කඩුවෙල, කොරතොට දී තිදෙනෙකුට (3) එල්ල වූ වෙඩි ප්‍රහාරය ගැන තවත් කරුණු හෙළිවෙයි

කඩුවෙල, කොරතොට දී තිදෙනෙකුට (3) එල්ල වූ වෙඩි ප්‍රහාරය ගැන තවත් කරුණු හෙළිවෙයි


කඩුවෙල, කොරතොට දී තිදෙනෙකුට (3) එල්ල වූ වෙඩි ප්‍රහාරය ගැන තවත් කරුණු හෙළිවෙයි

(02.01.2026 – 07:13 +0530 – sinhala.adaderana.lk)

කඩුවෙල, නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේ දී ඊයේ (1) රාත්‍රියේ තිදෙනෙකුට (3) එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු කිහිපයක් අනාවරණය කරගැනීමට පොලීසියට හැකිව තිබේ.

නවගමුව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ, කුලී පදනම මත ලබාගත් නිවසක සිටි පුද්ගලයින් තිදෙනෙකුට (3) බවය.

යතුරුපැදියකින් හා ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයින් පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත.

නිවසේ නාන කාමරය අසලදී වෙඩි ප්‍රහාරට ලක්ව සිටි එක් (1) අයෙකු එම ස්ථානයේදීම මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 20 ක් වූ බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය.

එමෙන්ම වෙඩි වැදීමෙන් රෝහල් ගතකර ඇත්තේ, අම්බලන්තොට වාඩියගොඩ සහ දෙමටගොඩ ගැවලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් (2) ය.

ඔවුන් අතුරුගිරිය, ඔරුවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මේ වනවිට හෝමගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

ඉන් එක් අයෙකුගේ ශරීරයේ උණ්ඩ 4 ක් සහ අනෙක් පුද්ගලයාගේ ශරීරයේ එක් (1) උණ්ඩයක් ඇති බව සඳහන්.

එමෙන්ම සිද්ධිය වූ ස්ථානයේ තිබී මිලිමීටර් 9 නවය වර්ගයේ උණ්ඩ කොපු 15 ක් හමු වූ බවද පොලිසිය පවසයි.

ඊයේ (01) රාත්‍රී 09:30 ත් 10 :00 ත් අතර කාලයේදී මෙම වෙඩිතැබීම සිදුව ඇතැයි පොලීසිය සැකපළ කරයි.

වෙඩි වැදුණු තරුණයින් තිදෙනා (3) අදාළ කුලී නිවසට මීට මාස එකහාමාරකට (1½) පමණ පෙර පදිංචියට පැමිණ තිබේ.

ඔවුන් තිදෙනා (3) නව වසර උදාවීම නිමිත්තෙන් මත්පැන් සාදයක් පවත්වන අතරතුරදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර, මෙය යම් පාතාල කණ්ඩායම් දෙකක් (2) අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් බවට පොලීසිය සැකකරයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නවගමුව පොලීසිය සහ නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

+++

+++

20 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි කළ කොරතොට වෙඩිතැබීමේ සම්පූර්ණ කතාව

(02.01.2026 – 12:05 +0530 – sinhala.adaderana.lk)

නවගමුව කොරතොට මැණිකාගාර ප්‍රදේශයේදී සිදුවූ වෙඩිතැබීමකින් 20 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත්වුණි.

ඔහු සමග සිටි තවත් දෙදෙනෙක් (2) වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝහල් ගත කෙරුණි.

බොරැල්ලේ ‘කුඩු දුමින්ද’ නම් අපරාධකරුගේ පාර්ශ්වයේ පිරිසක් මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති අතර ප්‍රහාරය මෙහෙයවා ඇත්තේ, බොරැල්ලේ ‘කුඩු චතූගේ’ පාර්ශ්වය ලෙස සැක කරන බව පොලීසිය පැවසුවේය.

නවගමුව, කොරතොට, මැණිකාගාර ප්‍රදේශයේ කුලී නිවසක සිටි පිරිසක් ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුව තිබුණි.

ඒ ඊයේ රාත්‍රී 09:30 ත් 10 ත් අතරදීය.

නිවසේ තිදෙනෙකු (3) සිට ඇති අතර ඉන් එක් (1) අයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව අනෙක් දෙදෙනා (2) මේ වනවිට හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

වත්තෙහි වූ වැටක් කපාගෙන වෙඩික්කරුවන් දෙදෙනෙකු (2) නිවසට පැමිණ ඇති බවත් වෙඩි තැබීමට පිස්තෝලයක් භාවිත කර ඇති බවත් පොලීසිය සඳහන් කළේය.

ජීවිතක්ෂයට පත් වූ තරුණයා ‘සංකල්ප’ නමැති 20 හැවිරිදි අයෙක් වන අතර බොරැල්ලේ පදංචිකරුවෙකි.

තුවාල ලැබූ දෙදෙනා (2) අම්බලන්තොට හා දෙමටගොඩ පදිංචිකරුවන්ය.

පොලීසිය පැවසුවේ, ඝාතනය වූ තරුණයා ඉකුත් නොවැම්බර් 14 වනදා බොරැල්ල, සරණ පාර ප්‍රදේශයේදී තවත් අයෙක් සමග එක්ව කාන්තාවකගේ අතක් වෙන්වන්නටම කපා දමා ඇති බවයි.

ඇය බොරැල්ලේ ‘කුඩු චතූ’ නැමැත්තාගේ සමීපතමයෙක් වන අතර ඔහුගේ උපදෙස් මත බොරැල්ලේ ඩම්ප් එක වත්ත පාර ප්‍රදේශයේදී පසුගිය ජුනි 24 වැනිදා පුද්ගලයෙකුට වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරු හා යතුරුපැදිකරු ඇයගේ නිවසේ සිට පැමිණ තිබූ බව පොලීසිය පැවසුවේය.

එහිදී වෙඩික්කරුගේ ඉලක්කය වූ පුද්ගලයා දිවගොස් දිවි බේරාගත් අතර පසුව ඔහු හා ඊයේ (01) රාත්‍රියේ ඝාතනය වූ තරුණයා එක්ව අදාළ කාන්තාවගේ අත කපාදාමා තිබුණි.

ඔවුන් දෙදෙනා (2) ‘කුඩු චතූ’ නැමැත්තාගේ ප්‍රතිවාදි කල්ලිය වන ‘කුඩු දුමින්ද’ නම් අපරාධකරුගේ සමීපතමයකි.

ඒ අනුව සැකකරුවන් දෙදෙනා (2) පොලීසිය අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් කළ ද ඔවුන්ව සොයාගැනීමට හැකි වුණේ නැහැ.

කෙසේවෙතත් ‘කුඩු චතූ’ගේ පාර්ශ්වයට අදාළ තරුණයා සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව මෙම ඝාතනය සිදුකර ඇති අතර එහිදී තුවාල ලැබූ එක් (1) අයෙක් ඉකුත් ජූනි මාසයේ එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් දිවි බේරාගත් පුද්ගලයාගේ මස්සිනා බව පොලීසිය පැවසුවේය.

මේ අතර අදාළ ඝාතනයට ‘කුඩු දුමින්ද’ සූදානම් වන බවට ලද තොරතුරකට අනුව බොරැල්ල ප්‍රදේශයේ විශේෂ ආරක්ෂාවක් ද යොදවා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් ‘අද දෙරණ’ට සඳහන් කළේය.

මෙම වෙඩිතැබීම මේ වසරේ සිදු වූ පළමු වෙඩිතැබීම වීම විශේෂත්වයකි ෴

+


ඉංග්‍රීසි මොඩියුලයේ අසභ්‍ය ලින්ක් ගැටලුව : NIE අධ්‍යක්ෂක ඉල්ලා අස්වීම සහ විමර්ශනයේ තත්ත්වය (02.01.2026)

+


විගණකාධිපති තනතුරට ඉතිහාසයේ පළමු වරට දේශපාලන හෙංචයියෙක් – ජනාධිපති තමන්ගේම වළ කපා ගනී (01.01.2026)

+


ගම්මන්පිල මාධ්‍ය කැඳවා රට කළඹවයි – අපි ජනවාරි 05 වෙනිදා ආපහු රැස් වෙනවා (02.01.2026)

+


හරිනිට ඕන ආප්ප කඩ නීත්‍යනුකූල කරන්න – මිහින්තලේ හිමි මාධ්‍ය කැඳවා සුද්ද සිංහලෙන් අමතයි (01.01.2026)

+


මේ එක වෙබ් සයිට් එකක විතරක් ප්‍රශ්නයක්ම නෙවෙයි. සමස්ත ක්‍රියාවලියෙම මේ අවුල තියෙනවා. වැරදිලා හරි කුමන්ත්‍රණයක් හරි කියලා බබාලා වෙන්න හදන්න එපා. උද්දච්චකම තියලා දැන්වත් හරි පාරට එන්න.
අමිල සඳරුවන් (ලේකම් – ඒකාබද්ධ ගුරු සේවා සංගමය) (01.01.2026)

+


දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා තමයි – යකාට බය නම් මම සොහොනේ ගෙවල් හදන්නේ නෑ (02.01.2026)

+++

හරිනි ආප්ප සීන් ඔයාලා කරගන්න – හයේ ළමයින්ට බ්ලූ ෆිල්ම් පෙන්නන්න එපා (02.01.2026)

+++

අවුරුදු 05 ළමයට ප්‍රේම සබදතා මොකටද ? මව්වරුන් ආණ්ඩුවට එරෙහිව නැඟිටියි (02.01.2026)

+


මතුගම සභාපතිව කුදලන් යන්න පොලිසියෙන් එද්දී – සේවකයෝ හූ තිය තිය එකපාරටම යකා නටයි… සජීවී දර්ශන (02.01.2026)

+++

මතුගම සභාවට වහාම STF ආරක්ෂාව යොදවයි… පොලිසිය සහ සේවකයන් එක පාරටම ගැටෙයි (02.01.2026)

+++

මතුගම පොලිසිය වටලන්න මහා ජන ගඟක් එයි (02.01.2026)

+++

මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති රිමාන්ඩ්

(02.01.2026 – 17:39 +0530 – sinhala.adaderana.lk)

මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට පහරදීමේ සහ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත්කළ එම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සභාපතිවරයා අද (02) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ සැකකරු එළැඹෙන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසය.

සිය රාජකාරියට සභාපතිවරයා විසින් බාධා සිදුකරන බවට ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය විසින් පොලීසියට පැමිණිල්ලක් සිදුකළ අතර ඒ අනුව පොලීසිය විසින් සැකකාර සභාපතිවරයා අද (02) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *