‘වනචාරි’ කතාවෙන් ලාල්කාන්තට ලොකු ලෙඩක්.. ICCPR කඩලා..
(13.01.2026 – lankacnews.com)
කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග කැබිනට් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යාන්තර සම්මුති (ICCPR පනත) උල්ලංඝනය කරමින් බෞද්ධාගමට සහ මහා සංඝ රත්නයට අපහාස කර ඇතැයි නාමල් රාජපක්ෂ පැවසීය.
විශේෂයෙන්ම පසුගියදා මිහින්තලය නායක ස්වාමින්වහන්සේ වලවාහැංගුන වැවේ ධම්මරතන නායක ස්වාමීන් වහන්සේට වනචාරියා ලෙස හදුන්වමින් අපහාස කර ඇති බවත් මෙසේ බෞද්ධ නායකයකුට අපහාස කිරීම තමා තරයේ හෙළා දකින බව නාමල් රාජපක්ෂ පැවසීය.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යාන්තර සම්මුති (ICCPR) පනතෙහි “කිසිම තැනැත්තකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට, එදිරිවාදිකම්වලටහෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු කිරීම සංයුක්ත වන ජාතික,වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙලඹවීම්, නොකළ යුතුය” ලෙස දක්වා ඇති අතර ලාල් කාන්ත මෙහිදී ආගමික ද්වේෂය පතුරවා ඇති බව පෙනී යන බවත් නාමල් රාජපක්ෂ පැවසීය.
නීතිය සැමට සමානනම් බෞද්ධ නායකයින් ඉලක්ක කරගෙන සිදු කරන අපහාසයන් හා ආගමික ද්වේශය පැතිරවීම ගැන මෙම පනතට අනුව ලාල්කාන්තට ගන්නා නෛතික ක්‍රියාමාර්ග මොනවා දැයි තමා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බවද නාමල් රාජපක්ෂ පැවසීය.
සමාන්‍ය පුරවැසියකු හෝ විපක්ෂයේ කිසිවකු මෙසේ නීතිය කඩ කලානම් මේ වන විටත් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බවත් ලාල් කාන්ත ආගමික ද්වේෂය පැතිරවීම හා මහා සංඝරත්නයට අපහාස කිරීම පිළිබඳව ආණ්ඩුව නිහඬ බවත් නාමල් රාජපක්ෂ පැවසීය.
දේශපාලනඥයින් සහ මහා සංඝ රත්නය අතර විවිධ මතිමතාන්තර තිබුණද මෙරට ඉතිහාසයේ කිසිදු දේශපාලනඥයෙකු මේ ආකාරයෙන් මහා සංඝරත්නයට අපහාස සිදුකර නොමැති බව නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.
+++
ඇමති ලාල්ට එරෙහිව මිහින්තලේ හාමුදුරුවෝ සංඝ සේනාවක් එක්ක CID එකට එයි (13.01.2026)
+++
පන්සලේ පින් බත් කකා හිටපු ලාල් කියන්නේ කාපු බත් පතේ ## පුද්ගලයෙක් (13.01.2026)
+++
“තවත් වනචාරීන් දුටිමි” ලාල්ගේ ප්‍රකාශයට ආනන්ද සාගර හිමියන්ට හොඳටම තදවෙයි (13.01.2026)
+
හැමදාමත් රෝගීන්ගේ ජීවිත බිල්ලට තියන – රජයේ වෛද්‍යවරුන්ගේ අඛණ්ඩ වැඩ වර්ජනය (13.01.2026)
+
මාලිමා ලැට් ෂුදා හොයපු ඩිල්කාගේ බෝක්කුව මෙන්න (13.01.2026)
+
ලාල්කාන්තගෙන් උලපනේ හාමුදුරුවන්ට කැරම් ෂොට් එකක්… මහා සංඝරත්නය ලාල්කාන්තට එරෙහිව පෙළ ගැසෙයි (13.01.2026)
+
හරිනි අධ්‍යාපන ඇමතිකමෙන් ඉල්ලා අස්විය යුතුමයි… දෙමාපියන් ගුරුවරුන් දැන් ඒ සඳහා සටන් කළ යුතුයි (13.01.2026)
+
පංසලේ දංකුඩ කාලා ජීවත්වෙච්චි එවුං… මුල අමතක වෙලා දැන් උඩ පනිනවා (13.01.2026)
+
අනුරගේ කැණහිලාලෝකනය පච වෙලා බලු වෙච්ච් හැටි (13.01.2026)
+
අපේ සටන අපි ලේසියෙන් අත හරින්නේ නෑ – විමල් ආණ්ඩුවට අදත් රතු එළි දල්වයි (14.01.2026)
+++
අගමැති මහා නායක හාමුදුරුවෝ ළඟ හුරතල් වෙනවා – අගමැතිට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක් (14.01.2026)
+++
ළමයින්ට පෝන් දුන්නාම යන්නේ වෙන සයිට්වලට – අම්මලාට ස්මාර්ට් පෝන් කෝ එදා වේල කන්න නෑ (14.01.2026)
+++
දරුවන්ගේ මොළ කාබාසිනියා කරපු අය බේරේ වැවේ ගෙම්බෝ වෙනවා – නුවර වැවේ ඉබ්බෝ වෙලත් ඉපදෙනවා (14.01.2026)
+++
සජබයේ ප්‍රබලයෝ හදිසියේ රැස්වෙයි – අගමැතිගේ විශ්වාස භංගය ගැන තීරණයක් ගනියි (13.01.2025)
+
මිහින්තලේ වනචාරියා කිව්වේ නායක හාමුදුරුවන්ට – සජබේ ප්‍රබලයෝ වහාම මාධ්‍ය කැඳවයි (14.01.2025)
+++
මාලිමා ආණ්ඩුව වැඩි කල් දුවන්නේ නෑ – බෙංගමුවේ නාලක හිමි සැර කතාවක් කරයි (14.01.2025)
+++
රාජාංගනේ ගෝරිල්ලා හැමෝටම මඩ ගහනවා – පන්සලේ පිං බත් කකා හිටපු පිම්පියෝ (14.01.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴