6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 ට කල්යයි
(13.01.2026 – 14:14 +0530 – sinhala.adaderana.lk)
දැනට ආරම්භ කර ඇති 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි සමාලෝචනයට කර 2027 දී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
කෙසේ නමුත් 1 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසර තුළ එලෙසම ක්‍රියාත්මක කරන බවද අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ප්‍රශ්නගත 6 වන ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදුකළ විමර්ශන වාර්තාව තුළින් ලද ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන ආයතනයේ පාලන සභාව විසින් අදාළ සිදුවීම වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී කියා සිටියේය.
ඒ අනුව,
- මානව සම්පත් සංවර්ධනය
- යටිතල පහසුකම් සංවර්ධනය හා පරිපාලන ප්‍රතිසංස්කරණ
- තක්සේරු සහ ඇගයීමේ කටයුතු
- විෂයමාලා සංවර්ධනය
- මහජන දැනුවත්භාවය හා ප්‍රවර්ධනය
යන ප්‍රධාන කුලුනු 5ක් මත අදාළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු එලෙසම ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
+++
+++
අඛණ්ඩ සත්‍යග්‍රහයට ආනන්ද සාගර හිමියෝත් එක්වෙති
(13.01.2026 – hirunews.lk)
‘දරුවන් උදෙසා වැඩිහිටියෝ’ සංවිධානය විසින් බත්තරමුල්ල, පැලවත්ත ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පවත්වනු ලබන අඛණ්ඩ සත්‍යග්‍රහය සඳහා සහාය දීමට පාහියන්ගල ආනන්ද සාගර හිමියන් මීට ස්වල්ප වෙලාවකට පෙර එක්වුණා.
මෙම සත්‍යග්‍රහයේ දෙවැනි (2) දිනය අද (13) යි.
සත්‍යග්‍රහයට සහභාගී වූ උන්වහන්සේ ප්‍රකාශ කළේ මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම හකුලා ගත යුතු බවයි.
සෑම දරුවෙකුටම ස්මාර්ට් ෆෝන් එකක් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් අනිවාර්ය කරන බවත් තිබෙන ප්‍රශ්න තවත් අවුල් වන නිසා වහාම එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගැනීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතු බවත් උන්වහන්සේ මෙහිදී අවධාරණය කළා.
ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ඊයේ (12) මෙම අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ කළා.
ඔවුන් මෙම සත්‍යග්‍රහය ආරම්භ කළේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළාගන්නා ලෙස සහ අග්‍රාමාත්‍යවරියට අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් වන ලෙස බලකරමින්.
හිටපු අමාත්‍ය විමල් වීරවංශ සඳහන් කළේ මෙම ප්‍රතිසංස්කරණ හකුළාගන්නා තුරුම මෙම සත්‍යග්‍රහය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.
+++
+++
+++
+++
+++
+++
+++
හරිනි අධ්‍යාපනයේ වැරදි සාක්ෂි එක්කම – එක මිටට අරන් සජබය වහාම මාධ්‍ය කැඳවයි (13.01.2026)
+++
හරිනිගේ පුටුවට මහින්ද ජයසිංහ ගේන ආණ්ඩු සැලසුමක් ගැන විදුහල්පති සංගමයෙන් අනාවරණයක් (13.01.2026)
+++
විමල්ගේ සත්‍යග්‍රහය අවසන්
(13.01.2026 – 16:27 +0530 – sinhala.adaderana.lk)
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් විසින් ආරම්භ කර තිබූ අඛණ්ඩ සත්‍යග්‍රහය මේ වනවිට අවසන් කර තිබේ.
රජය විසින් 6 ශ්‍රේණියට අදාළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ලබන වසර දක්වා කල් දමා ඇති බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මෙලෙස සත්‍යග්‍රහය අවසන් කර ඇත.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් බලකරමින් මෙම සත්‍යග්‍රහය ඊයේ (12) ආරම්භ කර තිබුණි.
+++
හරිනිගෙ Sex දරුවන්ට පෙන්වන්න එපා ! (13.01.2026)
+
එදා මතුගම මිනිස්සුන්ට බෙදුවේ උගන්ඩාවෙන් ගෙනාපු සල්ලි ද ? නලින්දගෙ මයික් එක වගේද මේක නේද ? (13.01.2026)
+
මහා මහේන්ද්‍ර ප්‍රසාදිනී ගරු නාමය ආපසු.. (13.01.2026)
+
වෙනිසියුලාවේ සිට ඉරානය දක්වා ඇවිළෙන ලෝකය සහ ඇමරිකාව | ආචාර්ය මහින්ද පතිරණ (13.01.2026)
+
සජබේ තිස්සත් ගේමට එන්ටර් වෙයි – මේ වාචාල ආණ්ඩුව හොඳටම බයවෙලා ඉන්නේ (13.01.2026)
+
ගෝල්ෆේස් වාහන ප‍්‍රදර්ශණයේ තොරතුරු දෙන්න (RTI යටතේත්) බෑම කියයි..
(13.01.2026 – lankacnews.com)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධුර කාලය අවසන් වීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දෙන ලද වාහන 68 ක ලියාපදිංචි අංක ලබා දීම, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ (RTI) පනත යටතේ කළ ඉල්ලීමක් මත ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
නිදහස් මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතා විසින්, 2024 සැප්තැම්බර් 23 දිනෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දුන් වාහනවලට අදාළ විස්තර ඉල්ලා මෙම තොරතුරු ඉල්ලුම්පත්‍රය යොමු කර තිබුණි.
එහිදී ඔහු විශේෂයෙන්ම ඉහත කී වාහන 68 හි ලියාපදිංචි අංක ඉල්ලා සිට ඇත.
ප්‍රතික්ෂේප කිරීමට හේතුව 2026 ජනවාරි 02 දිනැති ලිපියක් මගින් දන්වා සිටියේ අදාළ තොරතුරු ලබා දිය නොහැකි බවයි.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 5(1)(අ) වගන්තිය ප්‍රකාරව, ඉල්ලා ඇති තොරතුරු පුද්ගලික තොරතුරු ගණයට වැටෙන බැවින් ඒවා අනාවරණය කළ නොහැකි බව එම ලිපියේ සඳහන් වේ.
මාධ්‍යවේදියාගේ අදහස මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මාධ්‍යවේදී හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, මාස කිහිපයක උත්සාහයකින් පසුව තොරතුරු පනත යටතේ ඇතැම් දත්ත තමන් වෙත ලැබුණු නමුත්, අදාළ වාහන 68 හි ලියාපදිංචි අංක පිළිබඳ තොරතුරු ලබා දීම බලධාරීන් මෙතෙක් ප්‍රතික්ෂේප කර ඇති බවයි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴