අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයකට විමල් වීරවංශ සැරසෙයි

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයකට විමල් වීරවංශ සැරසෙයි


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයකට විමල් වීරවංශ සැරසෙයි

(10.01.2026 – hirunews.lk)

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගැනීමටත් අධ්‍යාපන අමාත්‍යවරියට ඉල්ලා අස්වන ලෙසටත් බල කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට 12 වෙනිදා සඳුදා උදෑසන 09:00 සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට ‘දරුවන් උදෙසා වැඩිහිටියෝ’ සංවිධානය තීරණය කර ඇති බව එම සංවිධානයේ කැඳවුම්කරු, ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කරනවා.

අද (10) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ ‘දරුවන් උදෙසා වැඩිහිටියෝ’ සංවිධානය සිදුකිරීමට යන මෙම අඛණ්ඩ සත්‍යග්‍රහයට දරුවන්ට ආදරය කරන සියලුම දෙමව්පියන්ට කිසිදු භේදයකින් තොරව එක්විය හැකි බවයි.

දරුවන්ට අවස්ථාවක් දෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවට දරුවන්ට නිසි අවස්ථා නොලැබෙන ප්‍රතිසංස්කරණ මෙම නව ප්‍රතිසංස්කරණ මගින් හඳුන්වා දී ඇති බවත් මෙම ප්‍රතිසංස්කරණ සිදුකරන්නේ සම්පූර්ණයෙන්ම ජාවාරමක් වශයෙන් බවත් ඊට අමතරව දරුවන්ගේ අනාගතය විනාශ කිරීමේ වැඩපිළිවෙලද මෙම ප්‍රතිසංස්කරණවලට එක්ව තිබීම ඉතා බරපතල කාරණයක් බවත් මේ ගැන මුළු රටේම දැඩි අවධානය යොමු කර දරු පරපුර බේරා ගැනීමට කටයුතු කළ යුතු බවත් විමල් වීරවංශ සඳහන් කරනවා.

අසභ්‍ය වෙබ් අඩවි සහ අසභ්‍ය YouTube නාලිකා ඇතුළත් කරමින් මෙම නව අධ්‍යාපන ප්‍රසංස්කරණ හඳුන්වාදීම ඉතාම බරපතළ තත්ත්වයක් බවත් මෙමගින් සිදුකිරීමට සැලසුම් කරන්නේ තාක්ෂණික මෙවලම් වැඩිපුර පරිහරණයට යොමු කර මුදල් එක් රැස් කිරීමේ මහා ජාවාරමක් බවත් මෙම තත්ත්වයන් පිළිබඳව සමාජයේ විද්වතුන්ගේද වැඩි අවධානයක් යොමු විය යුතු බවත් විමල් වීරවංශ පෙන්වා දෙනවා.

මෙම මොඩියුල්වලට වෙබ් අඩවි ඇතුළත් කිරීම නිසා එම වෙබ් අඩවිවලට ලක්ෂ ගණනක් පිවිසෙන බවත් එමගින් මුදල් සොයා ගැනීමේ විශාල ජාවාරමක් පවතින බවත් එම මුදල් යන්නේ කාටදැයි සොයාබැලීමද ඉතා වැදගත් වන බවත් විමල් වීරවංශ සඳහන් කරනවා.

පාසැල් දරුවන්ට විශාල වශයෙන් බලපාන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම් කරන විට එය ඉතා පරෙස්සමෙන් සිදු කළ යුතු බවත් නියමු ව්‍යාපෘති වැනි දේවල් සිදුකර විද්වතුන්ගේද විශාල සංවාදයක් ඇතිකොට රටට සහ දරුවන්ගේ අනාගතයට මෙන්ම නවීන ලෝකයට ගැලපෙන පරිදි ඉතා පරිස්සමෙන් සකස් කළ යුතු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙසේ කඩුමුඩියේ සකස් කිරීම නිසා මෙවැනි සමාව දිය නොහැකි වැරදි සිදුවන බවද හිටපු මන්ත්‍රීවරයා පැවසුවා.

විමල් වීරවංශ වැඩිදුරටත් කියා සිටියේ 12 වැනි දා ආරම්භ කරන අඛණ්ඩ සත්‍යග්‍රහය මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගන්නා තුරු අනිවාර්යයෙන්ම සිදුකරන බවයි.

+++

මිනිස්සු උඹලා වගේ ලොන්තපොල් නෑ – ළමයින්ට බඩියෝ හොයලා හිපියෝ කරනවා විමල් වහාම වැඩිහිටියන් රැස් කරයි (10.01.2026)

+

අධ්‍යාපන අමාත්‍ය හරිනිට එරෙහිව මහජන පෙත්සම් ව්‍යාපාරයක් : ගයන්ත කරුණාතිලක

(10.01.2026 – hirunews.lk)

අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට එරෙහිව මහජන පෙත්සම් ව්‍යාපාරයක් ආරම්භ කිරීම අද (10) සවස 02:00 ට නිදහස් අධ්‍යාපනයේ පියා වශයෙන් සැළකෙන මතුගම පිහිටි සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ පිළිරුව අභියසින් ආරම්භ කරන බව විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කරනවා.

වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය දියුණු වනවාට වඩා සිදුවන්නේ විනාශ වීම නිසා මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසි ප්‍රමිතියට , ක්‍රමවේදයට සිදුවිය යුතු බවට ජනතාව ප්‍රකාශ කරන නිසා ජනතාවගේ මතයට අවස්ථාවක් ලබාදීම සඳහා මෙම මහජන පෙත්සම් ව්‍යාපාරය ආරම්භ කිරීමට තීරණය කළ බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

මෙම අධ්‍යාපන ප්‍රසංස්කරණ කටයුතු නිසි ක්‍රමවේදයට සිදු නොකිරීම යන කාරණා මුල් කරගෙන අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍යය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට එරෙහිව විරුද්ධ පක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් මේ වන විට අත්සන් කරමින් පවතින බවත් ඊට සමගාමීව මහජන පෙත්සම් ව්‍යාපාරයක්ද ආරම්භ කිරීමට කටයුතු කළ බවත් ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කරනවා.

අද (10) මතුගමින් ආරම්භ කෙරෙන මෙම මහජන පෙත්සම් ව්‍යාපාරය නගර කිහිපයකදී දියත් කිරීමටද විරුද්ධ පක්ෂය සැලසුම් කර තිබෙනවා ෴

+

හරිනි ඔයා වහාම ඉල්ලා අස්වෙන්න… – මුජිබර්ගෙන් ආණ්ඩුවට රතු එළියක් (10.01.2026)

+

දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා… – හරිනි දැන්ද ඔයාට පන්සල මතක් වුණේ (10.01.2026)

+

ගෑණු-ගෑණුයි, පිරිමි-පිරිමියි කසාද බන්දන්නයි මේ හදන්නේ – මතුගම උණුසුම් වෙයි… මුළු ටවුමම හෙල්ලෙයි (10.01.2026)

+

නිදහස් අධ්‍යාපනයේ තටු කැපු පියා අනුර | පිටු ගලවපු අම්මා හරිනි | මහරගත් උණුසුම් – ලහිරුලා විරෝධතාවයක (10.01.2026)

+


ජනාධිපති මේසෙට ගැහැව්වට වැඩක් නෑ… රටේ ජනතාව මේක කරන්න දෙන්නෙ නෑ (10.01.2026)

+

ඔබ දරුවන්ට ආදරේ නම්, ලංකාව මේ සමලිංගික උමතුවෙන් බේරා ගනිමු (10.01.2026)

+

මුං රට කනවා, කිව්ව ගමන් යක්ෂණී මෙල්ල වුණා නේ… ඒ බය තියාගත්තම හොඳටම ඇති (10.01.2026)

+


අනුරගේ නියෝගය කුණු කූඩයට? | වන්දි ගෙවන්න බැරි හේතුව නිලධාරීන් ලියා දෙයි (10.01.2026)

+


හරිනියට එරෙහි දෙවෙනි කැරැල්ල ජවිපෙ අරඹයි – බිමල්ට ටිල්වින්ගෙන් ලොකු කැපිල්ලක් ? (10.01.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *