පාසල් වේලාව දීර්ඝ නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තීරණයක්
(01.01.2026 – 22:57 +0530 – sinhala.adaderana.lk)
2026 වර්ෂය තුළ පාසල් පවත්වන වේලාව දීර්ඝ නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත්කරමින් එම අමාත්‍යාංශය අද (01) රාත්‍රියේ මේ බව පැවසීය.
රට තුළ උද්ගත වූ ආපදා තත්ත්වය සහ පළාත් කිහිපයක පාසල් පද්ධතියට සහ ප්‍රවාහන පද්ධතියට සිදුව ඇති අලාභ හානි සැලකිල්ලට ගනිමින්, පාසල් පද්ධතිය සහ ප්‍රවාහන පද්ධතිය යථා තත්ත්වයට පත් වන තුරු මෙය ක්‍රියාත්මක නොකරන බව අදාළ නිවේදනයේ දැක්වේ.
එමෙන්ම මේ සම්බන්ධයෙන් වන සවිස්තරාත්මක චක්‍රලේඛය හෙට (02) දින නිකුත් කරන බවද සඳහන්.
ඒ අනුව,
- 2026 වසර තුළ 5 -13 ශ්‍රේණි සඳහා පාසල් කාලය පෙ.ව. 07:30 – ප.ව. 01:30 ලෙස නොවෙනස්ව පවතියි.
- රජයේ, රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් 2026 වර්ෂයේ පළමු වාරය (1) සඳහා ජනවාරි 05 දින ආරම්භවීමට නියමිතය.
- 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා දිනකට කාලච්ඡේද සංඛ්‍යාව 7 කි.
- එක් (1) කාලච්ඡේදයක් සඳහා මිනිත්තු 45 ක් වෙන් කෙරේ.
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 1 ශ්‍රේණිය සහ 6 ශ්‍රේණිය සඳහා 2026 වසරේදී ක්‍රියාත්මක වේ.
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ 6 ශ්‍රේණියේ අධ්‍යයන කටයුතු විධිමත් ලෙස, 2026 ජනවාරි 21 වනදා ආරම්භවීමට නියමිතය.
- 1 ශ්‍රේණිය සඳහා දරුවන් හඳුනාගැනීමේ ක්‍රියාවලිය 2026 ජනවාරි 05 වනදා ආරම්භ වන අතර, විධිමත් ලෙස අධ්‍යයන කටයුතු ආරම්භ වන්නේ 2026 ජනවාරි 29 වනදාය.
- 1 ශ්‍රේණියට අදාළ ක්‍රියාකාරකම් පොත් සහ 6 ශ්‍රේණියට අදාළ ඉගෙනුම් මොඩියුල එම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භවීමට පෙර සිසුන්ට ලබාදී අවසන් කිරීමට කටයුතු සළසා ඇත.
- අනෙකුත් ශ්‍රේණි සඳහා අවශ්‍ය පෙළ පොත් මේ වනවිට බෙදා අවසන් කර ඇත.
- 2025 අ.පො.ස උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස 2026 ජනවාරි 12 සිට 20 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.
කඩුවෙල, නවගමුව, කොරතොට මැණිකාගාර පාරේදී තිදෙනෙකුට (3) වෙඩි
(01.01.2026 – 23:56 +0530 – sinhala.adaderana.lk)
කඩුවෙල, නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේ දී අද (01) රාත්‍රී 10 ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබේ.
පිරිමි පුද්ගලයින් තිදෙනෙකු (3) ඉලක්කකර මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව පොලීසිය පැවසීය.
එහිදී එක් (1) අයෙක් මියගොස් ඇති අතර, අනෙක් දෙදෙනා (2) තුවාල ලබා හෝමාගම රෝහල්ගත කර තිබේ ෴
ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කෙරේ
(01.01.2026 – 21:33 +0530 – sinhala.adaderana.lk)
අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් සංශෝධනය කර තිබේ.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150 කින් ඉහළ දමා තිබේ.
ඒ අනුව එහි නව මිල රුපියල් 4,250 ක් වේ.
එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 65 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 1,710 ක් වී ඇත ෴
ඩිජිටල් විද්‍යුත් බස් ගාස්තු ක්‍රමය අද (01) සිට ලංගමටත්
(01.01.2026 – 20:49 +0530 – sinhala.adaderana.lk)
රට පුරා හඳුන්වාදෙන නව්‍ය ඩිජිටල් විසදුම් යටතේ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සඳහා නව වැඩසටහනක් අද (01) ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් හඳුන්වා දෙනු ලැබීය.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශකත්වය මත ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ප්‍රවාහන සේවය තවත් ශක්තිමත් කිරීමත්, මගීන් සහ කොන්දොස්තර මහත්වරුන් අතර විනිවිදභාවය තව දුරටත් තහවුරු කිරීමත් මෙහි අරමුණ වී ඇත.
මගී පහසුව වෙනුවෙනුත් විද්‍යුත් කාඩ්පත් හරහා ගෙවීම් සිදු කිරීමේ ව්‍යාපෘති වැඩසටහන අද (01) මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානයේ දී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
බස් ගාස්තු විද්‍යුත් කාඩ්පත් හරහා ගෙවීම් කිරීමේදී මගීන්ගෙන් අමතර ගාස්තුවක් අය නොකෙරෙන අතර ඒ අනුව බස්ගාස්තු කාඩ්පත් මගින් ගෙවීමෙන් මගීන්ට වැඩි මුදලක් වැයකිරීමට සිදු නොවේ.
නව ක්‍රමවේදයෙන් මගීන්ට අමතර මුදලක් වැය නොවන අතර, නියමිත ගාස්තුව පමණක් ගෙවීමේ හැකියාව ද ලැබේ.
එහිදී හඳුනා ගැනෙන ප්‍රබලතා සහ දුබලතා මත කාඩ්පත් ක්‍රමය තවදුරටත් සංවර්ධනය කිරීම රජයේ අපේක්ෂාව බවද සඳහන්.
මෙම නියමු ව්‍යාපෘතිය මාකුඹුර-ගාල්ල හා මාකුඹුර-ඇඹිලිපිටිය යන මාර්ග කිහිපයක අද සිට ක්‍රියාත්මක වේ.
මෙම අවස්ථාවට ඩිජිටල් අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා, මහජන බැංකුවේ නිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
+++
+
මාවනැල්ලේ දී කාන්තාවන් 2 ක් ඇතුළු තිදෙනෙකු (3) ඝාතනය කෙරේ
(01.01.2026 – 17:19 +0530 – sinhala.adaderana.lk)
මාවනැල්ල නෑහිඳ ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකු (2) ඇතුළු තිදෙනෙකු (3) තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්වී ජීවිතක්ෂයට පත්වී තිබේ.
මාවනැල්ල පොලීසිය සඳහන් කළේ 119 හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවය.
+
ඩිජිටල් වංචාවල සැලකිය යුතු වැඩිවීමක් – ගත වූ වසරේදී CERT ආයතනයට පැමිණිලි 12,650 ක්
(01.01.2026 – 14:08 +0530 – sinhala.adaderana.lk)
අන්තර්ජාලය හරහා සහ සමාජ මාධ්‍ය අනිසි භාවිතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි සුදානම් සංසදයට 2025 දී පැමිණිලි 12,650 කට වඩා ලැබී තිබෙන බව CERT ආයතනය පවසයි.
මෙය පෙර වසර (2024) හා සසඳන විට මාර්ගගත වංචා, ඩිජිටල් වංචා සහ සයිබර් හිරිහැරවල සැලකිය යුතු වැඩිවීමක් පෙන්නුම් කරන බව එම ආයතනය සඳහන් කරයි.
ශ්‍රී ලංකා CERT හි ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා සඳහන් කරන්නේ, පැමිණිලි වලින් සැලකිය යුතු ප්‍රතිශතයක් ව්‍යාජ ගිණුම්, හැක් කරන ලද ගිණුම් සහ සමාජ මාධ්‍ය වේදිකා හරහා සිදුකරන ලද මූල්‍ය වංචා සම්බන්ධයෙන් වන බවය.
වෛරී හෝ අපයෝජන අන්තර්ගතයන් සහ වැඩිහිටියන්ගේ ලිංගික හිරිහැර පිළිබඳ අන්තර්ගතයන් ද පැමිණිලි අතර ඉහළ මට්ටමක පවතින බව සඳහන්ය.
මේ අතර පුද්ගලයන්ට සහ සාමාන්‍ය ජනතාවට බලපාන සාමාන්‍ය වංචා සහ අසත්‍ය තොරතුරු බෙදාහැරීමේ කැපී පෙනෙන වැඩිවීමක් ද මෙහි දක්නට ලැබෙන බව ඔහු පැවසීය.
පුද්ගලයන් රවටා ඔවුන්ගේ බැංකු ගිණුම් අංක, OTP හා මුරපද සහ QR කේත ආදී පුද්ගලික තොරතුරු ලබා ගනිමින් සයිබර් අපරාධකරුවන් මෙලෙස කටයුතු කරන බවද නිරීක්ෂණය වී ඇත.
සන්නිවේදනය, වෙළඳාම සහ මූල්‍ය කටයුතු සඳහා ඩිජිටල් වේදිකා ඔස්සේ කටයුතු කිරීම සඳහා වැඩිවන විශ්වාසයේ වාසිය ලබාගැනීම සඳහා සයිබර් අපරාධකරුවන් වඩ වඩාත් නවීන හා වංචනික ක්‍රම භාවිතා කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.
විශේෂයෙන් අවදානමට ලක්විය හැකි කණ්ඩායම්, එනම් අන්තර්ජාල ආරක්ෂණ ක්‍රියා පටිපාටි පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් නොමැති තරුණ තරුණියන්, වැඩිහිටි පරිශීලකයින් සහ පළමු වරට අන්තර්ජාල භාවිතා කරන්නන් මෙවැනි වංචාවන්ට ගොදුරු වන පුද්ගලයන් අතර නිතර දක්නට ලැබෙන බවද ඔහු සඳහන් කළේය.
අන්තර්ජාලය තුල සුපරීක්ෂාකාරීව සිටින ලෙසත්, පුද්ගලික හෝ මූල්‍ය තොරතුරු අන්තර්ජාලය ඔස්සේ බෙදා ගැනීමෙන් වළකින ලෙසත්, සැක සහිත පණිවිඩ සහ සබැඳි සත්‍යාපනය (verify) කරන ලෙසත්, ද්වි සාධක සත්‍යාපනය (Two factor authentication) සහ ආරක්ෂිත මුරපද වැනි ශක්තිමත් ආරක්ෂක පියවරයන් සක්‍රීය කරන ලෙසත් චාරුක දමුණුපොල මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් කඩිනම් ප්‍රතිචාර දැක්වීම සහ අවම කිරීම පහසු කිරීම සඳහා, සයිබර් සිදුවීම් පිළිබඳව වහාම ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) වෙත වාර්තා කරන ලෙස මහජනතාවට පවසයි.
රට පුරා සයිබර් ප්‍රහාරයන්ට මුහුණ දීමේ හැකියාව, මහජන දැනුවත්භාවය සහ ඩිජිටල් ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා, සයිබර් ආරක්ෂණ සිදුවීම් ප්‍රතිචාර සඳහා ජාතික අධිකාරිය වන ශ්‍රී ලංකා CERT, පොලීසිය, නීතිය ක්‍රියාත්මක කරන සංවිධාන, සේවා සපයන්නන් සහ වෙනත් අය සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කරන බව ද දමුණුපොල මහතා පැවසීය.
එලෙසම කිසියම් අත්‍යාවශ්‍ය සහාය සේවාවකට හෝ සයිබර් සිදුවීමක් වාර්තා කිරීමට, මහජනතාවට 101 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ ශ්‍රී ලංකා CERT ආයතනය ඇමතීමට හෝ report@cert.gov.lk විද්‍යුත් තැපෑල හරහා එවිය හැකි බවද වැඩිදුරටත් සඳහන් කරයි ෴
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය
Sri Lanka Computer Emergency Readiness Team | Coordination Centre
Sri Lanka CERT | CC
https://www.cert.gov.lk/
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴