ත්‍රිකුණාමලය ප්‍රදේශයේ බුදු පිළිම සිද්ධියට අදාළව පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරුන් සිව් නමක් (4) සහ පුද්ගලයින් 5 දෙනෙකු රිමාන්ඩ්
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ බුදු පිළිම සිද්ධියට අදාළව පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරුන් සිව් නමක් (4) සහ පුද්ගලයින් 5 දෙනෙකු රිමාන්ඩ්
(14.01.2026 – 15:57 +0530 – sinhala.adaderana.lk)
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ බුදු පිළිමයක් සම්බන්ධ සිද්ධියකට අදාළව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු ස්වාමීන්වහන්සේ සිව් නමක් (4) සහ පුද්ගලයින් 5 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ත්‍රිකුණාමලය විහාරස්ථානයක තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාවක් ඉවත් කිරීමට උත්හාස කිරීමත් සමග පසුගිය වසරේ නොවැම්බර් මස 16 වනදා එහි නොසන්සුන්තාවයක් හටගෙන තිබුණි.
කෙසේවෙතත් මෙම සිද්ධියට අදාළව අදාළ ඉදිකිරීම් අනවසර බවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර තිබූ අතර බුද්ධ ප්‍රතිමාව ඉවත් කිරීමට උත්සාහ කිරීමේදී හිමිවරුන්ගෙන් සහ ප්‍රදේශවාසීන්ගෙන් පොලීසියට දැඩි විරෝධයක් එල්ල විය.
මෙම සිද්ධියට අදාළව ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙන නඩුවකට අදාළ පාර්ශ්වයන් කැඳවා තිබූ අතර එහිදී මෙම පිරිස ජනවාරි මස 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.
+++

+++
+
පච අනුරගෙ කන්ටේනර් හොරු රටම විනාශ කරනවා (14.01.2026)
+
විමලෙද? පොලේද? හරිණි හරිද? සටන ඉවරද? (14.01.2026)
+
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට මුවාවී අගමැතිණියට ජවිපෙ එල්ල කර කණේ පහර (14.01.2026)
+
පාදඩයන්, වනචරයන්, සමලිංගිකයන්ගේ පාරාදීසය පැලවත්තේ (14.01.2026)
+
මාලිමා ආණ්ඩුව කොටි එලියට දැම්මා – මේකේ වගකීම අනුර ජනාධිපති භාරගන්න (14.01.2026)
+++
+
කොළඹ බලය සජබය අල්ලයි – විපක්ෂයේ ප්‍රබලයෝ හදිසියේ රැස්වෙයි (14.01.2026)
+
මහින්ද අමරවීර බයි තක්සලාවට (14.01.2026)
+
වෙබ් අඩවිය එක වැරැද්දක් විතරයි | විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන්ගේ සංගමය එකක් නෑර ඇදපු හැටි (14.01.2026)
+
අඛණ්ඩ දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට GMOA සූදානම් වෙයි
(14.01.2026 – 19:34 +0530 – sinhala.adaderana.lk)
නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ලබා දුන් එකඟතා ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වන්නේ නම් අඛණ්ඩව දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමය පැවසුවේ පසුගිය නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද 2026 වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලිය තුළ මෙරට සෞඛ්‍ය සේවයේ සහ වෛද්‍යවරුන්ගේ සැබෑ ගැටලු හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලබා දීම සඳහා අවශ්‍ය කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ප්‍රතිපත්ති හෝ ක්‍රියාමාර්ග කිසිවක් අන්තර්ගත නොවීම තුළ සෞඛ්‍ය පද්ධතිය සහ සෞඛ්‍ය සේවකයින් තුළ බරපතළ නොසන්සුන්තාවයක් හටගත් බවය.
ඒ අනුව සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ සැබෑ ගැටලු සඳහා විසඳුම් ලබා දීමට බල කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තිය ක්‍රියාමාර්ග ගණනාවක් දියත් කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ලබා දුන් ලිඛිත එකඟතාවයන් මත එම වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බවත් එම සංගමය සඳහන් කළේය.
ඒ අනුව ඊයේ (13) දින පැවැති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභා රැස්වීමේදී දීර්ඝ ලෙස පවතින ප්‍රවණතාවයන් සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වූ බවත් පෙන්වා දෙන එම සංගමය පැවසුවේ එකඟතා ක්‍රියාත්මක කරමින් ගැටලු විසඳීම සඳහා ඉදිරි දින 10 ක කාලයක් සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දීමට තීරණය කළ බවත්ය.
ඒ අනුව එම කාල රාමුව තුළදී ගැටළු විසඳීමට අමාත්‍යාංශය අපොහොසත් වන්නේ නම් එළැඹෙන 23 වැනි දින සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට විධායක කමිටුව ඒකමතිකව තීරණය කළ බවත් එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේය ෴
+++
නැගෙනහිර රෝහල් වර්ජනයේ තිත්ත ඇත්ත එළියට | සෞඛ්‍ය අමාත්‍යංශය හිරවෙන සිද්ධියක් (14.01.2026)
+
2026 දීත් දවසට පීරියඩ් 08 යි : කාල සටහනුත් පෙර පරිදිම
(14.01.2026 – hirunews.lk)
2026 වසරේ පාසල් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
2026 ජනවාරි 13 දින පැවැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව, 2026 ජනවාරි 21 දින සිට ආරම්භ වන පාසල් අධ්‍යාපන කටයුතු පහත පරිදි සිදු කිරීමට තීරණය කර ඇති බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.
2026 වර්ෂයේ දී 1 ශ්‍රේණියට ක්‍රියාත්මක කිරීමට යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාල විෂය මාලාවේ විධිමත් අධ්‍යයන කටයුතු පෙර උපදෙස් ලබාදුන් පරිදි ම 2026 ජනවාරි 29 දින ආරම්භ කරන බවත් එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම 6 ශ්‍රේණිය සඳහා හඳුන්වාදීමට නියමිත නව විෂය නිර්දේශය ක්‍රියාත්මක කිරීම 2027 වර්ෂය දක්වා කල් දමන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
2026 වසර තුළ 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා, දෛනික කාල පරිච්ඡේද සංඛ්‍යාව අටක් (08) ලෙස සංශෝධනය කළ යුතු අතර, එක් කාලඡේදයක් විනාඩි 40 ක් විය යුතු බවත් ඒ අනුව, පෙර වසරවල ක්‍රියාත්මක වූ ආකාරයට ම කාලසටහන් සකස් කළ යුතු බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.
6 ශ්‍රේණිය සඳහා පෙර වර්ෂවල දී ක්‍රියාත්මක වූ විෂය නිර්දේශය ම 2026 වර්ෂය සඳහා ද ක්‍රියාත්මක කළ යුතු අතර 6 ශ්‍රේණිය සඳහා පසුගිය වසරේ සිසුන් භාවිත කළ පෙළපොත් ප්‍රධාන වශයෙන් ම භාවිතයට ගනිමින් අධ්‍යාපන කටයුතු සිදු කළ යුතු බවත් එහි සඳහන්.
පසුගිය වසරේ භාවිත කළ පෙළපොත් සිසුන් වෙතින් එකතු කර, ඒවා නැවත 6 ශ්‍රේණියේ සිසුන් වෙත බෙදා හැරීම සම්බන්ධ උපදෙස් සියලු විදුහල්පතිවරුන් වෙත නිකුත් කරන බවයි ලේකම්වරයා මෙහිදී පවසා සිටින්නේ.
අවශ්‍ය වන ප්‍රමාණයට පමණක් නව පෙළපොත් හැකි ඉක්මනින් මුද්‍රණය කර බෙදා හැරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් 2026 වසරේ දී 6 ශ්‍රේණිය සඳහා භාවිත කළ යුතු පෙළපොත් සඳහා අදාළ මෘදු පිටපත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ‘e-තක්සලාව’ වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කරන බවත් එම නිවේදනයේ සඳහන්.
නව ප්‍රතිසංස්කරණයන්ට අදාළ මොඩියුල පිළිබඳ නියමු ව්‍යාපෘතියක් මෙම වසරේ දී පළාත් කිහිපයක ක්‍රියාත්මක කිරීමට යෝජිත අතර, ඒ පිළිබඳ විස්තර පසුව දැනුම් දෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
6 ශ්‍රේණිය සඳහා පිළියෙල කරනු ලැබ ඇති මොඩියුල නැවත සමාලෝචනය කර ඉදිරි වර්ෂයේ දී සුදුසු පරිදි භාවිත කරන බවත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්ට අදාළ ගුරු පුහුණු කටයුතු 2026 වසර පුරා අඛණ්ඩ ව ක්‍රියාත්මක කරන බවත් එම නිවේදනයේ සඳහන්.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත මානව සම්පත් සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, පරිපාලන සංශෝධන හා තක්සේරු ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සහ පුළුල් මහජන දැනුම්වත්කිරීම් යන ප්‍රවේශයන් 2026 වසර තුළ අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් එම නිවේදනයේ සඳහන්.
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්ට අදාළව මෙතෙක් සකස් කර ඇති සංකල්ප පත්‍රිකාව, විෂයමාලා රාමුව සහ සියලු මොඩියුල, විවෘත හා පුළුල් මහජන සංවාදයක් සඳහා මහජනතාව වෙත විවෘත කරන බවයි ලේකම්වරයා මෙහිදී පවසා සිටින්නේ.
මෙම කරුණු සම්බන්ධයෙන් වන චක්‍රලේඛය ඉතා ඉක්මනින් නිකුත් කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව වැඩිදුරටත් පවසා සිටින්නේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴