මත්පෙති දී තරුණියන් නිරුවත් කළ ඔසුසල් හිමියා හලාවතදී අසුවෙයි

මත්පෙති දී තරුණියන් නිරුවත් කළ ඔසුසල් හිමියා හලාවතදී අසුවෙයි


මත්පෙති දී තරුණියන් නිරුවත් කළ ඔසුසල් හිමියා හලාවතදී අසුවෙයි

(15.01.2026 – hirunews.lk)

මත්පෙති සහ විවිධ මත්ද්‍රව්‍ය ලබාදී කාන්තාවන් සහ තරුණියන් අපයෝජනය කරමින් ඔවුන්ගේ නිරුවත් දර්ශන වීඩියෝ ගත කළ ඖෂධසල් හිමියෙකු සහ ඔහුට සහය දැක්වූ පුද්ගලයෙකු හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හලාවත ප්‍රදේශයේ ඖෂධහලක් පවත්වාගෙන යන මෙම පුද්ගලයා, ඖෂධ අලෙවි කිරීමේ මුවාවෙන් සිය වෛද්‍යවරයෙකු වන සහෝදරයාගේද සහය ඇතිව මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබූ මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී, මත්පෙති 571 ක්, හෙරොයින් මිලිග්‍රෑම් 11,760 ක් සොයා ගැනීමට සමත්ව තිබෙනවා.

මෙම සැකකරු විසින් ලාබාල තරුණියන්ට සහ කාන්තාවන්ට මත්පෙති හා මත්ද්‍රව්‍ය ලබාදී ඔවුන්ව නිරුවත් කර අසභ්‍ය වීඩියෝ දර්ශන ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, මෙය ඉතා සූක්ෂ්ම ලෙස කලක් තිස්සේ කරගෙන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනීමෙන් පසු සැකකරු හලාවත රෝහල වෙත ඉදිරිපත් කර වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කර ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ මොහුද ‘අයිස්’ (Ice) සහ ගංජා යන මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූවෙකු බවයි.

මෙම ජාවාරම සඳහා සහය දුන් බව කියන වෛද්‍යවරයා සහ අනෙකුත් පාර්ශවයන් සම්බන්ධයෙන් හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, සැකකරුවන් සහ නඩු භාණ්ඩ හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


බලන්ගොඩ කස්සප හිමි බන්ධනාගාරය ඇතුළේ මාරාන්තික උපවාසයක් ආරම්භ කරයි (15.01.2026)

+

භික්ෂූන් වහන්සේලා හිර ගෙවල්වල දානවා – මේ බෞද්ධ රටේ අඳුරුම කාලේ මේ යන්නේ… (15.01.2026)

+

දංගෙඩිය දැකලා පස්සට ගියේ නෑ – සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අපි ඉන්නවා – හිමිවරු වහාම නිදහස් කරන්න (15.01.2026)

+

බුදු පිළිමයක් තැන්පත් කළාම ආණ්ඩුවට රිදෙනවා – පරිස්සම් වෙලා ඉන්න – දොලවත්තගෙන් රතු එළි (15.01.2026)

+


දණ්ඩ නිතී සංග්‍රහයේ පෙලඹවීමත් ලිංගික අපයෝජනය – නීතිඥයෝ ආණ්ඩුවට අවසන් නිවේදනය දෙයි (15.01.2026)

+

අපි සැරින් සැරේ ඇවිත් බිල්ලෝ මවන්නේ නෑ – මවුවරුන්ගේ පෙරමුණ හදිසියේ මාධ්‍ය කැඳවයි (15.01.2026)

+

අට ලක්ෂ හැත්තෑ හත්දාහක් අම්මලා වඳ කරලා – රට කැළඹෙන හෙළිදරව්වක් එළියට එයි (15.01.2026)

+


කොළඹ බස් ප්‍රබලයෝ හදිසියේ රැස්වෙයි – ලබන සතියේ ඉඳන් වැඩ වර්ජනයක (15.01.2026)

+


පුද්ගල ඝාතන සිද්ධින් කිහිපයක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටින ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු හා වංචා කිරීමේ සිද්ධීන් රැසකට සම්බන්ධ කාන්තාවක් ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන තිබේ. (15.01.2026)

+


චරිත් නාමල් ට ? පිස්තෝලය මාලු මාමා ට ! (15.01.2026)

+


අමර අමරත් එක්ක යනවා, සාමා සාමාත් එක්ක යනවා… ලාල්කාන්තව දැන්නං අපේ පක්ෂෙට ගන්ඩ බෑ (15.01.2026)

+

රටේ අම්මලා කතරගම පොල් ගැහැව්වා, හරිනිගේ බඩී මකබෑවුණා… හරිනි ඉල්ලා අස්විය යුතුමයි (15.01.2026)

+

ආණ්ඩුවට මේකත් රිවස් කරන්න වෙනවාමයි… නැත්නම් අපි අවශ්‍ය තැනට පැමිණිලි කරනවා (15.01.2026)

+


තුන් දෙනාම දූෂිතයො ගල් අගුරු මගඩියේ අලුත්ම රහස මෙන්න (15.01.2026)

+

PMD වනචාරියෝ නොදුටු, සභ්‍යත්වය ඉල්ලන හරිම බඩු දෙකක් (15.01.2026)

+


සුදුසුකම් නැති ලොක්කෙක් දැම්මේ ඇයි? | බාලදක්ෂ කොමසාරිස් පත්වීමේ ඇත්ත (15.01.2026)

+


පාදඩයන්, වනචරයන්, සමලිංගිකයන්ගේ පාරාදීසය පැලවත්තේ (15.01.2026)

+

ගුටි කාපු හිමිවරුන් රිමාන්ඩ් වෙච්ච ත්‍රීකුණාමලේ සිද්ධියේ අමුතු කතාව (15.01.2026)

+


අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ සැබෑ අරමුණ සමාජය බිඳ දැමීමයි | Dr. Wasantha Bandara (16.01.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ Balangoda Kassapa and Weerasekaraa and everyone else supporting these rioting robe bearers. These people are not monks, does not belong to maha sanghaya group and not deserve any respect. They do not demonstrate any qualities of a disciple of Lord Buddha. Where is their, “Suapatipanno, Ujupatipanno, Gnayapatipanno, and Saameechipatipanno”? They are extremist political agitators trying cause mischeif and dissension between ethnic and religious groups as paid trouble makers of hotu pohittu nikaaya. The public and Buddhist devotees need not worry about these criminals that are disrubing the country’s peace and the governments efforts to build a Sri Lanka where people of different ethnic and religious groups live in harmony.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *