ජින්තුපිටියේ වෙඩිතැබීම අතරතුර ළමයි දෙදෙනෙකුටත් (2) වැදිලා

ජින්තුපිටියේ වෙඩිතැබීම අතරතුර ළමයි දෙදෙනෙකුටත් (2) වැදිලා


ජින්තුපිටියේ වෙඩිතැබීම අතරතුර ළමයි දෙදෙනෙකුටත් (2) වැදිලා

(16.01.2026 – 23:23 +0530 – sinhala.adaderana.lk)

වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේදී අද (16) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයා (1) මරණයට පත්ව ඇති බව පොලීසිය පැවසීය.

එලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 44 ක පුද්ගලයෙකු බව සඳහන්.

එමෙන්ම මෙම වැඩිතැබීම අතරතුර කුඩා පිරිමි දරුවෙකු (1) හා ගැහැණු දරුවෙකුටද (1) වෙඩි වැදී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත්කර ඇත.

ජින්තුපිටිය 125 වත්ත නම් කොටසේ දී මෙම වෙඩිතැබීම සිදුවිය.

ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව පොලීසිය පැවසීය.

+++

+++

ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන තවත් තොරතුරු හෙළිවෙයි

(17.01.2026 – hirunews.lk)

කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘පලනි රිමෝෂන්’ නැමැත්තා විසින් මෙහෙයවා ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘පුෂ්පරාජා’ හෙවත් ‘පූකුඩුකන්නා’ නමැත්තාගේ හිතවතෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 3 ක් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රියේ ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) සිදුකළ වෙඩි තැබීමකින් 44 හැවිරිදි පුද්ගලයෙකු මියගිය අතර, ඔහුගේ අවුරුදු 4 ක් වයසැති පිරිමි දරුවා සහ ඔහුගේ සහෝදරියගේ අවුරුදු 3 ක් වයසැති දියණිය තුවාල ලැබුවා.

ඔවුන් මේ වනවිට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සී.සී.ටී.වී. දර්ශනවලට අනුව වෙඩි තැබීම සඳහා පැමිණි එක් අයෙකු සිය මුහුණ ආවරණය කරගෙන තිබූ අතර, අනෙක් පුද්ගලයා ශරීරයම ආවරණය වන පරිදි කලු‍ පැහැති ඇඳුමකින් සැරසී සිට තිබුණා.

මෙම වෙඩි තැබීමත් සමග වසරේ ගත වූ දින 16 තුළ වෙඩි තැබීම් සිද්ධීන් 3 ක් වාර්තා වන අතර, ඉන් 3 දෙනෙකු මියගොස් තවත් 4 දෙනෙකු තුවාල ලැබුවා ෴


T-56 මැගසින් 18 ක් සමග හිටපු යුද හමුදා කපිතාන්වරයෙක් අත්අඩංගුවට

(16.01.2026 – hirunews.lk)

T-56 වර්ගයේ ගිනිඅවි සඳහා භාවිතා කරන මැගසින් 18 ක් ළඟ තබාගෙන සිටි හිටපු යුද හමුදා කපිතාන්වරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මිනුවන්ගොඩ ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට පත්ව තිබෙනවා ෴


හත් (7) හැවිරිදි පාසල් දැරිය දුෂණය කළ සැකකරු අත්අඩංගුවට

(16.01.2026 – 20:13 +0530 – sinhala.adaderana.lk)

වයස අවුරුදු 7 ක් වන පාසල් දැරියක් දූෂණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් 35 හැවිරිදි තරුණයෙකු නාවලපිටිය පොලීසිය මගින් අද (16) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

පාසල් දැරිය සහ සැකකරු නාවලපිටිය වෙස්වෝර්ල්ඩ් වතුයායේ රිලාගල කොටසේ පදිංචිව සිට තිබේ.

15 වනදා පස්වරුවේ බීමත්ව සිට ඇති අදාළ සැකකරු පාසල් දැරියව නිවසින් මිටර් 500 ක් පමණ එපිටට රැගෙන ගොස් දුෂණය කර එම ස්ථානයේම දමා ගොස් ඇති දැනට සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

අදාළ දැරිය නිවසෙහි නොමැති වීම හේතුවෙන් සිදු කළ සොයා බැලීමකදී පැය 4 කට පමණ නිවසින් මිටර් 500 ක් පමණ දුරින් වැටී සිටිය දී සොයා ගෙන තිබේ.

එම දැරිය විසින් සැකකරුගේ නම ප්‍රකාශ කර ඇති අතර ඥාතීන් විසින් ඒ පිළිබඳව නාවලපිටිය පොලිසියට පැමිණිලි කර ඇත.

පාසල් දැරිය නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඇයව වැඩිදුර ප්‍රතිකාර සදහා පේරාදෙණිය ළමා රෝහල වෙත යොමු කර තිබේ.

ගම්පොළ කොට්ඨාශභාර සහකාර පොලිස් අධිකාරි එච්.එම්.ඩී. හේරත් මහතාගේ අධීක්ෂණය යටතේ නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.එම්. කුලතුංග මහතා එහි විමර්ශන කටයුතු සිදු කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

+++

+


පේරාදෙණිය සරසවි සිසුන්ට පහර දුන් සිව්දෙනෙකු (4) රිමාන්ඩ්

(16.01.2026 – hirunews.lk)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු (4) අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොලිසිය පවසනවා.

මෙම පහරදීම ඊයේ (15) දින සවස් කාලයේ සිදුව ඇති අතර, පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අදාළ සිසුන් පිරිස පේරාදෙණිය වැලිහිරිය ප්‍රදේශයේ පිහිටි ඔයක දිය නෑමට ගොස් සිටියදී මෙම ගැටුම හටගෙන ඇති බවයි.

එමෙන්ම, එම ස්ථානයේ මත්පැන් පානය කරමින් සිටි පිරිසක් සමඟ ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇටි අතර, පහරකෑමට ලක්වූ සිසුන් සිව් දෙනෙකු (4) මේ වන විට පේරාදෙණිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධියට අදාළව සැකකරුවන් තිදෙනෙකු (3) ඊයේ (15) කිරිබත්කුඹුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් සැකකරුවෙකු අද (16) දින පේරාදෙණිය පොලිසිය වෙත භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 30 සහ 31 වයස්වල පසුවන අස්ගිරිය, ගොතටුව සහ මහනුවර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්, සැකකරුවන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බවත් පොලිසිය සඳහන් කළා ෴


වල්ලාපට්ටා නිස්සාරණ මධ්‍යස්ථානයක් වටලයි – පොලීසය දැකලා වල්ලාපට්ටා කපපු කෙනා පැන යයි (16.01.2026)

+


පච හිවලෝ මේ අහන්න වැඩ බැරි නම් ගෙදර යන්න – සමලිංගික ආණ්ඩුවක්….රට වනසන ආණ්ඩුවක්… (16.01.2026)

+


ආනන්තරීය පාපකර්මයක් සිදුකළ මානසික ආබාධයකින් පෙළෙන පුතෙක් අත්අඩංගුවට

(17.01.2026 – 08:17 +0530 – sinhala.adaderana.lk)

මැදවච්චිය, කඩවත්ගම ප්‍රදේශයේ නිවසක ඊයේ (16) සිදුවූ පහරදීමකින් දෙදරු පියෙකු මරණයට පත්ව තිබේ.

වැඩිමහල් පුත්‍රයා සිදුකළ පහරදීමකින් මෙම මරණය සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

තම පියා හිසෙහි තුවාල සහිතව නිවසේ මිදුලේ වැටී මියගොස් සිටින බව අසල නිවසක පදිංචි බාල පුතා විසින් දැක තිබේ.

මරණකරු වැඩිමහල් පුත්‍රයා සමග මත්පැන් පානය කර ඇති බවත්, ඇතිවූ ආරවුලක් මත පුතා විසින් රීප්ප පටියකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මරණකරු අවුරුදු 67 ක් වූ කඩවත්ගම, මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය.

වයස අවුරුදු 42 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මානසික ආබාධයකින් පෙළෙන අයෙකු බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මැදවච්චිය පොලිසිය විසින් සිදු කරනු ලබයි ෴


අනුරනම් සල්ලි තමයි කියලා කිව්වේ – ටකරමක් ගියත් ලක්ෂ 10 ක් දෙනවා කිව්වා (16.01.2026)

+


මේක තමයි රටේ ප්‍රබලම ආහාරය – ආප්ප අරගෙන රංගේ මිහින්තලේ යයි (16.01.2026)

+


ට්‍රින්කෝ වැඩිය අප්පිලගේ සාදු මිහින්තලේට වඩී – ලස්සනට ඉන්නවා හැබැයි – මට දරා ගැනීමේ ශක්තිය තියෙනවා (16.01.2026)

++++

මුන් ටික ඇවිල්ලා ‘ගේකාරයෝ’, ‘ලෙස්බියන්කාරයෝ’- වනචාරියා…වනචාරියා…කිව්වා දැන් කිව්ව එකෙක් නෑ (16.01.2026)

+


පුද්ගලයකුට අමානුෂික වද දුන්නාට පොලිස් පරික්ෂක වසර හතක් (7) සිරගෙට

(17.01.2026 – hirunews.lk)

පහරදී තුවාල සිදුකිරීම, කෘර ලෙස වධ හිංසා පමුණවීම යන චෝදනාවන්ට වරදකරු වූ පොලිස් පරීක්ෂකවරයකුට මොනරාගල මහාධිකරණ විනිසුරු (පූර්වගාමී) චින්තක ශ්‍රීනාත් ගුණසේකර වසර හතක (7) සිර දඬුවමක් ඊයේ(16) නියම කළා.

මෙසේ සිර දඬුවම් නියම වූයේ සියඹලාණ්ඩුව පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් පරික්ෂකවරයකුටය.

විත්තිකරු මීට වසර පහකට (5) පමණ ඉහත දී හම්බේගමුව පොලීසියේ සේවය කරමින් සිටියදී අයුතු ලෙස පුද්ගලයකු අත්අඩංගුවට ගෙන පොලීසියේ රඳවා ගෙන පහරදී තුවාල සිදුකිරීම, කෘර වධ හිංසා කිරීම යන අධි චෝදනා යටතේ කොළඹ විශේෂ විමර්ශන ඒකකය මඟින් මෙම නඩුව පවරා තිබිණා.

සිර දඬුවමට අමතරව රුපියල දස දහසක (10,000) දඩයක්ද, එය නොගෙවන්නේ නම් මාස හයක (6) ලිහිල් සිර දඬුවමක්ද වින්දිත තැනැත්තාට රුපියල් එක් ලක්ෂ පනස්දහසක (1,50,000) වන්දියක් ගෙවන ලෙසද වන්දිය නොගෙවන්නේ නම් වසරක (1) සිර දඬුවමක්ද නියම කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *