ඇමැති 6 කගේ වත්කම් ගැන කළ පැමිණිල්ල : අල්ලස් කොමිසම පැමිණිලිකරුගෙන් ප්‍රකාශ ගනී

ඇමැති 6 කගේ වත්කම් ගැන කළ පැමිණිල්ල : අල්ලස් කොමිසම පැමිණිලිකරුගෙන් ප්‍රකාශ ගනී


ඇමැති 6 කගේ වත්කම් ගැන කළ පැමිණිල්ල : අල්ලස් කොමිසම පැමිණිලිකරුගෙන් ප්‍රකාශ ගනී

(31.12.2025 – divaina.lk)

වත්මන් රජයේ ඇමැතිවරුන් 06 දෙනකුගේ වත්කම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාළව, අල්ලස් කොමිසම ඊයේ (30 දා) පැමිණිලිකරුගෙන් පැය තුනකට (3) අධික කාලයක් ප්‍රකාශ ලබාගෙන තිබේ.

වත්මන් රජයේ කැබිනට් ඇමැතිවරුන් පස්දෙනකු (5) සහ එක් (1) නියෝජ්‍ය ඇමැතිවරයකු වත්කම් සොයාගත් ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානයේ සභාපති, ජාමුනි කමන්ත තුෂාර කළ පැමිණිල්ලට අදාළව මෙසේ ප්‍රකාශ ලබාගෙන ඇත.

කැබිනට් ඇමැතිවරුන් වන, බිමල් රත්නායක, වසන්ත සමරසිංහ, කුමාර ජයකොඩි, සුනිල් හඳුන්නෙත්ති, නලින්ද ජයතිස්ස සහ නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල වත්කම් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් අයථා වත්කම් පරීක්ෂණයක් කරන ලෙස පැමිණිල්ල මගින් අල්ලස් කොමිසමෙන් ඉල්ලා තිබිණි. එම පැමිණිල්ල ගැන කළ කැඳවීමට අනුව ඊයේ (30 දා) අල්ලස් කොමිසම වෙත ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව, ජාමුනි කමන්ත තුෂාර ‘දිවයින’ට මෙසේ කීය.

“අල්ලස් කොමිසම මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් කරනු ඇතැයි විශ්වාස කරනවා. ඒ වගේම මේ ඇමැතිවරුන්ගෙන් මේ පිළිබඳව ප්‍රකාශ ගනී කියාත් විශ්වාසයක් තිබෙනවා. ඇමැතිවරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් මීට පෙර කර තිබූ ප්‍රකාශ පිළිබඳව ජනතාවගේ පවතින විශ්වාසය පළුදු නොකර කටයුතු කිරීම ඔවුන්ගේ කාර්යයක්.

දූෂණ විරෝධී පනත අනුව වත්කම් උපයා ඇත්තේ කුමනාකාරයෙන්ද, ඔවුන් පැවසූ කරුණු සත්‍යයද, වංචනිකව වත්කම් පෙන්වා ඉදිරියේදී තවත් අයථා උපයා ගැනීම්වලට පෙලඹේදැයි සැකයක් තිබෙනවා.”

සුජීව තත්සර


අවුරුදු 76 ක සාපේ කියලා බලය ගත්තු – ජෙප්පෝ රටට කරපු මඟුලක් නෑ (31.12.2025)

+


2025 අපිත් මාලිමාවට ! (31.12.2025)

+

2025 සුපිරිම වැඩ 10 රෙස්පෙක්ට් අනුර ජනපති ! (31.12.2025)

+


පුනරුද වසරේ ඇඟ කිලිපොලා යන ශේෂ පත්‍රය (31.12.2025)

+


එදා ඩග්ලස් දේවානන්දලා ආයුධ අතට ගත්තේ … අද උතුරේ දෙමල ජනතාව වෙනුවෙන් (31.12.2025)

+


අලුත් අවුරුද්දෙ නොකියම බැරි අසුභ ආරංචිය (01-01-2026)

+


ආණ්ඩුව අසිංහලයි අබෞද්ධයි! අගමැතිණිය දේශද්‍රෝහී කාන්තාවක්! ජිනානන්ද හිමිගෙන් දැඩි ප්‍රහාරයක් (29.12.2025)

+


බලශක්තිය ගැන ගහපු මහා වංචාවක් ගැන – සිවිල් ක්‍රියාකාරිකයෝ අනාවරණය කරයි (31.12.2025)

+


හික්කඩුව කැලඹූ බිහිසුණු රිය අනතුර – රියදුරු වහාම බලපිටිය මූලික රෝහලට (01.01.2026)

+


Online සොරකම් ක‍්‍රම රැසක් පොලිසිය හෙලි කරයි..

(01.01.2026 – lankacnews.com)

පොලිසිය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි :

අන්තර්ජාලය හරහා සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කර ගනිමින් සිදු කරන මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් මහජනයා දැනුවත් කිරීම.

අන්තර්ජාලය ඔස්සේ සිදුවන වංචනික ක්‍රියා, විශේෂයෙන් Telegram / WhatsApp ආදී ගිණුම් හරහා සහ වෙනත් සමාජ මාධ්‍ය සමූහ උපයෝගී කර ගනිමින් සිදු කරනු ලබන මුල්‍ය වංචා සම්බන්ධව පැමිණිලි දෛනිකව වාර්තා වේ.

2026 වසරේදී මේ සම්බන්ධව මහජනතාවගේ අවධානයට තවදුරටත් යොමු කරමින් සැලසුම් සහගතව නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු යොදා ඇත.

මෙහිදි, පුද්ගලයින් වංචනිකව රවටා ඔවුන්ගේ ගිණුම් අංක, මුරපද, (User Name/ Password) QR කේත ආදී රහස්‍ය තොරතුරු ලබා ගනිමින්, මාර්ගගත රැකියා අවස්ථා ලබා දෙන බවට පවසා, විවිධ ගිණුම් වලට මුදල් බැර කර ගැනීම් ආදී වංචා සිදු කරන බවට නිරීක්ෂණය වී ඇත.

එබැවින් අන්තර්ජාලය භාවිතා කිරීමේදී මෙවැනි වංචා සම්බන්ධයෙන් අවබෝධයෙන් ක්‍රියා කරන ලෙසටත්, පහත කරුණු සම්බන්ධයෙන් දැනුවත් වන ලෙසටත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

  • භාවිතා කරනු ලබන සමාජ මාධ්‍ය ජාලා (Telegram / WhatsApp හෝ වෙනත්) ගිණුම් තුල නොදන්නා පුද්ගලයින් හා නොදන්නා සමාජ මාධ්‍ය සමූහ මඟින් විවිධ ආදායම් මාර්ග ලබා දෙන බව සඳහන් කරමින් සිදු කරනු ලබන වංචනික පෙළඹවීම් වලට හා ක්‍රියාවන්ට හසු නොවීම.
  • නොදන්නා පුද්ගලයින් හා සමාජ මාධ්‍ය ජාලා සමූහ මඟින් පල කරනු ලබන අන්තර්ජාල දිගු හා ස්කෑන් කේත භාවිතයෙන් වැලකීම.
  • සයිබර් අවකාශය තුල නොදන්නා පුද්ගලයින්ගේ ගිණුම් වෙත මුදල් බැර කිරීම, ඔවුන් සමඟ බැංකු තොරතුරු හුවමාරු කර ගැනීම, සිය බැංකු ගිණුම් වෙනත් පුද්ගලයින් වෙත භාවිතය සඳහා අවසර ලබා දීමෙන් වැළකීම.
  • ගිණුම් අංක, මුරපද OTP කේත බාහිර පුද්ගලයින් සමඟ කිසිම අවස්ථාවකදී හුවමාරු කර නොගැනීම.
  • නොදන්නා පුද්ගලයින් ලබා දෙන ජංගම යෙදවුම් ස්ථාපනය කිරීමේදී හා අන්තර්ජාල දිගු භාවිතා කිරීමේදී ආරක්ෂිත උපක්‍රම පිළිබඳ සැලකිලිමත් වීම හා විද්‍යුත් උපකරණයේ පවතින ප්‍රවේශ අවසරය ලබා නොදීම.

ශ්‍රී ලංකාවේ සමාජ ජාලා හරහා සිදුවන මූල්‍ය අක්‍රමිකතා (Online Financial Frauds) පිළිබඳ මහජනයා වැඩිදුරටත් දැනුවත් කිරීමට අවශ්‍ය ප්‍රධාන කරුණු කිහිපයක් පහත පරිදි වේ :

  1. වංචා සහගත සම්බන්ධතා (Fake Account / Impersonation)

ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ හෝ ආයතන වල නමින් නිකුත් කළ ව්‍යාජ ගිණුම් සම්බන්ධව දැනුවත් කිරීම.

  1. Online Loan- – Easy Money Scams

සමාජ මාධ්‍ය ජාලා හරහා Online ‘ක්ෂණික ණය’, ‘නැවත ගෙවීම අවශ්‍ය නොමැති බවට පවසා ලබා දෙනු ලබන ණය’ (මෙය මුහුණු පොත හරහා හා WhatsApp ආදිය මඟින් බහුලව සිදු වේ.

පළමුව ‘Service fee’ හෝ ‘Registration Payment’ ලෙස ඉල්ලීම් කරනු ලබයි. ඉන්පසු එම මුදල් ලබා ගෙන ණය නොදී සිටියි.

එසේ නොමැති නම් කුඩා ණය වාරිකයක් ලබා දී එයට විශාල පොලියක් ඉල්ලීම් කරනු ලබන අතර එය ගෙවීම පැහැර හැරියහොත් නෑදෑ හිතමිතුරන් හට දුරකථන ඇමතුම් ලබා ගෙන අපහසුතාවයට පත් කරනු ලබයි.

  1. Phishing Links

Bank, Telecom, Delivery Company WhatsApp / Facebook Messenger මඟින් යවන Link සම්බන්ධව.

Password, OTP, Bank Details ලබා ගෙන ගිණුම් වල ඇති මුදල් සොරකම් කිරීම සම්බන්ධව.

  1. Online Jobs, Frauds

Online Data Entry, Work From Home ඉහළ වැටුප් ලබා දෙන බවට රැවටීම.

Registration Fee ගෙවීමට කියා මුදල් ලබා ගැනීම සම්බන්ධව.

  1. Romance – Relationship Scams

Facebook, Instagram, WhatsApp, Facebook Messenger Profile මඟින් විශ්වාසය ගොඩනගා මුදල් සොරා ගැනීම සම්බන්ධව.

පිටරට සිට Gift Package ලබා දෙනු ලබන බවට පවසා මුදල් ලබා ගැනීම සම්බන්ධව.

  1. Investment- Crypto / Forex

ඉහළ ලාභ වලට පොරොන්දු වේ Telegram – FB Group ආදිය සම්බන්ධව.

Registration Fees, Wallet Transfer Referral Schemes

  1. Lottery Prize Scams

ඔබට රුපියල් මිලියන (x) දිනා ඇති බවත් එය ලබා ගැනීමට පෙර – බදු Processing fee ගෙවන්න යැයි ප්‍රකාශ කර මුදල් ලබා ගැනීම සම්බන්ධව.

යමෙක් WhatsApp මඟින් ‘prize officer’ ලබා දෙනු ලබන බවට ලෙස පෙනී සිටීම සම්බන්ධව.

  1. Online Shopping Frauds

Facebook pages / Groups හරහා විකුණන බව කියා මුදල් ගෙවා නිෂ්පාදනය නොලැබීම සම්බන්ධව.

හඳුනාගත නොහැකි විකුණුම්කරුවන් සිටිනු ලබන අතර මෙය Cash only / Bank transfer only ලෙස පාරිභෝගිකයන්ගෙන් මුදල් ලබා ගැනීමේ වංචා සම්බන්ධව.

  1. Children & Elders Targeting

වැඩිහිටියන්ට බොහෝවිට අමුත්තන්ගේ ‘help request’ අනුමත කිරීම හරහා වෙනත් විදේශීය රටවල්වල ජීවත්වනු ලබන පුද්ගලයින් විසින් බහුලව මෙම අපරාධය සිදු කරනු ලබන බවට පෙනී යයි.

Gaming top up scams, ‘free skins’ links මඟින් මුදල් ලබා ගැනීම සම්බන්ධව.

මේ ආකාරයට සමාජ මාධ්‍ය ජාලා හරහා විවිධ වංචාවන් සිදුවන බැවින් එහි ආරක්ෂිත පියවර වශයෙන් පහත කරුණු දැක්විය හැකිය.

  • Verified badges / official pages පරීක්ෂා කරන්න.
  • දෙවනි පාර්ශවයට bank details, NIC, login details නොදෙන්න.
  • OTP, Password, PIN කිසිවෙකුට ලබා නොදෙන්න
  • සැක සහිත links ක්ලික් නොකරන්න.
  • විශ්වසනීය / Verified එකවුන්ට් පමණක් භාවිතා කරන්න.

Bank details, NIC copy, Card Number, Photos අන් අයෙකුට ලබා නොදෙන්න.

  • මුදල් ඉල්ලීමක් ඇත්නම් අනන්‍යතාවය සනාථ කරනය කරන්න.
  • සිදු වූ වංචාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ Cyber Crime Unit වෙත වහාම පැමිණිලි කරන්න.

මේ සම්බන්ධයෙන් ඔබ මාධ්‍ය ආයතන මඟින් මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

නීති වේදී එෆ්. යූ. වුට්ලර්,
සහකාර පොලිස් අධිකාරි,
අධ්‍යක්ෂ පොලිස් මාධ්‍ය කොට්ඨාසය සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Such a pity that this platform has become a muck spreader against the government publishing corrupt video clips pushed out by anti government elements. The credibility of the platform is highly suspect. No point in coming here to read misinformation and hateful bile from anti government elements and pollute my mind.

    (රජයට විරුද්ධ පිරිස් විසින් දූෂිත වීඩියෝ ක්ලිප් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් මෙම වේදිකාව රජයට එරෙහිව මඩ පතුරවන වේදිකාවක් බවට පත්වීම කෙතරම් කණගාටුදායක ද? වේදිකාවේ විශ්වසනීයත්වය බෙහෙවින් සැක සහිතයි. රජයට විරුද්ධ පිරිස් විසින් පළ කරන වැරදි තොරතුරු සහ වෛරී කෝපය කියවා මගේ මනස දූෂණය කිරීමට මෙහි පැමිණීමෙන් පලක් නැත.)

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *