උසස් පෙළ ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාළ සිසුන්ට දැනුම්දීමක්

උසස් පෙළ ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාළ සිසුන්ට දැනුම්දීමක්


උසස් පෙළ ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාළ සිසුන්ට දැනුම්දීමක්

(17.01.2026 – 14:04 +0530 – sinhala.adaderana.lk)

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය (2025) සඳහා ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය අනුව, අදාළ ප්‍රායෝගික පරීක්ෂණය එළැඹෙන 2026 ජනවාරි 24 දින සිට පෙබරවාරි 02 දින දක්වා දිවයින පුරා පිහිටුවනු ලබන පරීක්ෂණ මධ්‍යස්ථාන 42කදී පැවැත්වීමට කටයුතු සලසා ඇත.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙතත්, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර ඔවුන්ගේ අයදුම්පත්‍රවල සඳහන් ලිපිනයටත් තැපැල් මාර්ගයෙන් යොමු කර ඇති බවයි.

එසේම, ප්‍රවේශපත්‍ර තැපැල් මගින් නොලැබුණු අපේක්ෂකයින් සඳහා 2026 ජනවාරි 19 දින සිට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ ප්‍රවේශපත්‍ර බාගත කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති බව ද එම නිවේදනයේ සඳහන් වේ.

මෙම විභාගය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පහත සඳහන් සන්නිවේදන මාධ්‍ය ඔස්සේ විමසීම් කළ හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ක්ෂණික ඇමතුම් අංකය : 1911
දුරකථන අංක : 011 278 4208 / 011 278 4537
ෆැක්ස් අංකය : 011 278 4422
විද්‍යුත් තැපෑල : gcealexam@gmail.com


තඹුත්තේගම පොහොට්ටු රැලියේ සැරසිලිවලට පොලිසියෙන් බාධා

(17.01.2026 – hirunews.lk)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තඹුත්තේගම ප්‍රදේශයේ සංවිධාන කර තිබූ උත්සවයක සැරසිලි සිදුකරමින් තිබියදී පොලිසිය සමග ඊයේ (16) රාත්‍රියේ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

පොදුජන පෙරමුණේ කලාවැව කොට්ඨාසයේ නියෝජිතයින් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ සහභාගිත්වයෙන් පැවැත්වීමටයි නියමිතව තිබුණේ.

කෙසේවෙතත්, එම උත්සවය සඳහා සැරසිලි සිදුකිරීමේදී ඊයේ (16) රාත්‍රියේ පොලිසියෙන් ඊට බාධා එල්ලවී තිබුණා.

එහිදී පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස කුට්ටිආරච්චි, සංජීව එදිරිමාන්න මෙන්ම පොදුජන පෙරමු‍ණේ පාක්ෂිකයින් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

+++

+++

+++

+++

+++

+


පොල්ලෙන් ගහලා බෙල්ලෙන් අල්ලලා කුල්ලෙන් වහපු අවජාතක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕන කියනවා (17.01.2026)

+


අත්අඩංගුවට ගත්තේ වැදගත් හාමුදුරුවරු – මේකෙන් වෙන්නේ ජාතිවාදී හැඟීම් ඇවිස්සෙන එක (17.01.2026)

+


ජනාධිපති යාපනයේ දෙමළ මිනිස්සුන්ට කිව්වා සිංහල මිනිස්සු යාපනේ එන්නේ වෛරය පතුරවන්න කියලා (17.01.2026)

+


යාපනයේ ගිහින් ඇඟ පෙන්නලා ඉඟිබිඟි… ලොන්තපෝල් ජාතිවාදය වපුරනවා – විමල් හොඳම එකෙන් ආණ්ඩුවට කියලා දෙයි (17.01.2026)

+


කසිප්පු වටලනවට කුපිත වූ කසිප්පු මුදලාලි ගමේ චණ්ඩි බස්සලා පොලිස් නිලධාරීයාට පහරදෙයි (17.01.2026)

+


හරිනි…මොකටද මෙච්චර ඉක්මන් වුණේ..? | මාලිමා ආණ්ඩුව පැත්තේ හිටපු ඕමල්පේ හිමි ආණ්ඩුවට අනතුරු අඟවයි (17.01.2026)

+


ලාලාගිරි අනුරට බය නැති රහස මෙන්න | ලංකාවේ බාලදක්ෂයින් මාලිමාවේ ඩෝබියෙකුට බිලි (17.01.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *