කඩුවෙල, කොරතොට දී තිදෙනෙකුට (3) එල්ල වූ වෙඩි ප්‍රහාරය ගැන තවත් කරුණු හෙළිවෙයි
කඩුවෙල, කොරතොට දී තිදෙනෙකුට (3) එල්ල වූ වෙඩි ප්‍රහාරය ගැන තවත් කරුණු හෙළිවෙයි
(02.01.2026 – 07:13 +0530 – sinhala.adaderana.lk)
කඩුවෙල, නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේ දී ඊයේ (1) රාත්‍රියේ තිදෙනෙකුට (3) එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු කිහිපයක් අනාවරණය කරගැනීමට පොලීසියට හැකිව තිබේ.
නවගමුව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ, කුලී පදනම මත ලබාගත් නිවසක සිටි පුද්ගලයින් තිදෙනෙකුට (3) බවය.
යතුරුපැදියකින් හා ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයින් පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත.
නිවසේ නාන කාමරය අසලදී වෙඩි ප්‍රහාරට ලක්ව සිටි එක් (1) අයෙකු එම ස්ථානයේදීම මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 20 ක් වූ බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය.
එමෙන්ම වෙඩි වැදීමෙන් රෝහල් ගතකර ඇත්තේ, අම්බලන්තොට වාඩියගොඩ සහ දෙමටගොඩ ගැවලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් (2) ය.
ඔවුන් අතුරුගිරිය, ඔරුවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මේ වනවිට හෝමගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
ඉන් එක් අයෙකුගේ ශරීරයේ උණ්ඩ 4 ක් සහ අනෙක් පුද්ගලයාගේ ශරීරයේ එක් (1) උණ්ඩයක් ඇති බව සඳහන්.
එමෙන්ම සිද්ධිය වූ ස්ථානයේ තිබී මිලිමීටර් 9 නවය වර්ගයේ උණ්ඩ කොපු 15 ක් හමු වූ බවද පොලිසිය පවසයි.
ඊයේ (01) රාත්‍රී 09:30 ත් 10 :00 ත් අතර කාලයේදී මෙම වෙඩිතැබීම සිදුව ඇතැයි පොලීසිය සැකපළ කරයි.
වෙඩි වැදුණු තරුණයින් තිදෙනා (3) අදාළ කුලී නිවසට මීට මාස එකහාමාරකට (1½) පමණ පෙර පදිංචියට පැමිණ තිබේ.
ඔවුන් තිදෙනා (3) නව වසර උදාවීම නිමිත්තෙන් මත්පැන් සාදයක් පවත්වන අතරතුරදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර, මෙය යම් පාතාල කණ්ඩායම් දෙකක් (2) අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් බවට පොලීසිය සැකකරයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නවගමුව පොලීසිය සහ නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
+++
+
ඉංග්‍රීසි මොඩියුලයේ අසභ්‍ය ලින්ක් ගැටලුව : NIE අධ්‍යක්ෂක ඉල්ලා අස්වීම සහ විමර්ශනයේ තත්ත්වය (02.01.2026)
+
විගණකාධිපති තනතුරට ඉතිහාසයේ පළමු වරට දේශපාලන හෙංචයියෙක් – ජනාධිපති තමන්ගේම වළ කපා ගනී (01.01.2026)
+
ගම්මන්පිල මාධ්‍ය කැඳවා රට කළඹවයි – අපි ජනවාරි 05 වෙනිදා ආපහු රැස් වෙනවා (02.01.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴