මොඩියුලයේ සමලිංගික කුමන්ත‍්‍රණය ගැන ලියූ අයගෙන්, සෝදුපත් බැලූ අයගෙන් ප‍්‍රශ්ණ කරයි..

මොඩියුලයේ සමලිංගික කුමන්ත‍්‍රණය ගැන ලියූ අයගෙන්, සෝදුපත් බැලූ අයගෙන් ප‍්‍රශ්ණ කරයි..


මොඩියුලයේ සමලිංගික කුමන්ත‍්‍රණය ගැන ලියූ අයගෙන්, සෝදුපත් බැලූ අයගෙන් ප‍්‍රශ්ණ කරයි..

(03.01.2026 – lankacnews.com)

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා ඉගෙනුම් මොඩියුලයකට අනිසි වෙබ් ලිපිනයක් එක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

මෙම වරද හුදු අතපසුවීමකට වඩා සංවිධානාත්මක කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විය හැකි බවට සැකකෙරේ.

ඒ පිළිබඳව ලද තොරතුරු මත පදනම්ව, රජයේ බුද්ධි අංශ මගින් විශේෂ විමර්ශනයක් අරඹා ඇත.

මෙම මතභේදාත්මක ප්‍රකාශනය සකස් කිරීමේ වගකීම දැරූ ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විදානපතිරණ මහත්මිය ඇතුළු උසස් නිලධාරීන් දස දෙනෙකු (10) ගෙන් ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශ ලබා ගැනීමට රහස් පොලිසිය සූදානම් වේ.

මෙම පිරිස අතරට අදාළ මොඩියුලයන්හි රචකයන් මෙන්ම ඒවායේ නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට සිටි අධීක්ෂණ නිලධාරීන් ද ඇතුළත් වේ.

සිද්ධියට අදාළ මූලික තොරතුරු රැස්කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණ සිටිති.

එහිදී ඔවුන් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු පිරිස හමුවී කරුණු විමසා ඇත.

මීට අමතරව, පොලිස් පරීක්ෂණවලට සමාන්තරව අධ්‍යාපන අමාත්‍යාංශය ද අභ්‍යන්තර විනය පරීක්ෂණයක් වෙනමම ආරම්භ කර ඇති බව වාර්තා වේ ෴


ක්‍රීඩා පිටිය ෂෝ එකකට දුන්නා මදිවට නියෝට සුභ පතලා වීඩියෝ එකකුත් දාලා | ඇමතිට උත්තර නැතිවෙන කතාවක් (03.01.2026)

+


ජේවීපී – මාලිමා ආණ්ඩුව ලයිට් බිල 12% කින් ගුවන් ගත කරයි ? (03.01.2026)

+


අන්තවාදීන් නිරුත්තර කල කන්කසන්තුරේ තිස්ස විහාර පුදබිම පිළිබඳ ගවේශනාත්මක හෙළිදරව්ව (04.01.2026)

+


මිහින්තලේ හිමි අත්අඩංගුව ගන්න යනවා – අනුරාධපුර පොලිසියට ජන ගඟක් රැස්වෙයි (04.01.2026)

+


රෝගීන් මිය ගිහින් සති තුනයි (3) පරීක්ෂණ වාර්තා හමස් පෙට්ටියේ | කොළේ වහන ආණ්ඩුවට චමල් නෙළයි (04.01.2026)

+


“අපි දැනටම මේවාට ගෙවලා තියෙන්නේ මහත්තයෝ, ආයේ මේවට ගෙවන්න අපි ලැහැස්ති නෑ” : පාඨලී (04.01.2026)

+

“ඔබතුමාට ඕක කරන්න බෑ, අත තියන්න එන්න එපා, ඔය තියෙන විදිහටම තියන්න, අනාගතේ රජයන් ඕක වෙනස් කරයි” : පාඨලී (04.01.2026)

+


විකෘති සමලිංගිකයො කරන්න දරුවො හදන්නෙ කවුද ? රටේ දෙමාපියන්ට මේ ගැන තියෙන්නෙ ලොකු බයක් (04.01.2026)

+

මේක රටේ දරුවන්ට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ? දෙමාපියො ගුරුවරු මේක සරලව ගන්න එපා (04.01.2026)

+++

මේක අධිකරණයට පැමිණවිය යුතුම කාරණාවක්… ඔබේ දරුවා මේ ලිංගික යක්ෂාගමනයෙන් ආරක්ෂා කරගන්න (04.01.2026)

+


පාසල් දරුවන්ට ලබා දිය යුත්තේ විකෘති කාමුක වෙබ් අඩවි භාවිත කිරීමේ අධ්‍යාපනයක් නොවේ – නීතිවේදී, වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ

(04.01.2026 – hirunews.lk)

පාසල් දරුවන්ට ලබාදිය යුත්තේ වයසට සුදුසු නිවැරදි ලිංගික අධ්‍යාපනයක් මිස විකෘති කාමුක වෙබ් අඩවි භාවිත කිරීම ගැන අධ්‍යාපනයක් නොවන බව නීතිවේදී, වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ පවසනවා.

ශ්‍රී ලංකාව තුළ කවර වයසක හෝ ස්ත්‍රී පුරුෂ කවරකු හෝ සමලිංගික චර්යාවන්හි යෙදේ නම් එය අපරාධමය වරදක් බවද ඔහු සඳහන් කරනවා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හය ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලයට සමලිංගික වෙබ් අඩවියක සබැඳියක් ඇතුළත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නීතීඥවරයා මෙසේ ද පැවසුවා.

“ශ්‍රීලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365(අ) වගන්තිය 1995 අංක 22 දරන සංශෝධනය සිදු කරනු ලැබුවේ ළමයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිසයි. එම වගන්තිය මගින් ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ හෝ වෙනත් තැනැත්තකු සමග යම් දැඩි අශිෂ්ට ක්‍රියාවක් (සමලිංගික සබඳතා) සිදුකරන නැතහොත් එවැනි යම් ක්‍රියාවකට පාර්ශ්වකරුවකු වන හෝ එබඳු යම් ක්‍රියාවක් යම් තැනැත්තකු විසින් සිදු කරනු ලැබීමට කුට්ටනය කරන හෝ කුට්ටනය කිරීමටත් තැත් කරන කවර හෝ තැනැත්තකු වරදකට වරදකරු වන බව දක්වා තියෙනවා. මේ සඳහා වසර දෙකක (2) බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබෙනවා. මේ වරද වයස අවුරුදු දහසයට (16) අඩු තැනැත්තෙකු කෙරෙහි වයස 18 ට වැඩි තැනැත්තකු විසින් සිදු කර තිබේ නම් ඔහුට අවම අනිවාර්ය වසර 10 සිට 20 දක්වා වූ සිර දඬුවමක් නියම කළ හැකියි. ඒ අනුව සමලිංගික චර්යාවන් අපේ රටේ අපරාධ නීතිය මගින් තහනම් කළ අපරාධමය හැසිරීමක් බව තහවුරු වෙනවා.

නව යොවුන් වියට එළැඹෙන අවධියේ වන බාල වයස්කාර දරුවන් සමලිංගික වෙබ් අඩවි වෙත අනිවාර්යයෙන් යොමු කිරීමේ පෙළඹවීමක් නැතහොත් එක්තරා ආකාරයක ‘කුට්ටනය කිරීමක්’ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 වසර දරුවන්ට ඉගැන්වීමට ලබාදීමට සකස් කළ මොඩියුලය මගින් පැහැදිලි වෙනවා.

දරුවන්ට සාමාජිකත්වය ලබාගෙන සම්බන්ධ වීම සඳහා අන්තර්ජාල වෙබ් අඩවියක නමක් මේ පොතේ අන්තර්ගත කර තිබෙනවා. මේ වෙබ් අඩවිය ඉතා පැහැදිලිවම සමලිංගික චර්යාවන් සඳහා සගයන් සොයා ගැනීම සඳහා වෙන් වූ වෙබ් අඩවියක්. මෙය පෙළපොතට අහම්බෙන් ඇතුළත් කළ දෙයක් නොවන බව ඉතා පැහැදිලියි. වෙබ් ලිපිනයට අමතරව එයට ඇතුළත් වීම සඳහා පිරිමි දරුවන්ට සහ ගැහැණු දරුවන්ට වෙන වෙනම ඇතුළත් කළ යුතු දත්ත අංශ දෙකක් (2) තිබෙන බව දක්නට ලැබෙනවා.

නම, වයස, රටට අමතරව උස සහ බර ද මෙහිදී ඇතුළත් කළ යුතු වෙනවා. මිත්‍රත්වයක් ඇතිකර ගැනීම සඳහා උස සහ බර අවශ්‍ය වන්නේ ඇයි. ගැහැණු දරුවන් වෙනම සහ පිරිමි දරුවන් වෙනම යොමුවකින් වෙබ් අඩවියට යොමු විය යුතු ආකාරය මෙහිදී දක්වා තිබෙනවා. සමලිංගිකයින් වර්ග කිරීමක් මෙහිදී දක්නට ලැබෙනවා. මේ සියලු උපදෙස් වෙබ් අඩවියේ නොව පොතේ දැක්වීම මගින් මෙම වෙබ් අඩවිය පිළිබඳව හොඳින්ම දැනගෙන හිතාමතාම පෙළපොතට ඇතුළත් කර ඇති බව තහවුරු වෙනවා.

ඒ අනුව මෙම අසභ්‍ය වෙබ් අඩවිවලට බාලවයස්කාර දරුවන් අනිවාර්යයෙන් යොමු කිරීම සඳහා උපදෙස් ලබා දී ඇති මොඩියුලය සකස් කර ඇති පුද්ගලයන් මෙන්ම ප්‍රතිපුරුෂ වගකීම මත අමාත්‍යාංශයේ ඉහළම නිලධාරීන් දක්වා මේ සඳහා වගකීමට බැඳී සිටිනවා. එපමණක් නොව මෙම මොඩියුලය උගන්වන ගුරුවරුන් මෙම වෙබ් අඩවිවලට දරුවන් යොමු කිරීමට පියවර ගන්නා විට ඔවුන්ද ළමයින් අපචාරවලට යොමු කිරීම සම්බන්ධව අපරාධමය චෝදනාවට ලක්වනවා.

ඕස්ට්‍රේලියාව ඇතුළු දියුණු රටවල් වයස අවුරුදු දාසයට (16) අඩු බාල වයස්කාර දරුවන් සමාජ ජාල වෙබ් අඩවි වලින් ඉවත් කිරීමට නීති සකසද්දී අපේ රටේ අවුරුදු දොළහේ (12) සිට දරුවන් සමාජ ජාල වෙබ් අඩවි වෙත යොමු කිරීම අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අනිවාර්ය කිරීම බරපතළ අපරාධයක්. අපේ රටේ අධ්‍යාපනය සම්බන්ධව මීට වඩා දැඩි අවධානය යොමුකර මානසික රෝගීන්ට රටේ අනාගතය සමඟ සෙල්ලම් කිරීමට ඉඩ නොදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදිසියේ සිදු නොකර මනා කතිකාවකින් අනතුරුව ඉතා සීරුවෙන් සිදු කිරීමට පියවර ගැනීම අත්‍යවශ්‍යයයි” ෴


අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුවාවෙන් අපිට අපේ දරුවන් බිල්ලට දෙන්න බැහැ (31.01.2026)

+

එලියට ආවේ මාස තුනකට හදපු Lgbtqiat Project එකේ පොඩි කෑල්ලක් පමනයි (02.01.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *