පැටවා යටකර මැරුවාට කුපිත වූ කෙනර වෑන් රථයක් පෙරළයි – දෙදෙනෙක් (2) රෝහලේ

පැටවා යටකර මැරුවාට කුපිත වූ කෙනර වෑන් රථයක් පෙරළයි – දෙදෙනෙක් (2) රෝහලේ


පැටවා යටකර මැරුවාට කුපිත වූ කෙනර වෑන් රථයක් පෙරළයි – දෙදෙනෙක් (2) රෝහලේ

(27.12.2025 – hirunews.lk)

ත්‍රිකුණාමලය මහනුවර ප්‍රධාන මාර්ගයේ හබරණ මංසන්ධියට ආසන්නයේදී වෑන් රථයක අද (27) අළුයම අලි පැටවකු ගැටීමෙන් පසුව තවත් අලියකු විසින් එම වාහනයට පහරදී පෙරළා දමනු ලැබ ඇතැයි හබරණ පොලීසිය පවසනවා.

මෙම සිද්ධියෙන් වාහනයේ සිටි දෙදෙනකු (2) තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කළ බවයි ද පොලිසිය සඳහන් කරන්නේ.

මෙම වෑන් රථය කින්නියා සිට කොළඹ දක්වා කුලී ගමනක් යමින් සිට ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ දහ දෙනෙකු (10) සිට ඇති බව පොලිසිය පවසනවා.

මෙම වෑන් රථයේ ගැටුණු අලි පැටවා තුවාල ලබා මියගොස් ඇති අතර මෙයින් කෝපයට පත් අලි පැටවාගේ මව් අලියා විසින් මෙම පහරදීම සිදු කරනු ලැබ ඇතැයි වාර්තා‍ වෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හබරණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා ෴

+++

https://www.facebook.com/share/p/1AZxhvTYJ7

+


මිරිස්ස මුහුදේ දිය නෑමට ගිය වෛද්‍යවරයෙක් දියේ ගිලී මරුට

(26.12.2025 – hirunews.lk)

මිරිස්ස වෙරළ තීරයේ දිය නෑමට ගිය 49 හැවිරිදි වෛද්‍යවරයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

දියේ ගිලෙමින් සිටියදී බේරාගත් ඔහු, මාතර රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවටයි වාර්තා වෙන්නේ.

මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිගම, වලාන රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයායි.

ඔහු මීට මාසයකට පමණ ඉහතදී වලාන රෝහලේ සේවය සඳහා පත්වීම් ලබා පැමිණ ඇති අයෙකු බව වාර්තා වෙනවා ෴


දියවැලට හසුවූ විදේශිකයින් සිව් දෙනාගේ (4) දිවි පොලිසියෙන් බේරයි

(27.12.2025 – hirunews.lk)

හික්කඩුව පොලිස් වසමේ පන්නම්ගොඩ සහ නාරිගම වෙරළ තීරයේ දිය නෑමට ගිය විදෙස් ජාතික කාන්තාවක් හා පිරිමි දරුවෙකු ඇතුළු සිව්දෙනෙකු (4) දියවැලකට හසුව මුහුදට ගසාගෙන යමින් සිටියදී හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකය විසින් ඊයේ (26) බේරාගනු ලැබ ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.

හික්කඩුව පන්නම්ගොඩ වෙරළ තීරයේ ඊයේ (26) දහවල් කාලයේ දිය නෑමට ගිය විදෙස් ජාතික කාන්තාවක් හා පිරිමි දරුවෙකු දියවැලකට හසුව මුහුදට ගසාගෙන යමින් සිටියදී වෙරළ තීරයේ රාජකාරී යෙදී සිටි හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත උප පොලිස් පරික්ෂක සිරිමල්, පොලිස් කොස්තාපල් (87162) දිසානායක හා පොලිස් කොස්තාපල් (96221) දුමින්ද යන නිලධාරීන් විසින් ඔවුන් බේරාගෙන මූලික ප්‍රථමාධාර ලබා දෙනු ලැබ තිබුණා. මෙලෙසට අනතුරට පත්ව තිබූ දරුවා වයස අවුරුදු 14 ක් හා කාන්තාව වයස අවුරුදු 42 ක් වන යුක්‍රේන් ජාතික මව හා ප්‍රත්‍රයා වේ.

හික්කඩුව නාරිගම වෙරළ තීරයේ දී ඊයේ (26) සවස් කාලයේ දිය නෑමට ගිය විදෙස් ජාතිකයින් දෙදෙනෙකු (2) දියවැලකට හසුව මුහුදට ගසාගෙන යමින් සිටියදී වෙරළ තීරයේ ජීවිතාරක්ෂක රාජකාරී යෙදී සිටි හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් සැරයන් (68936) ඒකනායක, පොලිස් කොස්තාපල්වරුන් වන (79541) හර්ෂ, (83225) මිහිදු, (27794) බංඩාර හා (102748) දිසානායක යන නිලධාරීන් විසින් එම විදේශ ජාතිකයින් බේරාගෙන මූලික ප්‍රථමාධාර ලබා දෙනු ලැබ තිබුණා.

අනතුරට පත් විදේශිකයින් දෙදෙනා (2) වයස අවුරුදු 33 හා 67 වයස්වල පසුවන රුසියන් ජාතික හා එංගලන්ත ජාතිකයන් වේ ෴


ජේවීපී ත්‍රස්තවාදය ගැන කවුරුත් නොදන්න රහසක් උදය ගම්මන්පිල මාධ්‍ය කැඳවා හෙළි කරයි (27.12.2025)

+


කොළඹ ජාතික රෝහලේ රු. කෝටි 900 කට අධික වංචාවක් – සෞඛ්‍ය ලේකම් යට ගහයි? – ඇමැති නිහඬයි (27.12.2025)

+


හෙල්පින් හම්බන්තොට මහා බොරුව සහ ලසන්ත වික්‍රමතුංගගේ හෙළිදරව්ව (26.12.2025)

+


හිරු කන්‍යාව මාලිමාවේ දූෂකයෝ සහ අනියම් පෙම්වතියෝ (26.12.2025)

+


ඒ ගංජා හේන ශාන්ත පද්මකුමාරගේ නෙවෙයි… ප්‍රාඩෝ ජීප් එකේ ප්‍රශ්නයක් තිබුණේම නෑ (26.12.2025)

+

පොලිසියට බැලුන් ඇවිල්ලා… දැන්නං රන්වලට ගැළවිල්ලක් නෑ (26.12.2025)

+


අවනීතිය රජ කරවන නීතිය වල් වැදුනු රටක කතාව (26.12.2025)

+

1988 මැයි 20 ජවිපෙ ගත් මාරාන්තික තීන්දුව නැවතත් අරගෙනද ? (27.12.2025)

+


සුන්දර කඩුගන්නාව පාරේ අවදානම තවමත් | නිලධාරීන් අස්සක් මුල්ලක් නෑරම පරික්ෂා කරයි | රැකගන්න කරන්න යන වැඩේ (27.12.2025)

+


කොළඹ පුරපතිට විශ්වාස භංගයක් – සිරිමාවෝ දියණියගේ නොඇසූ කතාව (27.12.2025)

+


කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ගේ පුද්ගලික ආරක්ෂක නිලධාරීයාට ඇප

(27.12.2025 – 15:33 +0530 – sinhala.adaderana.lk)

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ගේ පුද්ගලික ආරක්ෂක නිලධාරීයා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.

කඩුවෙල මහෙස්ත්‍රාත් විසින් රුපියල් ලක්ෂයක ඇපයක් මත අදාළ ආරක්ෂක නිලධාරීයා මුදාහරින ලෙස නියෝග කළ බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.

නීතිඥවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව ඔහුව මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

අපකළ විමසීමකදී කඩුවෙල පොලීසියේ ස්ථානාධිපති සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හරින ලද කඩුවෙල නගරාධිපතිගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා සමත මණ්ඩලය සඳහා යොමුකරන බවය.

+++

+


‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ සෑම නිවසකටම රු. ලක්ෂ 5 ක්

(27.12.2025 – hirunews.lk)

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් සෑම නිවසක් සඳහාම තක්සේරු කිරීම්වලින් තොරව රුපියල් ලක්ෂ පහක (5) මූල්‍ය ආධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ‘ප්‍රජා ශක්ති’ දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

එසේම අර්ධ වශයෙන් හානි වූ නිවාස 120,000 කට අධික ප්‍රමාණයක් සඳහා විධිමත් තක්සේරු කිරීම් සිදු කිරීමට වසරක (1) පමණ කාලයක් ගත විය හැකි බැවින්, සහන ලබාදීමේ ප්‍රමාදය වැළැක්වීමට මෙම තීරණය ගෙන ඇති බවයි.

යම් පවුලක් මෙම රු. ලක්ෂ පහේ (5) ස්ථාවර වන්දියට අකමැති නම්, ඔවුන්ට විධිමත් තක්සේරුවක් ඉල්ලා සිටිය හැකි බවත්, එවිට තක්සේරු කරන ලද හානියේ ප්‍රමාණය අනුව රුපියල් මිලියන කිහිපයක් දක්වා වුවද වන්දි මුදල ඉහළ යා හැකි බවත්, අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

විධිමත් තක්සේරුවක් අවශ්‍ය නොවන පවුල් වෙත ඉතා කෙටි කලකින් මෙම මුදල් නිදහස් කිරීමට රජය බලාපොරොත්තු වෙනවා ෴


හිටපු අමාත්‍ය දේවානන්දාට රැඳවුම් නියෝග

(27.12.2025 – hirunews.lk)

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දාගෙන් ප්‍රශ්න කිරීම සඳහා CIDයට පැය 72 ක රැඳවුම් නියෝගයක් ලබා දී තිබෙනවා.

යුද හමුදාවෙන් නීත්‍යානුකූලව ඔහුට නිකුත් කර තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවියක් 2019 වර්ෂයේදී වැලිවේරියේ බෝක්කුවක් අසල කැලෑබද ස්ථානයක සඟවා තිබියදී සොයා ගැනීම සම්බන්ධයෙන් වන විමර්ශනයකට අදාළව ඊයේ (26) අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුගෙන් ලද තොරතුරකට අනුව අදාළ ගිනි අවිය සොයාගෙන ඇති අතර, විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ එම අවිය නීත්‍යානුකූලව හිටපු අමාත්‍යවරයාට ලබාදී තිබූ එකක් බවයි.

මෙම තොරතුරු ලබාදුන් අපරාධ කල්ලි සාමාජිකයා ‘මාකදුරේ මදූෂ්’ පාර්ශ්වයේ අයෙකි ෴


අලුත්ම එක තමයි, අනුරගෙන් ආතල් ගැනීම… හිටං මහත්තයා පරාදයි, වැඩේ නැගලා යනවා (27.12.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *