බෞද්ධයා යාපනයට රැගෙන ගියේ වෛරය නොව සෙනෙහසයි – දිලිත් ජයවීර

බෞද්ධයා යාපනයට රැගෙන ගියේ වෛරය නොව සෙනෙහසයි – දිලිත් ජයවීර


බෞද්ධයා යාපනයට රැගෙන ගියේ වෛරය නොව සෙනෙහසයි – දිලිත් ජයවීර

(17.01.2026 – 19:37 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී මහබෝධිය පසුකරමින් බෞද්ධයා යාපනයට රැගෙන ගියේ, වෛරය නොව සෙනෙහස බව සර්ව ජනබලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

දොම්පේ කපුගොඩ ප්‍රදේශයේ පැවැති වැඩසටහනකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා වැඩිදුරටත් පැවසුවේ, ජනාධිපතිවරයා ඊයේ (16) යාපනයේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතියෙන් සමාව ගත යුතු බවයි.

“ස්වාමීන් වහන්සේලා ගැන එක්තරා දේශපාලනඥයෙක් විවේචනය කරනවා මම දැක්කා. අපේ හාමුදුරුවරුන් ගැන ඔහු මොනවාද දන්නේ? හාමුදුරුවරු කරන කැප කිරීම ගැන. අපේ ජනතාව නාගදීපයට ගියේ රුවන්වැලි සෑය පසුකරගෙන ශ්‍රී මහා බෝධිය පසුකරගෙන ගියේ වෛරයෙන් නෙවෙයි සෙනෙහසින්. උතුරට ගෙනිච්චේ වෛරය නෙවෙයි, සෙනෙහස.

මම ආරාධනා කර සිටිනවා ඔය කියන සියලු දෙනාට යාල්දේවි කෝච්චියට නගින්න. කෝච්චියේ යනකොට අපේ මිනිස්සු කොහොමද යාපනයේ මිනිස්සු එක්ක සුහදව කෑම බෙදාගන්නේ. විශේෂයෙන්ම වන්දනාවේ යන අය, නාගදීපයේ යන අය. කොච්චර සෙනෙහසක් තියෙනවා ද.?

නාගදීපයේ ස්වාමින් වහන්සේ අපේ මිත්‍රයෙක්. උන්වහන්සේ දන්නවා කෙතරම් සෙනෙහසක් බෙදා දෙනවා ද බුදු දහමේ එන අයුරින්ම. උපතින් කවුරුත් වසලයෙක් වෙන්නෙවත් බ්‍රහ්මණයෙක් වෙන්නෙවත් නැත්නම් උපතින් කවුරු හරි සිංහලයා වෙනවා ද්‍රවිඩයා වෙනවා කියලා වෙනසක් අපේ දහමේ කියලා නැහැ.

මේක විශ්වීය දහමක්. මෛත්‍රීය පතුරන දහමක්. මෙහි වෛරයක් කොහෙවත් නැහැ. මේ සහසික ප්‍රකාශය ඔහු වහා ඉවත් කරගත යුතුයි. මෙය වෛරී ප්‍රකාශයක්. ජාතිවාදි ප්‍රකාශයක්. ඉල්ලා අස්කරගෙන. සමාව අරගෙන, ජාතියට ප්‍රකාශ කරන්නට මේ රටේ ජනාධිපතිවරයාට වගකීමක් තියෙනවා. මම හිතනවා, ඔහු ඒ යුතුකම වහාම ඉටු කරයි කියලා.”

+


හරිනිගෙ සාරි හැට්ටේ ඇඳ කුඳ අපිට වැඩක් නෑ ? (17.01.2026)

+


3% ජෙප්පො ටික හැංගිලා රටම සූරාකන හැටි (17.01.2026)

+


දැන් ඉස්කෝලෙ යන ළමයින්ට ‘ලිංගික උපකරණ’ අරන් දෙන්ඩත් එපෑ… ඔව් ඉතිං ඔමායා කියන දෙයක් තමයි (17.01.2026)

+

දරුවන්ගේ ජීවිත විනාස කරන බඩී සෙල්ලම රටින්ම පන්නමු (16.01.2026)

+

පේරාදෙණියේ සෙක්ස් අමාරුකාරයින්ට ගම්මුන්ගෙන් ගුටියක්… හැබැයි, ගහනකොට ඔහොම ගහන්ඩ එපා (17.01.2026)

+


සිල් ගන්න යාපනේ යන එක ජාතිවාදයද ජනාධිපතිතුමෝ? – අනුරගේ ගමට ගිහින් නාමල් අසයි! (17.01.2026)

+


දරුවන්ගේ පාසල් බෑග් එකට ලිංගික උපකරණ දාන සිරසේ ඔමයාට ඕනලු (16.01.2026)

+


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

(18.01.2026 – hirunews.lk)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 63 වැනි වියේ පසු වුණා.

අසනීප තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි ඔහු රාගම ශික්ෂණ රෝහලේදී අද (18) අලුයම මියගොස් ඇති බව සඳහන්.

ඔහු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ජනාධිපතිවරණ අපේක්ෂකයකු මෙන්ම පසුකලෙක එක්සත් ජාතික පක්ෂයේ පානදුර හිටපු නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කර තිබුණා.

ඔහුගේ අන්තිම කැමැත්ත අනුව දේහය වෛද්‍ය පීඨයකට ලබාදීමට නියමිත බව පවුලේ ආරංචිමාර්ග සඳහන් කළා.

+++

+++

මිය ගිය නන්දනට බස් ගාස්තුව වත් අතේ තිබී නෑ..

(18.01.2026 – lankacnews.com)

අභාවප‍්‍රාප්ත හිටපු ඇමති නන්දන ගුණතිලක මහතා සම්බන්ධයෙන් හිටපු ඇමති ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් තබන ලද සටහනක් මෙහි දැක්වෙයි.

හදවත නිසලය…
මතකය සසලය…

නන්දන ගුණතිලක සහෝදරය අද (18) හිමිදිරියේ අප වෙතින් නික්ම ගියේය,

මට ඔහු පළමුව මුණගැසුනේ, 1989 මුල් කාලයේ දී වාද්දුවේ පි‍හිටි ඔවුන්ගේ නිවසේදී ය. එකල ඔහු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකි. ජ.වි.පෙ. ශිෂ්‍ය දේශපාලනයේ ඉදිරි පෙළ ක්‍රියාධරයෙකි.

ඒ වන විට මා ජ.වි.පෙ. භූගත දේශපාලනයේ පූර්ණ කාලීන ක්‍රියාධරයෙකි. නන්දන සහෝදරයාගේ මල්ලි වූ දමිතට එකල මා පන්ති (ඉන්දියානුන් ව්‍යාප්තවාදය සහිත පන්ති 5) සාකච්ඡා සිදු කරමින් සිටිය බව මතක ය. මල්ලි මට කීවේ අයියා ගෙදර පැමිණ ඇති බවයි. මල්ලි තම අයියා ගැන මා වෙත පවසා තිබූ කරුණු අනුව ඔහු දැකීමේ උවමනාවක් මා තුළ ද විය. දමිත සමඟ ඔවුන්ගේ නිවසට යන විට නන්දන සිටියේ නිදාගෙන ය. නිදාගෙන සිටිය ඔහු දෙස බලා එදා මම නික්ම ආවෙමි.

පසුව මට ඔහු මුණගැසුනේ 1990 අගභාගයේ දී විය යුතුය. එවිට ජ.වි.පෙ. නිර්මාතෘ රෝහණ විජේවීරයන් ඇතුළු සමස්ත පක්ෂයම දරුණු රාජ්‍ය මර්ධනයක් හමුවේ බිඳ වට්ටවා අවසන් ය. ඉතිරි වූ අප සුළු පිරිස සිටියේ කුඩා කණ්ඩායම් ලෙස වෙන් වෙන්ව ය. මා සිටියේ කමල් දේශප්‍රිය හෙවත් ‘සෙනෙවි’ සහෝදරයාගේ මූලිකත්වය ගත් කුඩා කණ්ඩායම තුළය. නන්දන සහෝදරයා ද එබඳුම කුඩා කණ්ඩායමක් පවත්වාගෙන යන බව අපට දැන ගැනීමට ලැබුණේ මේ කාලයේ ය. ටික කලකින් කණ්ඩායම් දෙක අතර සබඳතා ගොඩ නැගුණි. වෙන වෙනම වුවත් අපි එක අරමුණක් වෙනුවෙන් ක්‍රියා කළෙමු.

විනාශයට ලක් වූ, විශ්වාසය සෘණ අගයක් දක්වා පහත වැටී තිබුණු, මරණ බිය හා රුදුරු වධ බන්ධන අප පසු පසින් පැමිණි එබඳු මොහොතක යළිත් පක්ෂයට පණ දෙනවායැයි සිතා ක්‍රියා කළ පිරිස ගණනින් ඉතා කුඩා ය. නන්දන ද ඒ අධිෂ්ඨානශිලී සුළු පිරිසේ ඉදිරියෙන්ම ක්‍රියා කළේය.

නන්දන සහෝදරයා සතුව වූයේ ජීවිතයකි. කකුලේ තිබුණේ රබර් සෙරෙප්පු කුට්ටමක් පමණි. බොහෝ විට එක ළඟ දින ගණනාවක් හැඳ සිටියේ එකම ‘ටී ෂර්ට්’ එකකි. කෑම වේල් කිහිපයක් අහිමි වුවද වතුර බඳුනකින් කුස පුරවා ගැනීම ප්‍රමාණවත් යයි සිතූ සුළු පිරිස අතර ඔහු ද විය.

1994 මහ මැතිවරණයට ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ නමින් ඉදිරිපත් වීමට ජ.වි.පෙ. ගත් තීරණය භාවිතාව තුළ සාර්ථක කිරීමට කැප වූ සුළු පිරිස අතර ඔහු ද විය. සෝමවංශ අමරසිංහ සහෝදරයා සිටියේ විදේශ ගතව ය. ඔහු සමග සබඳතා පැවැත්වූ සුළු පිරිස අතර නන්දනද විය.

1994 මහ මැතිවරණයට පෙර සිටම, ජ.වි.පෙ. නිල අයිතිය පිළිබඳ අර්බුදයක් නිර්මාණය වී තිබුණි. එහිදී සෝමවංශ අමරසිංහ සහේදරයා මූලිකව කළ සටන තුළ නන්දන ද වූයේ ය. පසුව නන්දන ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් තනතුරට ද පත් කෙරුණි, ටිල්වින් සිල්වා සිටියේ සිර ගෙදර ය.

ටිල්වින් සිල්වා දඬුවම් ලැබ සිරගෙදරින් නික්ම ආ විට සෝමවංශ සහෝදරයා යෝජනා කළේ ඔහුට ප්‍රධාන ලේකම් තනතුර ලබා දෙන මෙන් ය. කී සැණින් නන්දන එම ඉල්ලීමට අවනත විය.

1991 ජනාධිපතිවරණයට තරඟ වැදීමට නීත්‍යානුකූලව මට නොහැකි විය. ඒ වන විට මම එයට අවශ්‍ය වයස සපුරා නොමැති වීම ඊට හේතුව විය. දේශපාලන මණ්ඩලය ඊළඟ යෝජනාව ආවේ අනුර දිසානායකට ඒ සඳහා ඉදිරිපත් වන මෙන් ය. ඔහු එය දැඩිව ප්‍රතික්ෂේප කළේය. එසේ කිරීමට නිසි හේතුවක් ද දේශපාලන මණ්ඩලය හමුවේ ඉදිරිපත් කෙරුණේ ද නැත. එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට බල පෑ හේතුව මම පසුව දැන ගත්තෙමි. නමුත්, එය මෙහි සටහන් නොකළ යුතු යැයි මම සිතමි.

අවසානයේදී තරග වැදීමට ඉල්ලීම ආවේ නන්දන වෙත ය. මුල දී ඔහු ද එය ප්‍රතික්ෂේප කළේ ය. ඔහු එසේ ප්‍රතික්ෂේප කිරීමට අතිශය මානුෂීය හේතු දැක්වීමක් ද සිදු කළේය. නමුත් පාන්දර 1 පමණ වන විට, ඔහු එම යෝජනාවට එකඟත්වය දැක්වූයේ ය. ඒ තම පෞද්ගලික කැමැත්ත හා ජීවිතය පිළිබඳ කරුණු පසෙක තබමින්ය.

මා ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම් වන විට ඒ වැඩ කටයුතු සිදු කළේ නන්දන ය. මට එය පැවරෙන විට ඔහු එය සතුටින් බාර දුන්නේ ය. 2005 ජනාධිපතිවරණ ක්‍රියාමාර්ගය හා බැඳුණු බලවත් අභ්‍යන්තර සංවාදය තුළ දී මා සහ ඔහු සිටියේ එකම ස්ථාවරයේ ය. මට වඩා ජ්‍යේෂ්ඨයකු ඔහු ද සිටින පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා බවට මා පත් කරන විට ඔහු එය පිළිගත්තේ විවෘත හදවතින් ය.

ඔහු ජ.වි.පෙ.න් ඉවත් වූයේ 2005 ජනාධිපතිවරණය හා බැඳුණු බෙදීමේ කෙළවර ය. කුඩා ලිපියක් දේශපාලන මණ්ඩලයට එවූ ඔහු එතැන් සිට නිහඬ විය. මා ජ.වි.පෙ.න් පැමිණි පසු ජාතික නිදහස් පෙරමුණ බිහි කිරීමට කැප වූ සුළු පිරිස අතර ඔහු ද ඉදිරියෙන්ම සිටියේ ය. ජා.නි.පෙ පළමු ප්‍රධාන ලේකම්වරයා වූයේ ඔහු ය. එමෙන්ම, එකළ ඔහු සංචාරක අමාත්‍ය ධූරය ද දරන ලද බව සිහි කළ යුතුය.

පසුව අප වෙන් විය. එසේ වුවත් සතුරු මනෝභාවයකින් ක්‍රියා කිරීමක් අප අතර ඇති වූයේ නැත. ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහුව බලන්නට මා ගිය විට ඔහු කීවේ ‘මහත්තයෝ අපි අතර කවදාවත් පුද්ගලික කෝන්තර තිබුණෙ නෑ නේද’ කියා ය. ලෙඩ ඇඳේ සිටිය දී ඔහු බැලීමට පැමිණි බොහෝ දෙනකුට ඔහු කීවේ ‘විමල් සමග එකතු වී වැඩ කරන’ මෙන් ය.

රාගම වෛද්‍ය පීඨය බේරා ගැනීමේ සටනේ (පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට එරෙහි ශිෂ්‍ය සටනේ) නන්දන පුරෝගාමියෙකි. ජ.වි.පෙ. දේශපාලනය වෙනුවෙන් ඔහු සිය උපාධිය ද නොසලකා හැරියේ ය. ඒ, ‘පළමුව මව්බිම – දෙවනුව අධ්‍යාපනය’ යන පාඨයට අනුකූලව ය. අද ජ.වි.පෙ. තුළ සිටින බොහෝ කෙරුමන් උපාධිය සම්පූර්ණ කර ගැනීමෙන් පසු ජ.වි.පෙ. ට එක්වූවන් ය.

පානදුර නගරාධිපති ධූරය ද දරන ලද නන්දන සහෝදරයා ජීවිතයේ අවසන් සමයේ මුදල් අගහිඟ කමින් බොහෝ සේ පීඩා වින්දේ ය. ඇතැම් විට ඔහුට බස් රථයක නැගී ගමනක් යාමට තරම් ප්‍රමාණවත් මුදලක් නොතිබුණි. එහෙත් ඔහු තෘප්තිමත් මිනිසෙකු ලෙස ජීවිතය ගත කළේය. ජ.වි.පෙ.න් එල්ල විය හැකි මරණීය තර්ජනය ගැන නොසලකා ඔහු ක්‍රියා කළේය. කාලය නිමා වූ පසු අප දිවි රඟ මඬලින් නික්ම යා යුතුය. මෙබඳු මිනිසකු නික්ම ගිය පසු දැනෙන හිස් තැන සුළු පටු නැත.

නන්දන ගුණතිලක සහෝදරයාණෙනි, අප එක්වී ඇරඹූ ගමනක් විය. පසුව කුමක් වුවත් වඩාත් යහපත් හෙට දිනයක් රටට උරුම කර දීම වෙනුවෙන් ඔබ එදා පෙන් වූ කැපවීම හා ධෛර්ය සුළු පටු නැත.

ඔබට නිවන් සුව ලැබේවා..!!!

විමල් වීරවංශ

2026.01.18

+++

+


හල්දුම්මුල්ලේදී බස් රථයක් පෙරළෙයි : රියැදුරු මරුට

(18.01.2026 – hirunews.lk)

කොළඹ සිට වැලිමඩ දක්වා ධාවනය වූ බස් රථයක් හල්දුම්මුල්ල ඌවතැන්න ප්‍රදේශයේදී පෙරළීමෙන් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුරින් බස් රථයේ රියැදුරුවරයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.

ධාවනය වෙමින් තිබූ බස් රථයේ රියදුරු අසුන පිහිටි ස්ථානයේ දොර හදිසියේ විවෘතව ඇති බවත් ඒ අවස්ථාවේදී රියදුරු එම දොර වැසීමට උත්සාහ ගෙන ඇති බව වාර්තා වනවා.

එහිදී බස් රථය පාලනය කරගත නොහැකිව අසල තිබූ පස් කණ්ඩියක ගැටී රථය මාර්ගයේ පෙරළී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් තවත් තිදෙනෙකු (3) තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර පිරිස අතර බස් රථයේ කොන්දොස්තරවරයා, කුඩා ළමයෙක් සහ කාන්තාවක්ද වන බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේදී රියදුරු ආසන පටි පැළඳ නොසිටි බව පොලිසිය පවසනවා.

අනතුර නිසා මාර්ගයේ එක් මන්තීරුවක් අවහිර වී ඇති අතර එම අවහිරතාව යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටිනවා ෴

+++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *