ශ්‍රී ලංකාවේ උපන් තාරකා භෞතික විද්‍යාඥයා ලෝ සුපතළ කැල්ටෙක් සභාපති ධුරයට
ශ්‍රී ලංකාවේ උපන් තාරකා භෞතික විද්‍යාඥයා ලෝ සුපතළ කැල්ටෙක් සභාපති ධුරයට
(08.01.2026 – hirunews.lk)
ශ්‍රී ලංකාවේ උපත ලද ප්‍රවීන තාරකා භෞතික විද්‍යාඥයකු වන ආචාර්ය රේ ජයවර්ධන, කැලිෆෝනියා තාක්ෂණික ආයතනයේ (කැල්ටෙක්) මීළඟ සභාපතිවරයා ලෙස නම් කර තිබෙනවා.
මේ අනුව දැනට ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරියා ලෙස කටයුතු කරන ඔහු වසර 105 ක ඉතිහාසයක් ඇති මෙම කීර්තිමත් ආයතනයේ 10 වන සභාපතිවරයායි.

මාස කිහිපයක් පුරා ජාත්‍යන්තර මට්ටමින් සිදුකළ ගවේෂණයකින් පසු කැල්ටෙක් පාලක මණ්ඩලය විසින් මෙම පත් කිරීම සිදු කළ බවට එම ආයතනය නිවේදනය කර තිබෙනවා.
ආචාර්ය ජයවර්ධන 2026 ජූලි 01 වනදා සිට සිය නව ධුරයේ වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිතයි.
“කැල්ටෙක්හි 10 වන සභාපතිවරයා ලෙස තේරී පත්වීම මට විශාල ගෞරවයක්,” යැයි පවසන ඔහු, දක්ෂ පුද්ගලයින්ට නිර්භීතව පර්යේෂණ කිරීමට අවස්ථාව ලබාදීම කැල්ටෙක්හි සාර්ථකත්වයේ රහස බව සඳහන් කරනවා.
අධ්‍යාපනය සහ මූලික පර්යේෂණ කෙරෙහි අවධානය යොමු කරමින්, මානව වර්ගයාට සේවය කරන නවෝත්පාදනයන් දියුණු කිරීමට තමන් කැපවන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
ඔහුගේ සැලසුම් අනුව, කැල්ටෙක් මණ්ඩපය, ජෙට් ප්‍රචාලන විද්‍යාගාරය (JPL) සහ ගෝලීය නිරීක්ෂණාගාර හරහා නව ආයෝජන සිදු කිරීමටත්, සිසුන්ගේ අත්දැකීම් වැඩිදියුණු කිරීමටත් බලාපොරොත්තු වනවා.
ලෝකය වේගයෙන් වෙනස් වන මොහොතක, අරමුදල් පිළිබඳ අවිනිශ්චිතතාව සහ තාක්ෂණික වෙනස්කම් හමුවේ කැල්ටෙක් ආයතනය නායකත්වය දිය යුතු බව ඔහු විශ්වාස කරන්නක්.
කමිටුවේ සභාපති ජෝනාස් ස්මුයිඩ්සිනාස් පවසන්නේ, ප්‍රජාව අපේක්ෂා කළ අවංකභාවය, නිර්භීතකම සහ නිර්මාණශීලීත්වය වැනි සියලු ගුණාංග රේ ජයවර්ධන සතු බවයි.
ඔහු මීට පෙර ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ පාසල් 10 ක් පාලනය කළ අතර, දත්ත විද්‍යාව සහ කෘතිම බුද්ධිය (AI) පිළිබඳ ආයතන පිහිටුවීමට ද මූලික වුණා.
එමෙන්ම ඔහු කෝනෙල් විශ්වවිද්‍යාලයේ සහ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ ද ඉහළ තනතුරු දැරූ විද්වතෙක්.
ආචාර්ය ජයවර්ධන ග්‍රහලෝකවල සම්භවය සහ පරිණාමය පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයෙක්.
ඔහු ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මෙහෙයවන ප්‍රධාන විද්‍යා කණ්ඩායමේ සාමාජිකයෙකු ද වනවා. ඔහු විද්‍යාත්මක ලිපි 180 ක් පමණ ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තාවල දැක්වෙන්නේ.
ශ්‍රී ලංකාවේ සිට ගිය ගමන විද්‍යාව කෙරෙහි ඔහුගේ උනන්දුව ඇති වූයේ කුඩා කල ශ්‍රී ලංකාවේදී තම පියා සමඟ රාත්‍රී අහස දෙස බලා සිටි අයුරු සිහිපත් කරමින් බවයි ඔහු පවසා ඇත්තේ.
“එදා අහස දෙස බැලූ මොහොතේ ඇති වූ කුතුහලය මගේ ජීවිත කාලය පුරාම මට මඟ පෙන්වූවා,” යැයි ඔහු පවසනවා.
ආචාර්ය ජයවර්ධන ‘Strange New Worlds’ සහ ‘Child of the Universe’ වැනි ජනප්‍රිය විද්‍යා පොත් රැසක් ද ලියා තිබෙනවා.
ඔහුට ගෞරවයක් ලෙස “4668 Rayjay” නමින් ග්‍රහකයක් පවා නම් කර තිබෙනවා.
ඔහු රටවල් 60 කට වඩා සංචාරය කර ඇති අතර මහද්වීප හතටම ගොස් ඇති පුද්ගලයෙක්.
ආචාර්ය ජයවර්ධන වසර 12 ක් සේවය කළ තෝමස් එෆ්. රොසෙන්බෝම් ගෙන් පසු මෙම තනතුර භාර ගනු ඇති ෴
Hiru TV Balaya Live | Episode 624 | 2026-01-08
+
හරිනිගෙ විශ්වාසෙ භංගයි ! ඡන්දේ දීලා ගමට එන්න එපා !! (08.01.2026)
+
හැමෝම එකතු වෙලා මේ ජඩ ආණ්ඩුව පරාද කරන්නම ඕනේ… රටේ දෙමව්පියො ඉදිරියට එන්න ඕනේ (08.01.2026)
+
පරදින්න විශ්වාසභංග ගේන විපක්ෂය, බිමල්ගෙ රහසිගත විදෙස් සවාරිය (08.01.2026)
+
තරුණයන්ගේ ඇඟිලි කඩන යතුරුපැදි ‘සර්විස්’ වැදි බණ : ජාතික රෝහලෙන් අනතුරු ඇඟවීමක්
(08.01.2026 – hirunews.lk)
සිය යතුරුපැදි පිරිසිදු කිරීමට යාමේදී සිදුවන අනතුරු හේතුවෙන් තරුණයින්ගේ අත්වල ඇඟිලිවලට බරපතල හානි සිදුවීමේ ප්‍රවණතාවක් පවතින බව කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් හා ශල්‍යකර්ම අංශය අනාවරණය කරනවා.
ඊයේ (07) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වෛද්‍ය ගනිඳු මාධව කියා සිටියේ, මෑත කාලීනව මෙවැනි අනතුරුවලට ලක්ව රෝහල්ගත වන තරුණයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.
බොහෝ යතුරුපැදි ධාවකයින්, විශේෂයෙන්ම වයස අවුරුදු 20 ත් 30 ත් අතර තරුණයින්, අනාරක්ෂිත ලෙස යතුරුපැදි ‘චේන්’ (Chain) පිරිසිදු කිරීමට පෙළඹීම මීට ප්‍රධාන හේතුව වී තිබෙනවා.
එහිදී, යතුරුපැදි උපදේශකයන්ගේ උපදෙස් මත යතුරුපැදියේ එන්ජිම පණ ගන්වා, පළමු ගියරයේ (1st Gear) තබා පසුපස රෝදය කැරකැවීමට ඉඩ හැර, රෙදි කැබැල්ලක් ආධාරයෙන් ‘චේන්’ කොටස පිරිසිදු කිරීමට උත්සාහ කිරීම මගින්, අතේ ඇඟිලි සහ රෝදය අතරට හසුවීමෙන් බරපතල තුවාල සිදුවන බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍යවරයා සඳහන් කළේ, “යතුරුපැදි උපදේශකයන් නිශ්චිත කිලෝමීටර ගණනකට පසු ‘චේන්’ එක පිරිසිදු කිරීමට උපදෙස් දෙනවා. කෙසේ වෙතත්, බොහෝ ධාවකයින් එන්ජිම පළමු ගියරයේ ධාවනය වන අතරතුර කපු රෙදි කැබැල්ලක් භාවිතා කරමින්, හිස් අත්වලින් ‘චේන්’ එක පිරිසිදු කිරීමට උත්සාහ කරනවා. ඔවුන්ගේ ඇඟිලි බොහෝ විට ‘චේන්’ එක සිරවී බරපතල තුවාල ඇති කරනවා” යනුවෙන්.
වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ බොහෝ විට හුරු අතේ (Dominant hand) පළමු, දෙවන සහ තෙවන ඇඟිලි මෙලෙස අනතුරට ලක්වන බවයි.
මෙම අනතුරුවලදී ඇඟිලි තලා දැමීමකට ලක්වන බැවින්, බොහෝ අවස්ථාවලදී එම ඇඟිලි නැවත බද්ධ කිරීමට නොහැකි වන තරමට විනාශ වන බව ද ඔහු සඳහන් කළා.
යතුරුපැදි උපදේශකයන් ලබා දී ඇති නිවැරදි උපදෙස් අනුව ‘චේන්’ පිරිසිදු කරන ලෙසත්, කිසිදු විටෙක එන්ජිම පණ ගන්වා තිබියදී යතුරුපැදි ‘චේන්’ කොටස පිරිසිදු කිරීමට උත්සාහ නොකරන ලෙසත් එහිදී වෛද්‍යවරයා උපදේශාත්මක සඳහනක් කළා ෴
ග්‍රෙගරි වැවේ සී-ප්ලේන් අනතුර වුණු විදිය ගැන සී-ප්ලේන් ඉංජිනේරුවා කියන කතාව! ඇත්තටම මොකද වුණේ? (08.01.2026)
+
පොලිස් වෙස් ගෙන බැංකු ගිණුම් සුද්ධ කරන කල්ලියක් ගැන සී.අයි.ඩී. විමර්ශන
(09.01.2026 – aruna.lk)
දිවයිනේ පුද්ගලයන් රැසකට මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරින් බව පවසමින් අන්තර්ජාල දුරකථන ඇමතුම් දී බැංකු ගිණුම් තොරතුරු ගනිමින් කළ බව කියන මහා පරිමාණ ජාවාරමක් පිළිබඳ පුළුල් පරීක්ෂණයක් පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (08 වැනිදා) දැනුම් දුන්නේය.
මෙම මහා පරිමාණ ජාවාරමට හසු වූ පුද්ගලයන් විසින් දිවයිනේ පොලිස් ස්ථාන රැසකට පැමිණිලි ඉදිරිපත් කර තිබෙන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අශංයේ නිලධාරීහු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම වෙත දන්වා සිටියහ.
සංවිධානාත්මක කණ්ඩායමක් විසින් මෙම ජාවාරම කරන ආකාරය පිළිබඳ අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මෙසේ ද පැවැසීය.
සංවිධානාත්මක කණ්ඩායමක් දිවයින පුරා වෙසෙන විවිධ තනතුරු දරන පුද්ගලයන්ට අන්තර්ජාලය ඔස්සේ දුරකථන ඇමතුම් දෙමින් (වට්ස් ඇප් සහ ඉන්ස්ටග්‍රැම් ඔස්සේ) එම පුද්ගලයන්ට මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ කරුවන්ගෙන් විශාල වශයෙන් මුදල් ලැබී ඇති බවත් ඒ පිළිබඳ විමර්ශන කරන බවත් දන්වා සිටිනවා.
එම නිසා ඔවුන්ගේ බැංකු පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසා ඊට අදාළ තොරතුරු සූක්ෂ්ම අයුරින් ලබා ගන්නවා. මෙම සංවිධානාත්මක කණ්ඩායම පෙනී සිටින්නේ තමන් පොලිස් නිලධාරින් බව පවසමින් නිසා ජනතාව එම තොරතුරු ලබා දෙනවා. එම බැංකු ගිණුම් තොරතුරු ඔස්සේ බැංකු ගිණුම්වල තිබෙන මුදල් වංචනිකව මොවුන් ලබා ගන්නවා.
මෙම කණ්ඩායමේ ඇතැම් පිරිස් දුරකථන ඇමතුම් ලබා දෙමින් ‘අපි පොලිසියෙන් අපි ඉල්ලන තොරතුරු සහ මුදල් ලබා නොදුන්නොත් වැඩ වරදිනවා’ කියලා තර්ජනය පවා කරනවා. සමහර පුද්ගලයන්ට දුරකථන ඇමතුම් දෙමින් ‘බිරිඳගෙන් සහ දරුවන්ගෙන් ප්‍රශ්න කරන්න වෙයි. අපි කියන විදියට සල්ලි දුන්නොත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ’ යනුවෙන් පවසමින් මුදල් ගෙන වංචා කර තිබෙනවා.
මෙම සිද්ධියට අදාළව දැනට අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු පමණක් පසුගිය මාස 03 කට රුපියල් ලක්ෂ 103 ක මුදලක් වංචා කර තිබෙනවා. මෙම සිද්ධිය පිළිබඳ පුළුල් විමර්ශනයක් පවත්වනවා.
මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු ලබන 22 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විමර්ශනයේ ප්‍රගතිය එදිනට වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය ෴
දොස්තර සිහිනය දෑස් ඉදිරිපිට බොඳ වී ජීවිතයම අඳුරු වූ එකම පුතු රැකගන්න අනාගතයම කැප කළ ආදරණිය දෙමව්පියෝ (08.01.2026)
+++

ව්‍යාපාරික පියාව මංකොල්ල කෑ පුතා සොයයි
(09.01.2026 – hirunews.lk)
සිය පුත්‍රයා විසින් තමන් මරා දමන බවට තර්ජනය කර රුපියල් ලක්ෂ 7 කටආසන්න මුදලක් සහ ජංගම දුරකතනය කොල්ලකා පලා ගිය බව කියමින් ව්‍යාපාරිකයකු ඉදිරිපත් කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි බද්දේගම පොලිසිය පවසනවා.
තම පුත්‍රයා තමන් සතුව තිබූ රුපියල් 699,000 ක මුදල සහ සිය ජංගම දුරකතනය කොල්ලකා පලා ගොස් ඇතැයි කියමින් මෙම පැමිණිල්ල පොලිසියට ඉදිරිපත් කර තිබුණේ බද්දේගම නයාපාමුල පදිංචි ඉඩම් හිමි වැවිලිකාර ව්‍යාපාරිකයෙක්.
පැමිණිලිකරු ඊයේ (08) සිය නිවෙසේ සිටියදී සැකකාර පුත්‍රයා පැමිණ ඔහුට පහරදී මරා දමන බවට තර්ජනය කරමින් මෙම මංකොල්ල කෑම සිදුකර ඇතැයි ව්‍යාපාරිකයා සිය පැමිණිල්ලෙන් ඉදිරිපත් කර ඇතැයි ද පොලිසිය පවසනවා.
මේ වන විට සැකකාර පුත්‍රයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර, ඔහු සොයා විමර්ශන ආරම්භ කර ඇතැයි ද පොලිසිය පවසනවා ෴
අධ්‍යාපන මොඩියුලය සම්බන්ධයෙන් විශේෂ තීරණයක්
(09.01.2026 – 11:49 +0530 – sinhala.adaderana.lk)
දෙවැනි (2) සහ තෙවැනි (3) පාසල් වාරවලට අදාළ මොඩියුලය පිළියෙළ කිරීමේදී මින් ඉදිරියට කිසිදු ශ්‍රේණියකට ‘වෙබ් සබැඳි’ ඇතුළු කිරීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
අද (09) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඇය පැවසුවේ ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රිය කටයුතු මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවය.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴