අණ නොතැකූ බීමත් රියදුරා පොලිස් නිලධාරියෙකුට දිවි අහිමි කරයි, ග්‍රාමාරක්ෂකට තුවාලයි

අණ නොතැකූ බීමත් රියදුරා පොලිස් නිලධාරියෙකුට දිවි අහිමි කරයි, ග්‍රාමාරක්ෂකට තුවාලයි


අණ නොතැකූ බීමත් රියදුරා පොලිස් නිලධාරියෙකුට දිවි අහිමි කරයි, ග්‍රාමාරක්ෂකට තුවාලයි

(01.01.2026 – 11:43 +0530 – sinhala.adaderana.lk)

නව වසර උදාව නිමිත්තෙන් රාජකාරියේ නිරතව සිටි අම්බලන්තොට පොලීසියේ නිලධාරියෙකු රිය අනතුරකට ලක්ව මියගොස් තිබේ.

අණ නොතකා ධාවනය වූ බිමත් රියදුරෙකුගේ මෝටර් රථයකට යටවීමෙන් අද (01) අලුයම මෙම පොලිස් නිලධාරියා මියගොස් ඇත.

අද (01) අලුයම 02:30 ට පමණ අම්බලන්තොට වලවේ ගඟ පාලම අසල මාර්ග බාධකයේදී මෙම අනතුර සිදුව තිබේ.

අම්බලන්තොට දෙසට ධාවනය වූ මෝටර් රථයක් නතර කිරීමට අණ කළද, එය නොනවත්වා පොලිස් නිලධාරීන් වෙතට ධාවනය කර ඇති බව පොලීසිය පවසයි.

මියගිය නිලධාරිවරයා, පොලිස් කොස්තාපල් (82615) එම්. සරත් කුමාර මහතා සූරියවැව, වීරියගම පදිංචි දෙදරු පියෙකි.

ඔහු ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට ස්ථාන මාරුවක් ලැබ සිට ඇති අතර, අනිද්දාට (03) අම්බලන්තොටින් පිටත්ව යාමට නියමිතව තිබූ බව සඳහන් වේ.

ඒ වෙනුවෙන් ඔහුට සමුදීමේ උත්සවය ද අද (01) දින පැවැත්වීමට නියමිතව තිබිය දී මෙම අනතුර සිදුව ඇති බව ‘අද දෙරණ වාර්තාකරු’ පවසයි.

අනතුරින් රාජකාරියේ නිරතව සිටි ග්‍රාමාරක්ෂක නිලධාරියෙකු ද තුවාල ලබා අම්බලන්තොට රජයේ රෝහලට ඇතුලත්කර සිටියි.

පලාගිය මෝටර් රථය අම්බලන්තොට නගරයට ආසන්න ප්‍රදේශයක තිබී සොයාගෙන ඇති අතර රථයේ ගමන් ගත් රියදුරු ඇතුළු පුද්ගලයන් දෙදෙනාම (2) මේ වන විට අම්බලන්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් දෙදෙනාම (2) අධික ලෙස බීමත්ව සිටි බව හෙළි වී ඇත.

අම්බලන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

+


6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයෙන් සමරිසි වෙබ් අඩවියක් ප්‍රවර්ධනය කරන බවට පාර්ශව 03 කින් CID යට පැමිණිලි

(01.01.2026 – hirunews.lk)

6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂා මොඩියුලයක නුසුදුසු වෙබ් අඩවියක නාමයක් පළවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා පාර්ශව 3 ක් ඊයේ (31) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කළා.

ඒ, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව, අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සහ විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව විසින්.

මේ අතර 6 ශ්‍රේණියට අදාළ ඉංග්‍රීසි භාෂා මොඩියුලය සම්බන්ධයෙන් තවත් පාර්ශ්ව විරෝධය පළ කරනවා ෴

+++

+++

+


නලින්ද ජයතිස්ස ඇයි මේවා නොකරන්නෙ ? වැඩ බැරිද ? නැත්නම් ඩීල් ද ? (01.01.2026)

+


නව වසරේ ජාතියට ඇති අභියෝග මොනවාද? (01.01.2026)

+


රටට දශමෙකින් හරි ආදරෙයි නම් අගමැතිනියව නෙරපා හරින්න | අගුළුගල්ලේ ජිනානන්ද හිමි අල්ලස් කොමිසමට (01.01.2026)

+++

අහිංසක දරුවන්ට මේ මළ ජරාව උගන්වන්න එපා | වහාම අගමැති හරිනි ඉල්ලා අස්විය යුතුයි | බලංගොඩ කස්සප හිමි (01.01.2026)

+


අගමැතිටයි ලේකම්ටයි හොරෙන් 06 වසර පොතට මේක දැම්මේ කවුද..? පැලවත්තේ වැඩක්ද..? | නලින් ආණ්ඩුවට දෙහි කපයි (01.01.2026)

+


ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සිය ධුරයෙන් තාවකාලිකව ඉවත් වෙයි

(01.01.2026 – 18:56 +0530 – sinhala.adaderana.lk)

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ තාවකාලිකව සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයක නුසුදුසු වෙබ් අඩවියක නාමය ලෙස දැක්වෙන හැඳින්වීමක් එක්වීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය අවසන් වනතෙක් ඇය මෙලෙස සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇත ෴

+++

+


Hiru TV Balaya Live | Episode 623 | 2026-01-01 – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

+


නුසුදුසු වෙබ් අඩවිය ගැන සිද්ධිය අල්ලස් එකට අරන් යයි. මහ නා හිමිවරුන්ට පණිවිඩයක් (01.01.2026)

+


SLS නැතිව පවත්වාගෙන ගිය ටින් මාළු නිශ්පාදනාගාරයක් පාරිභෝගික අධිකාරියෙන් වටලයි (01.01.2026)

+


2026 අවුරුද්දේ අලුත්ම සැලැස්මක් ගැන කියන්න පොලිස් මාධ්‍ය ප්‍රකාශක හදිස්සියේ මාධ්‍ය කැඳවයි (01.01.2026)

+


දැන් කෙලවගෙන ඉන්නේ, අපි මෙන්න බෙහෙත් මිල අඩු කලා කියන්න ඉන්දියාවේ බාල බෙහෙත් තොග ගෙනාවා. (31.12.2025)

+


කලකට පසු මෙරටට වැඩි පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප හිමි 2026 වර්ෂයේ කරන පළමු ධර්ම දේශනය (01.01.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *