වැලිකන්දේ දී තියුණු ආයුධයකින් පහරදීමට ආ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට
වැලිකන්දේ දී තියුණු ආයුධයකින් පහරදීමට ආ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට
(12.01.2026 – 20:12 +0530 – sinhala.adaderana.lk)
වැලිකන්දේ දී පොලීසියට තියුණු ආයුධයකින් පහරදීමට පැමිණි පුද්ගලයෙකු (1) පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (12) සවස වැලිකන්ද ප්‍රදේශයේ දී පුද්ගලයින් තිදෙනෙකු (3) සමඟ ධාවනය වූ යතුරුපැදියක් නැවැත්වීමට රථවාහන පොලීසිය විසින් නියෝග කර ඇත.
එහිදී අදාළ යතුරුපැදිය අණ නොතකා ධාවනය කර ඇති අතර, පසුව එම යතුරුපැදිකරු නිවසට ගොස් තිබේ.
පොලිස් නිලධාරීන් අදාළ පුද්ගලයාව ලුහුබැඳ නිවසට යෑමේ දී එම පුද්ගලයා මන්නයකින් පොලිස් නිලධාරීන් පහර දීමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේ දී පොලීසිය වෙඩිතැබීමක් සිදුකර ඇත.
වෙඩි වැදීමෙන් එම පුද්ගලයාගේ පාදයට සහ පපුවට තුවාල සිදුව ඇති අතර, රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඔහු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පැවසීය.
මීට පෙර මොහු මත්ද්‍රව්‍ය චෝදනා 7 ක් සම්බන්ධයෙන් වරදකරුවෙකු වී ඇති අතර මේ වනවිට තවත් අපරාධ චෝදනා දෙකක් (2) සම්බන්ධයෙන් නඩු විභාගවෙමින් පවතින බවද පොලීසිය සඳහන් කළේය.
යතුරුපැදියේ ගමන් ගත් සෙසු පුද්ගලයින් දෙදෙනා (2) සොයා පොලිස් විමර්ශන සිදුකෙරේ.
+
සිංහල කොටි සහ සමලිංගික කික්කියන් එකම වේදිකාවක… රට වනසන ඔය ව්‍යාපෘති අපි ඉවර කරනවා (12.01.2026)
+
ටිල්වින් පාර්ලිමේන්තුවට (12.01.2026)
+
මිහින්තලේ හිමිට වනචාරියා කී, ඇමති ලාල්ගේ පැටිකිරිය (12.01.2026)
+
විපක්ෂය එක මිටට පෙල ගැසෙන අපූරු හමුවීම ගැන කතාව (12.01.2026)
+
ආණ්ඩුවේ කැබ් 1775 ගන්න උන්ට සාප වේවා ! (12.01.2026)
+
Hiru TV Salakuna Live | Ajith P Perera | Episode 512 | 2026-01-12
+
අලින්ගෙන් බේරී එද්දී වනජීවිය ළඟදී මුවෙක් ඇනලා ගොවියෙක් මරුට
(13.01.2026 – aruna.lk)
වන අලින්ගෙන් තම වගාව රැක ගැනීමට ගොස් ආපසු නිවෙස් බලා යමින් සිටි ගොවි මහතෙකු හේරත්ගම වනජීවි කාර්යාලය ආසන්නයේදී මුවෙකු ඇනීමෙන් ඊයේ (12 වැනිදා) අලුයම මියගොස් තිබේ. එසේම මුවාගේ ප්‍රහාරයට ලක්වූ තවත් පුද්ගලයෙකුද බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත.මෙලෙස මරණයට පත්ව ඇත්තේ පොල්පිතිගම හේරත්ගම, ගලහිටියාව ලිපිනයේ පදිංචිව සිටි එම්.ඒ. සමන්ත විජේවර්ධන නමැති 47 හැවිරිදි තිදරු පියෙකි.
එම ප්‍රදේශයේම පදිංචි අවුරුදු 80-85 අතරේ පසුවන බස්නායක නමැති ගොවි මහතාද මෙම මුවා ඇනීමෙන් ඉළඇට කැඩීම හේතුවෙන් පොල්පිතිගම මූලික රෝහලට ඇතුළත් කොට වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබේ.
මෙම දෙදෙනාම 11 වැනිදා සවස් යාමයේ හේරත්ගම වනජීවි කාර්යාලය අවට වෙල් යායක තම කුඔුරු වගාව වන අලින්ගෙන් බේරා ගැනීමට පැල් රැකීමට ගොස් ආපසු නිවෙස් බලා යන අතරේ ඊයේ අලුයම 05:00-05:30 ත් අතර නිවෙස් කරා පැමිණෙමින් සිට ඇත.
එහිදී ඉදිරියෙන් ගමන් ගත් ගොවියාට මුවකු පෙරළාගෙන අණිනවා දුටු පිටුපසින් පැමිණී ගොවියා ඔහු බේරාගැනීමට දිව යාමේදී මුවා ඔහුටද ඇණ තිබිණි.
මුවාගේ ඇණීමෙන් බරපතළ තුවාල ලැබ සිටි දෙදෙනාම ප්‍රදේශවාසීන් විසින් පොල්පිතිගම මූලික රෝහලට ඇතුළත් කළද එක් ගොවියකු එහිදී මියගොස් ඇත.
තම වැඩිමහල් දියණිය ලබන වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත බවත් හයවැනි ශ්‍රේණියේ ඉගෙනුම නිවුන් දියණියන් දෙදෙනෙකුද ඔහුට සිටින බවත් මෙම තත්ත්වය හමුවේ තමන් දැඩි අසරණතාවයකට පත්ව සිටින බවත් මියගිය සමන්ත විජේවර්ධනගේ බිරිය සිය සැමියාගේ වියෝව දරා ගත නොහැකිව විලාප දෙමින් සඳහන් කළාය.
හේරත්ගම වනජීවි රක්ෂිතයට පිටතින් දරුණු ගනයේ අලි, කිඹුල්ලු හා සර්පයින් පවා ගෙනැවිත් මුදා හරින නිසා තමන් දැඩි අපහසුතාවලට පත්ව සිටින බවත්, එලෙස පිටතින් ගෙනා මුවෙකු ඇනීමෙන් ඉකුත් 09 වැනිදා ප්‍රදේශයේ තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර සිටින බවත්, එහි උණුසුම යාමට මත්තෙන් තවත් මුව ප්‍රහාරයක් මෙලෙස වාර්තා වෙන නිසා රක්ෂිත අතරින් පා ගමනින් යන එන පාසල් දරුවන් ඇතුළු ප්‍රදේශවාසින්ට බියෙන් හා සැකයෙන් ජීවත්වීමට සිදු වී ඇති බවත් ප්‍රදේශවාසීන් සඳහන් කළහ.
එම ප්‍රශ්නවලට විසදුම් තියා මරණයට පත් තැනැත්තාගේ නිවෙසටද වනජීවියේ කිසිවෙකුත් මේතාක් පැමිණ නැති බවත් පවසමින් ප්‍රදේශවාසීහු වනජීවියට දොස් නැගූහ.
ඒ අතරේ අලියෙකු, වලසෙකු, දිවියෙකු, කිඹුලෙකු හා කුළු හරකෙක් වැනි සතුන්ගෙන් සිදුවෙන තුවාලවලට හෝ මරණයට පත්වෙන අයට වන්දි ගෙවීමක් සිදු වෙන නමුත්, මුවෙකුගේ ප්‍රහාරයකින් මරණයට පත්වෙන අයට වන්දි ගෙවීමේ ක්‍රමවේදයක් මෙතෙක් සිදු වී නැතැයි පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු පවසා සිටියේය. එම කාර්යාලය හා ප්‍රදේශවාසීන් පවසන කාරණාවල සත්‍යතාවයක් තිබේදැයි අපි ඒ වනවිටත් පොල්පිතිගම මූලික රෝහලට පැමිණ සිටි වනජීවි නිලධාරින්ගෙන් විමසීමේදී වගකිව යුතු නිලධාරියෙකු මරණය සම්බන්ධව ප්‍රකාශයක් දීමට එන බැවින් ඒ පිළිබඳව කිසිවක් කිව නොහැකි යැයි ඔවුහු පැවසූහ.
ඒ අනුව හේරත්ගම වනජීවි කාර්යාලයෙන් කරුණු විමසීමට කොතෙක් උත්සාහ කළත් දුරකථන සම්බන්ධතාවයන් විසන්ධි වී තිබුණි ෴
මෝටර් රථ හතරක (4) සයිඩ් කණ්නාඩි කඩමින් මහ පාරේ යකා නැටූ තරුණයා අධිකරණයට
(13.01.2026 – hirunews.lk)
බත්තරමුල්ල දියත උයන සහ අතුල්කෝට්ටේ ප්‍රධාන මාර්ගයේදී යතුරුපැදියකින් ගමන් කරමින් මෝටර් රථ හතරකට (4) තියුණු ආයුධයකින් කොටා හානි සිදුකළැයි කියන තරුණයකු අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රාගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙක් බවත් ඔහු තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින අයකු බවත් පොලිසිය පවසනවා.
මෙම සැකකරු අද (13) පෙරවරුවේ බත්තරමුල්ල දියත උයන සහ ඇතුල්කෝට්ටේ ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් වාහන හතරකට තියුණු ආයුධයකින් පහරදී අනර්ථයක් කර ඇති බවත් පසුව රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් මොහු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය පැවසුවා.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කළ බවත් එහිදී මොහු දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි ව ඇති අයකු වන අතර ඒ වන විටත් ඔහුගේ ශරීරයේ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තැන්පත්ව තිබූ බවට වාර්තාවේ සඳහන් බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම සැකකරු මින් ඉහතදීද අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය මගින් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය කිරීමෙන් අනතුරුව මුදා හැර ඇති අයකු බවද පොලිසිය පැවසුවා.
පසුව මෙම සැකකරුගේ දෙමාපියන් මොහු ඩුබායි රාජ්‍යයේ රැකියාවකට පිටත් කර හැර ඇති බවත් එසේ විදෙස් ගතව සිට නැවත පැමිණ සිටියදී මෙම හානිය සිදුකර ඇති බවත් පොලිසිය සඳහන් කළා.
සැකකරු මේ වන විට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා ෴
+++
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴