ආපදා සහන ලබාදීමට නව චක්‍රලේඛයක්

ආපදා සහන ලබාදීමට නව චක්‍රලේඛයක්


ආපදා සහන ලබාදීමට නව චක්‍රලේඛයක්

(22.12.2025 – hirunews.lk)

‘දිට්වා’ සුළි කුණාටුවෙන් ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ පුද්ගලයින්ට සහන සැලසීම සඳහා සංශෝධිත චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, මීට පෙර නිකුත්කළ චක්‍රලේඛය සංශෝධනය කර ඇත්තේ මෙසේය :


ප්‍රවීන රංගන ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහ අභාවප්‍රාප්ත වෙයි

(23.12.2025 – hirunews.lk)

සිංහල සිනමාවේ, වේදිකාවේ සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ දශක පහකට අධික කාලයක් නොමැකෙන සලකුණක් තැබූ ප්‍රවීන රංගන ශිල්පී, අධ්‍යක්ෂ සහ ලේඛක කලාශූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඒ මහතා 84 වන වියේ පසුවූවා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්තවූ බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.

1941 පෙබරවාරි 11 වැනිදා කැලණියේදී උපත ලැබූ සතිස්චන්ද්‍ර මහතා, පවුලේ හයවන (6) දරුවා ලෙස මෙලොව එළිය දුටුවා.

ප්‍රවීන ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ මොහුගේ බාල සොහොයුරායි.

කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය ඇතුළු පාසල් කිහිපයකින් අධ්‍යාපනය ලැබූ ඒ මහතා, වේදිකා නාට්‍ය හරහා සිය කලා ගමන ආරම්භ කළා.

ඔහු සිය වේදිකා නාට්‍යය දිවිය ආරම්භ කරනු ලබන්නේ ඔහුගේ වැඩිමහල් සොයුරා වන ධර්මසිරි එදිරිසිංහ විසින් 1961 වසරේදී කළාගුරු ජේ.ඩී.ඒ පෙරේරාට හඳුන්වාදීමෙන් පසුවයි.

1965 දී හෙන්රි ජයසේනයන්ගේ ‘මනරංජන වැඩවර්ජන’ වේදිකා නාට්‍ය හරහා සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් සිය සුවිශේෂී රංගන ප්‍රතිභාව විදහා දක්වනු ලැබුවා.

‘අඹු දරුවෝ, අරවින්ද සහ ඉන්දු, ගව්වෙන් ගව්ව, කඩතිර, පළිඟු මැණිකේ’ ඇතුලු ටෙලි නාට්‍ය ගණනාවකට ඔහු සිය රංගන දායකත්වය ලබාදුන්නා.

1999 වසරෙන් පසු සිය පූර්ණ කාලීන කළාදිවිය අරඹන සතිස්චන්ද්‍ර එදිරිසිංහ වේදිකා නාට්‍ය නලුවෙකු ලෙස ඔහුගේ උච්චතම අවස්ථාවට පැමිණියේ ජෝන් ද සිල්වා නම් නාට්‍ය ශිල්පියාගේ ‘වෙස්සන්තර’ වේදිකා නාට්‍ය හරහායි.

ගුණසේන ගලප්පත්ති, දයානන්ද ගුණවර්ධන, හෙන්රි ජයසේන, සුගතපාල ද සිල්වා, ආර්.ආර්. සමරකෝන්, සුනන්ද මහේන්ද්‍ර, රංජිත් ධර්මකීර්ති සහ ලූෂන් බුලත්සිංහල වැනි මෙරට ප්‍රවීන වේදීකා නාට්‍ය ශිල්පීන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ඔහුට හැකිවුණා.

1965 වසරේදී ශ්‍රියා කාරියප්පෙරුම සමග විවාහ වූ ඔහුට දරුවන් තිදෙනෙක් (3) සිටිනවා.

ඔහුගේ අභාවය මෙරට කලා ක්ෂේත්‍රයට පිරවිය නොහැකි අඩුවක් වනු නොඅනුමානයි ෴

+++

+++

+++

23.12.2025

+++

23.12.2025

+


රෑට රෑට බුරියානි දීලා ඡන්දෙ ගන්න බෑ – මුජිබර් රහුමාන්

(23.12.2025 – hirunews.lk)

එදවස රහස් ඡන්දයක් පවත්වා ජාතික ජන බලවේගය සිය කණ්ඩායම පැරදූ බවත්, අද වනවිට එළිපිටම කොළඹ නගර සභාවේ අයවැය පරද්දා පෙන්නූ බවත්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පවසනවා.

එසේම මාස හයක් (6) වැනි කෙටි කලකින් මෙය සිදු වූ බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

කොළඹ නගර සභාවේ අයවැය පරාජය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.

එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ, රාත්‍රියට බුරියානි ලබාදී ඡන්දය ලබා ගැනීමට නොහැකි බව ජනාධිපතිවරයා තේරුම්ගත යුතු බවයි ෴

+++

+


තුන්වෙනි වතාවටත් යටවුණා | මොරගහකන්ද ඇරපු නිසයි මෙහෙම වුණේ…| සෝමාවතියට යන පාර ගංවතුරෙන් තවමත් වැහිලා (23.12.2025)

+


සමාජ මාධ්‍ය කැළඹු දර්ශන පෙළ | පොලිස්පතිට කියලා උඹ ### ඇරගනින්… | ඇල්ලට හපන් තවත් සිද්ධියක් රටටම ලීක් (23.12.2025)

+


පාසල් සිසුවියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දීමේ ව්‍යාපෘතිය ලබන වසරේත්

(23.12.2025 – hirunews.lk)

2024 වසරේදී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ග්‍රාමීය, වතු සහ ආර්ථික වශයෙන් දුෂ්කර ප්‍රදේශවල පාසල් සිසුවියන් ඉලක්ක කර ගනිමින් ජාතික ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබා දීමේ වැඩසටහන, 2026 වසරේදීත් ක්‍රියාත්මක කරන බවට තොරතුරු වාර්තා වෙනවා.

ඊයේ (22) අධ්‍යාපන අමාත්‍යංශයේදී අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ඇතුළු ජ්‍යෙෂ්ට නිලධාරී පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡාවේදී මේ පිළිබඳව සඳහන්කර ඇති බවයි සඳහන්.

දිවයින පුරා පිහිටි පාසල් ආවරණය වන පරිදි 6 ශ්‍රේණියෙන් ඉහළ සිසුවියන් මිලියනයකට අධික සංඛ්‍යාවක් ඉලක්ක කරගනිමින් මේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා රුපියල් බිලියන 1.44 ක් වෙන් කර තිබෙනවා ෴


කොහුවල වෙඩි තැබීමත් සමග කොළඹ ආරක්ෂාව තර කෙරේ

(22.12.2025 – hirunews.lk)

අද (22) පස්වරුවේ නුගේගොඩ සහ කොහුවල මංසන්ධිය අතර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියත් සමග කොළඹ නගරයේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් වාර්තා අනුව අද (22) රාත්‍රී 08:30 ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු (1) විසින් එම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණා.

එහිදී 25 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා ඇති බවද පොලිසිය සඳහන් කළා.

මේ අනුව ආරක්ෂක පියවරක් වශයෙන් සිද්ධියෙන් පසු කොළඹ නගරය පුරා අතිරේක පොලිස් කණ්ඩායම් යොදවා ආරක්ෂාව තර කර තිබෙනවා.

සැක සහිත ත්‍රිරෝද රථයකින් පලා යන බවට සැක කෙරෙන පුද්ගලයෙකු සොයා කැලණි පාලම දක්වා වන ප්‍රදේශවල විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ.

පවතින තත්ත්වය මත අදාළ ප්‍රදේශවල ගමන් ගන්නා පිරිස් විමසිලිමත්ව පසුවන ලෙස‍යි පොලිසිය දැනුම් දෙන්නේ.

වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.


T-56 අවියක් සමග අතහැර ගිය මෝටර් රථ‍යක් හමුවෙයි

(23.12.2025 – hirunews.lk)

T-56 වර්ගයේ ගිනි අවියක් සහිත මෝටර් රථ‍යක් අතහැර දමාගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඊයේ (22) පස්වරු 07:30 ට පමණ මෙම මෝටර් රථය රාගම පහලවත්ත කනත්තට යාබද වෙල් යාය අසල තිබියදීයි සොයාගෙන ඇත්තේ.

ටොයොටා කරීනා වර්ගයේ කාර් රථයක් මෙසේ හමුවී ඇති බවයි පොලිසිය පවසන්නේ.

යම් අපරාධයක් සඳහා පැමිණි පිරිසක් මෝටර් රථයේ දෝෂයක් මත රථය මග දමා පලා යන්නට ඇති බවයි පොලිසියට සැක කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් රාගම හා කඩවත පොලිසියේ නිලධාරීන් විමර්ශන සිදුකරමින් සිටිනවා.

+++

+


මාලිමා මන්ත්‍රී සම්බන්ධ සිද්ධියේ සූරියකන්ද කොස්තාපල්ගේ වැඩ තහනම්

(23.12.2025 – hirunews.lk)

ඇප මත මුදා හරින ලද සූරියකන්ද පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර තිබෙනවා.

මොහු චෝදනා තුනක් (3) මත අත්අඩංගුවට ගනු ලැබ සිට පසුව ඇප මත මුදා හැරියා.

NPP පාර්ලිමේන්තු මන්ත්‍රී ‘ශාන්ත පද්ම කුමාර’ විසින් තමාට පහර දුන් බවටද ඔහු චෝදනා කරමින් සිටියා.

මෙසේ රාජකාරි වැඩ තහනම් කර තිබෙන්නේ පොලිස් කොස්තාපල් ‘හෙට්ටිආරච්චිගේ සුසන්ත වීරසේන හෙට්ටිආරච්චි’ නමැත්තාගෙයි.

මොහු පොලිස් කොස්තාපල්වරයෙකු වශයෙන් සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් සිට තිබෙනවා.

එම කොස්තාපල්වරයා පසු ගිය දිනක චෝදනා කරමින් සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ‘ශාන්ත පද්ම කුමාර’ විසින් තමුන්ට පහර දුන් බව කියමින්.

වෙළෙඳසලකට ගොස් එමින් සිටියදී මන්ත්‍රීවරයාගේ කැබ් රිය මග හරස් කර තමාට පහර දුන් බවයි ඔහු පවසා තිබුණේ.

මේ අතර ඔහු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් පසුවන බවද මාධ්‍ය වෙත කියා තිබුණා.

ගංජා වගාවක් වැටලීමට එරෙහිව ඔහුට පහර දුන් බවද ඔහු වැඩි දුරටත් පවසා තිබුණා.

මේ අතර ඉකුත් (20) වැනිදා රාජකාරි විවේකය වාර්තා කර නිවසට පැමිණෙමින් සිටියදී කොලොන්න පොලිස් වසමේ කළුගල පන්සල අසලදී පාර්ලිමේන්තු මන්ත්‍රී ‘ශාන්ත පද්මකුමාර’ ගමන්ගත් කැබ් රථයට අයුතු අවහිරය සිදු කර සාපරාධී බියගැන්වීම සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහි පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

ඒ කොලොන්න පොලිස් ස්ථානයේ CIB-11 70/109 යටතේ සිදුකරන ලද පැමිණිල්ලයි.

මේ සිදුවීම අතරතුරයි මෙම කොස්තාපල්වරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ.

ඊට අදාළව විමර්ශන සිදුකර ඇඹිලිපිටිය ම/උ බී.ආර් 2599/2025 යටතේ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේ සිදුවීම තුලින් රාජ්‍ය සේවය අපකීර්තියට පත්වන අයුරින් කටයුතු කර ඇති බවට අනාවරණය වී ඇති බව සඳහන්.

ඒ අනුව, 2023.07.20 දිනැති අංක 2341/51 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය ප්‍රකාරව ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩයේ XLVIII පරිච්ජේදයේ 31:1:10 වගන්තියෙහි සඳහන් විධිවිධාන අනුව ක්‍රියාකරමින් වහාම ක්‍රියාත්මක වන පරිදි, කොස්තාපල්වරයාගේ රාජකාරි වැඩ තහනමට ලක්කර තිබෙනවා ෴


මහගිරිදඹ පඩිපෙළ ප්‍රතිසංස්කරණය අවසන් අදියරේ

(23.12.2025 – hirunews.lk)

‘දිට්වා’ හේතුවෙන් ශ්‍රීපාද හැටන් මාර්ගයේ මහගිරිදඹ ප්‍රදේශයේ වූ නායයෑමෙන් හානියට පත් ආරක්ෂිත යකඩ වැට යුද හමුදාව විසින් මේ වන විට ප්‍රතිසංස්කරණය කරමින් පවතිනවා.

මහගිරිදඹ ප්‍රදේශයේදී වන්දනාකරුවන් විසින් පරිසරයට මුදාහැර තිබූ අපද්‍රව්‍ය මත ආක්‍රමණශිලි ශාක ප්‍රභේධයක් වැවී තිබූ අතර පැවති වර්ෂාවත් සමග අපද්‍රව්‍ය සහ එම ශාක පඳුරු පහළට කඩාගෙන වැටී තිබෙනවා.

ඒවා ශ්‍රී පාද මාර්ගයේ ආරක්ෂිත වැටේ ගැටීම නිසා එම වැටට හානි සිදු වී තිබුණා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය විසින් එම ස්ථානය පරික්ෂා කර ලබා දුන් නිර්දේශ අනුවයි යුද හමුදා භට පිරිස් විසින් නායයෑමට ලක් වූ එම ස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරමින් සිටින්නේ.

එම ප්‍රතිසංස්කරණ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතිනවා ෴


තායිලන්තයෙන් එවූ රුපියල් මිලියන 60 ක මත්ද්‍රව්‍ය තැපැල් හුවමාරුවේදී රේගු දැලට

(23.12.2025 – hirunews.lk)

තායිලන්තයේ සිට මෙරටට තැපැල් මාර්ගයෙන් එවා තිබූ මත්ද්‍රව්‍ය පාර්සලයක් කොළඹ පිහිටි මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගැනීමට රේගු නිලධාරීන් අද සමත් වී තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අදාළ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 60 ක් පමණ වන බවට ඇස්තමේන්තු කර ඇති බවයි ෴


ගුරු නිවාසයේ ‘අයිස්’ පැකට් කළැයි ක්‍රීඩා ගුරා දැලේ : තාත්තා මත්ද්‍රව්‍යවලට හිරේ – අම්මා කසිප්පු ජාවාරමේ

(23.12.2025 – hirunews.lk)

සෙවනගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ක්‍රීඩා ගුරුවරයකු තවත් දෙදෙනකු (2) ද සමග සිය නිල නිවෙසේ ‘අයිස් මත්ද්‍රව්‍ය’ පැකට් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව සෙවනගල පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විද්‍යාලයේ ක්‍රීඩා ගුරුවරයා වන තණමල්විල කුඩාඔය, සමගිපුර පදිංචි විසිඅට (28) හැවිරිදි අයෙක් සහ ඔහු සමග සිටි සෙවනගල හා සූරියවැව පදිංචි විසිනව (29) හැවිරිදි හා හතළිස් (40) හැවිරිදි දෙදෙනෙක් (2) බවයි පොලිසිය සඳහන් කරන්නේ.

සැකකාර ක්‍රීඩා ගුරුවරයා සන්තකයේ ‘අයිස් මත්ද්‍රව්‍ය’ ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් දෙකක්ද, දෙවෙනි (2) සැකකරු සන්තකයේ ‘අයිස්’ ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් එකසිය දහයක ප්‍රමාණයක්ද සහ තෙවෙනි සැකකරු සන්තකයේ මිලිග්‍රෑම් එකසිය පනහක ප්‍රමාණයක් තිබී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

පොලිසිය එම නිළ නිවස වටලන අවස්ථාවේදී සැකකාර ක්‍රීඩා ගුරුවරයා ඇතුළු සැකකරුවන් මත්ද්‍රව්‍ය පැකට් කරමින් සිට ඇති බවත්, එම අවස්ථාවේ සැකකරුවන් සන්තකයේ තිබුණු මත්ද්‍රව්‍ය සමග ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වු බවත් පොලිසිය පවසනවා.

මීට මාස කීපයකට පෙර සිට පොලිසියට ලද තොරතුරක් මත රැකවල්ලා සිට එම මෙහෙයුම සිදු කළ බවත් සැකකරුවන් පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට යොමු කර ඇත්දැයි යන සැකය මත මෙම මෙහෙයුම සිදුකළ බවවත් පොලිසිය සඳහන් කරනවා.

පොලිසිය අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙක් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බවට තොරතුරු ලැබෙමින් පවතින අතර, අත්අඩංගුවට ගත් පාසල් ක්‍රීඩා ගුරුවරයාගේ පියාද මත්ද්‍රව්‍ය ජාවාරම් කිරිම සම්බන්ධයෙන් වැරදිකරුවෙක් වී මේ වනවිට අඟුණකොලපැලැස්ස බන්ධනාගාර තුළ සිර දඩුවම් විඳිමින් සිටින බවත් පොලිසිය පවසනවා.

එම සැකකාර ක්‍රීඩා ගුරුවරයාගේ මවත් කසිප්පු ජාවාරමේ නියැලෙන්නියක් බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින බවයි පොලිසිය සඳහන් කරන්නේ.

සෙවනගල පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද අරුණසිරිගේ උපදෙස් මත පොලිස් සැරයන් (34016) ගලප්පත්ති, පොලිස් කොස්තාපල්වරුන් වන (39263) තරංග, (93336) මුණසිංහ යන නිලධාරීන් මෙම මෙහෙයුමට සම්බන්ධ වී තිබුණා ෴


ආපදාවට ලක්වු ණය ගැණුම්කරුවන්ට සහන ප්‍රකාශයක්

(23.12.2025 – hirunews.lk)

ආපදා තත්ත්වය හමුවේ බලපෑමට ලක් වූ සියලු ණය ගැණුම්කරුවන්ගේ ණය පහසුකම් සඳහා දඩ පොලිය සඳහා වන ගාස්තු අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) බලපත්‍රලාභී බැංකුවලට උපදෙස් ලබා දී තිබෙනවා.

2026 ජනවාරි 31 දක්වා කාල සීමාවට එම සහන කාලය ලැබෙන බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.

චෙක්පත් ආපසු ලබා දීම, ගෙවීම් නැවැත්වීම, ප්‍රමාද ගෙවීම් ගාස්තු, ණය ප්‍රතිව්‍යුහගත කිරීම හෝ වෙනස් කිරීමේ ගාස්තු සහ බලපෑමට ලක් වූ සියලු ණය ගැණුම්කරුවන්ගේ ණය පහසුකම් සඳහා දඩ පොලිය සඳහා වන ගාස්තු අත්හිටුවන ලෙස මහ බැංකුව දැනුම් දී තිබෙනවා.

ශ්‍රී ලංකා බැංකු සංගමය (ඇපකර) සමාගම (SLBA) විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සලකා බැලීමෙන් පසු, මෑත කාලීන සුළි සුළං සහ ගංවතුර ආශ්‍රිත ව්‍යසනවල අහිතකර බලපෑම සැලකිල්ලට ගනිමින් එසේ දන්වා තිබෙනවා.

අනුමැතියට පෙර ණය ප්‍රතිව්‍යුහගත කිරීම හෝ නැවත කාලසටහන් ගත කිරීම සඳහා වන නියමයන් සහ කොන්දේසි, ප්‍රාග්ධනය, පොලී සහ අනෙකුත් ගාස්තු පිළිබඳ සවිස්තරාත්මක බිඳවැටීමක් ඇතුළුව, ණය ප්‍රතිව්‍යුහගත කිරීම හෝ නැවත කාලසටහන්ගත කිරීම සඳහා වන නියමයන් සහ කොන්දේසි ණය ගැණුම්කරුට පැහැදිලිව හෙළි කරන ලෙසයි මහ බැංකුව පෙන්වා දී ඇත්තේ.

ණය ගැණුම්කරුගේ කැමැත්ත ලිඛිතව හෝ විද්‍යුත් ක්‍රම මගින් ලබා ගත යුතු බවත් ඉල්ලා සිටින සහනය ප්‍රතික්ෂේප කරන ලද අවස්ථාවන්හිදී, බැංකු විසින් ණය ගැණුම්කරුට ලිඛිතව දැනුම් දිය යුතු අතර, ප්‍රතික්ෂේප කිරීමට හේතු දක්වමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බව දැනුම් දි තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *