දෙහිවල, මුහුදු මාවත ප්‍රදේශයේ හෝටලයක් තුළදී වෙඩි වැදුණු හෝටල් හිමිකරු ජීවිතක්ෂයට

දෙහිවල, මුහුදු මාවත ප්‍රදේශයේ හෝටලයක් තුළදී වෙඩි වැදුණු හෝටල් හිමිකරු ජීවිතක්ෂයට


දෙහිවල, මුහුදු මාවත ප්‍රදේශයේ හෝටලයක් තුළදී වෙඩි වැදුණු හෝටල් හිමිකරු ජීවිතක්ෂයට

(09.01.2026 – 21:22 +0530 – sinhala.adaderana.lk)

දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ හෝටලයක් තුළ සිදූවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර සිටි එහි හිමිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.

දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ හෝටලයක් තුළ වෙඩි තැබීමක් සිදුව තිබුණේ අද (09) රාත්‍රි 07:54 ට පමණය.

හෝටලයට පැමිණ මත්පැන් පානය කරමින් සිටි දෙදෙනෙකු (2) එම හෝටලයේ හිමිකරු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණි.

එහිදි එම හිමිකරුගේ හිසට වෙඩි වැදී ඇති අතර වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ එහි හිමිකරු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණි.

වෙඩිතැබීම සිදුකළ සැකකරුවන් යතුරුපැදියකින් පලාගොස් ඇති බවට පොලීසිය සැක පළ කරයි.

මෙම වෙඩිතැබීම මේ (2026) වසරේ දෙවැනි (2) වෙඩිතැබීම වන අතර, මේ වනවිට වෙඩිතැබීම්වලින් පුද්ගලයින් දෙදෙනෙකු (2) මියගොස් තවත් දෙදෙනෙකු (2) තුවාල ලබා ඇතැයි පොලීසිය පැවසීය.

+++

+


රටම කලඹන මහා කුණාටු අවදානම නිසා රුවන්වැලි මහා සෑ වන්දනා පිංකම 17-01-2026 වනදාට කල් දමයි (09.01.2026)

+


චෙන්කලඩි හන්දියේ වෙළඳසැලක මහා පරිමාණ මංකොල්ලයක්

(10.01.2026 – hirunews.lk)

මඩකලපුව, චෙන්කලඩි – බදුල්ල මාර්ග හන්දියේ පිහිටි ප්‍රසිද්ධ සිල්ලර වෙළඳසැලකට අද (10) අලුයම ඇතුළු වූ සන්නද්ධ කණ්ඩායමක් රුපියල් කෝටි ගණනක මුදල් සහ දේපළ මංකොල්ලකා පලාගොස් තිබෙනවා.

ව්‍යාපාරික ආයතනයේ හිමිකරු විසින් පොලිසියට ලබාදුන් තොරතුරුවලට අනුව, මුදලින් රුපියල් මිලියන 4.5 ක්, රන් රාත්තල් 5 ක් පමණ සහ වෙළඳසැලේ තිබූ අනෙකුත් වටිනා භාණ්ඩ සහ උපකරණ ද සොරුන් විසින් රැගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම මංකොල්ලය ඉතා සූක්ෂ්ම ලෙස සැලසුම් කර ඇති බවත්, කොල්ලකරුවන් තමන්ව හඳුනා ගැනීම වැළැක්වීම සඳහා වෙළඳසැලේ සවිකර තිබූ සීසීටීවී (CCTV) කැමරාවලට හානි කර ඇති අතර, එහි දර්ශන පටිගත වන උපකරණ ද රැගෙන ගොස් ඇති බවත් පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් එරාවුර් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් මූලික විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴


බියගමදී තරුණයෙකු කපා කොටා ඝාතනය කෙරේ

(10.01.2026 – hirunews.lk)

බියගම පොලිස් වසමට අයත් ගැමුණු මාවත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී සිදුකළ ඝාතනයක් සම්බන්ධයෙන් බියගම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, ඊයේ (09) රාත්‍රී කාලයේදී මෙම ඝාතනය සිදුව ඇති බවයි.

මියගිය පුද්ගලයා හෝමාගම ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තරුණයෙක් වන අතර, ඔහු රැකියාව සඳහා බියගම ප්‍රදේශයේ කුලී පදනම මත නේවාසික කාමරයක රැඳී සිට තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, මරණකරු ඔහු පදිංචිව සිටි කාමරය ඉදිරිපිට නවතා තිබූ ඔහුට අයත් ත්‍රීරෝද රථය ගිනි ගැනීමට ලක්ව ඇති බව දැක, ඔහු කාමරයෙන් ඉවතට පැමිණ තිබෙනවා.

එහිදී රැක සිටි මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඔහුට තියුණු ආයුධවලින් පහරදී පලාගොස් ඇති බවට මූලික විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බවයි.

ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ තරුණයා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා ෴


ව්‍යාජ මුද්‍රා සහ සහතික පත්‍ර තොගයක් සමග කාන්තාවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(10.01.2026 – hirunews.lk)

ජපන් භාෂාව උගන්වන මුවාවෙන් ජපානයේ රියදුරු රැකියා ලබාදෙන බව පවසා ‘මුහුණුපොත’ (Facebook) ඔස්සේ දැන්වීම් පළකරමින් මහා පරිමාණ ලේඛන වංචාවක නිරත වූ ආයතනයක් වැටලීමට විමර්ශන නිලධාරීන් සමත්ව තිබෙනවා.

බොරලැස්ගමුව, මහරගම පාරේ පවත්වාගෙන ගිය ‘සමුරායි ජැපනීස් ලැන්වේජ් සෙන්ටර්’ (Samurai Japanese Language Center) නම් මෙම ආයතනය වැටලූ අවස්ථාවේදී එහි සිටි කාන්තාවන් දෙදෙනෙකු (2) මෙලෙස අත්අඩංගුවට ගත් බවයි ‘ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යංශය’ නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

අදාළ ආයතනය පරීක්ෂා කිරීමේදී වංචනික ලෙස සකස් කරන ලද නිල මුද්‍රා සහ ලේඛන රැසක් නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

එහිදී, රජයේ පාසල් විදුහල්පතිවරුන්ගේ, ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ දේශීය ආදායම් කොමසාරිස්වරයෙකුගේ නමින් සකස් කළ ව්‍යාජ නිල මුද්‍රා, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ගේ සහ පෞද්ගලික අධ්‍යාපන ආයතන නමින් සකස් කළ ව්‍යාජ මුද්‍රා රැසක් නිලධාරීන්ගේ භාරයට ගත් බවයි සඳහන්.

එමෙන්ම, වංචනික ලෙස සකස් කරන ලද අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සහ අ.පො.ස. (උසස් පෙළ) සහතික පත්‍ර සහ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විදුහල්පතිවරුන්ට පමණක් නිකුත් කරන ශිෂ්‍ය කාර්ය වාර්තා අඩංගු රජයේ මුද්‍රණ පොත් දෙකක් (2) ද නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

මෙම ආයතනය මගින් ජපන් භාෂාව උගන්වන අතරතුර, අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් නොමැති පුද්ගලයින් සඳහා මෙලෙස කූට ලේඛන සකසා ජපානයට යැවීමට කටයුතු කරන බව අනාවරණය වී ඇති බවත්, සැකකාර කාන්තාවන්ගේ ඥාතියෙකු ජපානයේ සේවය කරන අතර, ඔහුගේ මාර්ගයෙන් මෙම රැකියා අවස්ථා සපයන බව පවසා ඔවුන් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවත් ‘ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යංශය’ පවසනවා.

මෙහිදී, කූට ලේඛන සකස් කිරීම, භාවිත කිරීම සහ ළඟ තබාගැනීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් මෙම කාන්තාවන් දෙදෙනා (2) බොරලැස්ගමුව පොලිසිය වෙත ඉදිරිපත් කර ඇති අතර, ඔවුන් ඊයේ (09) දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන ජනවාරි මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා ෴


දවස් 9 ට ඩෙංගු රෝගීන් 2,420 ක්

(10.01.2026 – hirunews.lk)

රට තුළ මේ වන විට ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පවසනවා.

ජනවාරි පළමු වැනිදා සිට ඊයේ (09) දක්වා දවස් 9 තුළ පමණක් දිවයින පුරා ඩෙංගු රෝගීන් 2,420 ක් වාර්තා වී ඇති බව සඳහන්.

මෙහිදී වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවත් ඒ ප්‍රමාණය රෝගීන් 1,317 ක් බවයි වාර්තා වී තිබෙන්නේ.

මේ අතර දකුණු පළාතෙන් 361 ක්, මධ්‍යම පළාතෙන් 192 ක්, සබරගමුව පළාතෙන් 165 ක් ලෙස සඳහන් වනවා.

එම පළාත් අතුරින් වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවත් එම රෝගීන් ගණන 625 ක් බව සඳහන්.

මෙහිදී කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නගර සභා සීමාව තුළ රෝගීන් 165 ක් වාර්තා වී තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කය තුළ රෝගීන් 393 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 128 ක් ද ලෙස රෝගීන් වාර්තා වුණා.

මීට අමතරව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන් සැලකිය යුතු මට්ටමක් වාර්තා වී ඇති බව සඳහන්.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 148 සහ මාතර දිස්ත්‍රික්කයෙන් 162ක් වාර්තා වී තිබෙනවා.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 140 ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් 113 ක් වශයෙන වාර්තා වනවා.

මෙම දිස්ත්‍රික්ක කිහිපය තුළ ඩෙංගු රෝගීන් අවධානය යොමු කළ යුතු මට්ටමකින් වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

ඉදිරි කාලයේදීත් වර්ෂා තත්ත්වයන් පෙන්නුම් කරන බැවින් මේ සම්බන්ධව අවධානය යොමු කළ යුතු බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ ෴


පෞද්ගලික ඖෂධ ශාලා රැසක් වැසීයාමේ අවදානමක ?

(10.01.2026 – hirunews.lk)

මෙරට පෞද්ගලික ඖෂධ ශාලා 55% ක් බලපත්‍ර ගැටලු‍වක් හේතුවෙන් වැසීයාමේ අවදානමකට ලක්ව ඇති බව ‘සමස්ත ලංකා පෞද්ගලික ඖෂධශාලා හිමියන්ගේ සංගමය’ පවසනවා.

එහි සභාපති චන්දික ගන්කන්ද කියා සිටියේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් අවස්ථා කිහිපයකදී විසඳුම් ඉල්ලා සිටියද ඊට කිසිදු සහනයක් නොලැබුණු බවයි ෴


12 ශ්‍රේණිය සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය හෙට (11)

(10.01.2026 – hirunews.lk)

උසස් පෙළ 12 ශ්‍රේණිය සඳහා පැවැත්වෙන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය හෙට (11) දින පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ ප්‍රකාශ කරනවා.

2025 වසරේ 12 ශ්‍රේණිය වෙනුවෙන් මෙම විභාගය පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය දෙසැම්බර් 06 වැනිදා බවත් ඇති වූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් එම විභාගය කල් දැමු අතර එය හෙට (11) දින පැවැත්වීමට නියමිත බවයි විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කරන්නේ.

හෙට දින විභාග මධ්‍යස්ථාන 1665 ක පැවැත්වෙන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයට සිසුන් එක් ලක්ෂ අනූඅටදහස් තුන්සිය තුන් දෙනෙකු (1,98,303) පෙනී සිටින බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය ප්‍රකාශ කළා.

මීට අමතරව හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වයන් නිසා කල් දැමුණු උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් 10 අනිද්දා (12) සිට පැවැත්වෙන බවත් එය විභාග මධ්‍යස්ථාන 2086 කදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බවත් විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළා.

ඒ අනුව උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් සඳහා විභාගය ජනවාරි 12 වැනිදා සිට මේ මස 20 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

යම් විදියකින් හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඊට මුහුණ දීම සඳහා අදාල සියලුම අංශ දැනුවත් කර ඇති බවත් ඔවුන් ඒ සඳහා සූදානමින් සිටින බවත් විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴

2026 වර්ෂයට අදාළ ප්‍රධාන පාසල් විභාග පැවැත්වෙන දින වකවානු අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව, අයහපත් කාලගුණය හේතුවෙන් කල් දැමූ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය හෙට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.

එමෙන්ම, 2025 අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ඉතිරි විෂයන් සඳහා වන පරීක්ෂණ ලබන සඳුදා (12) සිට නැවත ආරම්භ කරන බවත් එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන අතර, ඒ සම්බන්ධයෙන් වන විභාග කාලසටහන නිකුත් කර තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේගේ අත්සනින් නිකුත් කළ නිවේදනයට අනුව, මෙතෙක් පවත්වා නොමැති විෂයන් සඳහා වන විභාග කටයුතු 2026 ජනවාරි මස 12 වන දින සිට ජනවාරි 20 වන දින දක්වා පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර අවසන්.

+++


බස් ගාස්තු කාඩ්පත් මගින් ගෙවීමේ ක්‍රමවේදය ඌවටත්

(10.01.2026 – hirunews.lk)

රජයේ ඩිජිටල්කරණය වැඩපිළිවෙළ යටතේ ඌව පළාත සඳහාද බස් ගාස්තු බැංකු කාඩ්පත් මගින් ගෙවීමේ ක්‍රමවේදය හඳුන්වා දී තිබෙනවා.

ඒ, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ප්‍රධානත්වයෙන් පැවති ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය හා සම්බන්ධව සිටින සියලුම බස් හිමියන් සහ බැංකු නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහනකදී යි.

එහිදී, සියලුම බස් හිමියන් බැංකු කාඩ්පත් මගින් ඩිජිටල් ගෙවීම් සිදුකිරීමේදී ඇති පහසුකම සහ එයින් ලැබෙන ප්‍රතිලාභ සම්බන්ධයෙන් දැනුවත් කර තිබෙනවා.

මාස කිහිපයක් තුළ ඌව පළාත් මගී ප්‍රවාහන අධිකාරිය තුළ ඇති සියලුම බස් රථ සඳහා බැංකු කාඩ්පත් මගින් ගෙවීමේ ඩිජිටල් පහසුකම සලසා දීමට බස් රථ හිමියන් මෙහිදී එකඟවී ඇති බව සඳහන් ෴


වාහන ලියාපදිංචි‍යේදී සහ අයිතිය පැවරීමේදීත් TIN අංකය

(10.01.2026 – 15:53 +0530 – sinhala.adaderana.lk)

වාහන ලියාපදිංචි කිරීමේදී හා අයිතිය පැවරීමේදී බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය (TIN) මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව ලියාපදිංචි දත්ත පද්ධතියට සහ අයිතිය පැවරීමේ දත්ත පද්ධතියට ඇතුළත් කිරීම අනිවාර්යය කර තිබේ.

එය ජනවාරි 05 වනදා සිට ක්‍රියාත්මක බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.

ඒ අනුව යතුරු පැදි, අත් ට්‍රැක්ටර්, ට්‍රැක්ටර්, ට්‍රැක්ටර් ටේලර් හා ත්‍රීවිල් හැර, අනෙකුත් සියලුම නව වාහන ලියාපදිංචියේදී හා අයිතිය පැවරීමක දී, අදාළ නව අයිතිකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ ව්‍යාපාර ලියාපදිංචි අංකය හා බදු ගෙවන්නන් හදුනා ගැනීමේ අංකය (TIN) දත්ත පද්ධතියටන්ට ඇතුළත් කිරීම අනිවාර්යය වේ ෴


යාපනය වලිකාමම් දකුණ ප්‍රාදේශීය සභාවෙන් කදුරුගොඩ විහාරයේ මඟ පෙන්වීම් පුවරු ගලවයි (10.01.2026)

+


පුංචි ශ්‍රි සිරිපාදෙන් කුඩා දැරියක් – අඩි 100 ක ප්‍රපාතයකට වැටෙයි – මුදා ගැනීමේ කණ්ඩායම වැඩේට බහියි (10.01.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ Dehiwala shooting. Drug barons, pedlars, gangsters and tehri acolytes having murderous gang warfare. I suppose they are doing the society a favor, saving us the cost of imprisoning these criminals. Kill each other and clean the society in the process, and the opposition corrupt deshapaaluwo themselves are now scared when the gangsters would target them. Well, these demons lived hitherto as demons, and so they could exit this world as such. As long as our law abiding citizens are not caught in cross fire, I would not shed any tears over some of these untimely deaths. What they sow, they reap, it is the natural law.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *