අණ නොතැකූ බීමත් රියදුරා පොලිස් නිලධාරියෙකුට දිවි අහිමි කරයි, ග්‍රාමාරක්ෂකට තුවාලයි
අණ නොතැකූ බීමත් රියදුරා පොලිස් නිලධාරියෙකුට දිවි අහිමි කරයි, ග්‍රාමාරක්ෂකට තුවාලයි
(01.01.2026 – 11:43 +0530 – sinhala.adaderana.lk)
නව වසර උදාව නිමිත්තෙන් රාජකාරියේ නිරතව සිටි අම්බලන්තොට පොලීසියේ නිලධාරියෙකු රිය අනතුරකට ලක්ව මියගොස් තිබේ.
අණ නොතකා ධාවනය වූ බිමත් රියදුරෙකුගේ මෝටර් රථයකට යටවීමෙන් අද (01) අලුයම මෙම පොලිස් නිලධාරියා මියගොස් ඇත.
අද (01) අලුයම 02:30 ට පමණ අම්බලන්තොට වලවේ ගඟ පාලම අසල මාර්ග බාධකයේදී මෙම අනතුර සිදුව තිබේ.
අම්බලන්තොට දෙසට ධාවනය වූ මෝටර් රථයක් නතර කිරීමට අණ කළද, එය නොනවත්වා පොලිස් නිලධාරීන් වෙතට ධාවනය කර ඇති බව පොලීසිය පවසයි.
මියගිය නිලධාරිවරයා, පොලිස් කොස්තාපල් (82615) එම්. සරත් කුමාර මහතා සූරියවැව, වීරියගම පදිංචි දෙදරු පියෙකි.
ඔහු ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට ස්ථාන මාරුවක් ලැබ සිට ඇති අතර, අනිද්දාට (03) අම්බලන්තොටින් පිටත්ව යාමට නියමිතව තිබූ බව සඳහන් වේ.
ඒ වෙනුවෙන් ඔහුට සමුදීමේ උත්සවය ද අද (01) දින පැවැත්වීමට නියමිතව තිබිය දී මෙම අනතුර සිදුව ඇති බව ‘අද දෙරණ වාර්තාකරු’ පවසයි.
අනතුරින් රාජකාරියේ නිරතව සිටි ග්‍රාමාරක්ෂක නිලධාරියෙකු ද තුවාල ලබා අම්බලන්තොට රජයේ රෝහලට ඇතුලත්කර සිටියි.
පලාගිය මෝටර් රථය අම්බලන්තොට නගරයට ආසන්න ප්‍රදේශයක තිබී සොයාගෙන ඇති අතර රථයේ ගමන් ගත් රියදුරු ඇතුළු පුද්ගලයන් දෙදෙනාම (2) මේ වන විට අම්බලන්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් දෙදෙනාම (2) අධික ලෙස බීමත්ව සිටි බව හෙළි වී ඇත.
අම්බලන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
+
6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයෙන් සමරිසි වෙබ් අඩවියක් ප්‍රවර්ධනය කරන බවට පාර්ශව 03 කින් CID යට පැමිණිලි
(01.01.2026 – hirunews.lk)
6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂා මොඩියුලයක නුසුදුසු වෙබ් අඩවියක නාමයක් පළවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා පාර්ශව 3 ක් ඊයේ (31) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කළා.
ඒ, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව, අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සහ විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව විසින්.
මේ අතර 6 ශ්‍රේණියට අදාළ ඉංග්‍රීසි භාෂා මොඩියුලය සම්බන්ධයෙන් තවත් පාර්ශ්ව විරෝධය පළ කරනවා ෴
+++
+++
+
නලින්ද ජයතිස්ස ඇයි මේවා නොකරන්නෙ ? වැඩ බැරිද ? නැත්නම් ඩීල් ද ? (01.01.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴