අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කළ ප්‍රකාශයකට සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන CID කැඳවයි
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කළ ප්‍රකාශයකට සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන CID කැඳවයි
(11.01.2026 – hirunews.lk)
‘හිරු ටීවී’ නාලිකාවේ විකාශය වූ ‘සලකුණ’ වැඩසටහනේදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබෙනවා.

ඒ අනුව මන්ත්‍රීවරයාට හෙට (12) පෙරවරු 10:00 ට ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසයි දැනුම් දී ඇත්තේ.
‘සලකුණ’ දේශපාලන සංවාදාත්මක වැඩසටහනේදී ඔහු විසින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දක්වන ලද අදහස් මෙහිදී ප්‍රශ්න කිරීමට නියමිතයි.
තමන්ව CID කැඳවීම පිළිබඳව අදහස් දක්වමින් සිරිවර්ධන මන්ත්‍රීවරයා පවසා ඇත්තේ, ජනතාව තෝරා පත්කර ගත් රජයේ වත්මන් ස්වභාවය මෙයින් පැහැදිලි වන බවත් මෙය ‘බෝනික්කන්ගේ ආණ්ඩුවක්’ බවයි ෴
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට මහා සංඝරත්නයෙන් විරෝධය
(11.01.2026 – 14:27 +0530 – sinhala.adaderana.lk)
පාසල් සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාවය තිබුණ ද එය සිදු කළ යුතු ආකාරය මෙය නොවන බව පූජ්‍ය පාතේගම ඤානීස්සර හිමියන් පැවසීය.
උන්වහන්සේ මේ බව දේශනා කර සිටියේ දරමිටිපොළ රතනසාර ස්වාමීන් වහන්සේ පිළිබඳව ලියවුණු චරිතාපදාන පොතක් එළිදැක්විමේ උත්සවයේ ප්‍රධාන දේශනයට එක්වෙවෙමිනි.
එමෙන්ම රටේ සංස්කෘතිය විනාශ කරමින් සහ බෞද්ධ උරුමය විනාශ කරමින් රට ගොඩ නැගීමට හැකියාවක් නොමැති බවද මෙහිදී උන්වහන්සේ සඳහන් කර සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය පාතේගම ඤානීස්සර හිමියන් :
“පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ඕනේ කියලා අපි පිළිගන්නවා. ඒ පිළිගන්න වෙනස මේක නෙවෙයි. අද මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් කියනවා කුමරි බඹසර කඩපල්ලා.. කුමර බඹසර කඩපල්ලා.. මහා නායක හාමුදුරුවෝ ගාවට ගිහින් කියනවා ලින්ක් එක දැම්මට අපි ඒකට යන්න කිව්වේ නෑ අපේ හාමුදුරුවනේ කියලා. මහා නායක හාමුදුරුවෝ ගොන් නෑ. ඇතැම් පාලකයෝ වගේ.. මහා නායක හාමුදුරුවන් තුන් කල් දකින ඥානයක් තියෙනවා. උන්වහන්සේලා මේ විගඩන් දිහා බලන් ඉන්නවා. රටේ සංස්කෘතිය හෝදලා දාලා, රටේ සමාජයේ තියෙන බෞද්ධ උරුමය නැති කරලා ගොඩනගන රට මොකක්ද?”
මෙම අවස්ථාවට එක්වෙමින් පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් සඳහන් කර සිටියේ මෙම ආණ්ඩුව තුළ පිරිවෙන් පනතට පවා අත ගැසීමේ වැඩපිළිවෙලක් තිබූ බවය.
එමෙන්ම මහනායක ස්වාමීන්වහන්සේලා පිරිවෙන් පනතට අත ගැසීමට අවසර දී නොමැති බවත් අවසර දී ඇත්තේ පිරිවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කිරීමට පමණක් වන බවත් උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් පැවසීය.
එහිදී අදහස් දැක්වූ පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් :
“පිරිවෙන් පනතට පවා අත ගැසීමේ වැඩපිළිවෙලකට ගියා. මහනායක හාමුදුරුවරු අවසර දීලානෑ පිරිවෙන් පනතට අතගහන්න.උන්වහන්සේලා පිරිවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරන්න විතරයි ඉඩකඩ දීලා තිබුණේ. ඒ නිසා මං කරුණාකරලා කියන්නේ, හාමුදුරුවරු අවදියෙන් ඉන්න. බාධාවක්, සාසනයට අර්බුදයක් ඇතිවෙන දේවල් තියෙනවා නම්, ඒ දේවල් ගැන අපිට නිහඬව ඉන්න බෑ. ඒක විනාශ වුණොත් අපිට ආයේ මේක ගොඩගන්න තැනක් එන්නේ නෑ.”
+
ලාල්කන්ති කසිප්පු තිප්පොළවල කරක්ගැසූ වනචරයෙක්…
(11.01.2026 – lankacnews.com ඇසුරෙන්)
මිහින්තලා රජමහා විහාරාධිපති නායක හිමියන්ට ‘වනචරයා’ යැයි ආමන්ත්‍රණය කරමින් අගෞරව කිරීම සම්බන්ධයෙන් අමාත ලාල් කාන්තිට අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම් පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ දැඩි ලෙස දොස් පවරා සිටිති.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ සැබෑ ‘වනචරයා’ කවුද යන්න රටේ ජනතාව හොඳින් හඳුනාගෙන ඇති බවයි.
අමාත ලාල් කාන්තිගේ අතීතය පිළිබඳව අදහස් දක්වමින් සුමංගල හිමියන් සඳහන් කළේ, අමාතයා අනුරාධපුරයේ කසිප්පු තිප්පොළවල ගැවසෙමින් කිසිදු නිසි අධ්‍යාපනයක් නොලැබූ අයෙකු බවයි.
මීට පෙර හෙද සහෝදරියන්ගේ ශරීර අවයව පිළිබඳව අශෝභන ලෙස ප්‍රකාශ නිකුත් කරමින් අසභ්‍ය ලෙස හැසිරුණු ආකාරයෙන්ම, අද මහා සංඝරත්නයට අපහාස කිරීම මගින් ඔහුගේ සැබෑ ස්වරූපය පැහැදිලි වන බව උන්වහන්සේ අවධාරණය කළහ.
මිහිඳු හිමියන් විසින් මෙරටට දායාද කළ මහින්ද සංස්කෘතිය හා මහා විහාර අධ්‍යාපන සම්ප්‍රදාය පිළිබඳව අමාතයාට කිසිදු අවබෝධයක් නොමැති බව උන්වහන්සේ පැවසූහ.
විද්‍යාලංකාර සහ විද්‍යෝදය වැනි මහා විශ්වවිද්‍යාල බිහිවූයේ මෙම ඓතිහාසික අධ්‍යාපන දිගුවක් ලෙස බවත්, අනුරාධපුරයේ ඉපදී වැලි පෑගූ පමණින් එම උතුම් ඉතිහාසය පිළිබඳව මෙවැනි පුද්ගලයන්ට දැනුමක් නොමැති බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ වසර 30ක පළපුරුද්දක් ඇති ගුරු-විදුහල්පතිවරුන් ලෙස තමන් මෙරට දරුවන් දහස් ගණනක් ගුණවතුන් කර ඇති බව පැවසූ සුමංගල හිමියන්, “අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිරීමට පෙර ලාල් කාන්තිට අධ්‍යාපනයක් ලබා දී ඔහුව ප්‍රතිසංස්කරණය කළ යුතු” යැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ,.
වසර 400 ක් පුරා පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි සහ මිෂනාරි ආක්‍රමණවලින් මෙරට අධ්‍යාපන ක්‍රමය ආරක්ෂා කරගත්තේ මහා සංඝරත්නය බව උන්වහන්සේ සිහිපත් කළහ.
වත්මන් රජය සිදු කිරීමට යන ‘අධ්‍යාපන පරිවර්තනය’ යනු සංස්කෘතිකව ගොඩනැගුණු අධ්‍යාපනයට ‘කුණුහරුප’ ඇතුළු කිරීමක් බවත්, එවැනි ක්‍රියාවලට එරෙහිව නොබියව පෙනී සිටින බවත් පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ ෴
+++
නිරාගමික රාජ්‍ය සංකල්පය කියන්නේ මාලිමා ආණ්ඩුවේ ප්‍රතිපත්තිය (11.01.2026)
+
කොලේ ගැලෙව්වම හරිද හාමුදුරුවනේ – විමල් මල්වතු මහා නාහිමිගෙන් අහයි (11.01.2026)
+
අගමැතිතුමිය JVP එකෙන් පරිස්සම් වෙන්න – මුජිබර් කළින්ම හරිනිට අනතුරු අඟවයි (11.01.2026)
+
ඩො. මිලියන් 400 ක් නිසා ආණ්ඩුවට වෙච්චි වැඩේ ස්ටාර්ලින් හෙළි කරයි… (11.01.2026)
+
“නිව්ටන්ගේ න්‍යායෙන් මේක බේරගන්න බෑ, එයාව අත්අඩංගුවට ගන්න” අසැබි වෙබ් ප්‍රශ්නයට නලීන් නෙලයි (11.01.2026)
+
“හරිනිගේ සාරියෙන් ඇද්ද ද? කනෙන් ඇල්ලුවා ද? කොණ්ඩෙන් ඇද්ද ද? ; බත් මුට්ටි හොරකමක් කරන් පාඩුවේ ඉන්න” (11.01.2026)
+
උගණ්ඩා කුමාරි මතුගමදී මැදින් පැනලා හරිනි ගෙදර යවන වැඩේ ඉක්මන් කළා | අම්මෝ..අසේල සම්පත් අද දෙන දීමනාව (11.01.2026)
+
රෝහලට පැමිණි ත්‍රිරෝද රථ දෙකක් (2) උඩට ගහක් කඩා වැටෙයි
(11.01.2026 – hirunews.lk)
කන්තලේ රෝහල ආසන්න මාර්ගයේ වාහන නැවතුමේ නවතා තිබූ ත්‍රීරෝද රථ දෙකක් (2) මතට ගසක අත්තක් කඩා වැටීමෙන් එම රථ දෙකට (2) හානි සිදුව ඇති බව කන්තලේ මූලස්ථාන පොලිසිය පවසනවා.
අද (11) දහවල් හමා ගිය තද සුළඟකින් අදාල ගසේ අතු කඩා වැටී තිබුණා.

අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද රථවලින් පැමිණි පිරිස් නේවාසික රෝගීන් බැලීම සඳහා ගොස් තිබූ නිසා පුද්ගල අනතුරු කිසිවක් සිදු නොවූ බව පොලිසිය පැවසුවා.
නේවාසික රෝගීන් බැලීම සඳහා පැමිණි වාහන රැසක් එම ස්ථානයේ නවතා තිබූ අතර ත්‍රිරෝද රථ දෙකකට (2) පමණක් මෙම හානිය සිදුවී තිබුණා.
ඉපලෝගම පොලිසියේ ස්ථානාධිපතිවරයා නිළ නිවස ඇතුළේ තමන්ට කරපු දේ ගැන කාන්තාවක් හෙළි කරයි (11.01.2026)
+
ත්‍රීරෝද රථ සොරාගෙන චැසි අංක වෙනස් කොට අලෙවි කළ ජාවාරමක තොරතුරු හෙළි වෙයි
(11.01.2026 – hirunews.lk)
දිවයිනේ විවිධ ප්‍රදේශවල ත්‍රීරෝද රථ සොරාගෙන එහි චැසි අංක සහ පාට වෙනස් කොට ව්‍යාජ ලෙස ලියකියවිලි සකසා අලෙවි කිරීමේ ජාවාරමක තොරතුරු අනාවරණ වී තිබෙනවා.
ඒ, සැකපිට පුද්ගලයින් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගැනීමත් සමඟයි.
බලන්ගොඩ, බදුල්ල, කොළඹ සහ තවත් ප්‍රදේශ කිහිපයකින් ත්‍රීරෝද රථ සොරාගෙන එහි චැසි අංකය සහ පාට වෙනස් කර රුපියල් ලක්ෂ 12 ත් 15 ත් අතර මිලකට අලෙවි කර තිබෙනවා.
කෙසේ වෙතත් බත්තරමුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිය ත්‍රීරෝද රථය සොරාගෙන ඇති බවට කරන ලද පැමිණිල්ලක් මතයි පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ.
ඉන් අනතුරුව සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් හෙට (12) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
+++
+
උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණය කටයුතු අරඹයි
(11.01.2026 – 16:13 +0530 – sinhala.adaderana.lk)
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අද (11) ආරම්භ කෙරුණි.
ඒ ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතාගේ සහ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) ආරම්භ කෙරුණි.
ඉන්දියාවෙන් මෙරටට ප්‍රදානය කළ අමෙරිකානු ඩොලර් මිලියන 450 ක මුදලින් අමෙරිකානු ඩොලර් මිලියන 5 ක් මේ සඳහා යොදවා ඇති බව සඳහන් වේ.
මෙම ප්‍රතිසංස්කරණ ඉන්දීය රජයට අයත් දුම්රිය මාර්ග ඉදිකිරීම් සමාගමක් විසින් සිදුකිරීමට නියමිතයි.
මෙහිදී උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට ඕමන්ත දක්වාත් ඕමන්ත සිට යාපනය දක්වාත් සහ මැදවච්චිය සිට මන්නාරම දක්වා කොටස් තුනක් යටතේ අදාළ ප්‍රතිසංස්කරණ සිදුකිරීමට නියමිතව පවතී ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴