විභාග දෙපාර්තමේන්තුවෙන් උසස් පෙළ සිසුන්ට දැනුම්දීමක්
(23.12.2025 – hirunews.lk)
අ.පො.ස. උසස් පෙළ කල් දැමූ විෂයන්ට මුහුණදීමට නියමිත සිසුන්ගේ පදිංචිය වෙනස්වී ඇත්නම් ඒ පිළිබඳ දැනුම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.
මේ අනුව, පාසලේ විදුහල්පති හෝ විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙසයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි කියා සිටියේ.
011 278 4537 සහ 011 278 8616 යන අංක අමතා ඒ පිළිබඳ විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කළ හැකියි.
එමෙන්ම, විභාග අපේක්ෂකයින්ගේ ප්‍රවේශ පත්‍ර හෝ ජාතික හැඳුනුම්පත් ආපදා හේතුවෙන් විනාශ වී ඇත්නම් ඒ සඳහා කඩිනමින් අවධානය යොමුකරන ලෙස ද විභාග කොමසාරිස් ජනරාල්වරිය ප්‍රකාශ කළා ෴
ආහාර විෂවී 43 ක් රෝහලේ
(23.12.2025 – hirunews.lk)
රත්නපුර, ප්‍රදේශයේ පිහිටි ‘ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය’ට අයත් පුහුණු මධ්‍යස්ථානයේ නේවාසිකව පුහුණුව ලබමින් සිටි පිරිසක් ආහාර විෂ වීමකට ලක්ව තිබෙනවා.
අද (23) උදෑසන වාර්තා වූ මෙම සිදුවීමෙන් පසු පුහුණුවන්නන් 43 දෙනෙකු රත්නපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
+++
+
ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඕස්ට්‍රේලියාවට යන්න ශ්‍රී ලාංකිකයන්ට වැඩි අවස්ථාවක් (23.12.2025)
+
වැඩියෙන්ම පච කියපු රාජ්‍ය නායකයා අනුර ? (23.12.2025)
+
වටගලට බඩගිහින් දැන් බඩේ බත් නෑලු… අහවල් එකෙන් ඔය ඔක්කොම කරන්ඩ බෑ නෝනෙ (23.12.2025)
+
මිනී කඳු මත නටන ගොබ්බ ජේවීපී ඇමතිලා… මෙහෙම ආණ්ඩුවක් ජීවිතේටම දැක්කමයි (23.12.2025)
+
අනුර ජනාධිපතිගේ නීතියේ ආතල්ලන්තය… ගහපු එකා එළියේ, ගුටිකාපු එකා ඇතුළේ (23.12.2025)
+
ජේවීපීකාරයින්ට හදිසියේම හෘදසාක්ෂ්‍යය මතක් වීම… තව ඉස්සරහට තව තව දේවල් මතක් වෙයි (23.12.2025)
+
ඕස්ට්‍රේලියාවේදී රන් සම්මානය දිනපු එකම ශ්‍රී ලාංකිකයා මම. මිලියන 500 වැඩි වගාව ගංවතුරෙන් විනාශ වුණා. (23.12.2025)
+
දික්ඕවිට වරායට රැගෙන ආ බහුදින යාත්‍රාවේ හෙරොයින් කිලෝ 21 කට අධික ප්‍රමාණයක්
(24.12.2025 – hirunews.lk)
දික්ඕවිට වරායට රැගෙන ආ මෙරට බහුදින යාත්‍රාවේ ‘හෙරොයින් මත්ද්‍රව්‍ය’ කිලෝග්‍රෑම් 21 කට වැඩි ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා.
එසේම ‘අයිස් මත්ද්‍රව්‍ය’ ප්‍රමාණය තවමත් ගණනය කරන බවයි නාවික හමුදාව සඳහන් කර ඇත්තේ.
මෙසේ රැගෙන ආ බහුදින යාත්‍රාවේ උර 11 ක ‘හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය’ අඩංගු බවටයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තහවුරු කළේ.
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකපිට නාවික හමුදාව භාරයට ගත් මෙම බහුදින ධීවර යාත්‍රාව සැකකරුවන් 05 දෙනෙකු සමග ඉදිරි විමර්ශන කටයුතු සදහා දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබුවේ අද (24) උදෑසනයි.
මෙම යාත්‍රාව ගන්දර ප්‍රදේශයේ සිට ධීවර කටයුතු සදහා පිටත්ව ගොස් ඇති බව ද අනාවරණය වනවා.
+++
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ යාත්‍රා කරමින් තිබියදී අත්අඩංගුවට ගත් අයිස් සහ හෙරොයින් තොගය ඉරාන යාත්‍රාවකින් ලබාදුන් බව අත්අඩංගුවට ගත් සැකකරුවන් පාපොච්ඡාරණය කර තිබෙනවා.
මෙම බහුදින ධීවර යාත්‍රාව ඊයේ රාත්‍රියේ නාවික හමුදා භාරයට ගැනීමෙන් අනතුරුව අද උදෑසන දික්ඕවිට වරායට රැගෙන එනු ලැබුවා.
එහිදී උර 11 ක් තුළ බහා තිබූ හෙරොයින් කිලෝ 21 ක් සහ අයිස් කිලෝග්‍රෑම් 172 ක් සොයාගත්තා.
එහි වටිනාකම රුපියල් කෝටි 200 ක් පමණ වනවා.
දිනුක පුතා නමින් හඳුන්වන මෙම යාත්‍රාව පසුගිය 9 වැනිදා ගන්දර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ අතර මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් 05 දෙනා දින 7 ක රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අලුත්කඩේ අංක 01 අධිකරණය අවසර ලබා දුන්නා.
ඔවුන් ප්‍රකාශ කළ කරුණු සත්‍යය ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර යාත්‍රාවෙහි හිමිකරු පිළිබඳව ද මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සඳහන් කළේ ෴
ත්‍රස්තවාදීන් විසින් ඔබත්ත්‍රස්තවාදියෙකු කිරීමට පෙර අහන්න (23.12.2025)
+
අනුර, වදින්නම් එපා ආර්ථික විද්‍යාඥයන්ගේ මග යන්න නම් එපා (23.12.2025)
+
සුනාමියට වඩා ගංවතුර හානිය ලොකුද? ආණ්ඩුව රු. බිලියන 350 ක් මංකොල්ල කෑවද? (23.12.2025)
+
රතු දත්ත පොතට ඇතුළු වූ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයන් වඳවෙලාද? (22.12.2025)
+
කෙහෙලිය හිරේට ගියා වගේ නලින්දටත් අනිවාර්යයෙන් හිරේ යන්න වෙනවා…?? (24.12.2025)
+
යූටියුබ් මගින් අපහාස කළැයි සමන්තභද්‍ර, සුදත්තගෙන් හා රාජාංගනයේ ගෙන් රු. මිලියන 500 බැගින් වන්දි ඉල්ලයි
(24.12.2025 – hirunews.lk ඇසුරෙන්)
අන්තර්ජාලය හරහා යූ ටියුබ් සමාජ මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කර බෙදාහරින ලද වැඩසටහනකින් තමන්ට සෘජුවම අපහාසයක් වී ඇති බැවින් ඒ සඳහා වෙන් වෙන් වශයෙන් රුපියල් මිලියන 500 ක වන්දි මුදලක් ඉල්ලා පිටිදූවේ සිරිධම්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සුදත්ත තිලකසිරි සහ රාජාංගනයේ සද්ධාරතන ට එරෙහිව එන්තරවාසි ඉදිරිපත් කර තිබෙනවා.
මෙම එන්තරවාසිය ලැබී දින 14 ක් ඇතුළත අදාළ මුදල ගෙවා නිම කිරීමට අපොහාසත් වුවහොත් එම මුදල ගෙවා නිම කරන තෙක් එකී මුදල මත වන නෛතික පොලියත් නඩු ගාස්තුත් අයකර ගැනීම සඳහා නඩු පවරන බවයි එම එන්තරවාසියෙන් දක්වා ඉදිරිපත් කර ඇත්තේ.
අංක 02, බෙල්ලන්තර පාර, දෙහිවල ලිපිනයෙහි පදිංචි පිටිදූවේ සිරිධම්ම හෙවත් සිරි සමන්තභද්‍ර ගේ උපදෙස් පරිදි නිතීඥ ටෙනීෂා විදානපතිරණ මගින් ඉකුත් දෙසැම්බර් මස 18 වැනිදා සහ 24 වැනිදා යන දිනයන්වලින් ඉදිරිපත් කර ඇති මෙම එන්තරවාසි දෙක (2) යොමු කර ඇත්තේ, අංක 1102, ටවර් බී, රෝයල් පාක් කොන්ඩොමීනියම්, ලේක් ඩ්‍රයිව්, රාජගිරිය ලිපිනයෙහි සුදත්ත තිලකසිරි සහ දෙව්රම් වෙහෙර, ශ්‍රාවස්තිපුර, අනුරාධපුරය ලිපිනැති රාජංගනයේ සද්ධාරතන වෙතයි.

ඉකුත් දෙසැම්බර් මස 07 හෝ ඊට ආසන්න දිනයකදී ඉහත සඳහන් දෙදෙනා තම සේවාදායක කෙරෙහි ද්වේෂසහගත ප්‍රකාශ ප්‍රසිද්ධ කරන ලද වැඩසටහන් ප්‍රචාරය කර ඇති බවට නිතීඥවරිය සිය එන්තරවාසියෙන් දක්වා තිබුණා.
පමණක් ද නොව මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැර ඇති අදාළ ප්‍රකාශයේ සිය සේවාදායකට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දී තිබූ තීන්දුවක් නිර්දය ලෙස විවේචනය කර ඇති බවත්, ඒ අනුව 2024 අංක 8 දරන අධිකරණයට අපහාස කිරීමේ නීතිය යටතේ අධිකරණයට අපහාස කිරීමේ වරද මත ඔවුනට එරෙහිව ඉදිරි පියවර ගන්නා බවයි එම එන්තරවාසියෙන් දක්වා තිබෙන්නේ.
එම වැඩසටහනේ ඇති කරුණු සමස්තයක් ලෙස සහ වෙන්වෙන්වද මුළුමනින්ම අසත්‍ය සහ ද්වේෂ්සහගත වන බවත් මාගේ සේවාදායක විසින් දශක කිහිපයත් තිස්සේ බෞද්ධ භික්ෂුවක් ලෙසද විචිත්‍ර ධර්ම කථිකයකු ලෙසද ග්‍රන්ථ කතුවරයෙකු ලෙසද සමාජ සේවකයකු ලෙස සහ සමාජයට ආදර්ශයක් ගෙනදෙන මාර්ගෝපදේශකයකු ලෙස උපයාගෙන තිබූ හොඳනම, කීර්තිය සහ ගෞරවය විනාශ කිරීමේ ද්වේශසහගත චේතනාවෙන් ඍජු ලෙස හෝ වක්‍ර ලෙස මාගේ සේවාදායක ස්වාමීන්වහන්සේ කෙරෙහි අපහාසාත්මක ප්‍රකාශ කළ බවත් මාගේ සේවාදායක මා වෙත උපදෙස් ලබා දී ඇතැයි නිතීඥවරිය සිය එන්තරවාසිය මගින් දක්වා තිබුණා.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴