පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් හිරගෙදර සිට ලියූ ලිපිය එළියට

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් හිරගෙදර සිට ලියූ ලිපිය එළියට


පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් හිරගෙදර සිට ලියූ ලිපිය එළියට

(16.01.2026 – hirunews.lk)

දැනට ත්‍රිකුණාමලය බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත වී සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් මහා සංඝරත්නය ප්‍රමුඛ සමාජය වෙත ලිපියක් ඉදිරිපත් කර තිබෙනවා.

බන්ධනාගාරයේ සිටියදී ආරම්භ කරන ලද උපවාසය තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙනුයි පූජ්‍ය කස්සප හිමියන් එම ලිපිය ලියා ඇත්තේ.

එම ලිපියේ ලියා ඇති සම්පූර්ණ විස්තරය පහත සඳහන් වෙනවා :

= 2026.01.14 වෙනි දින ආරම්භ කරන ලද උපවාසය තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධවයි =

නැගෙනහිර භික්‍ෂු පෙරමුණේ සභාපති පූජ්‍ය බලංගොඩ කස්සප හිමි වන මා ඇතුළු තවත් භික්ෂූන් වහන්සේලා තුන් නමක් හා උපාසක උපාසිකාවන් ත්‍රිකුණාමලය උසාවිය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධව ඉල්ලීම් අටක් පදනම් කරගෙන මා විසින් 2026.01.14 වෙනි දින උපවාසයක් ආරම්භ කරන්නට යෙදුණි.

මෙකී උපවාසය සැලවීමෙන් පසු ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති ස්වාමීන් වහන්සේ, ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයත් 2026.01.15 දින සවස ත්‍රිකුණාමලය බන්ධනාගාරය වෙත වැඩම කරන ලදී.

මෙහිදී බන්ධනාගාර පාලන අධිකාරිය හා එකතුව මහ සඟරුවන විසින් උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡාවක් සිදු කරන්නට යෙදුණි.

එහිදී 2026.01.19 දින ඊළඟ නඩු දිනය බැවින් එතෙක් උපවාසය නවත්වන ලෙස බන්ධනාගාර පාලන අධිකාරිය විසින් ඉල්ලීමක් සිදුකරන ලදී.

මහජන සාමය ආරක්ෂා වනු පිණිසත් ජාතීන් අතර අසමගියක් ඇති නොවුණු පිණිසත් උපවාසය ආරම්භ කරන ලද කරුණු ඉටුකර ගැනීමට බන්ධනාගාරයෙන් නිදහස් වූ පසු සහාය දීමේ එකඟතා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩල මහා සංඝරත්නය උපවාසය අත්හරින ලෙස අපගෙන් ඉල්ලා සිටියහ.

බන්ධනාගාර පාලන අධිකාරියට සහය දෙනු පිණිසත්. විශේෂයෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩල මහාසඟරුවනට තිබෙන ගරුත්වය නිසාත් එම එකඟතාවලට අනුකූලව උපවාසය තාවකාලිකව අත්හිටුවමි.

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි සභාපති – නැගෙනහිර භික්ෂු පෙරමුණ

බන්ධනාගාර පාලන අධිකාරිය මගින් ඉදිරිපත් කර ඇති මෙම ලිපියෙහි පිටපත් ජනාධිපතිවරයා ඇතුළු අදාල අංශ කිහිපයක් වෙතත් මහා සංඝරත්නය සහ සියලුම ශාසනාරක්ෂක බල මණ්ඩල වෙතත් යොමු කර තිබෙන බවත් පූජ්‍ය බළන්ගොඩ කස්සප හිමියන්ගේ අත් අකුරින් ලියන ලද ලිපියෙහි වැඩිදුරටත් සඳහන් වනවා ෴

+++

උපවාසය අත්හැරිය හේතුව කස්සප හිමියෝ විමල් වීරවංශට හෙළි කරති

(16.01.2026 – hirunews.lk)

දැනට ත්‍රිකුණාමලයේ රක්ෂිත බන්ධනාගාරයේ සිටින පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමියන් උපවාසය අත්හැර ඇත්තේ මීළඟ නඩු දිනය යෙදෙන 19 වැනිදා දක්වා තාවකාලිකව බව උන්වහන්සේ තමා සමඟ ප්‍රකාශ කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කරනවා.

හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද(16) උදෑසන ත්‍රිකුණාමලය රක්ෂිත බන්ධනාගාරයට ගොස් පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමියන් බැහැ දැකීමෙන් අනතුරුවයි.

පූජ්‍ය කස්සප හිමියන් තමන් වහන්සේට සිදු වූ අසාධාරණයට එරෙහිව බන්ධනාගාරය තුළදීම දානය වර්ජනය කරමින් උපවාසයක නිරතව සිටි බවත් පූජ්‍ය අරීසිමලේ ආරාණ්‍ය සේනාසනයේ නාහිමි පූජ්‍ය පනාමුරේ තිලකවංශ නායක හිමියන්ගේ උපදෙස් මත එය මීළඟ නඩු දිනය දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙන බව කස්සප හිමියන් තමාට ප්‍රකාශ කළ බවද විමල් වීරවංශ සඳහන් කරනවා.

ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයට නීත්‍යානුකූලව හිමි සියලුම අවසර පත්‍ර, ඔප්පු සහ අදාල කාරණා තිබෙන බවත් එවැනි පූජා භූමි ඔප්පුවක් නොමැති වෙනත් ආගමික ස්ථාන 32 ක් එම ප්‍රදේශයේ තිබුණද ඒවාට කිසිදු නීතිමය කාරණයක් නොමැති බවත් එය ඉතාමත්ම අසාධාරණ තත්ත්වයක් බවත් උන්වහන්සේ ප්‍රකාශ කළ බවද විමල් වීරවංශ සඳහන් කරනවා.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ ආකාරයෙන් අසාධාරණ ආකාරයට කටයුතු කරන්නේ ජාතික ජන බලවේගයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ බලපෑම මත බව උන්වහන්සේ පැවසූ බවද විමල් වීරවංශ ප්‍රකාශ කරනවා.

මීට අමතරව විමල් වීරවංශ කියා සිටියේ උන්වහන්සේ ඉල්ලීම් කිහිපයක් තම පක්ෂයෙන් ඉල්ලා සිටි බවත් එම ඉල්ලීම් ඉටු කරදීමට ජාතික නිදහස් පෙරමුණ උපරිම ආකාරයෙන් කටයුතු කරන බවයි.

විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයාට අමතරව හිටපු නියෝජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර ඇතුළු කිහිප දෙනෙක් ත්‍රිකුණාමලය බන්ධනාගාරයට ගොස් පූජ්‍ය කස්සප හිමියන් බැහැ දුටුවා ෴


ජූලි චංග් යයි – ගම්මන්පිල කිරිබත් කයි | අලුතෙන් එන ඇමෙරිකානු තානාපතිගේ පැටිකිරිය මෙන්න (16.01.2026)

+++

දේදුන්න ද? – සමලිංගික කොඩිය ද ? | ‘හරි-නි’ ‘වැරදි-නි’ වූ හැටි (16.01.2026)

+++

දන් බත් ගිලපු ජවිපෙ බුදු පිළිම වලට අකමැති ඇයි? සුවිශේෂී හෙලිදරව්ව (16.01.2026)

+


හාමුදුරුවෝ වනචරද ? ලාල්කාන්ත අරහත්ද ? (16.01.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *