිවාර්ය නිවාඩු යැවේ
ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ව අනිවාර්ය නිවාඩු යැවේ
(19.01.2026 – 19:09 +0530 – sinhala.adaderana.lk)
උද්ගතව ඇති 6 ශ්‍රේණියේ මොඩියුල අර්බුදය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දර්ශන සමරවීර මහතා අනිවාර්ය නිවාඩු යවා තිබේ.
තවද එම සිද්ධිය සම්බන්ධයෙන් එම ආයතනයේම තවත් නිලධාරිනියන් දෙදෙනෙකුගේ (2) වැඩ තහනම් කර ඇති බව වාර්තා වේ.
+++
+
රෑ නිල් පාටට කෝවිල ළඟ ගල දිළිසුනා – මැණික් ගලක් යැයි සැක ගලට පොලිස් ආරක්ෂාව (19.01.2026)
+
පඬුකරඳ ගහ ඉවත් කිරීමට විරෝධය දැක්වූ අයගෙන් අලාභය අය කර ගත යුතුයි : ආචාර්ය බන්දුල ගුණවර්ධන
(19.01.2026 – hirunews.lk)
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් පමා කොට රටේ ආර්ථිකයට විශාල හානියක් සිදු කර ඇත්තේ පඬුකරඳ ගසක් හේතුවක් කරගෙන විරෝධතාවල නිරත වූ පිරිස් බවත් එම නිසා ආර්ථිකයට සිදුවූ අලාභය ඔවුන්ගෙන් අයකර ගැනීමට ක්‍රියා කිරීම සාධාරණ බවත් මෙම විරෝධතාවයන් පිටුපස සිටි සියළුම දෙනා මේ සඳහා වගකිවයුතු බවත් හිටපු ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරනවා .
පඬුකරඳ ගස හේතුවෙන් මධ්‍යම අධිවේගේ මාර්ගයේ ඉදිකිරීම් පමාවීම නිසා අදාල චීන සමාගම රුපියල් මිලියන 980 ක වන්දියක් ඉල්ලා තිබෙන අවස්ථාවකයි අප මේ ගැන හිටපු අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා මෙසේද පැවසුවා :
“දේවානි මැතිණිය ප්‍රමුඛ පරිසරවේදීන් හා වෙනත් විවිධ බහුජන සංවිධාන තුළින් විරෝධතාවයක් පැමිණීම මත පඬුකරඳ ගහ ඉවත් කරන්න බැරි තත්ත්වයට පත්වෙලා තිබුණා.
මේ පඬුකරඳ ගහ ලංකාවේ දුර්ලභම ශාකයක් කියලා කොහෙවත් කියලා නැහැ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීමට නොහැකි වන තත්ත්වයක් උදාවන බවත් එම තත්ත්වය නැති කොට නීතියානුකූලව මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට අවශ්‍ය බව සඳහන් කරමින් මං කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් අරන් ගියා.
කැබිනට් මණ්ඩලය මේ සඳහා අනුමැතිය ලබා දුන්නා. මේ අනුමැතිය ලබා දුන්නාට පසුව මම අදාල නිලධාරීන්ට දැනුම් දීල එක රැයක් පහන් වෙන විට මේ පඬුකරඳ ගහ කොහෙද තිබුණෙවත් කියල හොයාගන්න බැරි වෙන විදිහට ඉවත් කළා.
ඉන් පසු මධ්‍යම අධිවේගය මාර්ගයේ ඉදිකිරීමට ඉඩ ලැබුණා. නමුත් මෙම විරෝධතා හේතුවෙන් කාලයක් තිස්සේ මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ නතර වෙලා තිබුණේ.
නමුත් මෙවැනි ව්‍යාපෘති සඳහා සාධාරණ නොවන විවේචන උද්ඝෝෂණ යනාදිය කිරීම තුළින් රටට වෙන අලාභය ආණ්ඩුවට වෙන අලාභය විශාලයි.
ඒ සඳහා අලුතින් වන්දි ඉල්ලල තියෙනවනම් එයට වගකිය යුත්තේ මාර්ග අමාත්‍යාංශයවත්, ප්‍රවාහන අමාත්‍යාංශයවත්, මාර්ග සංවර්ධන අධිකාරියවත් නෙමෙයි.
උද්ඝෝෂණ කිරීම තුළින් මෙය නැවැත්වීම සඳහා රජයට පාඩු කිරීම සඳහා මැදිහත් වෙච්ච දේවානි මැතිණිය ප්‍රමුඛ අනිත් ප්‍රධානීන් කවුද කියන එක සාධාරණ විමර්ශනයක් කරලා ඒ පිළිබඳව අධිකරණමය ක්‍රියාමාර්ගයක් අරන් වන්දි ලබා ගැනීමට ඉඩ තිබෙන බවයි මාගේ අදහස.
විපක්ෂයේ ඉන්න අවස්ථාවේදී විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ සියලුම මහා පරිමාණ ව්‍යාපෘතිවලට විරෝධතා දක්වල තියෙනවා.
උදාහරණයක් වශයෙන් ලංකාවේ එතෙක් පැවති විශාලතම ආයෝජනය වන පෝස්ට් සිටි ව්‍යාපෘතිය.
ඒ සඳහා පැවතුණු විරෝධය නිසා වසර එකහමාරක් (1½) යනතුරු සම්පූර්ණයෙන්ම පෝස්ට් සිටි ව්‍යාපෘතිය නතර වෙලා තිබුණා .
ඒ පමා වීමේ හේතුව නිසාවෙන් ඒ සඳහාද අපිට විශාල වන්දියක් ගෙවන්න සිදුවුණා.”
+++
+
අගමැතිනිය අතින් උසස්වීමක් ගත් විදුහල්පතිනි දුෂණ චෝදනා හයකට (6) වරදකරු වෙලා..
(19.01.2026 – lankacnews.com)
පාසල් දරුවන්ගේ දිවා ආහාරය වෙනුවෙන් වෙන් කළ මුදල් අවභාවිත කරමින් තම සැමියාගේ උපන්දින සාදය පැවැත්වූ බවට එල්ල වූ චෝදනාවලට මැදිරිගිරිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියක වරදකරු වී ඇති බව උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්වරයා තහවුරු කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කරුණු අනාවරණය කරමින් කියා සිටියේ, අදාළ දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවතින අතරතුරදීම මෙම විදුහල්පතිනිය අධ්‍යාපන පරිපාලන සේවයට උසස්වීමක්ද ලබාගෙන ඇති බවයි.
2022 වසරේ රජයේ තීරණයකට අනුව පාසල් දරුවන්ගේ දිවා ආහාර වේලක් සඳහා එක් අයෙකුට රුපියල් 100 බැගින් වෙන් කර තිබුණි. මැදිරිගිරිය ප්‍රදේශයේ පිහිටි මෙම ප්‍රාථමික පාසලේ සිසුන් 720 දෙනෙකුට දිවා ආහාරය සැපයීමට වෙන් කළ රුපියල් 72,000 ක මුදලක් මෙලෙස වංචා කර ඇති බවට මවුපියන් විසින් පළාත් අධ්‍යාපන කාර්යාලයට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
එම පැමිණිල්ලට අනුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, පාසලට දිවා ආහාර සපයන පුද්ගලයා ලවාම විදුහල්පතිනියගේ සැමියාගේ උපන්දින සාදය වෙනුවෙන් කිරිබත් සහ කැවිලි වර්ග සාදවාගෙන ඇති බවයි. ඒ සඳහා දරුවන්ගේ එක් දිනක ආහාර මුදල සම්පූර්ණයෙන්ම යොදවා තිබේ.
ගුරු සංගමය චෝදනා කරන්නේ මෙම වංචාව සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක, ඇය අධ්‍යාපන පරිපාලන නිලධාරිනියක ලෙස උසස්වීම් ලබා ඇති බවයි.
එම පත්වීම් ලිපිය ඇය විසින් ලබාගෙන ඇත්තේ අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අතින් බවද ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ, අදාළ විදුහල්පතිනියගේ සැමියා ආණ්ඩු පක්ෂයේ ප්‍රබල දේශපාලන ක්‍රියාකාරිකයෙකු බවත්, එවැනි පසුබිමක් තුළ විමර්ශන පවතිද්දී උසස්වීම් ලබාදීම බරපතළ ගැටලුවක් බවත්ය.
මේ වන විට ඇයට එල්ල වූ දුෂණ චෝදනා හයක විමර්ශනවලින් සනාථ වී ඇති බව උතුරු මැද පළාත් බලධාරීන් තහවුරු කර ඇත ෴
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනෑ මාලිමා නිල් චිත්‍රපට එපා ! (19.01.2026)
+
ආණ්ඩුව CID ගිය ලිස්‍ට් එක මෙන්න (19.01.2026)
+
ලාල්කාන්ත නන්දනට කියූ දේ, විමල් මළොත් විමල්ටත් කියයි ද ? 10 ට 10 කැපුනාම විමල්ටත් බිංදුවයි (19.01.2026)
+
මිනීවළවල් හාරන තරිඳු මල්ලිලාට කේබල් කාර් කොන්තරාත්තුව දීපල්ලා… (19.01.2026)
+
බේත් කඩේට වඩා පොත් කඩේ ලාබද? (19.01.2026)
+
ගල් අගුරු Press එක කැන්සල් (19.01.2026)
+
වැල සයිට් හුටපටෙන් හරිණි, පැලවත්ත ගැටුම කරලියට (19.01.2026)
+
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සංවාදයකට පූර්විකාවක් – මාස දෙකකට කලින් කළ හෙළිදරවුව (19.01.2026)
+
පාස්කු ප්‍රහාරයේ සඟවාපු ඇත්ත | සහරාන් ලංකාවට ගැහුවේ ඇයි? (19.01.2026)
+
අනුරගේ ලක්ෂ 10 ටකරං කතාව බොරු, ග්‍රාම සේවකලා ඉවත් වෙයි! (19.01.2026)
+
ඒකාබද්ධ ගුරු සංගමය සැර වෙයි | ප්‍රතිසංස්කරණය මැද හොඳ හොඳ සෙල්ලම් | ආණ්ඩුවට කනට ගැහුවා වගේ කතාවක් (19.01.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴