මාධ්‍ය නිදහසේ ‘බැටළු හම’ පොරවාගෙන බලයට පැමිණි ආණ්ඩුව දැන් සැබෑ ‘වෘක ස්වරූපය’ පෙන්වන්නට පටන් අරන් – ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
(24.12.2025 – hirunews.lk)
මාධ්‍ය ආයතනවල බලපත්‍ර අහෝසි කිරීමට දරන උත්සාහය, භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස මෙන්ම මාධ්‍ය නිදහස දරුණු ලෙස මර්දනය කිරීමක් බව ‘ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය’ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරනවා.
රජයට සම්බන්ධ පාර්ශ්වයක ගංජා වගාවක් පිළිබඳ අනාවරණය කළ පුවතක් පදනම් කර ගනිමින්, ‘හිරු මාධ්‍ය ආයතනයේ’ විකාශන බලපත්‍රය අහෝසි කරන ලෙස පොලිසිය විසින් ‘විදුලි සංදේශ නියාමන කොමිසමෙන්’ ඉල්ලා සිටීම සංගමයේ දැඩි පිළිකුලට ලක්ව ඇති බවයි එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම, ‘අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ’ සිදුව ඇතැයි පැවසෙන වංචා සහ දූෂණ හෙළිදරව් කිරීමට එරෙහිව, මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට හෙට (26) ගම්පොල පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇති බවත් එම නිවේදනයේ සඳහන් අතර, මෙම ක්‍රියාවන් හුදෙක් සාක්ෂි ලබා ගැනීමක් නොව, රජයට හීලෑ කර ගැනීමට නොහැකි මාධ්‍යවේදීන් සහ ආයතන ඉලක්ක කර ගනිමින් දියත් කර ඇති අනීතික මර්දනයක් බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.
සාවද්‍ය පුවත් පළවී ඇත්නම් ඒ සඳහා ක්‍රියාත්මක වීමට පිළිගත් නීතිමය ක්‍රමවේද තිබියදී, පොලිසිය මෙලෙස මැදිහත් වීම ‘පොලිස් රාජ්‍යයක’ ලක්ෂණයක් බවත් ඔවුහු සඳහන් කරනවා.
‘ජාතික ජන බලවේග’ ආණ්ඩුවේ ගතවූ මාස 15 ක කාලය පිළිබඳ අදහස් දක්වමින් සංගමය කියා සිටින්නේ, මාධ්‍ය නිදහසේ ‘බැටළු හම’ පොරවාගෙන බලයට පැමිණි ආණ්ඩුව දැන් සිය සැබෑ ‘වෘක ස්වරූපය’ පෙන්වමින් සිටින බවයි.
භාෂණයේ නිදහස හකුළුවාලීමට ගන්නා මෙම නිර්ලජ්ජිත උත්සාහයන් වහා නවත්වන ලෙස රජයෙන් ඉල්ලා සිටින ‘වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය’, මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙළගැසෙන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.
එම සංගමය නිකුත් කළ නිවේදනය පහතින් :

අපි පොඩි කාලේ කරපුවා, ජේවීපීකාරයො දැන් කරනවා (25.12.2025)
+
ප්‍රජාතන්ත්‍රවාදය මංකොල්ලකන ජේවීපී වියරුව ඇරැඹෙයි (25.12.2025)
+
හොරණ සිද්ධියේ ප්‍රා. සභාපතිගේ රෙදි නෑ…. ආණ්ඩුව දැන්නං හොඳටම කිචවෙලා (25.12.2025)
+
සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ දැවෙන චිතකය අභියස කඳුළු සලන ප්‍රවීණ කලාකාරිණියෝ (25.12.2025)
+
අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6 ක් අත්අඩංගුවට
(26.12.2025 – 08:50 +0530 – sinhala.adaderana.lk)
අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මෙම අත්අඩංගුවට ගත් පිරිසෙන් දෙදෙනෙකු (2) පොලිස් විශේෂ කාර්ය බළකාය විසින්ද, සිව්දෙනෙකු (4) ගාල්ල අපරාධ අංශය විසින්ද අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම මෙම වැටලීම්වලදී හික්කඩුව ප්‍රදේශයෙන් පිස්තෝලයක් (1) සහ රිවෝල්වරයක් (1) ද සොයාගැනීමට හැකිව තිබේ.
පසුගිය 22 දා සිදු වූ මෙම වෙඩිතැබීමෙන් අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකුට එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්විය.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) විසින් එම වෙඩිතැබීම සිදුකර පළා ගොස් තිබුණි.
අපරාධ කල්ලි පාර්ශ්වයන් දෙකක් (2) අතර ඇතිවූ ගැටුමක ප්‍රතිඵලයක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට පොලීසිය සැක කරයි.
වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ තැනැත්තාද අපරාධ කල්ලි සාමාජිකයින් සමග සම්බන්ධතා පැවැත්වූ අයෙකු බවට තොරතුරු අනාවරණය කරගැනීමට පොලීසියට හැකිව තිබේ ෴
සීදුව සමාජ ශාලාවකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් සැලසුම් කළ 06 ක් අත්අඩංගුවට
(27.12.2025 – hirunews.lk)
සීදුව පොලිස් වසමේ සමාජ ශාලාවකට පෙට්‍රල් බෝම්බ ගසා අපරාධයක් සිදු කිරීමට සූදානමින් සිටි පුද්ගලයන් හය දෙනෙකු (6) පෙට්‍රල් බෝම්බ හයක් (6) සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය පවසනවා.
එම සැකකරුවන් අතර එම ආයතනයේ කළමනාකරු, ව්‍යාපාරිකයෙකු , ත්‍රිරෝද රථ රියදුරන් තිදෙනෙකු (3) හා තවත් පුද්ගලයෙකු වන බව පොලිසිය සඳහන් කරනවා.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුවයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකාර කළමනාකරුට මීගමුව අධිකරණයේ විභාගවන නඩු දෙකක් (2) සඳහා වරෙන්තු නිකුත් කර ඇති පුද්ගලයෙකු බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වනවා ෴
අත්අඩංගුවට ගත් හිටපු ඇමති දේවානන්දා අද (27) අධිකරණයට
(27.12.2025 – hirunews.lk)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්, හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා අද (27) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, යුද හමුදාවෙන් නීත්‍යානුකූලව ඔහුට නිකුත් කර තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවියක් 2019 වර්ෂයේදී වැලිවේරියේ බෝක්කුවක් අසල කැලෑබද ස්ථානයක සඟවා තිබියදී සොයා ගැනීම සම්බන්ධයෙන් වන විමර්ශනයකට අදාළව ඊයේ (26) අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුගෙන් ලද තොරතුරකට අනුව අදාළ ගිනි අවිය සොයාගෙන ඇති අතර, විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ එම අවිය නීත්‍යානුකූලව හිටපු අමාත්‍යවරයාට ලබාදී තිබූ එකක් බවයි.
මෙම තොරතුරු ලබාදුන් අපරාධ කල්ලි සාමාජිකයා මාකදුරේ මදූෂ්ගේ පාර්ශවයේ අයෙකු බවටද තොරතුරු වාර්තා වනවා ෴
අංගොඩ අයි.ඩී.එච්. මංසන්ධියේ සිව් මහල් ගෘහ භාණ්ඩ අලෙවිසැලක ගින්නක්
(26.12.2025 – hirunews.lk)
අංගොඩ, අයි.ඩී.එච්. මංසන්ධියේ පිහිටි සිව් මහල් ගෘහ භාණ්ඩ අලෙවිසැලක අද (26) රාත්‍රී කාලයේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව, එය මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ දෙකක් එම ස්ථානයට පිටත් කර යැවූ බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී ඇත්තේ නැහැ ෴
sinhala.adaderana.lk :
ගින්න මැඩපැවැත්වීම සඳහා කොට්ටේ ගිනි නිවීමේ ඒකකයේ රථ 04 ක් යොමු කර ඇති බව එම ඒකකය සඳහන් කළේය ෴
අල්ලස් ගත් ගම්පහ අපරාධ අංශ ස්ථානාධිපති රිමාන්ඩ්
(26.12.2025 – hirunews.lk)
අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගම්පහ මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලබන ජනවාරි 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
ජා-ඇල දඬුගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම විසින් සිදුකළ වැටලීමකට අනුව මොහු අත්අඩංගුවට ගත්තා.
වෙනත් පුද්ගලයකු විසින් සොරකම් කර ඇති රන් භාණ්ඩ පැමිණිලිකරු මිලදී ගෙන ඇති බවත්, එම සොර බඩු සම්බන්ධයෙන් නීති මාර්ගයෙන් කටයුතු නොකර සිටීමට සහ අධිකරණය වෙත ඉදිරිපත් නොකර සිටීමට රු. 300,000/- ක මුදලක් හා රන් පවුම් තුන් කාලක (¾) ප්‍රමාණයක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රු. 250,000/- ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් අවස්ථාවේදී මෙම සැකකාර පොලිස් නිලධාරියා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙම සිද්ධියට සම්බන්ධ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවට අල්ලස් කොමිසම විසින් කරුණු ඉදිරිපත් කළා.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයාගේ දියණිය මෙවර අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බවත් අනෙක් අනෙක් දරුවා පෙබරවාරි මස අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බවත් සඳහන් කළා.
කෙසේ වෙතත් මෙම සැකකරු සම්බන්ධ ඇප ඉල්ලීම ඉදිරි දින අදාළ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සිදුකිරීමට කටයුතු කරන බවත් නීතිඥවරයා දන්වා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු වරුෂවිතාන සැකකරුව ජනවාරි 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴