‘පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ’ ක්‍රියාකලාපය නිදහස් මාධ්‍යයේ පැවැත්මට තර්ජනයක් : ‘හිරු’ගෙන් පොලිසියට පිළිතුරක්
(24.12.2025 – hirunews.lk)
මහජන බදු මුදලින් යැපෙන ‘පොලිස් මාධ්‍ය කොට්ඨාසය’ ඇඹිලිපිටියේ ගංජා පැල වැටලූ, පොලිස් නිලධාරියාට ප්‍රහාරයක් එල්ල වීම ගැන පළවූ පුවතට අදාළව ‘හිරු ටීවී’ වෙත එවන ලද ලිපිය මගින්, ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට හා ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව ‘හිරු ටීවී’ මගින් ‘පොලිස් මාධ්‍ය කොට්ඨාසය’ වෙත යවන ලද පිළිතුරු ලිපිය මගින් දැඩිව අවධාරණය කර ඇත.
අපරාධයක් සම්බන්ධයෙන් පොලිසිය විසින්ම පටිගත කරන ලද සාක්ෂියක්, ‘හිරු ටීවී’ මගින් වාර්තා කරන තෙක්ම පොලිසිය ඒ පිළිබඳව කිසිවක් රටට අනාවරණය නොකළ බව ද එම පිළිතුරු ලිපියෙහි සඳහන් කර තිබේ.
පොලිසිය හිතා මතාම එම ප්‍රබල සාක්ෂිය අධිකරණයට හෝ මාධ්‍ය වෙත, අනාවරණය නොකළේ ඇයිදැයි යන්න තේරුම් ගත නොහැකි බවද ‘හිරු ටීවී’ නියෝජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ තරංග ජයකොඩිගේ අත්සනින් ‘පොලිස් මාධ්‍ය කොට්ඨාසය’ වෙත යවන පිළිතුරු ලිපිය මගින් තවදුරටත් අවධාරණය කර ඇත.
එමෙන්ම සූරියකන්ද පොලිසියේ කොස්තාපල් සුසන්ත හෙට්ටිආරච්චි මහතා කරන ලද පැමිණිලි සහ ප්‍රකාශ අනුව ඔහුට සිදු වූ පහර දීම සහ ගංජා පැල වැටලීම අතර සම්බන්ධයක් පවතින බව ද එම පිළිතුරු ලිපියෙහි සඳහන් වෙයි.
පොලිස් විමර්ශනවලදී එවැනි සම්බන්ධයක් අනාවරණ වී නොමැති බව ‘පොලිස් මාධ්‍ය කොට්ඨාසය’ එවන ලද ලිපියේ සඳහන් වුවද, එවැනි සබඳතාවක් ඇති බව තහවුරු කිරීමට අවශ්‍ය සාක්ෂි සහ මූලාශ්‍ර ඕනෑවටත් වඩා තමන් සතුව පවතින නිසා ‘පොලිස් මාධ්‍ය කොට්ඨාසය’ ‘හිරු ප්‍රවෘත්තිය’ සම්බන්ධයෙන් දරණ ස්ථාවරය තරයේ ප්‍රතික්ෂේප කරන බවද එම ලිපිය මගින් අවධාරණය කර ඇත.
අපරාධයක් සම්බන්ධයෙන් පොලිසියම ලබා ගත් ප්‍රබල සාක්ෂියක් ‘හිරු ටීවී’ රටට වාර්තා කළේ, ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට ගරු කරමින් බවද එම පිළිතුරු ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
+++
+++
මාලිමා මන්ත්‍රී – පොලිස් ගැටුමේ ඇත්ත කතාව එළියට එයි… දෙන්නටම ලොකු අසාධාරණයක් වෙලා තියෙන්නේ… (24.12.2025)
+++
මාලිමා මන්ත්‍රීගේ ගංජා ප්‍රශ්නයට වැඩ තහනම් වූ පොලිස් කොස්තාපල් සියල්ල මාධ්‍යට අනාවරණය කරයි (25.12.2025)
+
මාලිමාවේ කරුමය ලබන වෙසක් පෝයෙන් ඉවරයි – ජනාධිපතිගේ සෙප්පඩ විජ්ජාවලට රැවටෙන්නේ නෑ (24.12.2025)
+
පිම්පි සුදාට අසේල සම්පත් සංවාදයකට අභියෝග කරයි – එක එකාට බැනලා විව්ස් ගන්නවා – ඇමතිලට ගෑණු … (25.12.2025)
+
මොකක්ද මේ ජනාධිපතිට තියෙන අමුතු ලෙඩේ ?උදය ගම්මන්පිල (24.12.2025)
+
කොළඹ ඊළඟ අයවැය බල්තසාර් දිනුවොත්, එතකොට මොකද කියන්නෙ… (24.12.2025)
+
පුත්තලමේ කල්ලඩියේ ගෑනුන්ගෙන් ගුටි කන ජේවීපීකාරයෝ… දැන්නං උඹලා ඉවරෙටම ඉවරයි (24.12.2025)
+
හෘද සාක්ෂියේ අයවැය කුල්ල කුජීතයි! රෝසීගේ පුටුවට වෙච්ච වැඩේ (24.12.2025)
+
පැලවත්තෙන් නියෝගයක් අනුර ඉවතට, වටගල සටනට කොලඹ අල්ලන අලුත් මෙහෙයුම (24.12.2025)
+
එරංග ද ගෙදර යන්නෙ නලින්ද ද ? – යවන්න ඕනෙ අනුර බබා ද? (25.12.2025)
+
කන්ටේනර් 323 තොරතුරු නිදහස් කරනු! තොරතුරු කොමිසම රේගුවට නියෝග කරයි – නොදුන්නොත් නඩු! (25.12.2025)
+
නලින්දගේ ඉන්දියානු කතාව සහ සාරාගේ ඇත්ත මරණය – පාස්කු ප්‍රහාරයේ හංගපු ලිපිගොනු මෙන්න (25.12.2025)
+
මාලිමා මඩ බලකායට මුජිබර් රෙදි ගැලවෙන්නම කියලා දෙයි – තොපේ හැමදාම බොරුව – මට බනින්නේ මඟුලටද (25.12.2025)
+
දීගොඩ කුමාර : සියවසේ දැවැන්තම ප්‍රාතිහාර්යක ඇත්ත විමසමු – 2025-12-25
+
‘කඩේ ඉස්සරහා වාහනේ නවත්වන්න එපා’ කිව්වට මල පැනපු ‘ටියුෂන් මැරගුරා’ තරුණයෙකුට මිලේච්ඡ ලෙස පහරදීලා… (25.12.2025)
+
සංවිධායක සල්ලි ටිකත් අරන් පැනලා? හෝටල් බිල් ගෙවලත් නෑ! ඇමරිකන් ගායකයාගේ ප්‍රසංගය හදිසියේ නැවතුන හේතුව (25.12.2025)
+++
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴